Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලෙඩ රෝග සුවපත් කිරීමට යොදාගත හැකි සූනියන් දැහැන් හත

1 year ago 7 Min read
Subha.lk

ගුප්ත විද්‍යා කටයුතුවලදී දුක්ගැනවිලි කියාපාන ප්‍රබල දෙවිකෙනකු ලෙස සූනියන් දේවතාවුන් වහන්සේ ප්‍රකටය එකසිය හැට හතර දහසක් ගම්භාර සිද්ධ සූනියන් දේවතාවුන් වහන්සේ “ගම්භාර අප්පච්චි” ලෙසද ඔඩ්ඩි කුමාරයා ලෙසද ඇතැම්හු හදුන්වති. සූනියන් දේවතාවුන් වහන්සේගේ අවතාර දෙකකි. එක් අවතාරයක් සුදු අශ්වයකු ළඟ සුදු රැවුලක් වව්වා වයසක ස්වරූපයෙන් පෙනී සිටින සූනියන් අවතාරයයි. අනෙක් අවතාරය නම් සර්පයකු හැකිය. කටින් සපාගෙන සර්ප වළල්ලක් හිඤරා ගිනි හලඹක් අත දරා යක්‍ෂ ආවේශයෙන් සිටින සූනියන් අවතාරයයි. මෙහි පළමු අවතාරය සුබ කටයුතු සඳහාද දෙවැනි අවතාරය අසුබ කටයුතු සඳහාද යොදාගනී. මේ කුමන අවතාර අවස්ථාවක වුවද ඉතා ප්‍රවේශමෙන් වැඩ ගතයුතු දෙවිකෙනෙකු ලෙස සූනියන් දේවතාවුන් වහන්සේ පිළිබඳව සඳහන් කළ යුතුය.

 

අද මා මෙහි සඳහන් කරන්නේ සූනියන් දේවතාවුන් වහන්සේ පිළිබඳව හැම කටයුත්තකදීම යොදාගත හැකි සූනියන් දැහැන් හතකි. මෙය දිෂ්ටියක් වශයෙනුත්, දැහැනක් වශයෙනුත් භාවිත කරන්නකි. පූජා සහිත කරන කටයුතු සඳහා විශේෂයෙන් සුදුසුය. සිද්ධි කරගත් පසු ලෙඩ රෝග සුවපත් කිර්ම ආදී වැඩ රාශියක් මින් කළ හැකිය. ප්‍රතිපත්තිගරුකව, ආරක්‍ෂාකාරීව සුදුසු කටයුතු සඳහා ප්‍රයෝජනයට ගනු. ගුරුන්ට පින් ලබාදී ලෙඩ රෝග සුව කරනු යහපත, අයහපතට හරවා නොගෙන කටයුතු කරනු. ඔබ සැමට සියලු යහපත ප්‍රාර්ථනා කරමි.

 

** දැහැන් හත**

 

1.       මිං හොං හිං මරුක්කඩාල් මුක්කඩාල් ඉරිප්පුතාල් ශ්‍රී කදිරම් මේ අරිප්පල්ලේ මුරුවා නාග භූෂණ වර වර නමඃ

 

2.       ඕ කෛවීර සාන්දනී ශුභ්‍රවර්ණ හන හන ජලනීල ඔඩ්ඩියා වර වර නමඃ

 

 

3.       මිං ශුද්‍රා හා ඔඩ්ඩි මස්සිනේ වර වර කීල උපුටා වර වර නමඃ

 

4.       ගිං ජග දේව කාල ඔඩ්ඩියා වර වර නමඃ

 

5.       ගිං හිං දන්තමාල ශ්‍රී සද්ධර්ම අණින් වර වර නමඃ

 

 

6.       ඕ කෛමුණ්ඩෙ වර උර්ලිප්පාන්තු කෛලාස සිවන්ද ඔඩ්ඩියා වර වර නමඃ

 

7.       ඕ ඊශ්වර බන්ධ මහේෂ්වර බන්ධ කන්ද කුමාරයානේ ඔඩ්ඩි කුමාර දේවතාවා බන්ධ ඒස්වාහඃ

 

 

ඊ.එම්.චන්දන බණ්ඩාර

විද්‍යා චක්‍රවර්ති සම්මානලාභී ගුප්ත විද්‍යාවේදී

ගල්ගමුව

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk