Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සුරතල් දරුවකුගේ බිහිවීම නවතා දමන නිවසක වාස්තු දෝෂ

3 weeks ago 7 Min read
Subha.lk

නිවසක නිරිත දිශාව නිවසේ අත්තිවාරමෙන් ශුන්‍යව පැවතීම, නිරිත පහත් වීම, ප්‍රධාන ද්වාරය දකුණු උළුවස්ස නිරිත කෙළවර පැවතීම, බස්නාහිර පහත්ව පැවතීම ද දරුවකුගේ සිහිනය සිහිනයක් බවටම පත්කරයි. නිරිත දිශාව නිරිත දිශාවේ කාමරය වාස්තු විද්‍යාවේ සඳහන් වන්නේ ධනය තැන්පත් කිරීම හා අනාගත පරපුර යාවත්කාලීන කෙරෙන ස්ථානය ලෙසය. එම නිසා නිවස ප්‍රධාන නිදන කාමරය හැර කුමන දේ එම නිවසෙහි පැවතුණ ද එම නිවස තුළ ඉදිරි පරපුරක් ඇති නොවන බොහෝ හේතුන්වලට ප්‍රධානම සාධකයක්වනු ඇත.

“අපි කියපු දේ අහන්නේ නැතිවම දැයි කසාදයක් කරගත්තා දැන් බැඳලා අවුරුදු කීයක්ද දරු පැටියෙක් අපි මැරෙන්න කලින් දැකගන්න හම්බ වෙන්නේ නෑ”

 

“ඒක තමයි මහත්තයා අපිට අර දේවාලෙනුත් කීවානේලේලිට ඉස්සර ඉඳන් තිබෙන දෝෂයක් නිසා දරුඵල ලැබෙන්නේ නෑ කියලා”

 

“ඒත්ඉතින් හාමිනේ අපි කොච්චර නම් වියදම් කරලා ඒකට ඕනෑ දේවල් හැමදේම කළානේ”

 

සුරතල්දරුවකුගේ බිහිවීම නවතා දමන නිවසක වාස්තු දෝෂ

“මේ ගෑනිගේ කරුමේ… වඳ ගෑනියක් අපේ එකා රැවටිලා උස්සගෙන ආවා. දැන් ඉතින් මුගෙං පස්සේ මේ තියෙන ඉඩකඩම්වතුපිටි රටේ එව්න්ට තමයි” තම පුතාගේ බිරිඳට, තම දියණියට, දරුවකු ලැබෙනතුරු බොහෝ වැඩිහිටි දෙමාපියන් කනස්සල්ලෙන් පසුවේ. ඒ තමන් මියයෑමට පෙර දරු මුනබුරකුව දැකගැනීමට ඇති කැමැත්ත නිසායි.

 

ජන්මපත්‍රයේ දරුඵල ගැන සඳහන් වන්නේ 5 වන භාවය තුළයි. 5 වැන්න, 5 අධිපති හා තාරක ගුරු කෙරෙහි හා බාධක ග්‍රහයන් වන ශනි, කේතු, 6 වැන්න හා තේජෝ ග්‍රහයන්, රාශි ගැන ද වගේම ස්ත්‍රී කේන්ද්‍රයක සඳු හා පුරුෂ කේන්ද්‍රයේ සිකුරු ගැන ද බැලිය යුතුවේ. මේ ආකාරයට මේ මතම ද තීරණගත නොහැක. කෙසේ වුවද ජන්ම පත්‍රයේ මෙන්ම වෛද්‍ය විද්‍යාව නිගමනයන් මතත් විවාහ යුවළකට දරුඵල ගැටලුව සම්බන්ධයෙන් පීඩාවක් බාධාවක් නොමැතිනම් ඔවුන් දෙපළට අනිවාර්යෙන්ම දරු සම්පත හිමිය. එසේ නම් සිදුකළ යුත්තේ ශාස්ත්‍ර කරුවන, අංජනම්කරුවන් පසු පස යෑම නොව තමන් ජීවත්වන භූමිය හා නිවස සම්බන්ධයෙන්වාස්තු විද්‍යාත්මක දෝෂ පවතී ද යන්න පිළිබඳව සොයා බැලිමය. නිවසක පවතින වාස්තු දෝෂ තත්ත්වයන්ගේ බලවත්වීම මත එම නිවසේඅඹු-සැමියන්හට දරු සුරතල් බැලීමට නොහැකි වේවි. මේ තත්ත්වයට පත්වුණුබොහෝ නිවාස පරීක්ෂාවලදී ඒ වගේ තත්ත්වයන්ට පත්වූ අඹු-සැමියන් පදිංචි නිවෙස් පරීක්ෂා කිරීමේදී පොදුවේ පැවති කරුණු කීපයක් සම්බන්ධයෙන් මම පැහැදිලි කිරීමක්කරන්නෙමි. මෙවැනි දෝෂ ඉවත්කිරීමෙන් පසුව එම තත්ත්වයන් ඉවත්වී ඔවුන්ට දරු සුරතල් විඳීමේ හැකියාව ද ලැබුණු බව සතුටින් ප්‍රකාශ කරන්නෙමි.

 

යම්භූමියක නිවසක් ඉදිකිරීමට ප්‍රථම එම භූමිය සම්බන්ධයෙන් වාස්තු පරීක්ෂාවක් කරගත යුතුයි. තමන්ගේ අනාගත පරම්පරාවක් ඇතිවීමට මෙම භූමියේ ඉදිකරන වාසස්ථානය කොතරම් සුදුසු ද යන්න අනාගතයේ එවැනි නිවසක සතුටින් ජීවත්වීමේ පරිසරය පවතී ද යන්න සොයාබැලීම කළ යුතුයි. ප්‍රධාන වශයෙන් මෙහිදී භූමියේ දෝෂ ඇසට පෙනෙන හා පියවි ඇසට නොපෙනෙන අයුරින් පවතී. පෙනෙන දෝෂ අතර ගත් කල වාස්තු රතනාවලියේ පේනවා දෙන අන්දමට නැඟෙනහිර, ගිනිකොන, ඊශාන දිසා උස් වී බටහිර පහත්වුණුභූමි දෛත්‍යපෘෂ්ඨ ලක්ෂණ භූමි ලෙස පෙන්වා දේ. මෙවැනි භූමියක නිවසක් ඉදිකිරීමෙන් ධන, ධාන්‍ය හා දරුසම්පත අහිමිවීමටත් දුලබ වීමට හේතු ගෙන දේ. ඒ වගේම නාග පෘෂ්ඨ භූමි හෙවත් නැඟෙනිහිර, බටහිර දිශා දීර්ඝ වී උතුර – දකුණුදිශා උස්වේ ද එවැනි බිම්වලදරු ගැබ්වලට හානිදේ. දරු සම්පත අහිමිකරයි. ඒ වගේම සමහරභූමිවල පවතින හැඩයන් ද එම භූමියේඉදිකෙරෙන ගෘහයේ අඹු-සැමියන්ගේ දරුඵල සිහිනය බොඳ කෙරනු ඇත. එවැනි හැඩ නම් පොරවක හැඩය ගත් පොරව හැඩ භූමි, ත්‍රිකෝනයක හැඩයගත් ත්‍රිකොණ භූමිබෘහත් භූමි දිග පැත්තේ ඉදිරි කොටස් දෙක දෙපැත්තට විහිදී පහළ කොටස් දෙපැත්තේ කෙළින් පවතින භූමි. විෂම ආකාරයට වැටවල් පවතින භූමියි. නොපෙනෙන දෝෂ නම් එම භූමිවලට අරක්ගත්ඇල්ම් බැල්ම පවතින ඥාති බලවේගයන් බලවත් වීමයි. යම් නිවසක උතුරු දිශාව, නැඟෙනහිර දිශාව මෙන්ම ඊශාන දිශාවට ද යන්න දිශාවන්අන්ධ බිත්ති (blද්‍යnd walls) පවතීනම් එම නිවසට විශ්වශක්තිය, ආලෝකය ගලා ඒම සිදුවන්නේ නැතිතරම්ය. ආලෝකය පැමිණීමට කිසිදු ජනෙල් දොරක් නොමැති මෙම වර්ගයේ නිවාසවල ආලෝකය වෙනුවට අඳුර පවතී. ශුභ ශක්තීන් නිවසට ඇදී ඒමක් නොමැති නිසා අශුභ ශක්තීන් වර්ධනය වීමත් එම අශුභ ශක්තීන්ගෙන්නොපෙනෙන අමනුෂ්‍ය දෝෂ ඇතිවීමක් මත දරුවෙක් බිහිවීමට පරිසරයක් හිමිවන්නේ නැත.

 

ඒවගේම වර්තමානයේ නිවාස ඉදිකිරීමේ දී උළුවහු ලෙසම ජනෙල් ද බිම සිටතබා නිවස ඇතුළත දැඩි ආලොකතාවයක් පැවැතීම ද එම නිවසේදරු සම්පත් දරුවකු පිළිසිඳ ගැනීමේ ප්‍රවණතාවය අඩුවේ. නිවසක ඊශාන දිශාව යනු විශ්ව ශක්තිය නිවසට ඇදී එන දිශාව වේ. සමහරු මෙයට කියන්නේ දේව ආකර්ෂණය නිවසට පැමිණීම ලෙසයි. ඉතාම පාරිශුද්ධ මෙම දිශාව තුළ නිවසක පවතින කාමරය මුළුතැන් ගෙයකට, වාහනය ගාල් කරන ස්ථානයක් ලෙස භාවිතා කිරීම අශුභය. මෙය ඉන්දියාවේ නිවාසවල නම් පූජා කාමරය ලෙස නම් කර ඇත. මෙයතම තමන්ගේ ශාස්තෘන් උදෙසා පූජා කටයුතු, භාවනා කටයුතුවලට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු, පුස්තකාල වගේ දේ සඳහා භාවිතකිරීමට සුදුසු අතර බර අධික උසින්වැඩි ගෘහ භාණ්ඩ තැබීම ද මෙහි නොතැබිය යුතුවා සේම අලුත විවාහක යුවළක් ප්‍රධාන නිදනකාමරය වශයෙන් ද පවත්වාගෙන යානොතිබිය යුතුය. මෙම කාමරය නිවසින් එළියට පන්නා නොතිබිය යුතුය. මෙලෙස ඊශාන දිශාව පවත්වා ගැනීම තුළින් එම නිවසේ දරුවකු ජනිත වීමේ ප්‍රවණතාවය අහිමිකරනු ලබන සාධකයක් බවට පත් වේ. ඒ අතරම නිවසක ගිනිකොන දිශාව තුළ පිහිටි කාමරය ප්‍රධාන නිදනකාමරය වශයෙන් තෝරාගෙන අඹු-සැමියන් එහි වාසය කිරීමත් ගිනිකොන දිශාවේ වැසිකිළි වළ, ළිඳ, පැවතීමත් දරු සම්පත් අහිමි වීමට බලපායි.

 

නිවසක නිරිත දිශාව නිවසේ අත්තිවාරමෙන් ශුන්‍යව පැවතීම, නිරිත පහත් වීම, ප්‍රධාන ද්වාරය දකුණු උළුවස්ස නිරිත කෙළවර පැවතීම, බස්නාහිර පහත්ව පැවතීම ද දරුවකුගේ සිහිනය සිහිනයක් බවටම පත්කරයි. නිරිත දිශාව නිරිත දිශාවේ කාමරය වාස්තු විද්‍යාවේ සඳහන් වන්නේ ධනය තැන්පත් කිරීම හා අනාගත පරපුර යාවත්කාලීන කෙරෙන ස්ථානය ලෙසය. එම නිසා නිවස ප්‍රධාන නිදන කාමරය හැර කුමන දේ එම නිවසෙහි පැවතුණ ද එම නිවසතුළ ඉදිරි පරපුරක් ඇති නොවන බොහෝ හේතුන්වලට ප්‍රධානම සාධකයක්වනු ඇත. අඹු-සැමියන්ගේ නිදන කාමරයට ඉහළින් හෝ පහළින් මුළුතැන්ගෙය, නාන කාමරය පිහිටා තිබීම බොහෝ දෙමහල් නිවාසවල දක්නට ඇත. යට තට්ටුවට උඩින්නාන කාමරය, මුළුතැන්ගෙය පැවතීමත් එම කාමරය තුළවාසය කරන අයට දරු සම්පත අහිමි වීමට හේතු වේ.

 

නිවසක වහලය පරීක්ෂා කිරීමේදී දෙපැත්තේ පිහිටි පීතෘ බිත්ති පුපුරා මැද පිහිටි මුදුන් යටලීය පහත් වීමද දෙපැත්ත උස්ව වහලය පිහිටා මැද පහත්වන ආකාරයට අලංකාරය පිණිස සකස්කර පැවතීම තුළින් ද එම නිවසේ වෙසෙන අඹු-සැමියන්ට දරු සුරතල් බැලීමේ අවස්ථාව අහිමි කරනු ඇත. ප්‍රධාන උළුවස්ස තැබීමේදී ක්‍රම කීපයකට තබන අතර එය 9න් හා 8න්බෙදා තැබීම කරන අතර ඒ අනුව දෙවන පාදය පර්ජන පාදය ලෙස නම් කර ඇත. මෙම පර්ජන පාදය තුළ ප්‍රධාන උළුවස්ස තබා ඇති නිවෙස්වලට දරු සම්පත් අහිමි වීමට හේතු දේ. ඒ අතර මහල්නිවාසවල පදිංචි අයගේ එම මහල් නිවාසයේ තරප්පු පේළිය යට, වැසිකිළි යට, කාමර පිහිටි එම කාමරවල වෙසෙන අයගේ දරුඵල ද අහිමි වනුඇත. තවත් ප්‍රධාන සාධක වශයෙන් නිවෙස්වල දරු පැටියකු දැක බලා ගැනීමට පවතින ඉඩකඩ අහිමිකරන දේවල් හැටියට නිවසක ගිනිකොන දිශාව හෙවත් අග්නි කෝනය අවහිර කිරීමෙන් කරන ඉදිකිරීම්, නිවසේ මිදුලේ කොන් උස්වීම ද ප්‍රධාන සාධකයක් ලෙස ගත හැක.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk