උපන් නැකතට අනුව ඔබේ ලිංගික ස්වභාවය කෙසේද?

එක් පුද්ගලයෙකු ලිංගික තෘප්තිය, ලිංගික හැකියාව, මානසික තෘප්තිය හොඳින් ලබන විට තවත් පුද්ගලයෙක් එය අඩුවෙන්ම හෝ මධ්‍යස්ථව ලබන්නට පුළුවනි. ඒ ආකාරයට සිද්ධ වෙන්නෙ මන්ද කියා විග්‍රහ කිරීමටත් පුළුවන්කම ඇත්තේ කේන්දරය මඟිනි.
සියලු සත්ත්වයාගේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ලිංගිකත්වය මූලික සාධකයක් වෙයි. නමුත් මෙම ලිංගිකත්වය එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන අතර එහි ක්‍රියාකාරිත්වය ද එසේම වෙයි. ආකර්ෂණය ද එසේම වෙයි.
එක් පුද්ගලයෙකු ලිංගික තෘප්තිය, ලිංගික හැකියාව, මානසික තෘප්තිය හොඳින් ලබන විට තවත් පුද්ගලයෙක් එය අඩුවෙන්ම හෝ මධ්‍යස්ථව ලබන්නට පුළුවනි. ඒ ආකාරයට සිද්ධ වෙන්නෙ මන්ද කියා විග්‍රහ කිරීමටත් පුළුවන්කම ඇත්තේ කේන්දරය මඟිනි.
යම් ජන්මියෙක් ජන්ම ලාභය ලබන විට එම මොහොතේ නැඟෙනහිර ක්ෂිතිජය මූලිකව පිහිටන්නා වූ ග්‍රහ තාරුකාව මුල්කර ගෙන එම ජන්මියාට හදන හඳහන මත ඔහු හෝ ඇයගේ ඉදිරි අනාගතය ශුභ ද අශුභ ද යන්න පිළිබඳව නිර්වචනයක් කළ හැක. ඒ අනුව එම ජන්මියාට ලැබෙන ලග්නය, නවාංශකය, නැකත මත පුද්ගලයෙකු තුළ පවතින ලිංගික හැකියාව, ශක්තිය පිළිබඳව කිසියම් පැහැදිලි කිරීමක් ජ්‍යොතිෂයෙන් වටහාගත හැකිය. නැකත යනු එම පුද්ගලයා උපත ලබන අවස්ථාවේදී සඳු ග්‍රහයා සිටින රාශිය අනුව නැකත තීරණය කරන අතර එම නැකතින් යම් පුද්ගලයෙකුගේ ලිංගිකත්වය පිළිබඳව තීරණයක් ගත හැක. එමඟින් කිසිවිටකත් සියල්ලම පිළිබඳ නිගමනයක් ගත නොහැකි බව ද කිව යුතුයි.
මේ ලිපියේ මූලිකම කරුණ වන්නේ උපන් නැකතට අනුව ඒ ඒ පුද්ගලයා මත පවතින ලිංගිකත්වය පිළිබඳව යම් ඉඟියක් දීම පමණයි.
අස්විද නැකත
අස්විද නැකත අයත් වන්නෙ කේතු ග්‍රහයාට වන අතර මෙම නැකතින් උපන් ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයම ලිංගිකත්වය පිළිබඳ උනන්දු වේ. එමෙන්ම තම ස්වාමියා හෝ ස්ත්‍රිය ගැන හොඳ අවබෝධයක් ද පවතියි. එකිනෙකා වටහා ගැනීමෙන් හොඳ ලිංගික තෘප්තියක් ලබාගැනීමට ද හැකිය. ඒ වගේම විවිධ ක්‍රම අනුගමනය කිරීමේ ද හැකියාව ද පවතියි. මේ සියලුම දේ ඇත්ත වුවත් නොවුණත් මොවුන්ට කාලයක් යනවිට ලිංගිකත්වය පිළිබඳව එතරම් කැමැත්තක් නැති වෙන්නට පටන් ගනියි. අනේකා මඟහැර සිටින්නට උත්සාහයක් ගනියි. මේ සියලුම දේ උපන් කේන්දරයේ ග්‍රහ පිහිටීම් මත අඩු වැඩි වීම් සිදුවෙයි.
