සිරිකත කැන්දන සුභ නිවසක් හදන අයට මෙන්න ක්‍රමයක්
බොහෝ නිවාස පරීක්ෂාවන්ට ලක්කිරීමට උත්සාහ ගන්නේ එම නිවෙස්වල කුමන හෝ ගැටලුවක් පැවතීම තුළින් නිවැසියන්ට නොයෙක් දුක් කරදර පීඩා ධන හානි සිදුවීමට පටන් ගැනීම නිසාය. නමුත් සමහර නිවෙස්වල විශාල දෝෂ නොපැවතිය ද, එහි වසන නිවැසියන්ගේ හැසිරීම නිසා දෝෂ තත්ත්වයන්ට පත්වේ. මේ සම්බන්ධයෙන් වාස්තු විද්‍යාවේ පංච මහ දෝෂයන්ගෙන් පැමිණෙන එක් දෝෂයක් වන හැසිරීමේ දෝෂ පිළිබඳව මෙයට ප්‍රථමව දසමහර කරුණු මා විසින් පෙන්වාදී තිබුණි. නිවසක නොදැනුවත්කම නිසා කරන වැරදිවලින් වැඩි ප්‍රමාණයක් කරන්නේ එම ගෘහයේ බිරිඳ විසිනි. මේවා හිතාමතා දුරදිග බලා කරන දේවල් නොව නොදැනුවත්කම හා තැකීමක් නොකර සිදුකරන දේවල්ය. ඒ තුළින් සිදුවන්නේ නිවසට දේව ආකර්ෂණය නොලැබීමයි. නිවසකට ශ්‍රියාකාන්තාව වැඩීමට නම් එම නිවසේ සිදුකරන වැරදි ක්‍රියාවන් නතර කිරීමත්, ඒවායෙන් මිදීමත් කළ යුතුය. ඒවගේම පුරාණයේ සිට පැවත එන සමහර චාරිත්‍ර වාරිත්‍රවලට නිසි තැන ලබාදිය යුතුය. මෙයට වසර සිය ගණනක සිට කරන ලද චාරිත්රයකි ගමේ ආරච්චිලගේ, ප්‍රධානීන්ගේ ප්‍රධාන දොරට එළිය වැටී ආලෝකවත් වන ලෙස රාත්‍රියට පොල්තෙල් පහනක් එල්ලා තැබීම. පිත්තලින් සාදන ලද මෙම කුඩා පහන එල්ලීමට හැකිවන පරිදි සැකසූ නිසා ප්‍රධාන දොරත්ඒ අවටත් ආලෝකය පැතිරුණි. එය සතුන්ගෙන්, සොරුන්ගෙන්වන හානිවලින් ආරක්ෂාවීම සඳහාත් එල්ලා තබන්නට ඇති නමුත් ඒ තුළින් නිවසේ ප්‍රධාන ද්වාරය බලවත් වන ලදී. නිවසක ප්‍රධාන ද්වාරය හෙවත් මංගල උළුවස්ස එලෙස රාත්‍රි කාලයේ අඳුරටලක් නොවී දර්ශනය වීමෙන් එම නිවසේ ගෘහාධිපතියාගේ බලය, ධනය, සශ්‍රීකත්වය, වැඩිදියුණුවට පත්වේ. අඹුසැමි සමගිය ඇතිවේ. විවාහ ජීවිතය සාර්ථක වේ.
එසේ වන්නේ එම කරුණු නිවසක ප්‍රධාන ද්වාරය නියෝජනය කරන නිසාවෙනි. නමුත් වර්තමානයේ බොහෝ නිවාසවල ගෘහණියන් විදුලි බිල හේතුවෙන් නිවස අවට සියලු විදුලි බුබුළු නිවා දමා නින්දට යයි. නමුත් කුඩා විදුලි බල්බයක් හෝ නිවසේ ප්‍රධාන උළුවස්සට ආලෝකය පතිත වන ලෙස පවතීනම් එම නිවසේ බොහෝ වාස්තු දෝෂ නිදොස් වනු ඇත.
ඒවගේම නිවසක මිදුල අතුගාන විටදී නිවසේ මුහුණත දිශාවේ සිට පිටුපසට අතුගෑම කළ යුතුය. මලහිරු බැස යන මොහොතේ ද මිදුල අතුගෑම අශුභ වේ.
රාත්‍රි කාලයේ ආහාර පිසූ වළං පිඟන් ආදිය පසු දිනට සේදීමට සිතා සින්ක් එක තුළ ගොඩගසා තැබීම ඉතාම අශුභ වේ. රාත්‍රියේම ඒවා පිරිසිදු කර තැබීම කළ යුතුයි. එසේ නොකර දිනක් හෝ තැබීම නිසා ඒවා පිළුණුව දුගඳ හැමීම හා අශුභ සංඛ්‍යාතයන් වර්ධනය වීමට හේතු වේ.
