නිවැරදි ග්‍රහ දෘෂ්ටි භාවිතයෙන් පලාඵල කථනය
කේන්දරයක නිවැරදි පලාඵල කථනයේදී ග්‍රහ දෘෂ්ටිවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කේන්දරය තුළ බැලූ බැල්මට නොපෙනෙන ප්‍රබල මෙන්ම දුබල ග්‍රහ පිහිටීම්ග්‍රහ දෘෂ්ටි අධ්‍යයනයෙන් මනාව දැකගත හැක. එම පිහිටීම් මගින්ජන්මියාට සුභඵල ලබාදෙන සුභයෝග මෙන්ම අශුභඵල ලබාදෙන අශුභ යෝගද නිර්මාණය වේ. ග්‍රහ දෘෂ්ටිබැලීමේදී බොහෝ ජ්‍යෝතිෂ රීති අනුගමනය කළ යුතු අතර ග්‍රහයාගේ අංශකය හා භාව කේන්දරය යොදාගැනීම අනිවාර්ය වේ. අප පවසන සියලු පලාඵල භාව කේන්දරය උපයෝගී කරගෙන පැවසිය යුතු බව ඍෂි මතයයි. එහිදී භාවය තුළ ග්‍රහයා සිටින අංශකය දැකගත හැකි බැවින් ප්‍රකාශ කරන පලාඵලය 100%ක්ම නිවැරදි වේ. අද සමාජයේ දළ රාශි කේන්දරයෙන් පලාඵල පැවසීමට ජ්‍යෝතිෂවේදීන් බොහෝ පිරිසක් යොමු වුවද එයින් ජ්‍යෝතිෂයට හිමිවනුයේ මහත් හානියකි.
උදාහරණයක්කිවහොත් ජන්මියා දවසේ කුමන වේලාවක ඉපදුණ ද එදින උදේ 6.00ට ඇති ග්‍රහස්ඵුට දළ රාශි කේන්දරය සඳහා යොදාගනී. එය කොතරම් වැරදි ක්‍රියාවක් දැයි ග්‍රහස්ඵුට සාදා බලන්නෙකුට වැටහෙනු ඇත. එපමණක් ද නොව රාශිය තුළ සිටින ග්‍රහයා භාවයෙන්වෙනස් වන අවස්ථා බොහෝය. එසේ වන්නේ රාශියක් 300ක් වුවද භාවයක් 300ට වැඩි හෝ අඩුවිය හැකි බැවිනි. තවද දළ රාශි කේන්දරයේ නොපෙනෙන භාව කේන්දරය තුළින් පමණක් දැකිය හැකි භව ගිලීම්ද පලාඵලකථනයේදී සැලකිලිමත් විය යුතුය. සරලව කිවහොත් දළ කේන්දරය හාභාව කේන්දරය යනු පුද්ගලයෙක් වාසය කරන ප්‍රධාන නගරය හා පුද්ගලයාගේ නිවස පිහිටි ගම්මානය මෙනි. එහිදී පුද්ගලයා ගැන නිවැරදි දත්ත ලබාගත හැකි වනුයේ පුද්ගලයා වෙසෙන ප්‍රධාන නගරයෙන්නොව පුද්ගලයාගේ නිවස පිහිටි ගම්මානයෙන්ය. ග්‍රහ දෘෂ්ටි සම්බන්ධව ලිවීමට ප්‍රථමව මෙම වැදගත් කරුණු ඉදිරිපත් කිරීමට හේතු වූයේ ග්‍රහ දෘෂ්ටිද බහුතරයක් ග්‍රහයාගේ අංශකය පදනම් කර ගනිමින් බැලිය යුතු බැවිනි. විශේෂයෙන් සායන දෘෂ්ටි හා පාද දෘෂ්ටිඑසේ බැලිය යුතුය.
ඍෂිවරු දේශනා කළ පරිදි පලාඵල ප්‍රකාශ කිරීමේදී භාව කේන්දරය පදනම්කර ගනිමින් පමණක් කළ යුතු බව සඳහන් ශ්ලෝක 3කි. එයින් එක් ශ්ලෝකයක් මෙසේය.
ජන්මප්‍රමාගේ ව්‍රත චංධචෞල
නෘපාභිෂෙකාදිනරග්‍රහෙෂු
ඒවංහිභාවාඃ පරිකල්පනීයං
සෛත්රෙචයො ගොත්ඵ ඵලානිය ශමොත්
දෘෂ්ටි සැලකීමේදී ජ්‍යෝතිෂයේ දෘෂ්ටි ගණනාවක් ඇත. ඒ පරාශර දෘෂ්ටි, ජෛමිනි දෘෂ්ටි, සායන දෘෂ්ටි හා තාජිත දෘෂ්ටි ලෙසය. මෙයින් පරාශර දෘෂ්ටි, පූර්ණ දෘෂ්ටි හා පාද දෘෂ්ටි ලෙස කොටස් තුනකට බෙදා දැක්වේ. මෙම පරාශර පූර්ණ දෘෂ්ටියේ රාහු කේතු ද ඇතුළත්ව සියලුම ග්‍රහයන්ගේ දෘෂ්ටි සඳහන් කර ඇත. ඒ අනුව රවි, ශනි හා සඳු යන ග්‍රහයන් තිදෙනා තමා සිටින තැනින් 3 වැන්න හා 10 වැන්නට පූර්ණව දෘෂ්ටි දෙන බවත් කුජ හා බුධ යන ග්‍රහයන් තමා සිටින තැනින් 4 වැන්න හා 8 වැන්න පූර්ණව දකින බවත් ගුරු හා ශුක්‍ර ග්‍රහයන් තමා සිටින තැනින් 9 වැන්න හා 5 වැන්න දකින බවත් රාහු හා කේතු තමා සිටින තැනින් 5 වැන්න, 9 වැන්න හා 12 වැන්න ආපස්සට දකින බවත් සඳහන්ය. සියලුම ග්‍රහයන් 7 වැන්නපාද දෘෂ්ටි ලෙස දකින බවත් සඳහන්ය. එයින් රවි, ශුක්‍ර, සඳු හා බුධ යන ග්‍රහයන්පමණක් 7 වැන්න පූර්ණ ලෙස දකින බව පරාශර ඍෂි මතයයි.
පූර්ණ දෘෂ්ටි හා රාහු, කේතු දෘෂ්ටි සඳහන් ශ්ලෝක මෙසේය.
පරාශර පූර්ණ දෘෂ්ටි ශ්ලෝකය
ත්‍රී දස රවිශනි චන්ද්‍රෝ
කුජබුධ චතුර් අෂ්ඨකං
ගුරුශුක්‍ර නවම් පංච
සප්තමංසර්වේ සදා
රාහුකේතු දෘෂ්ටි ශ්ලෝකය
සුතමදන නවානෙත්‍ය පූර්ණ දෘෂ්ටිඃසුරාරෙර්
යුගලදශම රාගෞ දෘෂ්ටි මාත්‍රාත්‍රයංර්හඃ
සහජරිප්‍ර චතුමේෂ්වෂට මෙවාර්ධි දෘෂ්ටිඃ
සථිතිභවන මුපානත්‍යං නෛව දෘශ්‍යංහි රාහොඃ
පරාශර ක්‍රමයේ පූර්ණ දෘෂ්ටි එතරම් සංකීර්ණ නොවුණ ද පාද දෘෂ්ටි සංකීර්ණය. තේරුම් ගැනීම ගුරු උපදේශ යටතේ කළ යුත්තකි. සරලව කිවහොත් පාද දෘෂ්ටි භාවිතයේදී රාශියක් හෝ භාවයක ප්‍රමාණය 4න් බෙදා එක්පාදයක ප්‍රමාණය ගතයුතු අතර අදාළ ග්‍රහයාගේ අංශකයද පදනම් කරගනිමින් දෘෂ්ටිය ඇද්දැයි ප්‍රකාශ කළ යුතුය.
උදාහරණයක්ලෙස ගුරු ග්‍රහයා තමාසිටින තැනින් 7 වැන්නේ පාද 2ක් පමණක් දකන බව සඳහන්ය. 7 වැන්නේ රාශිය හෝ භාවය 300ක්ලෙස ගනිමු. එය 4 න් බෙදූ විටඑක් පාදයක් 70 301 ක් ලෙස පැමිණේ. පාද දෙකක් යනු 150 කි. එසේ නම් ගුරු ග්‍රහයා දකිනුයේ 7 වැන්නේ 150 ක ප්‍රමාණයක්පමණි. යම් කිසි ග්‍රහයෙක් ගුරුගෙන් 7 වැන්නේ 200ක සිටියහොත් එම ග්‍රහයාව ගුරු නොදකී. පාද දෘෂ්ටි ඉතා වැදගත් වනුයේ එබැවිනි. පාද දෘෂ්ටි නොදන්නා අයෙකු ගුරුට සප්තමව සිටින ග්‍රහයාට සම්පූර්ණව ගුරු දෘෂ්ටි දේ යැයි පලාඵල ප්‍රකාශ කළ ද එසේ නොවන බව මෙයින් මොනවට විiාමාන වේ. පූර්ණ දෘෂ්ටි සඳහා මෙන්ම පාද දෘෂ්ටි සඳහා ද ශ්ලෝකයක් පරාශර ඍෂිතුමා විසින් දේශනා කර ඇත.
පරාශර පාද දෘෂ්ටි ශ්ලෝකය
ශනිපාදං ත්‍රිකොණෂු – චතුරස්‍රෙ ද්විපාදකම්
ත්‍රිපාදං සප්තමෙ විප්‍ර – ත්‍රිදශෙ පුර්ණමෙවහි
චතුරස්‍රෙ ගුරුඃ පාදං – සප්තමෙච ද්විපාදකම්
ත්‍රිපාදං ත්‍රිදෙශ විප්‍ර – පූර්ණං පශ්‍යති කොණහෙ
සවාතමේ පාද මේකංච – ද්විපාදං ත්‍රිදශෙ තුජඃ
ත්‍රි පාදංච ත්‍රිතොණෙෂු – පූර්ණංච චතුරස්‍රහෙ
ආන්‍යෙෂන ත්‍රිදශෙ පාදං – ද්විපාදං ච ත්‍රිකෝණහේ
චතුරස්‍රෙ ත්‍රිපාදංච – පූර්ණං පශ්‍යති සප්තමෙ
පරාශර ක්‍රමය මෙසේ වුවද ජෛමිනි ක්‍රමයෙද දෘෂ්ටි සඳහන්ව ඇත. ඒ ජෛමිනි දෘෂ්ටිවේ. ජෛමිනි දෘෂ්ටි චර රාශි, තිරරාශි හා උභය රාශියන රාශි පදනම් කර ගනිමින් සිදුකරයි. රාශි 12 චර, තිර, උභය ලෙස රාශි 3 කට වෙන්කර ඇත.
ඒ අනුව මේෂ, කටක, තුලා, මකර, චර රාශි ලෙසත්වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ තිර රාශි ලෙසත් මිථුන, කන්‍යා, ධනු, මීන උභය රාශි ලෙසත් දැක්වේ.
මෙයින්සෑම චර රාශියක්ම තමාට ආසන්නම තිර රාශිය හැර අනෙක් සියලුම තිර රාශි දකී. එමෙන්ම සෑම තිර රාශියකටම තමාට ආසන්නම චර රාශිය හැර අනෙක් චර රාශි දකී. අවසන් වශයෙන් සෑම උභය රාශියකටම සෑම උභය රාශියක්ම දකී. මෙම ජෛමිනි දෘෂ්ටි ගැනීමේදී ආසන්න රාශිය දෙපසටම ගතයුතු බවද තරයේ මතක තබාගත යුතුයි. මෙය ආධුනිකයෙකුට තේරුම් ගැනීමට අපහසු සිද්ධාන්තයක් වුවද හැකි උපරිමයෙන් මෙය තේරුම් ගැනීම සඳහා උදාහරණයක් සලකමු. මේ සඳහා මේෂලග්න හිමියෙක්ගේ ජන්ම පත්‍රයක් සලකමු. මේෂ රාශිය චර රාශියක් බැවින්මේෂයට ආසන්න තිර රාශිය වන වෘෂභය හැරඅනෙක් සියලුම තිර රාශි දකී. එනම් සිංහ රාශිය, වෘශ්චික රාශිය හා කුම්භ රාශියදකී.
තිර රාශියක් වන වෘෂභය තමාට ආසන්න චර රාශියක් වන මේෂය හැර අනෙකුත් චර රාශි දකී. ඒ අනුව කටක රාශිය, තුලා රාශිය හා මකර රාශිය දකී.
මිථුනය වන උභය රාශිය සියලුම උභය රාශි දකී. එනම් කන්‍යා රාශිය, ධනුරාශිය හා මීන රාශිය දකී.
මේ සඳහා ජෛමිනි ඍෂි තුමා දේශනා කළ ශ්ලෝකයද වේ. ඒ මෙසේය.
ජෛමිනිදෘෂ්ටි ශ්ලෝකය
චරංධනං විනා ස්ථාස්ත්‍රං – ස්ථිරමන්ත්‍යං විනාචරම්,
යුගමංසේවන විනා යුග්මං – පශ්‍යනති ත්‍යාමාගමඃ
සායන දෘෂ්ටි ද ජ්‍යොතිෂයේ බහුලව භාවිතා වන තවත් දෘෂ්ටි විශේෂයකි. මෙහිදී ද ග්‍රහයා සිටින අංශකය අනිවාර්යයෙන්ම සැලකීමට ගත යුතුයි. සායන දෘෂ්ටි, සප්තම දෘෂ්ටි, ත්‍රිකෝණ දෘෂ්ටි, චතුරස්‍ර දෘෂ්ටි, ෂඩ්කෝණ දෘෂ්ටි, අර්ධ ෂඩ් කෝණ දෘෂ්ටි හා අර්ධ චාතුරස්‍ර දෘෂ්ටි ලෙස ගණනාවකි. 1800 දෘෂ්ටිය සප්තම දෘෂ්ටිය ලෙසත්, 1200 දෘෂ්ටිය ත්‍රිකෝණ දෘෂ්ටිය ලෙසත්, 900 චතුරස්‍ර දෘෂ්ටිය ලෙසත් 600 ෂඩ් කෝණ දෘෂ්ටිය ලෙසත් 450 අර්ධ චතුරස්‍ර දෘෂ්ටිය ලෙසත් 300 අර්ධ ෂඩ් කෝණ දෘෂ්ටිය ලෙසත් සඳහන් වේ. මෙයින් චතුරස්‍ර දෘෂ්ටිය හා අර්ධ චතුරස්‍ර දෘෂ්ටිය අශුභවන අතර, ත්‍රිකෝණ, ෂඩ්කෝණ හා අර්ධ ෂඩ්කෝණ දෘෂ්ටි ශුභ දෘෂ්ටි වන බවත් සප්තම දෘෂ්ටිය පමණක් ශුභ අශුභ මිශ්‍ර දෘෂ්ටියක් වනබවත් පිළිගැනේ.
මෙම සායන දෘෂ්ටින් හි දෘෂ්ටි ආරම්භයත්, දෘෂ්ටි මධ්‍යයත් හා දෘෂ්ටි අවසානයත්ඇත. එය
ගැනීම සඳහා ග්‍රහයන්ගේ රශ්මි වළලු සැලකීම කළ යුතුය. උදාහරණයක්ලෙස සප්තම දෘෂ්ටියෙ මධ්‍ය 1800 ක් වන අතර සප්තම දෘෂ්ටිය ආරම්භ වන්නේ 1720 දීය. දෘෂ්ටිය අවසන් වන්නේ 1880 දීය. ඒ නිසා ග්‍රහයාගේ අංශකය මෙන්ම භාවයේ ප්‍රමාණයද සැලකීමට ගෙන දෘෂ්ටි බැලිය යුතුය. ග්‍රහයින් දෙදෙනෙකු සප්තමව සිටි විට සප්තම දෘෂ්ටිය නිවැරදිවම තිබේ දැයි බැලීම අංශකය පදනම් කරගෙන කළ යුතුයි. මෙම අගයන්ද, සාමාන්‍ය ග්‍රහයන්ගේ රශ්මි වළලු, රවිගේ හා සඳුගේ රශ්මි වළලු අනුව වෙනස් වේ. පරාශර හා ජෛමිනි දෘෂ්ටියම් මට්ටමකින් හෝ පැහැදිලි කළද සායන දෘෂ්ටි පැහැදිලි කිරීම අති සංකීර්ණ ක්‍රියාවකි. ඒ සඳහා පාඩම් ගණනාවක් විග්‍රහ කළ යුතුවේ. එය ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බවද කිව යුතුය.
කෙසේ වෙතත් මෙම කුමන ක්‍රමයක් භාවිතාකර දෘෂ්ටි බැලුවද පවසන පලාඵලය එකක් විය යුතුයි. උදාහරණයක් ලෙස යම් ජන්ම පත්‍රයකට පරාශර ක්‍රමයෙන් කියන පලාඵලය ජෛමිනි ක්‍රමයෙන් හා සායන ක්‍රමයෙන් තියන පලාඵලයන්ට 100%යක් සමාන විය යුතුයි. එසේ නොවේ නම් එය ඍෂිවරු දේශනාකළ දෘෂ්ටිවල දෝෂයක් නොව ජ්‍යොතිෂවේදියාගේ හෝ ජ්‍යොතිෂවේදිනියගේ දැනුමේ දෝෂයකි.
අවසාන ලෙස තාජිත දෘෂ්ටි සලකමු. මෙය වර්ෂඵල කේන්දරයේ දෘෂ්ටි බැලීම සඳහා යොදා ගනී. වර්ෂඵල කේන්දරයේ ග්‍රහයින් දෙදෙනෙක්ත්‍රිකෝණ ගතවීම ඉතා මිත්‍ර දෘෂ්ටිය ලෙසත්, ග්‍රහයින් දෙදෙනෙක් 3 හා 11 සිටීම රහස් ප්‍රේම දෘෂ්ටිය ලෙසත්, ග්‍රහයින් දෙදෙනෙක්එකට හෝ සප්තමව සිටීම විවෘත සතුරන් දෘෂ්ටිය ලෙසත්, ග්‍රහයින් දෙදෙනෙක් 4 හා 10 සිටීමෙන් රහසිගත සතුරන් දෘෂ්ටිය ලෙසත් සැලකේ. මෙම දෘෂ්ටි භාවිතා කර පලාඵල කීමට නම් වර්ෂඵල කේන්දර පාඩම ගුරු උපදේශ යටතේ හදාරා අදාළ සංවත්සරයට වර්ෂ ඵල කේන්දරය සෑදීමට හැකිවිය යුතුයි. එසේ වර්ෂ ඵල කේන්දරය සාදා එම කේන්දරයේ පිහිටිග්‍රහ පිහිටීම්වලට තාජිත දෘෂ්ටි භාවිතයෙන් පලාඵල කිව යුතුය.
ඉහත සියලු කරුණු කාරණා කැටිකොට ගත් විට දෘෂ්ටි යනු ජ්‍යෝතිෂයේ හදවත බඳු කොටසකි. දෘෂ්ටි භාවිතයකින් තොරව කේන්දර පරීක්ෂාවන් කළ නොහැක. ඒ නිසා දෘෂ්ටි වර්ග පිළිබඳවත්, දෘෂ්ටි පරීක්ෂා කරන ආකාරය පිළිබඳවත් ජ්‍යෝතිෂවේදියා තුළ හසල දැනුමක් තිබිය යුතුයි. දැනුම ලබාගැනීමට බොහෝ ක්‍රම තිබුණද නිවැරදි හා ඍෂි දේශනයවන්නේ ගුරු උපදේශ යටතේ ඉගෙනීමයි. ගුරු උපදේශවලින් තොර ශාස්ත්‍රය පිහිටන්නේ නැත ලෙසද ඍෂිවරු දේශනා කළ ශ්ලෝකයක් දවේ. එය මා මෙම ලිපියේ අවසානයට යොදා ගත්තේ මෙම ලිපිය කියවන අඩු දැනුමෙන් යුත් ජ්‍යෝතිෂවේදීන් හා ජ්‍යෝතිෂය ඉගෙන ගන්නා ආධුනිකයන්ට අවබෝධයට මෙම ලිපිය බැරෑරුම් මෙන්ම දුෂ්කර ලිපියක් වන නිසාය.
ශෂීහිනං යථා රාත්‍රී
රවිහීනං යථා දිනම්
ෆ්‍රප හීනං යථාරාජ්‍යං
ගුරුහීනංච ශාස්ත්‍රනම්