කඳ සුරිඳුන් වසඟ කළ වල්ලිමාතා දෙවඟන

කතරගම දෙවියන්ගේ ලාංකේය බිරිය වන්නීය. කුවේණියගේ වැඩිමහල් අක්කා යනුවෙන්ද වැදි ජනයා අතර ප්‍රකටය.
කතරගම පුදබිමේ සියඹලා ගසක් දක්නට ඇත.
එහි ඇති විශාල බෙනය මුලදී වල්ලී මාතාව ප්‍රථම වරට කතරගම දෙවියන්ට හමුවී යැයි එක්තරා පුවතකි. තවත් පුවතක් වන්නේ මැණික් ගඟ අසබඩ එක්තරාගල් ගුහාවකදී හමුවූ බවකි. අදත් සෙල්ල කතරගම මැණික් ගඟ යාබද එම ගුහාව ඇත්තේ වල්ලිමාතා දේවාලයත් සමඟමය.
කඳ කුමරු ඇය සොයාගෙන එන්නට අදහසක් වූයේ වැදි පරපුරේ සිටින ඉතාම රූමත් කාන්තාවක් නිසා යැයි තවත් පුවතකි.
කතරගම ඇසළ පෙරහර මහ දේවාලයේ සිට ගමන් කරන්නේද වල්ලිඅම්මා දෙවොලටය. පෙරහර පවත්වන දින 15 දීම රාත්‍රියේ කතරගම දෙවියන්ගේ ආභරණ කරඬුවේ සඟවා ඇතුපිට වඩම්මාගෙන කපුරාළ එය දෑතට ගන්නා ගමන්ම ඔහු නොපෙනෙන සේ මහා විශාල ඇතිරිල්ලකින් වසනු ඇත.
අනික්කපුරාල විසින් මෙහෙයවමින් වල්ලිඅම්මා දෙවොලේ ඇතුළු ගැබට කැඳවා ගෙන යයි. දේවාභරණ එහි තැන්පත් කොට කිසියම් වේලාවක් තබනු ඇත. එම කාලය තුළ තූර්ය වාදනය කරනු ඇත.
යළිත්පෙරසේම ඇතිරිල්ලෙන් වසනු ලැබූ එම ආභරණ සහිත ප්‍රතිමාද මහා දේවාලය වෙත ගෙනයනු ඇත. මෙය මහා මංගල රාත්‍රියක් ලෙසද දක්වනු ලැබේ. පෙරහර අවසාන දින රාත්‍රියේ දේවාභරණ වල්ලිමාතා දේවාලය තුළ තබනු ඇත.
පසුදා පාන්දර කතරගම දෙවියන්ගේ ප්‍රතිමාව වල්ලිඅම්මා දෙවොලින් නැවත වැඩම වන්නේ අතිශයින්ම රහසිගත කටයුත්තක් ලෙසිනි.
එදින පාන්දරම දියකපා අවසන් කොට පළමුවෙන්ම වල්ලිඅම්මා දෙවොලට ගොස් එම ශුද්ධ වූ ජලය බැතිමතුන්ට බොන්නට දෙනු ඇත. එය මහා ප්‍රාතිහාර්යයක් බඳු වැඩකි.
මේ චිරාගත චාරිත්‍රය අතිශයින්ම ඉතාම උත්කර්ෂවත්ම කරනු ලබන්නේ දෙවියන්ට පුද පූජා තබා බැතිමතුන්ට දේව ආශීර්වාදය ලබා ගැනීමටය. සෙල්ල කතරගම වැඩ විසූ මඩිත්තේ ඥානානන්ද මහනාහිමියන්ගෙන් මේ තොරතුරු එක්රැස්කරන ලදි. අදත් කතරගම මහ දේවාල බිමේ ඒ සියඹලා ගසේ ආකෘතිමය වෘක්ෂය දක්නට ඇති අතර සෙල්ලකතරගම දෙවොල (වල්ලිඅම්මා) වෙත එන බැතිමතුන් බැතිමතියන්මැණික ගඟෙන් ජල ස්නානය කර තෙත රෙදිපිටින් දෙපක්ෂයම පූජා තැබීමක් පෙර කල සිදුවිනැයි එක්තරා සත්‍ය පුවතකි. තවද තේවානි අම්මා භාරතීය බිරිය දේවියගේ දෙවොල මහ දෙවොල අසලම පිහිටුවා තිබේ. දෙමළ ජනයා විශේෂයෙන්ම පුද පූජා තබයි. දේවමණ්ඩලයේ අගරජතුමා වන්නේ කතරගම මහ දෙවියන්ය. එනිසා වල්ලිමාතාවට ඒ තැන හිමිවී ඇත.
Advertisements