අද කාලයේ නම් කළගෙඩිවලින් වතුර තබා ගැනීමක් නොකරන අතර ඉස්සර නම් වතුර කළගෙඩියක් නිවසේ මුළුතැන්ගෙය තුළ තබයි. එය ධනය ඉපැයීමට ශුභ වන අතර එම වතුර කළය එළියේ තැබීම ධනය පිරිහීමට හේතු වනු ඇත. අද බොහෝ විට සින්ක් එක ජල කරාම පවතින නිසා කළගෙඩි භාවිතයෙන් ඈත් වුණ ද ජල කරාමයේ ජල බිංදු ටක් ටක් යන ශබ්දයෙන් කාන්දුවීම පවතී නම් එය ඉක්මනින් පිළිසකරකර ගන්න එය ද නිවසේ ධන හානියට හේතුවකි.
නිවස ඇතුළත ඇඳන් උඩ පුටු උඩ දහදිය ගඳ සහිත අඳින ලද ඇඳුම් තබන්න එපා දහදිය ගඳට ප්‍රිය කරන සමහර ප්‍රේත කොටස්මේවාට ආකර්ෂණය වේ. නිවසක පිරිසිදුකම එම නිවසේ වාස්තු දෝෂ නිදෝෂ කිරීමට හොඳම ක්‍රියාමාර්ගයයි. නිවස ඇතුළතත් නිවස අවටත් හොඳින් පිරිසිදුව අතු පතු ගා, මකුළු දැල් කඩා දමා, මල් පෝච්චිවල මල් ගස් වවා තැබීමත්, ඇතුළත පිටත හැඩි නොකර, මිදුලේ බුලත් කෙළ ගැසීම, මුත්‍රා කිරීම ආදිය නිසා අපිරිසිදු වීමත් ඇතිකරන බල්ලන් හා බළලුන්ගේ කැතකුණු ඉවත් කර පිරිසිදුව තබාගැනීමත්නිවස අවට කුණු රොඩු පැරණි ආහාර කොටස් විසිකර මැසි මදුරුවන් බහුලව පැවතීමත් නිසා සෞඛ්‍ය ගැටලු මෙන්ම නොපෙනෙන දෝෂ, අශුභ ශක්තිීන් වර්ධනයට හේතු වන්නේය.
නිවසක්ඉදිකරන විටදී පොඩි බිම් කොටසක වුව ද උතුර හානැඟෙනහිර දිශාවන් මායිමේ බිත්තිවලට නොගෙන කුඩා ඉඩ ප්රමාණයක්හෝ තැබීම කළ යුතුයි. එසේම නිවසේ මුළු හතරට අයත් කෝණවල කිසිම ශාකයක් සිටුවීම නොකළ යුතුයි.
සමහර නිවෙස්වල තම ආගමික ශාස්තෲන්ගේ පිළිම, පිංතූර සෑම කාමරයකම වගේ තැබීම වේලාවක් අවේලාවක් නැතිව පහන් තැබීම නොකළ යුතුයි. එකම ස්ථානයක නිසි වේලාවට නිදහස්ව පිරිසිදු කාමරයක හෝ සාලයේ ඊශාන දිශාව නම් ගොඩක් හොඳයි. උතුර, නැඟෙනහිර දිශාත් වරදක් නොමැත. බුදු පිළිමය තබා ඊශාන දෙසට වන්දනා කරන ආකාරයට තබන්න. බුදු පිළිමයේ මුහුණ, නේත්‍රා නාන කාමරය, කුස්සිය හෝ අපද්‍රව්‍ය ඉහළ සිටපහළට ගමන් කරන නළ මාර්ගයකට දර්ශනය වන ලෙසට තබන්න එපා ඒවා අශුභ ගෙන දේ.
නිවස ඇතුළත නාන කාමරයේ දොර සෑමවිටම වසා තබන්න. අඳුරු ස්ථානයක පවතී නම් දීප්තිමත් ආලෝකය පවතින බල්බයක් දමන්න. එහි ඇතුළත කුඩා පෝච්චි මත සිටුවා ඇති කුඩා පතොක් ශාකයක් සහිත කුඩා බඳුනක් තබන්න නිතරම ඇතුළත සුවඳ හමන එයාර් ෆ්රෙෂ්නර් එකක්තබන්න.
මුළුතැන්ගෙය තුළ කිසිම දේව රූපයක්, මුහුණ බලන කණ්ණාඩි එල්ලීම නොකළ යුතු අතර ඉවුම් පිහුම් කරන අවස්ථාවලදී කෝපයෙන් අන් අයට දෝෂාරෝපණ කිරීම ද නොකළ යුතුයි.
නිවස තුළ ඇඳන් යට බඩුමුට්ටු දමා තබන්න එපා. එය නිතර අතුගෑමට හැකි වන පරිදි නිදහස්වතිබිය යුතුය. ඒ වගේම ඇඳන්යට වේයන් හුඹස් බඳිනවා නම් එය ද නිවසේ මූල්‍ය අර්බුදවලට හේතුවේ.
වාස්තු දෝෂ නිදෝෂ කිරීමට ශාකවලට මනා ශක්තියක් පවතී. ඉඩකඩ සහිත භූමියක ඇති වරකා ගස තුළින් එම භූමියේ පිහිටි නිවසට වාස්තු දෝෂවල බලපෑම අවම කිරීමට විමෝචනය කිරීමට හැකි වේ. ඒ වගේම ඔබගේ නිවස පිහිටි ගෙවත්තේ උතුරු දිශාවට කොහොඹ ශාකයක්, නැඟෙනහිර දිශාවට දේවදාර ශාකයක් නිවස ඉදිරිපිට දෙලුම් ශාකයක් නිවසේ නිරිත දිශාවේ බෙලි ශාකයක් ගේට්ටුව ආසන්නයේ සඳුන් ශාකයක් මල් පෝච්චියක හෝ සිටුවා සාත්තු කරන්න. කිසි විටෙක පතොක්, කටු වර්ග ඇති ශාක නිවස ඉදිරිපිට සිටුවන්න එපා.
කොතරම්නව නිවසක වුවද එම නිවසේ වහලය තෙමී බිත්තිවලට ජලය කාන්දුවන අවස්ථාවන් පවතී. එසේ පවතින වහලවල් ඉක්මනින් පිළිසකර කරගන්න නැතිනම් ඔබගේ ආර්ථිකය දුර්වල වීමට හේතු දේ. නිවසක මුළුතැන්ගෙයි පිටවීමේ දොරටු එකකට වඩා පවතී නම් එම නිවසේ මුදල්ඉතිරියක් නොවේ.
මුළුතැන්ගෙයි සිට ගබඩා කාමරයට, නාන කාමරයට, නිවසින් පිටතට දොරවල් වැඩි ප්‍රමාණයක් පැවතීම මෙයට හේතු වේ.
ඔබගේ නිවසේ සුරතල් මසුන්ගේ ටැංකියක් නිවස ඇතුළත පැවතීම ධනයට, සෞඛ්‍යයට හිතකර වුව ද දෛනිකව එම ජලය ඉවත් නොකිරීමෙන් ඇතිවන දුර්ගන්ධය නිසා නිවසේ ධන ශක්තීන් දුර්වලවේ. ඔබ රෝගී වේ.
නිවසේ එකතු කර තබන කුණු බඳුන නිතරම වසා තබන්න. එය විවෘතව පැවතීම මැස්සන් බෝවීමට වගේම එහි දුර්ගන්ධය ඔබ නිවස අක්‍රීය කිරීමට සමත්වනු ඇත. නිවසේ කාමරවල පිහිටි ඇඳන්වල උතුරු දිශාවට හිස දමා නිදාගැනීමෙන් හිසේ කැක්කුම, මානසික ආතතිය, අධික තරහා යෑම ඇති කරයි. උතුරේ පවතින චුම්භක ශක්තිය අධික වීමෙන් අපේ ලේ වල අඩංගු හිමොග්ලොබින් හි යකඩ සංයුතිය ඒ කෙරෙහි බලපානු ඇත.
මේ ආකාරයට අප විසින් නොදැනුවත්කම නිසාම කරගන්නා නොයෙක් වැරදි නිසා හටගන්නා දෝෂයන් කල්යත්ම ලොකු දෝෂ බවට පත්ව නිවසේ සක්‍රිය බව නැතිකර දමා අක්‍රිය වීමට හේතු දේ. එකම වරද කාලාන්තරයක් එක ලෙසටම කරගෙන යෑම නිසා ඇතිකරන අයහපත් බලපෑම ද යම් කාලසීමාවකදී ඔබගේ විනාශයට හේතු වනු ඇත. සැම විටම මූදේවිය නිවසින් පලවා හරිමින් ශ්‍රීදේවිය නිවසට කැන්දා ගැනීමට උත්සාහ කරන්න.