Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලියන කියන අයට වෛරෝඩිය තමයි මැණික!

3 months ago 7 Min read
Subha.lk

ජන්ම පත්‍රය තුළ කේතු ග්‍රහයා මීන, වෘශ්චික, සිංහ, මේෂ, කටක, ධනු වැනි කේතුට හිතකර රාශියක වේ නම් එවන්ජන්මීන්ට වෛරෝඩි මැණික පැලඳීමෙන් සියලු සුභඵල උදාකර ගත හැක. කේතු ග්‍රහයා ජන්ම පත්‍රය තුළ මෙවන්රාශියක ප්‍රබලව සිට, එම කේන්ද්‍රය හිමි ජන්මියාගේ ජන්ම නැකතද අස්විද, මා, මුල යන කේතුගේ නැකැත්තුනින් එකක් වුණි නම් සුභඵල තව තවත් තීව්‍ර කරනු ඇත.

Cat Eye හෙවත්බළල් ඇස ලෙස නම්දරා ඇති වෛරෝඩිය නූල සහිත මැණිකකි. මැණික් ඉතා දීප්තිමත් වුවද, වෛරෝඩිය දීප්තියෙන් ඉතා අඩු මැණිකකි. වෛරෝඩි මැණික් වර්ණ කිහිපයකින් දැකිය හැක. සුදු වෛරෝඩි, කහ වෛරෝඩි, අළුවෛරෝඩි, කොළ වෛරෝඩි හා දුඹුරු වෛරෝඩි ලෙසය. මේවායින් සුදු වෛරෝඩි බහුලව පවතී. මෙම සෑම පාටක වෛරෝඩියකම අඩසඳ වන් නූලක් දැකිය හැක.

 

සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන් මැණික් පැලඳීම බහුලව සිදුකළ ද අන්‍ය ජාතිකයන් මැණික් පැලඳීම කලාතුරකින් සිදු කරන්නකි. නමුත් වෛරෝඩි මැණික අන්‍ය ජාතිකයන් බෙහෙවින්පැලඳීම සිදු කරයි. මීට අමතරව ඕනෑම වයස් මට්ටමක අයෙකුට වෛරෝඩි මැණික පලඳා සුභඵල උදාකරගත හැක. එය වෛරෝඩියේ ඇති සුවිශේෂී බලයකි.

 

වෛරෝඩි මැණික පැලඳීමෙන් රැකී රක්ෂා දියුණුව ඇතිවීම, ලැබුවා වූ දියුණුව වේගවත්වීම, අධ්‍යාපන කටයුතුවල දියුණුව ඇතිවීම, විභාග ආදියෙන් ජය ලබාගැනීම, මතක ශක්තිය වර්ධනය වීමට හේතුවේ. මීට අමතරව විවාහ ප්‍රමාද වූවන්ගේ විවාහ ඉක්මන්වීම හා විවාහ ජීවිතයේ සතුට සමගිය වර්ධනය වීම සිදුවේ.

 

ඡායාග්‍රහයන් දෙදෙනාගෙන් අයෙක් වන කේතු ග්‍රහයාට අයිති මැණික ලෙස වෛරෝඩිය නම් දරයි. කේතු ග්‍රහයා හුදෙක්ශාස්ත්‍රීය කටයුතුවලට හිමිකම් කියන බැවින් ශාස්ත්‍රීය කටයුතුවල යෙදෙන්නන් එනම් ලේඛන කටයුතු, ග්‍රන්ථකරණය වැනිදේ කරන්නන් වෛරෝඩි මැණික පැලඳීමෙන් එම කටයුතුවල උසස්දියුණුවක්, උසස් නැග්මක් ලබාගත හැක. මෙම සුභඵලවල ප්‍රබලතාවය කේතුග්‍රහයාගේ මහ දශා, අතුරුදශා, විදශා, ප්‍රාණදශා කාලඋදාවෙන්ම දැකගත හැක.

 

වෛරෝඩි මැණික පැලඳීමෙන් ලැබෙන සුභඵල ඉහත ආකාර වුවද හිතුමතේට වෛරෝඩි පැලඳීම නොකළ යුතුයි. අදාළ ජන්මියාගේ භාව කේන්ද්‍රය තුළ කේතු ග්‍රහයා ප්‍රබල බලයකින්යුක්තව සිටියදී පැලඳීම තුළින් සුභඵල උදාකර ගත හැක. එනම්කේතු ග්‍රහයා කේන්ද්‍රය තුළ උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍රහෝ නීචභංග රාජ යෝග බලයෙන් සිටී නම් වෛරෝඩිය පැලඳීම තුළින් උසස් ප්‍රතිඵල ලබාගත හැක. යම් හෙයකින් කේතු ග්‍රහයා සතුරු, සම, සතුරු මුඪ හෝ භංග නොවන නීචයක වේ නම් කිසිවිටඑවන් ජන්මීන්ට වෛරෝඩි මැණික පැලඳීමට නිර්දේශ නොකරන්න. එවන්නවුන් වෛරෝඩි මැණික පැලඳීමෙන් ජීවිතයම උදාසීන වී අඩපණ වීයෑම සිදුවේ.

 

තවදුරටත්විස්තර කළහොත් ජන්ම පත්‍රය තුළ කේතුග්‍රහයා මීන, වෘශ්චික, සිංහ, මේෂ, කටක, ධනු වැනි කේතුට හිතකර රාශියක වේ නම් එවන්ජන්මීන්ට වෛරෝඩි මැණික පැලඳීමෙන් සියලු සුභඵල උදාකර ගත හැක. කේතුග්‍රහයා ජන්ම පත්‍රය තුළ මෙවන්රාශියක ප්‍රබලව සිට, එම කේන්ද්‍රය හිමි ජන්මියාගේජන්ම නැකතද අස්විද, මා, මුල යන කේතුගේ නැකැත්තුනින් එකක් වුණි නම් සුභඵල තව තවත් තීව්‍ර කරනු ඇත.

 

යම්හෙයකින් ජන්ම පත්‍රය තුළ කේතුග්‍රහයා වෘෂභ, කන්‍යා, තුලා, මකර, කුම්භ වැනි කේතුට අහිතකර රාශියක වේ නම් වෛරෝඩියපැලඳීමෙන් අශුභඵල රැසක් නියතවම හිමි වේ.

 

මෙම වෛරෝඩි මැණික පැලඳීමේදී ශරීරයේ ස්පර්ශ වන තරමේ විශාලත්වයෙන්යුත් වෛරෝඩියක් පැලඳීමට වගබලා ගන්න. ශරීරයේ ස්පර්ශ නොවන වෛරෝඩියකින් කිසිදු ඵලයක් හිමි නොවේ. ඒ සඳහා මුදුවකට හෝ පෙන්ඩනයකට වෛරෝඩිය ඔබ්බවා පලඳින්න.

 

වෛරෝඩියෙන්ලැබෙනා සුභඵල එක් එක් ලග්නයට බලපාන ආකාරය විමසා බලමු.

 

ජන්ම පත්‍රය තුළ කේතු ග්‍රහයා බලවත්වූ මේෂ ලග්න හිමියෙක් වෛරෝඩි මැණිකක් පැලඳීමෙන් මාරක අපල, මාරක අනතුරු ආදියෙන් බේරීමේ අවකාශ උදාවන අතර විදෙස්ගත වූ ජන්මීන්ට හා විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයට සුභඵල උදාකරයි. විදෙස් රැකියාවේ දියුණුව, තිබූ කරදර, බාධක දුරුවීම් මෙන්ම පඩි වැඩිවීම්, තනතුරු උසස්වීම් ආදිය සිදුවනු ඇති අතර දරුඵල අහිමි වූවන්ට හා දරුඵල ප්‍රමාද වූවන්ට මෙම මැණික පැලඳීමෙන් සහන උදාවනු ඇත. අධ්‍යාපනයෙන් ජය හිමිවන අතරධාරණ ශක්තිය ද වැඩි දියුණුවේ. ඉගෙනීමට උනන්දුව හා කැපවීම නොවඩුව ඇතිවේ.

 

වෘෂභ ලග්න හිමියෙක් වෛරෝඩි මැණික පැලඳීමෙන් ඔහුට හෝ ඇයට ගේ දොර දියුණුව ඇතිවන අතර ඉඩකඩම් ලාභ, වාහන ලාභ හිමිවනු ඇත. තවද ගෘහ ජීවිතයේ ඇති ප්‍රශ්න, ගැටලු නිරාකරණය වී අඹු සැමියන් අතර ආදරය, කරුණාව වර්ධනය වනු ඇත. විවාහ ප්‍රමාද වූවන්ටද විවාහ යෝජනා පැමිණෙන අතර විවාහ ස්ථීර වීම්ද සිදුවනු ඇත. තවද මොවුන්ගේ ආදායම් මාර්ග වර්ධනයවී ලැබීම් ද වැඩිවනු ඇත.

 

කේතු ග්‍රහයා බලවත් මිථුන ලග්න හිමියකු මෙම මැණික පැලඳීමෙන් ඔහුට හෝ ඇයට ඇතිසහජ දක්ෂතා මෙන්ම කුසලතා ද ඔප්නැංවී එයින්ඵල ප්‍රයෝජන දහිමිවේ. සහෝදර සහෝදරියන්ගේ දියුණුව මෙන්ම ඔවුන්ගේ උදව් උපකාර ද නොවඩුව හිමිවනුඇත. එමෙන්ම එතෙක් පැවැති සතුරු කරදර මෙන්ම රෝග පීඩාද සමනයකට පත්වනු ඇත. රැකියාවේ දියුණුව, උසස්වීම් මෙන්ම රැකියාවේ පඩි වැඩිවීම් ද නිතැතින් සිදුවේ. රැකියාවේ තිබූ බාධක ද නැතිවී සහනයඋදාවේ.

 

කටක ලග්න හිමියෙක් වෛරෝඩි මැණිකක් පැලඳීමෙන් ආර්ථික අපහසුතා මගහැරී ධනය ගලාගෙන ඒම සිදුවේ. විශේෂයෙන්හදිසි ධනලාභ ඇතිවීමට බොහෝ ඉඩකඩ වැඩිය. ව්‍යාපාර දියුණුවී අතමිට සරු කාලයක් උදාවේ. දරුඵල අහිමි වූවන්ට මෙන්ම දරුඵල ප්‍රමාද වූවන්ටද බොහෝ සහන අත්වනු ඇත. ඉගෙනීමේ කටයුතු ප්‍රවර්ධනය වී අධ්‍යාපනයෙන් විවිධ ජයග්‍රහණ නිතතින් ලැබෙනු ඇත. ඉගෙනීමට අලස ගති ඇති අයට ද ඉගෙනීමට, පාඩම්කිරීමට ප්‍රියතාවය ඇතිකරයි. මෙම මැණික පැලඳීමෙන් මොවුන්ගේ පෙර පිං ද මතු කරවීම සුවිශේෂී ගුණයක් වේ.

 

සිංහ ලග්න හිමියෙක් වෛරෝඩි මැණික් පැලඳීමෙන් ඔහුගේ හෝ ඇයගේ පෞරුෂයමෙන්ම ආත්ම ශක්තිය ද වර්ධනය වනුඇත. ආත්ම අභිමානය හා ආත්ම විශ්වාසයද නිතැතින් වර්ධනය වනු ඇත. එමෙන්ම ගේ දොර දියුණුව, ඉඩකඩම් ලාභ හිමිවේ. නිවසට අලුත් ගෘහ භාණ්ඩ මිලදී ගැනීම්, වාහන ආදිය මිලදී ගැනීම් සිදුවේ. එමෙන් ඇතිවීමට ඇති මාරක අපල හා අනතුරුවලින් බේරීමේ අවකාශ ලැබේ. වැළැක්විය නොහැකි මාරක අනතුරක් වුවද සුළු අනතුරක් වී සමනයකට පත්වේ.

 

කන්‍යා ලග්න හිමියෙක්වෛරෝඩි මැණිකක් පැලඳීමෙන් ඔවුන්ගේ සහජ දක්ෂතා මෙන්ම කුසලතා ද ඔප් නැංවෙන අතර එමගින් දියුණුව ද උදාකර ගනී. විවාහ ජීවිතයේ ඇති ප්‍රශ්න,

 

ගැටලු මගහැරී යුවතිපතීන් අතර ආදරය, ගෞරවය ගොඩනැගේ. විවාහ ප්‍රමාද වූවන්ගේ විවාහ ඉක්මන් වේ. විවාහ යුවළ අතර ශාරීරික දුබලකම් වේ නම් ඒවාද මෙම මැණික් විශේෂය පැලඳීමෙන් දුරුවී යනු ඇත. විදෙස් ගතව සිටින අයට ද වාසි මෙන්ම සහන ද හිමිවනු ඇත. විදෙස් ගමන් හෝ දුර ගමන්යෑම මගින් දියුණු විය හැක.

 

තුලා ලග්න හිමියෙක් වෛරෝඩි මැණිකක් පැලඳීමෙන් ඔහු හෝ ඇයට ධනය ගලා එන කාලයක් උදාකරගත හැක. ව්‍යාපාර ආදිය සාර්ථක වී අතමිට සරුවේ. හදිසි ධන ලාභ මතුකරන වකවානුවක් වනු ඇත. ඊට අමතරව මෙම ජන්මියාට පැවති සතුරු කරදර, ලෙඩ දුක් ආදිය සමනයකට පත්වන අතර හරි හම්බ කිරීමට තිබුණු දුෂ්කරතා ද මගහැරී යනුඇත. ආදායම් තත්ත්වය හොඳවී නිතර සතුටින් සිටීමට වරම් හිමිවේ.

 

වෘශ්චික ලග්න හිමියෙක් වෛරෝඩි මැණිකක් පැලඳීමෙන් ඔවුන්ගේ දරුවන්ගේ දියුණුව, අධ්‍යාපනය සාර්ථක වීම්, දරුඵල ප්‍රමාද වූවන්ට සහන උදාවීම් ආදිය සිදුවන අතර පෞරුෂ වර්ධනය ද නොවඩුව සිදුවේ. ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හා ආත්ම අභිමානයද නොවඩුව හිමිවන අයෙකි. ඊට අමතරව රැකීරක්ෂා දියුණුව, රැකියා උසස් වීම් හා එතෙක් පැවැති රැකියාවේ දුෂ්කරතා පහව යනු ද දැකිය හැක.

 

ධනු ලග්න හිමියෙක් වෛරෝඩියක් පැලඳීමෙන් ගේ දොර දියුණුව, යාන වාහන, වතුපිටි මිලදී ගැනීම් වැනි දේ සිදුවන අතර කුලී නිවැසියන්ට තමන්ගේම නිවසකට යෑමේ භාග්‍යද හිමිවනු ඇත. මෙම මැණික පැලඳීමෙන් අදාළ ජන්මියාගේ පෙර පිං පලදීම ද සිදුවේ. එනිසා බොහෝ සුභඵල අත්වනු දැකිය හැක. විදෙස්ගත වූවන්ටද, විදෙස්ගත වීමට බලාපොරොත්තුව සිටින අයට ද බොහෝ වාසි අත්වනු ඇත. විවාහ ජීවිතයේ ශාරීරික ගැටලු තිබූ යුවතිපතීන්ට ද එම ගැටලු නැතිවී විවාහ ජීවිතයේ සතුට උදාවනු ඇත.

 

මකර ලග්න හිමියෙක් වෛරෝඩියක් පැලඳීමෙන් ඔවුන්ගේ සහජ දක්ෂතා, සහජ කුසලතා ඔප්නැංවෙන අතර එම දක්ෂතාවලින් ප්‍රසිද්ධිය මෙන්ම මුදල් ද හිමිවෙනු ඇත. සහෝදර සහෝදරියන්ගේ සහයෝගය ද නොවඩුව ජන්මියාට හිමිවනු ඇත. මාරක අනතුරු, මාරක අපල දුරුවී සමනයකට පත්වනු ඇත. ලැබීම් වැඩිවන අතර ඉපයීම් ද වැඩිවනු ඇත. අතමිට සරුසාර කාලයක් උදාවනු නියතය.

 

කුම්භ ලග්න හිමියෙක් වෛරෝඩියක් පැලඳීමෙන් ධනය වර්ධනය වන අතර හදිසි ධන ලාභද හිමිවනු ඇත. ව්‍යාපාර සාර්ථකවී මිල මුදල් වලින් අතමිට සරුවී නිතර සිනහ මුසු මුහුණින් ප්‍රීතියෙන් කාලයගත කළ හැක. විවාහ ජීවිතයේ ඇති ප්‍රශ්න ගැටලු දුරුවී යන අතර දෙදෙනා අතර ආදරය, ගෞරවය ගොඩනැගීම සිදුවේ. විවාහ ප්‍රමාද වූවන්ටද විවාහ කඩිනම් වීම සිදුවේ. ඊට අමතරව රැකීරක්ෂා දියුණුව, උසස්වීම්, පඩි වැඩිවීම් ආදිය සිදුවන අතර ජන්මියාට කරදරයකින් තොරව සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව උදාවේ.

 

මීන ලග්න හිමියන් වෛරෝඩි මැණික් පැලඳීමෙන් පෞරුෂ වර්ධනය මෙන්ම ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය ද නිතැතින් වැඩිවනු ඇත. සතුරු කරදර, ලෙඩ දුක් ආදිය සමනය වී නිරෝගී සුවය ඇතිවනු ඇත. මෙම ජන්මියනට පෙර පිං මතුවන කාලයක් වේ. එනිසාම සුභඵල ඵලදීම පහසුවේ. ජන්මියාට බොහෝ සතුටින් කාලය ගතකිරීමට අවස්ථාව හිමිවනු ඇත.

 

ඔබත්, ඔබේ භාව කේන්ද්‍රයේ කේතු ග්‍රහයා බලවත්නම් පමණක් ඔබේ ලග්නයට වෛරෝඩිය පලඳින්න. එවිට ඔබට බොහෝ සුභඵල අත්වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk