Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රූමත් බිරිඳ සැමියාට වාජීකරණ ඖෂධයකි

2 weeks ago 7 Min read
Subha.lk

ගැහැනියකගේ ලස්සන ගැන පුරාණ කවීන් වර්ණනා කර ඇත්තේ දේහ ලක්ෂණයෙන් රසික සිත කුල්මත් වී කාමුක සිතුවිලි දනවන ආකාරයටය. කේන්දරයක කුජ සිකුරු යෝගය පිහිටීම කාන්තාවකට බෙහෙවින් බලපාන්නේ ඈ සුරඟනක මෙන්රූමත් යැයි කියාපෑමටය. සුරඟනක මෙන් රූමත් බව ඉහත යෝගය ඇති බොහෝ කාන්තාවන්ගෙන් දැකිය හැකිය.

 

සිසිවනවුවන ඉඟසුඟ ගත හැකි මිටින

නිසිපුළුලුකුළ රියසක යුරු තිසර තන

දිසිරණලියෙවු රූසිරි යුත් මෙපුර ගන

ඇසිපියහෙළන පමණින් නොවෙති දෙවඟන

 

සිරිරහල් හිමියෝ මිහිමත කාන්තාව දෙවඟනක ලෙස දැක එසේ කවියෙන් වර්ණනා කළෝ ය. රූමත් බිරියක්සරණ පාවා ගන්නා සැමියා කිසිදා මහලු නොවේ. වයසට යතත් දින දින තරුණ වේ. මනෝ වෛද්‍යවරුන් මේ බව පවසාඇත. තරුණ රූමත් බිරියගේ රූපය සැමියාගේ යටි හිතේ තැන්පත් වීමෙන් ඔහුගේ සිරුර නිතර උත්තේජනයට පත්වන බවත් එමඟින් ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය ප්‍රබල වීමෙන් ගෙවී ගිය සෛල නැවත වර්ධනය වී මිනිසා තිරිහන්වන බවත් මනෝ වෛද්‍යවරු පවසා ඇත. මේ නිසා මහලුවයසේ දී පවා ලිංගිකසතුට නො අඩුව ලැබීමටහැකි බව පැවසේ.

 

කාන්තාවකටලස්සන රූ සපුවක් හිමිවීමට. උපදින මොහොතේ යහපත් ග්‍රහ පිහිටිමක්උදා විය යුතු ය. මෙහිදී ලග්නාධිපතිග්‍රහයා, සඳු සිකුරු සහ ගුරු යනග්‍රහයන්ගේ බලපෑම වැදගත් වේ. බොහෝ ඡ්‍යොතීර්වේදීන් කරාඑන කාන්තාවන් තමන්ගේ වැරදි සඟවා අසත්‍ය කරුණු කියාපෑවත්දක්ෂ ඡ්‍යොතිෂවේදීහු ඇගේචරිතය ඇගේ වතගොත කේන්දරය අතට ගත් සැණින් අවබෝධ කර ගනිති. සමහරකාන්තාවන් පවසන්නේ විවාහය බිඳවැටුණේ තමාගේ වරදින් නොව සැමියාගේ වරදින් බවයි.

 

එහෙත්එසේ පවසන කේන්දරය හිමිකාරියගේ ග්‍රහ පිහිටීම්දෙස විමසිලිමත්ව බැලීමේ දී කුජ සිකුරුවැනි යෝග 7 වැන්නේ යෙදුණ විට විවාහයට පෙර ඇගේ චරිතය අපිරිසුදු වීමේ අවදානමක් පෙන්වයි. වන බඹරා මලේරොනට ඇදී එන්නා සේ සිකුරු හත්වැන්නේඇති ලලනාවකගේ කේන්දරයෙහි ලග්න භාවගත කුජගේද සප්තම දෘෂ්ටියට ලක් වෙතොත් ඇය කෙරේ පිරිමින්කමාශක්ත කරවයි.

 

කුජ 4 වැන්නේ ඇති ළඳුන්ගේ පියයුරු රණ හංසයන් වැනිඉතා ලස්සන මන බඳින ආකාරයටපිහිටන බව ඡ්‍යොතිෂයේපෙන්වා ඇත. 4 වැන්න පපු පෙදෙස පෙන්නුම් කරයි. කාන්තා පියයුරුවලට අධිපති ග්‍රහයා කුජය. කුජ 4 වැන්නේ පිහිටීම ඉදිරියට නෙරා ආ පුන් පියයුරුයුවළක් ඇතිවීමට හේතු වේ. හතර වැන්නේ කුජ සමඟ රාහු සිටියොත් එම කතගේ පියයුරුරන් පැහැ වර්ණයෙන් යුතු වන අතර, පියයුරුතුඩු ඉතා ලස්සනට කාල වර්ණයෙන් යුතු වනු ඇත. කේශාන්තයේ සිට පාදාන්තය තෙක් ශරීර ලක්ෂණ, විශේෂයෙන් ස්ත්‍රියකගේ අඟපසඟ ලකුණු ඡ්‍යොතිෂයෙන් විග්‍රහ කළ හැකිය. කොතෙක් රූමත් වුවත් සමහර සුරූපී ළඳුන් අවිවාහකව කාලය ගෙවති. විශේෂයෙන් මෙවැනි විවාහ ප්‍රමාද සඳහාබලපාන්නේ සිකුරු ග්‍රහයාට සංයෝගවන පාප ග්‍රහයෝ ය.

 

ඉතාමතදබල ලෙස බලපාන්නේ ශනි සිකුරු සංයෝගයයි. සිකුරු ශනි සංයෝග වීමෙන් සිදු වන්නේ ජන්මියාට විවාහය එපා වීමය. නැතිනම් විවාහය ප්‍රමාද වීමයි. ශනිගෙන් විවාහය ප්‍රමාද වන්නේසිකුරුට සංයෝග වීම නිසාම පමණක් නොවේ. උපතේදී ශනි චන්ද්‍රයාට යෝග වී සිටීම දවිවාහය ප්‍රමාදවීමට හේතුවකි.

 

චන්ද්‍රයා සිතුවිලි ඇතිකරන ග්‍රහයාය. මේග්‍රහයාට ලෞකික සිතුවිලි කලකිරවන ශනි යෝග වීමෙන් ජන්මියාගේ සිත විවාහයට බය කරවයි. කොතෙක්සම්පත් ඇතත් විවාහ ප්‍රමාද කරවන්නටලබා ඇති කේතු මහදශාව හෝ සෙනසුරු මහදශාවදායක වෙයි.

 

ලස්සනබිරිඳ කප්රුකකි. සිතූ පැතූ සම්පත් වාසනාව ලබා දේ. එහෙත් ග්‍රහ තත්ත්වයඅයහපත් නම් සියල්ල වෙනස් වේ. සමහර ස්ත්‍රීන්ට ලස්සන පවට ද පිහිටයි. තමරූමත්කම නිසා නොයෙක් අතවර වධ බන්ධනවලට මැදිවී ජීවිත හානි පවා සිදු වී ඇති බවඅසන්නට දකින්නට ලැබෙන කරුණුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk