Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලෙඩ කරවන්නත් සුව සෙත දෙන්නත් බලය ලැබූ සූනියම් දෙවියෝ

3 months ago 7 Min read
Subha.lk

ගම්බාර දේවතා සූනියම් යක්ෂයා හා ඔඩ්ඩිස කුමරු ඇඳත්ත ඔඩ්ඩිස යන නාමවලින් සූනියම්දෙවියන් හඳුන්වනු ලැබේ. අර්ධ මිනිස් හා දේව යක්ෂ අවතාරවලින් පිරිපුන්ය. මහා භාරතයේ සිට මෙහි පැමිණ ඇත. මහා බලගතු දෙවියෙකි.

 

සූනියම්දෙවියන් ලෙස පෙනී සිටින්නේ පුරපසය. අවපස යක්ෂ අවතාරයක් වේ. හදි හූනියම් අණවින භූතදෝෂ වළකා සෙතක් ශාන්තියක් ලබාගැනීමට හැකි බලවත්ම දෙවියෙකි සූනියම් දෙවියෝ.

 

සූනියම්දේව උපත පිළිබඳ සුවිශේෂි අගයාත්මක වැනුම් සහිතව දේව සංකල්පයේ සඳහන්ව තිබේ. කුඩා වියේදීම නිරන්දන නම් වනයේ හුඹසක සිටි නාගයන් 36 දෙනකු අල්ලාගෙන මුළු ඇඟ පුරාම වෙළාගත්තේය. කටින් පොළඟෙකු අල්ලා උගේ ලේ උරා බීවේය. එයින් යක්ෂයෙකු බවට පත්විය. මහකෙළ නාග රාජයා අල්ලා මුළු සිරුරම වෙළා ගත්තේය. සුදු අසෙකු පිට නැඟී ගිනිකබලක් අතින් දරාගෙන සිය රාජධානියට ගියේය. ශක්‍රයා මේ දෙවියන් අල්ලානැවැත්වීමට නොහැකි වූයෙන් මිනිසුන්ට ලෙඩ කරන්නටත් සුව කරන්නටත් බලය දුන්නේය.

 

මිනිසුන්ලෙඩ වූ විටදී පිදේනිදී පූජා පැවැත්වීමෙන් ලෙඩ සුව කරන ලදි. සූනියම් දෙවියන්ට මෙලොව කළ හැකි සියලුමදේ කරති. එතරම් මහා බලගතුය. සූනියම් දෙවියන්ට පහන් තබා නොවරදවාම ඇදහිය යුතුයි. කඩනොකළ යුතුයි.

 

මිනිසුන්ටසෙත සලසන එකම බලවත්ම දේව උතුමාණන් වහන්සේ සූනියම් දෙවියෝය.

 

නන්පරසිදු අසුගෙ පිටින් වැඩම කරනවා

රන්පටසළු හැට්ටය දෙවුර දරනවා

බන්ධනදොස් අවහිර ගිනිදැල් අත්වෙනවා

ගත්පෙරවෙනිදෙවිතුමගේ අප රැක දෙනවා

 

උපුල්වන්දෙවියන්ගේ පණිවුඩකරු ලෙසද මේ දෙවියන් වැඩකටයුතු කරන්නේය.

 

බුලත්, මල්වර්ග, රොටී, කැවිලි, පලතුරු, ගොඩමස්, දියමස්, පුළුටු, බිත්තර, කුකුල්මස් වැනි ආහාර වර්ග පි‍්‍රයතම ආහාර වන්නේය. පුද පූජා හරියාකාරව තබා සූනියම් දෙවියන්ගෙන් බැතිමතුන්ට තමාට අවශ්‍ය යහපත් කරුණුූ ඉටුකර ගැනීමට හැකිවේ. දුර්දාන්ත ඊර්ෂ්‍යාකාර, කුඩුකේඩු, නරක වැඩකරන අයට මේ බලගතු සූනියම්දෙවියෝ තම අණසක පතුරවා දඬුවම් දෙන්නේය. මිනිසුන්ගේ යහපත උදෙසාම සූනියම් දෙවියන් අදහන අයට මහත් සෙතක් ශාන්තියක් ලැබෙනු නියතයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk