ජීවිතයේ බැඳීම් වැඩි කරවන ශෘංගාරාත්මක සංසිද්ධිය විවාහයයි
ජීවිතයේ වැඩිපුරම ලෞකිකත්වයක් දක්නට ලැබෙන්නේ විවාහයෙන්ය. නමුත් විවාහය කොටස් දෙකකි. එනම් ජීවිතය විඳීම සහ විඳවීමයි.
විශ්වාසය
වාසනාව
හඳුනා ගැනීම
යහපත් ජීවිතය
විවාහය යනු කුමක්දැයි ජ්‍යොතිෂ විද්‍යාත්මකව පහදන්නේ නම් කිසියම් ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්දෙදෙනෙකුගේ දින දර්ශනය වයස සළකා බලමු. විසි පොරොන්දම, දස පොරොන්දම, අෂ්ඨකූට පොරොන්දම, සුදර්ශන චක්‍රය, පාපාංශ චක්‍රය යනාදී කරුණු සියල්ල සළකා බලා මුළු ජීවිත කාලය තුළම කුටුම්භ ගත කරුණු වස්නෛතික හා සදාචාරාත්මක කරුණුද සළකා බලා සිදු කරන කායික හා මානසික ශෘංගාරාත්මක බන්ධනය විවාහයකි.
විවාහය පිළිබඳව 7 වැනි භාවය ප්රමුබව පරීක්ෂා කළ යුතු වන අතර 7 වැන්න භාවයක් ලෙස ඇලෙන ස්ථානයකි. ඇලීම කිසියම් හවුලකි. ඇලීම පහසු නැත. එලෙසම ලග්නය උපත නම් 7 වැන්න මරණයයි. එනම් මාරක ස්ථානයයි. මේ අනුව මෙම භාවය කලස්ත්රාන ලෙස හඳුන්වන කරුණු ත්‍රිත්වයක් මෙහිදී සළකා බැලිය යුතුය.
7 වන භාවයේ අධිපතියා හෙවත් භාවාධිපතියා
7 භාවයේ ලැඟුම් ගත් ග්‍රහයින් හා වැන්නට දෘෂ්ටි දෙන ග්‍රහයින් 3. විවාහකාරක සිකුරු ග්‍රහයාගේ තත්ත්වය මෙහිදි වැනි භාවයේ අධිපතියා රාශියෙන්, භාවයෙන්, දෘෂ්ටියෙන්, යෝගයෙන්, සංයෝගයෙන්, නැකතින් සහ ෂඩ් වර්ගයෙන්බලවත් නම් ලාඟුම් ගැනීම හා 7 වැන්නේ ලැඟුම් ගත් ග්‍රහයින් ඉහළ බලයකින් සිටීම මෙන්ම විවාහ කාරක සිකුරු ග්‍රහයා ජන්මපත්රයේ ඕනෑම භාවයක බලවත්ව සිටීම තුළ වෛවාහක ජීවිතය ප්‍රාමාණික වශයෙන්සාර්ථකත්වයක් ලැබේ.
ඒ ඒ ග්‍රහයින් කලත්‍ර භාවයේ ලැඟුම්ගැනීමේ ප්‍රතිඵල රවිග්රහයා 7 වැන්නේ නම් විවාහය රවි වියෝග කාරකයි. ඒ අනුව විවාහයට සුදුසු නැත. නමුත් එම රවි ග්‍රහයා සුවිශේෂී බලයක් සහිතව 7 වැන්නේ සිටින විට පෙර කී වියෝග කාරකබලය අවම වී විවාහ සැපත උදා කරයි.
රවි දුර්වලව 7 වැන්නේ සිටින විට නම් විවාහය පැවතුණත් විවාහය සැපත අහිමි වේ. කෙසේ නමුත් උච්ච රවි වෛවාහකයාගේ දැඩි සේ පාලනය කරයි.
සඳුග්‍රහයා 7 වැන්නේ නම් විවාහය
සඳුග්‍රහයා 7 වැන්නට ශුභයි. විවාහය ශුභයි. නමුත් පුර සඳු වීම තුළ විවාහය සාර්ථකයි. අව සඳු නම්කුටුම්භය සෙලවේ. කෙසේ නමුත් පුර චන්ද්‍ර වුවත් සතුරුව හෝ දුර්වලව සිටීම ශුභ නැත. අව චන්ද්රයාවුවත් බලවත්ව සිටීම ශූභයි.
කුජ ග්‍රහයා 7 වැන්නේ නම් විවාහය
කුජ යනු පහත් දේ ජනිත කිරීමයි. එනම් කුජ රහස් අවයවවල යම් යම් රසයන් ජනිත කරයි. රුධිරයට කාරකයි. ශක්තියට කාරකයි. මේ අනුව කුජ 7 වැන්නේ සිටින ස්ත්‍රීය හෝ පුරුෂයාට කුජ දෝෂයකි. ඉක්මන් විවාහයකට යොමු වේ. මෙහිදී දෙදෙනාගේම කුජ දෝෂ භංග කිරීමෙන් පවතින දෝෂ හරණය වේ.
බුධ ග්‍රහයා 7 වැන්නේ නම් විවාහය
7 වැන්න වැනි ශුභ භාවයකට බුධ ශුභ වුවත් විවාහයදී ස්ත්‍රීයකගේ හා පුරුෂයෙකුගේ තැන්පත්ගුණය සාපේක්ෂ වශයෙන් වැඩි කර දෙයි. එනම්විවාහය ඇතුළු සියලු කරුණු ශුභ වුවත් ප්‍රතිවිරුද්ධ ලිංගික සබඳතා සාපේක්ෂ වශයෙන් දුර්වල කරයි. නමුත් රාහු, කුජ, සිකුරු වැනි ග්රහයෙකු සමඟ යෝග වූ විට පෙරකී අශුභයන් පහවී සාර්ථකත්වයට පත්වේ.
ගුරුග්‍රහයා 7 වැන්නේ නම් විවාහය
ලිතේ 26 වෙනි පිටුවෙහි සඳහන් වන පරිදි “ගුරුර්විවාහේ” යනුවෙන් සඳහන් කර ඇත. එනම්ගුරු හෝරාව විවාහයට ශුභයි. මේ අනුව කිසියම්ධාර්මික සුබ ශාන්ත ආදර්ශමත් විවාහයක් කෙරෙහි 7 වැන්නේ ගුරු බලපායි. මේ අනුව කිසිදිනක වෙන් නොවන විවාහයක පෙරනිමිති පහළ වේ. තවද මැදි වයසේ දෙදෙනා ශෘංගාරාත්මක අංශය අතහැර දැහැමි දිවියකට යොමු වේ.
සිකුරුග්රහයා 7 වැන්නේ නම් විවාහය
විවාහකාරක සිකුරු ග්‍රහයා 7 වැන්නේ සිටීම විවාහයේ සාර්ථකත්වය ඇති කරයි. විවාහය ආදරණීයයි. වගකීම්, යුතුකම් මැනවින් ඉටු කරයි. හවුල් ව්‍යාපාර සාර්ථකයි. එලෙසම මොනයම් හෝ දෙයක් ආරක්ෂා නොකර තම මිතුරු මිතුරියන්ට උදව් කරයි. ඉතා හොඳ ශ්‍රවණයක් ඇත.
ශනිග්‍රහයා 7 වැන්නේ නම් විවාහය
සෙනසුරු ග්‍රහයා 7 වැන්නට දිග් බලයි. එනම් විවාහය දෙදරා නොයන තරම්ය. තවද ශනි 7 වැන්නේදී ලැබෙන ස්ත්‍රීය වයසින් වැඩිවීම හෝ තරමක් වයස්ගත වීමක් පෙන්වයි. එලෙසම ස්ත්‍රියක ලබන පුරුෂයා බාලවීම හෝ වයසින් වැඩිමල්වුවත් ලාබාල බවක් පෙන්වයි. එමෙන්ම පාරම්පරික දේපළ ලබන නූපන් ධනය ලැබෙනු ඇත.
රාහුග්‍රහයා 7 වැන්නේ නම් විවාහය
ජාති, ආගම්, කුලයන් යන කරුණින් පිටවි වාහයක් සිදු වේ. එමෙන්ම ප්‍රතිවිරුද්ධ ස්ත්රීයකු හෝ පුරුෂයා සමඟ පවතින බැඳීම දිගුකාලීනයි. දරුඵල බොහෝය. කෙසේ නමුත් 7 වැන්නට රාහු ශුභයෙකු නොවේ. නිවැරදි ආකාරයෙන් ජන්ම පත්රයන් නොගැලපේ නම් දෙදෙනා වෙන් වේ.
කේතුග්‍රහයා 7 වැන්නේ නම් විවාහය
කේතු ග්‍රහයා 7 වැන්නට ශුභයෙකු නොවේ. විවාහය හකුළුවයි. ධර්මයට යොමු වන බව සාපේක්ෂවශයෙන් ඉහළයි. එලෙසම කේන්ද්‍ර පරීක්ෂා කිරීම විවාහයක් සඳහා අනිවාර්ය වු කරුණකි. මොවුන්බොහෝ විට අවිවාහකව සිටියි.