බෙරණ නැකත
මෙම නැකත අයත් වෙන්නෙ සිකුරුටයි. සිකුරු මූලික කරගනෙ ඇතිවන මෙම නැකතින් උපන් අය ලෞකිකත්වයට දැඩි ඇල්මක් දක්වයි. නමුත් මොවුන් ලිංගික ජීවිතයේදී ක්‍රියාශූර නැත. තවද තෘප්තිමත් භාවයක් ද නැත. මෙම නැකැත් හිමියෝ උද්යෝගිමත් නැතිකමත් අනිකාගේ පෙළඹීම මත ලිංගිකත්වයට යොමුවෙයි. මෙම නිසාම මොවුන් නිතැතින්ම වෙනස් වන අය බවට පත්වෙයි. මෙහිදී ද කිව යුත්තේ උපන් ග්‍රහ පිහිටීම් මත ඉහත කී දේ අඩු වැඩිවීම් සිදුවිය හැකි බවයි.
කැති නැකත
මෙම නැකතින් උපන් අය අයත් වන්නේ රවිටයි. රවි මූලික කරගෙන ඇතිවන මෙම නැකතින් උපන් අය අන් අයට අවනත වීමට ටිකක් මදිකමක් දක්වයි. නමුත් මොවුන්ගේ කාම සිතුවිලි වේගවත්ය. තම අවශ්‍යතාව මත තමාට අවශ්‍ය ආකාරයට ලිංගික තෘප්තිය ලැබීමට මෙම නැකතින් උපන් අය දක්ෂය. නමුත් පහසුවෙන් තෘප්තිමත් නොවේ. ආකර්ෂණය කර ගැනීම අතින් ඉහළින්ම සිටිති.
රෙහෙන නැකත
සඳු හිමි රෙහෙන නැකතින් උපන් අය සඳු මහ දශාවෙන් උපත ලබා ඇත. සැබෑ ජීවිතයේ මෙන්ම ලිංගික ජීවිතයේ ද මෙවැනි අය ආත්මාර්ථකාමිත්වයෙන් තොරව කටයුතු කරයි. මෙම නැකතින් උපන් දෙදෙනෙකු එකට එක් වූ විට සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකියාවක් ඇත. එය මෙය දෙදෙනා අතර ඇතිවන අවබෝධය නිසාම සිදු වන්නෙකි. මෙවැනි අය අන් අය කෙරෙහි ද ආකර්ෂණය වෙයි. අනියම් ඇසුරක් පවත්වන අය ද මේ නැකතින් උපදී. සාමකාමි විවාහ ජීවිතයක් ද ගෙන යයි. බොහෝ ස්ත්‍රින් මෙම නැකතින් උපත ලබා තම ස්වාමිභක්තිය මෙන්ම තෘප්තිමත් කිරීම වෙනුවෙන් ද නම්‍යශීලි වෙයි.
මුවසිරස නැකත
කුජ හිමි මෙම නැකතින් උපන් අයට කුජ මහ දශාව ද ලබමින් උපත ලබයි. ඉතාම ආකර්ෂණීය භාවයකින් යුක්ත ස්ත්‍රී- පුරුෂ දෙපාර්ශ්වයම ඉතාම තෘප්තිකර ආශාවන් ඇති අය වෙති. ක්‍රියාශීලි ගතිය ද වැඩියි. බොහෝදුරට විවාහයට පෙර ලිංගික ඇසුරකට වැඩි කැමැත්තක් ද දක්වයි. එමෙන්ම විවාහයෙන් පසුව ලිංගික ජීවිතය කෙරෙහි වැඩි නැඹුරුභාවයක් දක්වන අතර දැඩි විශ්වාසයක් අනිත් කෙනා කෙරේ තබා ගැනීමටත් මුවසිරස නැකතින් උපන් අය කැමැත්තක් දක්වයි. හැමවිටම සිතන්නේ අනිකා කෙරේ පවතින බැඳීම සතුටුදායක ද යන්නයි.
අද නැකත
අද නැකතින් උපන් අය රාහු මහා දශාවෙන් උපත ලබයි. මෙම නැකතින් උපන් අය තරමක් ආත්මාර්ථකාමිය. අනෙකා කෙරේ දැඩි ආදරයක් හෝ අනෙකාගේ සතුට ගැන එතරම් තැකීමක් නොකරයි. ලිංගික ජීවිතයේදී පවා අනිත් කෙනාගේ සතුට ගැන එතරම් තැකීමක් නොකරන අතර තමාගේ තෘප්තිය පමණක් සිතන අය වෙති. නමුත් අද නැකතින් උපන් අයට ආශාව, කුතුහලය, කලින් විවාහයට පෙර ලිංගික අත්දැකීම් විඳීමේ ආශාවක් ඇත. එමෙන්ම තම බිරිඳ හෝ ස්වාමියාගෙන් නොවුණත් වෙනත් කෙනෙක් ලවා තම ආසාවන් ඉටුකර ගැනීමේ හැකියාවක් මොවුන්ට පවතියි. මොවුන් තමන් ගැන අවතක්සේරුවකින් පසුවන අය ද වෙති.
පුනාවස නැකත
මෙම නැකතින් උපන් අය ගුරු මහ දශාව ඇතිව උපදින අය වෙති. ගුරු ග්‍රහයා තරමක් ලෝකෝත්තර ජීවිතයට බර අතර මෙම නැකතින් උපන් අයගේ ද යම් යම් අවස්ථාවලදී ලිංගිකත්වයට ඇති ආශාව අල්ප වෙන අවස්ථා ඇත. එයින් අදහස් වෙන්නෙ ලිංගිකත්වයට ආසාවක් නැති බව නොවේ. ලිංගික තෘප්තියක් විඳීමේ හැකියාව පවතියි. නමුත් යම් යම් අවස්ථාවන්වලදී මොවුන් තෘප්තිමත් නොවේ. පුනාවස නැකතින් උපන් අය කොහොමත් ස්ත්‍රින් කනස්සලු ස්වභාවෙන් යුක්ත වෙයි. ඒ නිසා විවාහ ජීවිතය රැක ගැනීමටත් තම සහකරු හෝ සහකාරිය රැක ගැනීමටත් පරිස්සම් වෙන්න.
පුෂ නැකත
පුෂ නැකතින් උපන් අය සෙනසුරුගේ දශාවකින් උපත ලබයි. මෙම සෙනසුරු නපුංසක ග්‍රහයෙක් ලෙස ද හඳුන්වයි. පුෂ නැකතින් උපන් අයගේ සිතුවිලි මෙන්ම ලිංගික සිතුවිලි ද වේගවත්ය. ලිංගිකත්වය පිළිබඳව වැඩි සෙවිල්ලක් බැලිල්ලක් කරන අතර තමාට අවශ්‍ය කරන පුද්ගලයා තමාට නතුකර ගැනීමට උත්සාහයක් දරයි. තව ද ස්ත්‍රියක් නම් ලැබනෙ ස්වාමියාගෙන් කිසිවක් බලාපොරොත්තු නොවුණත් සැමියාගේ ආශාවන් සොයා බැලීමට වැඩි නැඹුරුවක් දක්වයි. විවාහ ජීවිතේ එකිනෙකා තෘප්තිමත්ය. සතුටුදායකය.
අස්ලිස නැකත
බුධට හිමි අස්ලිස නැකත එතරම්ම කාර්යශූර ගතියක් නොපෙන්වයි. ලිංගික ජීවිතයේ ද ඔහුත් එසේමය. මෙම නැකතින් උපන් අය අලසකමින් ද යුක්තයි. ලිංගික ජීවිතයේදී පවා අලසකම නිසා එකිනෙකා අතර ඇති සම්බන්ධතාව බිඳීයයි. මෙතැනදී කාන්තාව උනන්දු වුවත් අනිත් පාර්ශ්වයේ ඇති දුර්වලකම නිසාම විවාහ ජීවිතය අවුල් කර ගනියි. මෙම නැකතින් උපන් අය ද අනියම් ඇසුරකට ඉක්මනින්ම පත්වෙන බවක් පෙනේ. ඔබට ඔබේ සහකරු හෝ සහකාරිය තේරුම් ගැනීමට හැකියාවක් ඇත්නම් සාර්ථක විවාහ ජීවිතයක් ගෙන යෑමට හැකියාව පවතියි.
මා නැකත
මා නැකත අයත් වන්නෙ කේතුටයි. මෙම නැකතින් උපන් අයට කේතු මහ දශාව ඇතිව උපත ලබයි. බැලූ බැල්මට කේතු සියලු දේ යට ගසන නමුත් ලිංගික ජීවිතේදී විවිධ වූ ක්‍රියාකාරකම්වලින් යුක්ත අය මෙම නැකතින් උපදී. ස්ත්‍රි-පුරුෂ දෙපක්ෂයම එකිනෙකාට පරයා ලිංගිකත්වය තුළ ක්‍රියාකාරි වෙයි. පුරුෂයන් විවිධ ස්ත්‍රින් සමඟ ලිංගික තෘප්තිය ලබා ගනියි. මා නැකතින් උපන් ස්ත්‍රියක් සමඟ රතිකෙළියේ එක් වූ පුරුෂයෙක් වෙනත් කාන්තාවගේ ඇසුරක් ලබන්නෙ නැති තරම්ය. මෙම නැකතින් උපන් ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක් එක් වූ විට අති සාර්ථක ජීවිතයක් ගෙනයෑමට හැකියාව ඇති බව පෙන්විය යුතුයි.
පුවපල් නැකත
පුවපල් නැකත සිකුරුට අයත් වන අතර සිකුරුගේ දශාවකින් උපත ලබයි. මේ පුවපල් නැකතින් උපන් කාන්තාව ඉතාම කාර්යශූර බවක් ලිංගික ජීවිතේ පෙන්වයි. මෙය තරුණ විය ලැබූ විගසම ඔවුන්ගේ හැඟීම් එළියට එයි. එමෙන්ම කලින්ම ප්‍රේම සම්බන්ධතා පවත්වන අතර ලිංගික අත්දැකීම ද ඔවුන් කලින්ම විඳියි. එමෙන්ම අනේකා තෘප්තිමත් කිරීම සඳහා ඕනෑම දෙයක් කිරීමේ හැකියාව ද පවතියි. පුරුෂයාගේ උද්දීපනයට වඩා කාන්තාවගේ උද්දීපන ශක්තිය වැඩියි. මෙවැනි කාන්තාවෝ බොහෝවිට (මෙය ලග්නයේ පිහිටි ග්‍රහචාරය අනුව) දුරාචාරයේ යෙදෙයි. විශේෂයෙන් ප්‍රේමය, ආලය තුළදී තරුණ දරුවන් ප්‍රවේශම් විය යුතුයි.
උත්‍රපල් නැකත
උත්‍රපල් නැකත රවිට හිමි අතර රවිගේ මහ දශාවකින් උපත ලබන අය තුළ මනාව වර්ධනය වුණ සංයමයක් තිබේ. කිසිම දෙයක් ඕනෑවට එපාවට නොකරයි. තම සහකරු හෝ සහකාරිය ගැන සොයා බලන අතර එකිනෙකාගේ අවශ්‍යතාවයන් ඉටුකරමින් යන ගමනක් පෙන්නුම් කරයි. පුරුෂයන් තරමක් දුරට ආත්මාර්ථකාමි වෙන්නට පුළුවනි. ආදරයට ලිංගිකත්වයට ආශා කරයි. සීමාව ඉක්මවා නොයයි. සියල්ල එක් රාමුවක් තුළදී සිදු කරන්නෝ උත්‍රපල් නැකතින් උපන් අයම වෙති.
Advertisements


