ඉක්මන් විවාහයට අත වනන යෝග
තමාගේ විවාහය ඉතා ඉක්මනින් වැඩි වයසකට යන්න කලින් සිදුකර ගන්නවා අත්දැකීමෙන් දැක ඇත්තෙමි. එසේ අඩු වයසින් තම මඟුල් කටයුතු ඉටු වීමට ජ්‍යොතිෂයට අනුව ග්‍රහ බලපෑම් ග්‍රහ යෝග තිබිය යුතුය.
විවාහය සිදුවන කාලය, විවාහ මංගල යෝග උදාවන කාලය,ප්‍රේම සම්බන්ධතා මත හෝ යෝජනා මගින්විවාහය සිදුවන කාලය, ජන්ම පත්‍රයෙන් දැන ගත හැකිවේ. කේන්ද්‍ර සටහනේ සඳු, කුජ, සිකුරු යන ග්‍රහයන්තිදෙනාගේ තත්ත්වය අනුව විවාහය ඉක්මන් විය හැකිය. හත්වැන්න විවාහය පිළිබඳ ස්ථානයක් වන අතර දෙවැන්න සහ එකොළොස් වැන්න ද විවාහයට බලපායි.
කිසියම්කේන්දරයක 2 අධිපති ග්‍රහයාත් එකොළොස්වැන්නේත්, එකොළොස් වැන්නාධිපති, දෙවැන්නේත් සිටිත් නම් ඔහු හෝ ඇය කල්නොගොස් ඉතා වාසනාවත්ත විවාහයක් කර ගනී. මෙය ඉතා ප්‍රබල ධන යෝගයක් ද වේ. ඔහු / ඇය විවාහයෙන් පසු විශාල ධනවතෙක් වෙයි.
දෙක අධිපති එකොළහේත් ලග්නාධිපති දහයේත් නම් කල් නොගොස් විවාහ ජීවිතයට ඇතුළත් වේ.
සිකුරු කේන්ද්‍රගත කල්හි ලග්නාධිපතියා සෙනසුරු රාශියක නම් කල් නොගොස් බාල වියේ දීම විවාහ ජීවිතයට ඇතුළත් වේ.
සිකුරු කේන්ද්‍රගතව සිටිනවිට සිකුරුගෙන් හතේ ශනි සිටියහොත් බොහෝ අඩු වයසේ දීම විවාහය සිදු වේ. (වෙන නැකතක දී අන්‍යදෘෂ්ටියකින් ශනිට සිකුරු පෙනීම විවාහය කල් යෑමට හේතු වන බවද සිතාගතයුතුය)
රවි හතේ සිටිය දී හත අධිපතියා සිකුරු සමග යුක්ත නම් ඉතා බාල කාලයේ දීම විවාහය වෙයි. (එසේ නොවූ කල රවි හතේ විවාහය කල් යෑමට හේතුවකි.)
හත අධිපතියා උච්චව හෝ ස්වක්ෂේත්‍රව හෝ මූල ත්‍රිකෝණව හෝ ත්‍රිකෝණයේ හෝ හතර දහයේ නම් විවාහය ඉක්මනින් සිදු වේ.
කුජ / ශුක්‍ර එකට හෝ කුජ සිකුරුගේ රාශියක හෝ නවාංශකය ද සිකුරු කුජගේ රාශියක හෝ කුජගේ නවාංශකයද සිටී නම් විවාහය ඉක්මන් වේ. එමෙන්ම එය යහපත් විවාහයක්වේ.
හත අධිපතියා සහ සිකුරු කේන්ද්‍රයේ හෝ ත්‍රිකෝණයේවත්ශුභයන්ට මැදහත් ශුභ දෘෂ්ටි ලැබගෙන සිටියහොත් විවාහය ඉක්මනින් වේ.
දෙක එකොළහ අධිපති ග්‍රහයන් එක්වීදහයේ සිටීම ද විවාහය ඉක්මන්කරන යෝගයකි. මීට ලග්නාධිපතියා එක්වුවහොත් මඟුල් තුලා කටයුතු තවත් ඉක්මන් වේ. එමෙන්ම විවාහයෙන් පසු ඉතාම දියුණු තත්ත්වයට පත්වේ.
මේ සියලු කාරණා හිතට ගන්න. සාර්ථක විවාහයක් උදෙසා මෙම ලිපිය වැදගත් වේ යැයි සිතමි.