දියණියගේ මල්වර චාරිත්‍රය නිසි ලෙස කරමු
දැරියකගේ ජීවිතය වසරින් වසර කොටස් කර පෙන්වන්නේ දියණියගේ අනාගත ජීවිත සැලැස්ම අනුවයි. එයින් එක් අවස්ථාවක දැරියක් වයසින් වැඩීගෙන එනවිට මල්වර වීම විශේෂයි.
දැරියක්මල්වර වන වයසක් තිබේ. පැරණි කාලයේ දැරියක් වයසින් මුහුපුරා යෑමත් සමග වයස අවුරුදු 10, 15ත් අතර මල්වරවීම සිදුවීමට පුළුවන. නමුත් කාලීන යුගයේ වයස අවුරුදු 4, 5 යන වයස්වල දැරියන්ද මල්වර වන බව පෙනේ.
උපතේදී පවතින ග්‍රහචාරයන් සමග දශාවන් ද මෙයට බොහෝ ළං වේ. ඔසප් වූ අවස්ථාවට අදාළ වේලාව සටහන් කරගෙන නැකත් බැලීමට යා යුත්තේ අනිවාර්යයෙන්වැඩිහිටි කාන්තාවක් සමග වන අතර බුලත්අතක් රැගෙන යෑමට වගබලා ගතයුතුය. මොනම හේතුවක් නිසා හෝ පිරිමින් සමග නොයා යුතුය.
එහි දී බුලත් අත ලබාදී ඔබගේ කාරණය හා දැනගත් වේලාව හෝ හරියටම නොදන්නේ නම් ආසන්න වේලාව දැනුම් දෙන්න. කෙසේ නමුත් ඒ මොහොතට තත්කාලයක්සාදා ඒ අනුව පලාපලකීම හා නැකත් දිනක්සොයාගැනීම සපුරා වැරදි ක්රමයකි. ඉන්දැරියට බලවත් අසාධාරණයක් සිදුවනු අතර කළ යුත්තේ දැනගත්වේලාව ඇසුරු කරගෙන දැරිය මල්වර වූ නිවැරදි වේලාව සොයා ගැනීමය. එය ගණිත ක්‍රමයක් මගින් කළ යුතු අතර නැකත සඳුදා, බඳදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනයක් වීම වඩා සුදුසුය.
සමහර විට නැකැත් නොමැති බව කියමින් දැරිය සති ගණන් තබාගැනීම ඉතා අයහපත්වේ. ඉන් විෂබීජ පැතිරී දැරියට වෙන ආසාදන හෝ අසනීප ඇතිවිය හැක. දින 04කට පසු එළැඹෙන දිනයක දෝශ භංග වූ මුහුර්ථයකින් දැරිය ස්නානය කළ යුතුය.
දැරිය ස්නානය කරන දින එම ස්ථානය වටකර කොස් ගසක් නොමැති නම් කිරි අත්තක් සිටුවා වෙනත් විකල්ප නොමැති අවස්ථාවල හෝ එසේ කිරීමට ඉඩපාඩු නොමැති අය නිවස තුළඇති නාන කාමරය තුළ කොස් අත්තක් ගසා සකසා ගන්න. ඖෂධ වට්ටෝරුව තම්බා ගත් ජලය ප්‍රථමයෙන් මව හෝ නැන්දා විසින් දැරියගේ හිසට වත්කර කළය බිඳ දැමිය යුතුවේ. ඉන් පසු දැරියට නිදහසේ නා ගැනීමට ඉඩ සලස්වන්න.
මල්වර වූ අවස්ථාවේ දැරිය ඇඳ සිටි ඇඳුම් හා පැලඳ සිටිරන් ආභරණ නිවැසියන් පාවිච්චියට නොගත යුතුයි. පෙර කාලයේ නම් ඒ දේවල් රෙදි නැන්දාට ලබාදුනි. මෙකල කාට හෝ පිටස්තර අයකුට ලබාදීම නුවණට හුරුය.
ශුභ මුහුර්ථයෙන් නාවා නිවසට ඇතුළු වී එම දිනට අනුව වර්ණයකින් යුත් ඇඳුමකින් සැරසිය යුතුය. නිවසට ඇතුළු වීමේදී කැත්තකින් පොල් ගෙඩිය බිඳ දිය පිරුණ බඳුනකින් මුහුණ බැලීමට සලස්වා එම ස්ථානයේ ඇති පොල්තෙල් පහන අතින් පවන් සලා නිවීමට සැලැස් විය යුතුය.
පසුව වැඩිහිටියන්ට බුලත්දී වැඳ නමස්කාර කළ යුතුවේ. අනතුරුව වැඩිහිටි කාන්තාවන් 04දෙනකු සමග හෝ සිය යහළු මිත්‍රාදීන් හතරදෙනකු සමග තේ මේසයට වාඩිවීමට සලස්වන්න.
මල්කුමාරියක් ලෙස සැරසුණු මල්වර වූ තැනැත්තිය සැබැවින්ම මාතෘත්වයට සුදුසුකම් ලැබීම හෙවත් පරිණත භාවයට පත්වීම උරුම කර ගැනීම මෙහිදී සිදුවෙයි. එය පවතින ලෝක ධර්මතාව වන අතර ජෛව විද්‍යාත්මක සංසිද්ධියකි.
කෙසේ නමුත් මල්වරයෙන් පසුව ඇයට තුන්මාසයක් යන තුරු සුබ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වීම කිසි සේත් නොකළ යුත්තේ දැරිය කිල්ලට හෙවත් අපිරිසිදුතාවයට පත්ව ඇති හෙයිනි. විශේෂයෙන් දෙවියන් පිදීම නොකළ යුත්තේ දෙවියන් කෝප වීමෙන් දැරියට හෝ නිවැසියන්ට අයහපත්ප්රතිඵල ඇති කළ හැකි හෙයිනි.