Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ධර්ම මෝක්ෂ රජකරවන ග්‍රහයන්ගේ අරගලය

1 year ago 7 Min read
Subha.lk

සෑම විටම මිනිසා අපේක්ෂා කරනුයේ මිනිස් සහ අයිතිවාසිකම් සුරැකෙන ප්‍රජා සංවර්ධනයත් ජාතික ආරක්ෂාවත් සමස්ත ජනතාවගේ සදාචාරය ඔප්නැංවෙන විනයක් සහ පොදුවේ කාටත් එක හා සමාන වූ නීතියත් රාජ්‍ය පාලන තන්ත්‍රය මඟින් ලබා ගැනීමයි. මෙවැනි ක්‍රමයක් සැබෑ ලෝකයේ මිනිසාට පියවි ඇසින් දැකගත හැකිද? එසේනම් එය සිදුවන්නේ කෙසේද යන්න ජ්‍යොතිෂ සිද්ධාන්ත ඇසුරින් විග්‍රහ කිරීමට හැකිවේ.

 

පෘථග්ජන මිනිසාගේ ලෞකික ගති පැවැතුම් මිනිසාට උරුම වූ කාමය සහ ඥානය සමබර වීමෙන් ආරක්ෂා වීම පොදු ධර්මතාවකි. මෙම ධර්මතාව අර්ථ කාම ධර්ම සහ මෝක්ෂ යනුවෙන් කොටස් හතරකට බෙදා විග්‍රහ කෙරේ. මෙම ධර්මතාවන් සමානව පවත්වා ගැනීමෙන් මනුෂ්‍යත්වය හොඳින් පවත්වා ගැනීමට ඉඩ ලැබේ. එහෙත් රාග, ද්වේශ, මෝහ බහුල වීම නිසා අර්ථය සහ කාමය වැඩි වීමෙන් මිනිසාගේ පහත් ගති වර්ධනය වීම මිනිසා තුළින්ම නිර්මාණය වනු ඇත.

 

එනිසා සමාජය තුළ මනුෂ්‍යත්වයට එරෙහි වන්නන් වැඩිවීම නිරායාසයෙන්ම සිදුවේ. මේ අනුව සමස්ත සමාජයම පරිහානියට පත්වීම නොවැළැක්විය හැකි කරුණකි. මෙම තත්ත්වය සමබරව පවත්වා ගැනීමට ධර්ම සහ මෝක්ෂ න්‍යායන්ට අනුකූල වූ පාලන තන්ත්‍රයක් පැවැතිය යුතුය. එවැනි පාලනයක් සොබාදහමට අනුකූලව ගොඩනැඟිය යුතුය. එසේ නොවීමෙන් සමස්ත සමාජ පද්ධතියම බිඳවැටීමෙන් මිනිස් සංහතියම රජයට විරුද්ධව උද්ඝෝෂණ කිරීමට පෙලඹීම ලෝකායත ජ්‍යොතිෂයෙන් පැහැදිලි වේ. එනිසා එවැනි විපත්වලට මුහුණදීමේදී මේ සඳහා වැඩි බලපෑමක් ඇති කරන ග්‍රහයන් කෙරේ අවධානය යොමුකළ යුතුය.

 

ලෝකයේ සෑම අවස්ථාවකම භෞතික අංශ ලෝකයේ සෑම අවස්ථාවකම භෞතික අංශ වර්ධනය සඳහා සෘතු සහ බීජ නියාමයන් කෙරෙහි බලපවත්වන රවි ග්‍රහයාත් සඳු ග්‍රහයාත් පෘථිවි වස්තුවත් ගමන් කරන ආකාරය පරීක්ෂා කිරීම වැදගත් වේ. ස්වාභාවිකත්වයේ මානසික අංශයට බලපෑම් ඇති කරන චිත්ත සහ කර්ම න්‍යායන් සඳහා බලපාන බුධ, සිකුරු, කුජ, ගුරු සහ ශනි යන ග්‍රහයන්ගේ තත්කාල ගෝචරය විමර්ශනය කිරීමෙන් ලෝකායත පැවැතුම් වෙනස්වන පිළිවෙළ අවබෝධ කර ගැනීමට හැකිවේ.

 

වර්තමාන කාලය කලියුගයට අයත් වේ. මෙම යුගයේ ජීවත්වන මිනිසා යළිත් සත්ත්ව ගතිගුණ ආරෝපනය කර ගැනීමට පෙලැඹීමෙන් භෞතික දියුණුව උදෙසා ද්වේශ සහගතව ක්‍රියා කරයි. ස්වාභාවිකත්වය පිළිබඳ අවබෝධය නොලැබීම හේතුවෙන් වැරදි රාජ්‍යයන් බිහිකර ගැනීම පසුව එම රාජ්‍යයන්ට එරෙහිව නැගීසිටීම රාජ්‍ය නායකයන් පලවා හැරීමට උනන්දු වීම, එකිනෙකා අතර භේද නිර්මාණය කිරීම, රට රටවල් අතර යුද්ධ ඇතිවීම ආදී සියලුම කරුණු සඳහා විශ්ව ශක්තියේ විකාශනය වීම ග්‍රහයන්ගේ හැසිරීම තුළින් සිදුවේ.

 

වර්තමාන ලාංකේය ජනතාවද රාජ්‍ය පාලනයට එරෙහිව නැඟීසිටීමට බලපා ඇති ග්‍රහචාරය විමර්ශනය කිරීමෙන් මෙම තත්ත්වය හොඳින් අවබෝධ කර ගැනීමට හැකිය. මෙම කාලසීමාව තුළ ලංකා කේන්දරයෙහි ලග්නාධිපති වූ සෙනසුරු ග්‍රහයා වක්‍ර වී ලග්නයේ ගමන් කරයි. රාජ්‍ය කාරක රවි ග්‍රහයාත් ඥානකාරක බුධ ග්‍රහයාත් කේතු ග්‍රහයාගේ පස්වැනි දෘෂ්ටියත් කුජ ග්‍රහයාගේ සිවුවැනි දෘෂ්ටියත් ලබමින් පීඩා වී ගමන් කරනුයේ පස්වැනි භාවයේය. රාජ්‍ය බලය නිවේදනය කරන දහවැන්න අධිපති කුජ ග්‍රහයා වක්‍ර වී ස්වක්ෂේත්‍ර බලයෙන් සිටින නමුදු රාහු සහ යුරේනස් යන ග්‍රහයන්ගේ පීඩාවට හසුවේ.

 

රාජ්‍ය නායකයාගේ කේන්දරයට අනුව ඔහුගේ ලග්නාධිපති වන කුජ ග්‍රහයා මෙසේ පීඩාවට පත්වන්නේ සතුරු බලය ර්දනය කරන හයවැනි භාවයේය. මෙවැනි ග්‍රහ පිහිටීම්වලට අනුව ස්වාභාවික ධර්ම න්‍යායන්ට එරෙහිවීම සහ ආධ්‍යාත්මික ගති පැවැතුම් වර්ධනය නොකිරීමට ජනතාව සහ රාජ්‍ය පාලකයන් පෙලඹේ. එ නිසා මිනිසා තුළ පවතින සත්ත්ව ගති ඉස්මතු වීමෙන් වෛරය, ද්වේශය සාමූහික වශයෙන් රාජ්‍ය පාලනය වෙත එල්ලවීම මත රට තුළ මහජන කැලඹීම් උත්සන්න වනු ඇත. නීතියේ බලය වර්ධනය වීමත් පාලන තන්ත්‍රයට වඩා ජනතා කැමැත්තට අනුකූලව නීතියේ ක්‍රියාකාරිත්වය ස්වාභාවික ලෙස යුක්තිය ඉටු කිරීම සඳහා යොමුවීම සිදුවේ.

 

රටක් පාලනය කිරීමේදී පාලකයන්ගේ කේන්දරය තුළ ධර්ම සහ මෝක්ෂ ගුණයන් උත්පත්ති ග්‍රහ බලයේ නිර්මාණය නොවීමෙන් පෙලැඹවීම සහ රැවටිල්ලෙන් ලබාගත් තාවකාලික බලය ගිලිහී යෑම ස්වාභාවික ධර්මයේ අර්ථ සහ කාම න්‍යායන් අතරින්ම සිදුවන බව වර්තමාන ග්‍රහ ගෝචරයන්ගෙන් පෙන්නුම් කරයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk