ඔබටත් ලොතරැයි වාසනා හිමිද?
ලොතරැයි වාසනා හදිසි ධන වාසනා ඇතිවන්නේ ජන්මියෙක් උපත ලබනවිට එම ජන්මියා පෙරභවයේ සිදුකරගෙන එන කුසල් අනුවයි. අද සමාජයේ සුළු පිරිසක් සුපිරි ධනවතුන් වී සිටිය දී විශාල පිරිසක් දුගී දුප්පත්කමින් මිරිකී සිටින අතර මෙයට ප්‍රධානම හේතුව ගිය ආත්මයේ අප කරන ලද කුසල් අකුසල් වෙයි. ඔබේ කේන්දරයේ ලොතරැයි වාසනා හෝ හදිසි ධන වාසනා ඇත්ද යන්න ස්වයං අධ්‍යයනයක් කර ගැනීමට දැන්ඔබටත් පුළුවන්.
අප කේන්ද්‍රයේ රාශි දොළහක් තිබුණ ද ධනය ගැන පෙන්නුම් කරන්නේ දෙවැන්නේ සහ එකොළොස්වැන්න රාශිවලයි. කේන්ද්‍රයේ දෙවැන්නාධිපති හා එකොළොස්වැන්නාධිපති තම ස්ථාන මාරු කරගෙන සිටින සුවිශේෂී ධනයෝගයකි. මේෂ ලග්න හිමියෙකුගේ කේන්ද්‍රයේ දෙවැන්න අධිපති සිකුරුය. එකොළොස්වැන්න අධිපති සෙනසුරුය.
නිග්රහයන් දෙදෙනාගෙන් දෙවැන්නේ සෙනසුරුත් එකොළොස් වැන්නේ සිකුරු සිටීම ඉතා යහපත් ධන යෝගයක් වේ. මේ ලොතරැයි වාසනාවලට ද හේතු වනු ඇත. එපමණක් නොව, මෙම ස්ථානාධිපති බලවත් ශුභ දෘෂ්ටි හිතවත්ව සිටීමත් ධනවත් වීමේ ග්‍රහ පිහිටීමක්වනු ඇත. තත්කාල කේන්ද්‍රයේ දෙවැන්න අධිපති හා ලග්නාධිපති අතර පරිවර්තන යෝගයක් තිබීම ද ධනවත් වීමේ භාග්‍ය ඇතිවන පිහිටීමක්වනු ඇත. එයින් හදිසි ධන ලාභ ලොතරැයි වාසනා ඇතිවීමට හේතුවේ. තවද සඳු බලවත් වීමත් ධන වාසනාවක් බව හඳුනාගත යුතුය. එසේනම්, සඳු බලවත් වන්නේ ස්වක්ෂේත්රව කටක රාශියේ සිටීම හෝ සඳ උච්චව වෘෂභ රාශියේ සිටීමයි. තත්කාල කේන්ද්‍රයේ රවි,රාහු,ගුරු බලවත් එකොළොස්වැන්නේ සිටීම ද හදිසි ධනලාභවලට හේතුවේ. එම පිහිටිම සූදුවෙන්ජය ලබන පිහිටීමක් වනු ඇත. එයට ද ලොතරැයි වාසනාව හිමිවේ. ඔබට හදිසි ධන වාසනාවක් ඇත්ද යන්න දැන ගැනීමට ලග්නාධිපති දෙවැන්නාධිපති ගුරු ග්‍රහයා සමග සංයෝගව තත්කාල කේන්ද්‍රයේ දෙවැන්නේ, ලග්නයේ දසවැන්නේ හතරවැන්නේ, හත්වැන්නේ, එකොළොස්වැන්නේ පිහිටීමයි. රවි සඳු දෙදෙනා යහපත් රාශීවල හා භාවවල සිටිමින්ඔවුන්නොවුන්ගේ ත්රිකෝණවීම දධනයට පමණක් නොව, ගෞරව සම්මාන ලැබීමට හා හදිසි ධනලාභවලට හේතුවනු ඇත. ඉතින් එම පිහිටීම ද ලොතරැයි වාසනාවලට අයත් වේ.
ඉහත දැක්වූයේ ධනවත් වන ග්‍රහ පිහිටීම්වලින් කොටසක් පමණි. මේ ආකාරයට ඔබගේකේන්ද්රය හා සසඳාබලා හදිසි ලොතරැයි වාසනා ඔබට ඇති ද යන්න තීරණයකර ගැනීම යහපත් වනු ඇත.