කිරි සිහිනය සැබෑකරන පත්තිනි මෑණියන්ගේ පිහිට

ඔබ වෙනුවෙන් අද ඉදිරිපත් කරනුයේ පිළිසිඳගත් දරු සම්පතක් වෙනුවෙන් නිවැරදිව පත්තිනි මෑණියන්ට බාරයක් වෙන ආකාරය පිළිබඳවයි.
විශේෂයෙන්ම දරුවකු කුස තුළ සිටින මවක් නොකළ යුතු අකැප දේවල් බොහෝමයකි. පොල් ගැසීම, පොල් බිඳීම, බිත්තර කැඩීම සහ තැම්බීම දනොකළ යුතු බව අතීතයේ සිට එන පිළිගැනීමකි. එමෙන්ම එම වකවානුව තුළ ගැබිනිය ජීවත් වන නිවසේ ඇණගැසීම, වහලය වෙනස් කිරීම, බිත්ති බැඳීම ද සිදු නොකරයි. එසේම එම තැනැත්තියට දෙහිකැපීම ද හොඳ නැත. ඇතැම් ප්රදේශවල නූල්ගැට ගැසීම පවා සිදු නොකරයි. මෙයින් අදහස් කරනුයේ හිරකිරීම්, බිඳීම් හොඳ නැති බවයි. ඒ තුළින් මවට දරු ප්රසූතියේදී යම්බාධක අවහිරවලට ලක්වීමට ඉඩ ඇති බවත්දරුවාට ද ඉන් අනිටු ප්රතිඵල අත්වීමට හැකියාව ඇති බව අතීතයේ සිටඑන පිළිගැනීමයි. අපේ උතුම් ප්රාර්ථනාව නිරෝගී දරු සම්පතක් මෙලොවට බිහිකර ගැනීමයි.
එහිදී මව ද අතහැර සැලකිය නොහැකිය. මේ දෙදෙනාම නිරෝගීව කරදරයකින් බාධකයකින් තොරව සිටීම වැදගත්ය. එසේ හෙයින් අද අප ඔබටකියා දෙන්නේ ගෙදරදීම නිවැරදිව මෙවැනි බාරයක් වන ආකාරය පිළිබඳවයි.
නිදන කාමරයක හෝ වැසිකිළි අසල වැනි අපිරිසුදු ස්ථාන නොමැතිව නිවසේ පිරිසිදු ස්ථානයක් තෝරා ගන්න. මේසයක් මත සුදු හෝකහ පාට පිරිසිදු රෙදි කැබැල්ලක් එළන්න. තිබේ නම් පත්තිනි මාතාවගේ පින්තූරයක් හෝ පිළිමයක් ඒමත තබන්න. ඒ ඉදිරිපසින් එළඟිතෙල්පහනක් සකස් කර ගන්න. පරනොවූ කහ මල් කිහිපයක්ද හඳුන්කූරු ද තබන්න. ඊසානදිසාව බලාගෙන මේ පහන දැල්වීමටසකස් කර ගන්න. පිරිසිදුකැකුළු හාල් කැට දෙකක පමණ ප්රමාණයක් පිරිසිදුමැටි භාජනයකට දමාගන්න. දැන් පඬුරක් ගැට ගැසිය හැකි ප්රමාණයේ සහ අඩියක් දිග අඩි භාගයක් පළල ප්රමාණයේ තවත්පිරිසිදු රෙදි කැබැලි දෙකක් ද කහ වතුරෙන්සේදූ පඬුරක් ද (තඹ කාසියක්සුදුසු නැත.) සූදානම් කරගන්න.
සෙනසුරාදා හෝ බදාදා යන කෙම්මුර දිනයක පත්තිනි මෑණියන්ගේ දේව බැල්ම වැටෙන පෙ.ව. 11.36ත් 12.00ත් අතර කාලයක මෙම බාර වීම කරන්න. ප්රථමයෙන්ම ගෙදර සියලුදෙනා බුදුන් වැඳ ආශිර්වාදය ලබා ගන්න. විහාරස්ථානයකට ගොස් මේ ආගමික කටයුතුකර අදාළ කාලයට පෙර නිවසට පැමිණීමට හැකි නම් වඩා හොඳයි.
මුලින්ම ගැබිනි මාතාව සහ සිය ස්වාමිපුරුෂයා විසින් පත්තිනි මෑණියන් වෙනුවෙන් තබා ඇති පහන සහ හඳුන්කූරු දල්වන්න. සාම්බ්රානි දුම් ටිකක් ද අල්ලන්න. පඬුරගැට ගැසීමට සූදානම් කළ රෙදි කැබැල්ල මත පඬුර තබා පූජාසනය උඩින් තබන්න. ගැට ගසන්න එපා. මීළඟට දෙදෙනාගේම දකුණතින් හාල් මිටක් බැගින් ගෙන අනෙක් රෙදි කැබැල්ල මත තබන්න. දැන්සියලුදෙනාම වැඳ නමස්කාර කරගෙන පහත ගාථාව හොඳින් ඇසෙන සේ කියවන්න.
සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධාන ශාසනං
අනතුරුවමෙම කන්නලව්ව කරන්න.
ආයුබෝ වේවා! ආයු බෝ වේවා! ශ්රී සිද්ධ පත්තිනි දේවීන් වහන්ස. බුද්ධත්වය ප්රාර්ථනා කරන උතුම් පත්තිනි අම්මේ… මා අත හෝ, මාගේ ස්වාමියා අත හෝ, අපපවුලේ කෙනකු අත හෝ අත්වැරැද්දක්, කට වැරැද්දක් සිදු වී ඇත්නම් ප්රථමයෙන් සමාවන්න… ඔබ වහන්සේ මේලොව සියලු සත්ත්වයන්ට එක සේ පිහිටවෙනවා… ඔබ කෙරෙහි අප්රමාණ වූ භක්තියකින්, විශ්වාසයකින්මා විසින් ඔබ ඉදිරියේ කියාසිටින්නා වූ මේ කාරණාව දිව් කනින් අසා දිව් නෙතින් බලා ඉෂ්ට කර දෙන සේක්වා… මා කුස තුළ සිටින්නා වූ මාගේ උතුම්සම්පත වූ දරු සම්පත ආරක්ෂා කර දී මෙලොවට බිහි කරන විටත් කරදරයක්, බාධකයක්, විපතක් දරුවාටත්, මටත් සිද්ධ නොවන්නට අප ආරක්ෂා කරන්න අම්මේ… දරුවා බිහිකර මාස තුනක් ගිය තැනේදී ඔබ වහන්සේ වෙනුවෙන්කිරි අම්මාවරුන්ට දානයක් පුද කරන්නට අද දින පොරොන්දු වෙනවා… ඒ වෙනුවෙන් බාරකරන පඬුරු බාරයද, පිරිසිදුව වෙන් කළ හාල් දෙමිටද භාරගන්න උතුම් මෑණියනේ…
මේ සමගම පඬුර හිර නොකර නොවැටෙන සේ පටලවන්න. හිරකර ගැට ගැසීම හොඳ නැහැ. හාල් දැමූ රෙදි කැබැල්ල ද හිර නොකර පටලවන්න. මෙදින වෙන්කළ කැකුළු හාල් දෙමිට කිරි අම්මා දානයේදී කිරිබත් හෝ කිරි කෑලි හැදීමේදී අනිවාර්යයෙන්ම ගත යුතුයි. කිරිමෑණිවරුන්ගේ දානය දී පත්තිනි දේවාලයකට ගොස් පූජා වට්ටියක් පුදකර පඬුර නිදහස් කරන්න. එතෙක් පඬුර සහ හාල් පොට්ටනිය පිරිසිදු උඩ ස්ථානයක තබන්න. බාරය වීමෙන් පසුව පත්තිනි මෑණියන් ඇතුළු සියලු දෙවි දේවතාවුන්ට ආකාසට්ටාච බුම්මට්ටා.. යන ගාථාව කියා පින් දෙන්න. පසුව, මට පිහිට වන මගේ ඉෂ්ට දේවතාවුන්ට ද පින් අත්වේවා! යැයිද ප්රාර්ථනා කරන්න. මේ සියල්ල විශ්වාසයකින්, භක්තියකින් කරන්න.
Advertisements


