Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ග්‍රහ ලොව බුද්ධිමතා සිකුරුට

3 months ago 7 Min read
Subha.lk

ග්‍රහ ලොව බුද්ධිමතා ලෙසින්හැඳින්වෙන බුධ ග්‍රහයා තමාගේ මිත්‍ර රාශියක් වූ සිකුරුට අයත් තුලා රාශියට 2024.10.10 පෙ.ව 11.22 සිට දින 19 ක් රැඳී සිටී. මෙහිදී බුධ වර්ගෝත්තම බලයෙන් සිටී. මෙහිදී තත්කාල ලග්නය වශයෙන් ධනු ලග්නයත්, මිථුන නවාංශකයත් උදාව පවතින අතර ලග්නගතව 22 දෙර්කානාධිපති අයත් සඳු ග්‍රහයාද, සිව්වැන්නේ රාහුද හය වැන්නේ, ලග්නාධිපති ගුරුද, හත් වැන්නේ කුජද, දහ වැන්නේ රවි කේතුද, එකොළොස් වැන්නේ බුධ, සිකුරුද විය. කාලගුණික විපර්යාස ඇති කෙරේ. රටේ බුද්ධිමතුන්ට යහපත් බවක් පෙන්නුම් කරයි, කලාකරුවන්ට, නිර්මාණවේදීන්ට යම් යම් ඇගයීම් සම්මාන වැනි දෑ හිමි වන කාලයක්ද වේ.

මේ අතරතුර කාන්තා හිංසන ගැන ද වරින් වර අසන්නට ලැබේ. එමෙන්ම බුධ ග්‍රහයා කුඩා ව්‍යාපාරිකයන් නියෝජනය කරන බැවින් ඉදිරි දින 19 ක කාලය තුළදී ඔවුනට යහපත් බවක් පෙන්නුම් කරයි. බුද්ධිමතුන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන කාලයකි. සන්නිවේදන ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක්ද ඇති කරයි. ඒ අනුව ඉදිරිදින 19 කාලය බුධගේ ග්‍රහ ගමන ලග්න 12 ට බලපාන අයුරුකෙසේ දැයි අප බලමු.

 

මේෂ ලග්නය

මේෂ ලග්න ඔබගේ 3 වැන්නටත්, 6 වැන්නටත් අධිපති බුධ 7 වන්න තුළ ගෝචර වේ. වෙනදාට වඩා ප්‍රිය මනාප බවක්, ආකර්ෂණීය බවක් ඇති කෙරේ. ඔබ විවාහ වී නොමැති නම් යහපත් විවාහයක් ලැබිය හැකි කාලයකි. එසේම හවුල් ව්‍යාපාර කරන අයෙකු නම් එම ව්‍යාපාරය තුළ සාර්ථකත්වය ඇති විය හැකි දින කිහිපයකි.

 

වෘෂභ ලග්නය

වෘෂභලග්න ඔබගේ දෙවැන්නටත්, පස්වැන්නටත් අධිපති බුධ 6 වැන්න තුළදී ගෝචර වේ. අධ්‍යාපනයේ නියැලී සිටි දරුවන්ට උනන්දුව අඩු කෙරේ. එමෙන්ම ඔබට උදරය ආශ්‍රිත යම් යම් අසනීප තත්ත්වය ද ඇති වියහැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වන්න.

 

මිථුන ලග්නය

මිථුන ලග්න ඔබගේ ලග්නාධිපති වෙමින් විද්‍යා ස්ථානගතව හෙවත් 5 වැන්නේ ගමන් ගෙන තිබේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට ඉතා යහපත් දින කිහිපයකි. හොඳ කලා නිර්මාණ ඔබ අතින් බිහිවන කාලයකි. විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන්සිටී නම් ඔබට ඒ සඳහා යහපත්ප්‍රවනතා ඇති කෙරේ.

 

කටක ලග්නය

කටක ලග්න ඔබගේ 3 වැන්නටත් 12 වැන්නටත් අධිපති බුධ 4 වැන්න තුළ ගෝචර වේ. සියලු ලැබීම් සහිත බවක් පෙන්වන කාලයකි. 10 අධිපති වැයස්ථානගතව ගමන් කිරීම මත රැකියා ස්ථාන තුළදී යම් යම් කුමන්ත්‍රණ ද ඔබට විරුද්ධව ඇති කරනු පෙනේ.

 

සිංහ ලග්නය

සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ 3 වැන්නට බුධ ගෝචර වේ. ලේඛනමය කටයුතුවල යෙදී සිටි අයෙක් නම් මෙම ගත කරන දින කිහිපය තුළ ඔබට ජනප්‍රියත්වය සහ හොඳ නිර්මාණ බිහි කිරීමට හැකි කාලයකි.

 

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න ඔබට ධර්මකර්මාධිපති යෝගය සහිතව බුධ දෙවැනි භාවය තුළදී ගෝචර වේ. සියලු ලැබීම් සහිත බවක් පෙන්නුම් කරන කාලයකි. කුජ 10 වැන්නේ ගමන් කරන හෙයින් රැකියවාව තුළ ගැටලු පැන නැගීමට පිළිවන්. ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න.

 

තුලා ලග්නය

තුලා ලග්න ඔබගේ 9 වැන්නටත්, 12 වැන්නටත් අධිපති බුධ ලග්න ගතව ගෝචර වේ. තනතුරු, නිලතල ලැබිය හැකි දින කිහිපයකි. තමාගේ නමට හානිවන සිදුවීම් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිල්මත්ව කටයුතු කරන්න.

 

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න ඔබට සරලා, විමලා, හර්ෂා යන යෝග 3 ම පවතින දින කිහිපයකි. එසේම වෘශ්චික ලග්න ඔබගේ කේන්ද්‍රයේ 12 වැන්න තුළදී ගෝචර වේ. ඔබට අනපේක්ෂිත සිදුවීම් ඇති කරයි. ජයග්‍රහණ තනතුරු ලාභ පවා ලැබීමට හැකි දින කිහිපයකි. මුත්‍රා ආසාදන තත්ත්වයන්ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ උනන්දුවෙන්කටයුතු කරන්න.

 

ධනු ලග්නය

ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ බාධක ග්‍රහයෙකු ලෙසින්හැඳින්වෙන බුධ ග්‍රහයා 11 වැන්නේදී ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත්ය.

 

ලග්නාධිපති 6 වැනි භාවය තුළ ගමන් කිරීම මත උදරාබාධ වැනි අසනීප තත්වයන් ද ඔබට ඇතිවීමට ඉඩ පවතී.

 

මකර ලග්නය

මකර ලග්න ඔබගේ 6 වැන්නටත්, 9 වැන්නටත් අධිපති බුධ 10 වැන්න තුළදී ගෝචර වේ. එමගින් රැකියාවේ දියුණුව ඇති විය හැකි අතර නව රැකියාවක් බලාපොරොත්තුවෙන්සිටි අයෙකු නම් ඒ සඳහා යහපත්රැකියාවක් ලැබිය හැක.

 

කුම්භ ලග්නය

කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ 5 වැන්න අධිපති ග්‍රහයා භාග්‍ය ස්ථානගතව ගමන්කරනු ලබයි. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත් ප්‍රතිඵල තරග ජයග්‍රහණ හිමි වන දින කිහිපයකි.

 

මීන ලග්නය

මීන ලග්න ඔබගේ බාධක ග්‍රහයා වන බුධ 8 වැන්න තුළ ගෝචර වේ. අඹුසැමි අරගල ඇති කරයි. ඔබගේ චරිතයට හානි වන ප්‍රවෘත්ති ඇති විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වන්න.

 

පොදුවේ බැලූ කල බුධගේ තුලා රාශි ගත වීම සෑම ලග්නයකටම පාහේ සුබදායක වේ. මෙය පොදු පලාපල විස්තරයක් බැවින් නිවැරදි පලාපල බැලීම සඳහා ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කළයුතුව ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk