නිවසත අභිමානය වූ ගේට්ටුව නිවැරදි පාදයක තබන්න
නිවසක්පරීක්ෂා කිරීමේදී, බොහෝ දෙනකු එම නිවස පිහිටි භූමිය සම්බන්ධයෙන් එතරම් තැකීමක් කරන්නේ නෑ. නිවස පරීක්ෂා කිරීම පමණක් කෙසේවත් නිවැරදි වාස්තු පරීක්ෂාවක් සඳහා ප්‍රමාණවත් වන්නේ නෑ. මොකද නිවස 100%ක් නිවැරදිව වාස්තුවලට එකඟව ඉදිකර තිබුණත් එයට හිමිවන්නේ 50%ක් පමණයි. අනෙක් 50% භූමිය කෙරෙහි බලපවත්වනවා. නිවස 50%ක් හොඳ වෙලාභූමිය 50%ක් දෝෂ වීම යනු නිවසේ පවතින අර 50% ධන ශක්තියට භූමියේ තියෙන 50% ඍණ ශක්තීන් ඇදී එනවා, ආරෝපණය වෙනවා. මෙහෙම කාලයක් ගතවීමෙන් සිදුවන්නේ නිවසෙන් ධන ශක්තිය දුර්වල වී ඍණ ශක්තීන් බවට පත්වීම. එතකොට කෙනෙක් හිතයි භූමියෙත් 50%ක් ඍණ ශක්තිය පැවතිලා, නිවසෙත් 50%ක ඍණ ශක්තියක්පැවතීමෙන් දෙතැනම දෝෂ ඍණ ශක්තීන් එකතුව ඍණ ං ඍණ න්‍යාය අනුව ධන ශක්තිය ගොඩනැඟේ කියලා. එහෙම වෙන්නේ ගණිත ශාස්ත්‍රයේදී පමණක් බව තේරුම් ගන්න. කෙසේ වුවත් නිවස ඉදිකර තිබෙන භූමියේ
හැඩය සහ බෑවුම,
ළිඳ, 3. වැසිකිළි වළ, 4. ගස්කොළන් පිහිටීම, 5. මාර්ගය පිහිටීම, 6. භූමියට ඇතුළු වන ප්‍රවේශය හෙවත්ගේට්ටුව
අදකතා කරන්න බලාපොරොත්තු වන්නේ භූමියෙන් නිවසට ඇතුළුවන ගේට්ටුව සම්බන්ධයෙනි. භූමියේ සවිශේෂී ස්ථානයක් ගේට්ටුවට හිමිවේ.
බොහෝදෙනකු ගේට්ටුව දැමීමට බලන්නේ තමන්ගේ පහසුව, වාසිය ගැන සිතා පමණි. මෙය නාගරික කුඩා ඉඩම්වල නම් ඉඩ පහසුව, ඉඩසීමිතව පැවතීම නිසා නියමිත ස්ථානයේම මෙම ගේට්ටුව තබාගැනීමට නොහැකි අවස්ථාවන් පැමිණේ. නමුත් කුඩා ඉඩකඩෙහි හෝ නිවැරදි ආකාරයට ගේට්ටුව තබාගැනීමට හැකි නම් එය ඉතා වටී. භූමියක ගේට්ටුවක් දැමීමේදී මූලික වශයෙන්ම අනුගමනය කළ යුතු දෙයනම් විශේෂයෙන්ම චතුරස්‍ර භූමියක ඉඩමේ මැද සිට දෙපැත්තට විහිදෙන විකර්ණ රේඛා ගේට්ටුව මැදට කැපී යන ලෙසින් ඉඩමේ ඍජුකෝණාස්‍රයට මැදිකොට ඉඩමේ මුල්ලට හැඩයට පිහිටන සේ ගේට්ටුව දැමීමය. උදාහරණයක් ලෙස උතුර දිශාවේ වයඹ කෙළවරත් බටහිර දිශාවේ වයඹ කෙළවරත් හසුවන ආකාරයට උතුර-වයඹ හා බටහිර-වයඹ යාවෙන පරිදි හරස් රේඛාවක් ආකාරයට
ගේට්ටුව දැමීම අශුභ වේ. මෙය දිශා හතරේම කොන් මැදිවන ලෙසින් කුමන දිශාවකට යෙදුවත් එය වැරදි වේ.
ගේට්ටුවක්දැමීම ක්‍රම කීපයකට කරනු ලබයි. නිවස පිහිටි භූමියේ නිවසට පිටුපස වැටෙන ලෙස තම වම් අතේ සිට පාද 09කට භූමිය බෙදාගනී. එම කොටස් 09 නවග්‍රහයන්ට ලැබෙන ආකාරයට එනම්
නිවසත අභිමානය වූ ගේට්ටුව - නිවැරදි පාදයක තබන්න
රවි 2. වන්ද්‍ර 3. කුජ 4. බුධ 5. ගුරු 6. ශුක්‍ර 7. ශනි 8. රාහු 9. කේතු යන නවග්‍රහයන්ට අයත්වන ලෙස කොටස් 09ට බෙදා වෙන්කරනු ලබයි.
පාදය රවි පාදය
රවි පාදය ගේට්ටුවට හසුවීමෙන් නිවසට ධනය ලැබීම අඩුවේ. බාධා දේ. පවුලේ අසමගිය ඇතිවීමට ඉඩ පවතී. නොයෙක්කරදර, පීඩා, සතුරු කරදර, අමනුෂ්‍යයන්ගෙන් පීඩා, හදිසි අනතුරු සිදුවේ. ව්‍යාපාරයක නම්සේවක ගැටලු, මතභේද හටගනී.
පාදය චන්ද්‍ර පාදය
මේ පාදය ශුභ වේ. ධනය හිමිවේ. සමාජයේ පිළිගැන්ම ඇතිවේ. කාන්තාවන්ට ජයග්‍රහණ ශුභ සිද්ධිය ඇතිවේ.
පාදය කුජ පාදය
මෙම පාදය ගේට්ටුව සඳහා සුදුසු නැත. රණ්ඩු සරුවල්, සතුරන්, හදිසි අනතුරු ඇතිවේ. ධනය හානි වේ. ලේ වැගිරීම් සිදුවේ.
පාදය බුධ පාදය
බුධ පාදයේ ගේට්ටුව පැවතීමෙන් එම නිවසේ වෙසෙන නිවැසියන් අපකීර්තියට පත්වන සිදුවීම් ඇතිවේ. රාජ බිය, නීතිමය පීඩා ගැටලු වගේම නොයෙක් අලාභ හානි ඇති කරයි.
පාදය ගුරු පාදය
ඉතාම ශුභ වේ. නිවසේ ජනප්‍රිය බව නිවැසියන්ගේ කීර්තිය පැතිරේ. සමාජයේ පිළිගැනීමට ලක්වේ. ව්‍යාපාර දියුණුවේ ධනය අත්වේ.
පාදය කිවි පාදය
කිවි හෙවත් සිකුරු පාදය තුළ ගේට්ටුව තැබීමෙන් නිවසේ සතුට, සාමය, ප්‍රීතිය ඇතිවේ. ව්‍යාපාරවලින් ලාභ අත්වේ. වාහන, ඉඩකඩම්, හිමිවේ. සතුටින් කාලය ගතකිරීමට හැකිවේ.
පාදය ශනි පාදය
සෙනසුරුගේ අයත් කොටස තුළ ගේට්ටුව පැවතීමෙන් නොයෙක් අශුභතාවයන්ට මුහුණදීමට සිදුවේ. බාධා ඇතිවේ. රාජ බිය ඇතිවේ. රාජ පීඩා ඇතිවේ. කරන කියන කටයුතු අසාර්ථක වේ. අශුභ ගෙන දේ.
පාදය රාහු පාදය
රාහු පාදයට ගේට්ටුව දැමීමෙන් ඉක්මන් තීරණ ගැනීම, හදිසි කෝපය ඇතිවේ. පිරිහීමට හේතු දේ. අශුභ දෙන පාදයකි. බලාපොරොත්තු බිඳවැටේ.
පාදය කේතු පාදය
රාහුගේ පාදයේ මෙන්ම අශුභතාවයන් අමනුෂ්‍ය දෝෂයන්, අසමගිය, හදිසි අනතුරු, ධන හානි ගෙනදෙන පාදයක් ලෙසින් මෙය පෙන්වා දිය හැක.
මේ අනුව නිවසට පිවිසෙන ප්‍රවේශය හෙවත්ගේට්ටුව දැමීමට සුදුසුම පාද වශයෙන් 2 සඳු පාදය හා 5 හා 6 පාද ගුරු – සිකුරු පාද ශුභ පාද ලෙස දැක්විය හැක. ඒ වගේම නිවසක ප්‍රධාන දොරට කෙළින්ම වැටෙන ලෙස ගේට්ටුව දැමීම ද එම නිවසේ ධන හානියට හේතුවක් වන්නේය. වහල කෙලවරට, නිවසේ, මුළුවලට ද ගේට්ටුව හසුවීම අශුභයකි.
කොපමණ ධනය වැයකර ගේට්ටුව දැමුව ද එම දමන ගේට්ටුව නිසි පාදයට නැතිනම් ඵලක් නොවේ. ඒ වගේම ගේට්ටුවක්දමන විට එම ගේට්ටුව අලංකාරව උස්ව පිහිටි ගේට්ටුවක් දැමිය යුතුය. මිටි, කුඩා, පහත්ව දමා ඇති ගේට්ටු එම නිවසේ ගෘහහිමියාගේ පෞරුෂත්වය කෙරෙහි බලපානු ඇත. සමාජ පිළිගැන්ම කෙරෙහි ගෘහ හිමියාගේ නිවසේ ගේට්ටුව නියෝජනය දක්වයි. ගේට්ටුවට කිසිම ආකාරයකට කාළ වර්ණ හෙවත් කළු පාට ආලේප නොකළ යුතුයි. ඒ අනුව ගේට්ටුව
උතුරුදිශාව – නිල්පාට – සුදුපාට
නැඟෙනහිරදිශාව – ළාකොල පාට – කොළ
දකුණුදිශාව – තැඹිලිපාට – ළා රත් පාට
වයඹදිශාව – අළු පාට
යන වර්ණයන් දිශාවන් අනුව උචිත වේ. ගේට්ටුවේ යම් දෝෂයක් නිවසේ වාස්තු දෝෂයකට හේතුවනනේ නම් ගේට්ටුව දෙපස සඳුන් ශාකයක් සිටුවීමෙන් එම දෝෂ තත්ත්වයන්සමනය කිරීමේ හැකියාව පවතී. ගේට්ටුව ත්‍රීශූල සහිත, උල් සහිත වීම ද අශුභ වේ.