Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වාස්තු දෝෂ තිබේනම් ගෙදර රණ්ඩු අනිවාර්යයි

4 weeks ago 7 Min read
Subha.lk

නිවෙස්වලවහලයේ පවතින දෝෂයන් ප්‍රධාන වශයෙන්මුදුන් යටලීය දෝෂයට ලක්වීම වැනි නොයෙක් ආකාරයේ නිවසක පවතින දෝෂයන් හෙවත් වාස්තු විද්‍යාත්මක දොෂයන් තුළින් හා එම ජන්මීන්ගේජන්ම පත්‍රවල පවතින අපලකාරී තත්ත්වයන් ද එකතුව නිවසකපවුල පවුල් සංස්ථාව තුළ නොයෙක් ආකාරයේ මත ගැටුම්, වාදවිවාද, දරුණු රණ්ඩුසරුවල් ඇති වීම තුළින් පවුල් අවුල් වීමටත් රණ්ඩු දුර දිග ගොස් විපත්වලට ගොදුරු වී ජීවිතවලින් දවන්දි ගෙවීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය විය හැක.

 

නිවසකඅඹුසැමි ආරවුල් කියන දේ එම නිවසේබත් හැළිය ඉදෙන තුරු පමණයි පවතින්නේ යනුවෙන් කියන්නේ එය ක්‍ෂණිකවඅවසන් වන ගැටුම් නිසාය. බිරිඳට කේන්ති ගොස් සැමියාට බැණ වැදීම, සැමියාට කේන්ති ගොස් බිරිඳට බැණ වැදීම එම නිවසේ බිත්තිහතරට පමණක් සීමා වූ දෙයකි. නමුත්සමහර ගැටුම් බිත්ති හතර සීමාව ඉක්මවා එළියට පැමිණ අවසානයේ නීතිය ඉදිරියේ පොලිසියේ, උසාවියේ නවතින ආකාරය දක්වා වර්ධනය වීමත්, සමහර අය දිවිනසා ගැනීමටපවා දුරදිග යන ගැටුම් බවටපත්වේ. කුරුල්ලයි කිරිල්ලියි වගේ කාලයක් ඇසුරු කර විවාහ වීමෙන්පසුව ඉතා කෙටි කලකදී නයි මුගටින් බවට පත්වීම ජීවිතයේ අගභාගයේ වුව ද සිදුවීමට සමහරකරුණු කාරණා යෙදේ. සුරවිමනක් යැයි සිතූ නිවස පසුවෙද්දී අපායක් බවට පත්ව කඳුළෙන්, වේදනාවෙන් පසුවන ජීවිත කොතරම් පවතීද. මෙසේ වීමට හේතු දෙන සාධක මොනවාද යන්න විමසා බැලීමේදී හේතු කරුණු දේ බොහෝ පැවතුනද, තමන් ජීවත් වන නිවස, නිවසේසමහර පිහිටීම් වැරදි ඉදිකිරීම් විශ්වයට පටහැනි වීම තුළ මෙවැනි දෝෂ තත්ත්වයන් මතුවන බව පුරානාචාර්යයන් විසින්වාස්තු විද්‍යාවේ පෙන්වා දී තිබේ. එසේනිවසේ දෝෂයන් ඇතිවීමෙන් බිරිඳ, සැමියා, දුරස් වීමට සමගිය බිඳවැටීමට, ගැටුම් රණ්ඩුසරුවල් ඇතිවීමට බලපාන හේතූන් අතර, නිරිත දිශාවේ පවතින වාස්තු දෝෂයන් ප්‍රබල වියහැක. විශේෂයෙන් නිරිත දිශාව යනු නිවසක ප්‍රධාන නිදනකාමරය පිහිටුවිය යුතු ස්ථානයයි. අඹුසැමියන්ගේ අන්‍යොන්‍ය බැඳීම, ආදරය, රාගය තම අනාගත පරම්පරාවයාවත්කාලීන වීම සඳහා බලපවත්නේ නිරිත දිශාවේ නිදන කාමරයයි.

 

පණ්ඩිත්අමරදේවයන්ගේ ගීතයක් අනුව “බඹරෙකු ආවයි නිරිත දිගේ…. යන ගීතයෙන් දමේ බැව් මනාව තහවුරු කරයි. මලට බඹරෙකු ඇදී එන්නේ රොන් සුවඳට රොන් ගැනීම සඳහායි. එනම් නිරිත දිශාවේ නිදන කාමරය යනු බඹරුන් රොන් ගන්නා, රොනට ඇදෙන, ස්ථානයයි. මෙම නිරිත දිශාවට යම් නිවසක කාමරයක් නොමැතිව නිරිත දිශාව අත්තිවාරමෙන් ශූන්‍ය වීම නිසාඑම නිවසේ යහපත් අඹුසැමි සබඳතාවක් පිහිටන්නේ නැත. නොයෙක් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමටත් ආරවුල් රණ්ඩුසරුවල් ඇතිවීම අඹු සැමියන්ගෙන් බිරිඳ හෝ ස්වාමියා වෙන්වවිසීමට බොහෝ ඉඩ පවතී. විවාහවී එකට ජීවත්වීමට නොහැකි වේ. මෙලෙස පවතින බොහෝ නිවෙස්වල දෙදෙනාගෙන් එක් අයකු විදේශගත වීම හෝ දුර පළාතකරැකියාවක නියුතු වීම ද දැකිය හැක. ඒ වගේම නිරිත දිශාවේ කාමරය මුළුතැන්ගෙට පැවතීම තුළින් ද අඹු සැමියුවළ බොහෝ අවස්ථාවල අනියම් සබඳතා කෙරෙහි යොමු වීමටත්, පවුල් ආරවුල්, ගැටුම් ඇතිවීම කෙරෙහිත් බලපායි. නිවසක බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය පීඩාවටපත්වීම නිවසේ අඹුසැමි භේදවලට තුඩු දෙන ප්‍රධාන හේතුවක්වන්නේය. ඒ වගේම බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය අඹුසැමියන්ගේ ප්‍රධාන නිදනකාමරයට වැටීම නිසා දෙදෙනා අතර නොයෙක් ගැටුම්, රණ්ඩුසරුවල් ඇතිවේ. මෙම ගැටුම් කෙළවර වන්නේ දික්කසාදය තුළිනි. මෙය මා දැක තිබෙන, මට හමුවී ඇති බොහෝ නිවෙස්වල ප්‍රායෝගිකවම අත්විඳිකරුණකි. බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය හරහාදිවෙන විකිරණ රේඛා හෝ මධ්‍යරේඛා නිදන කාමරයේ උළුවහු මැදින් ගමන් කිරීම හෙවත් උළුවස්ස ඛේදනය වීමද අඹුසැමියන් අතර විරසක ඇතිවීම කෙරෙහි බලපානු ඇත.

 

නවවිවාහ පත් යුවළක් තම නිවසේ නිදනකාමරය ලෙස ඊශාන දිශාවේ කාමරය තෝරාගෙන එහි වාසය කරනවා නම් එම දෙදෙනාගේ විවාහජීවිතය ඉතාම කෙටි කාලයකදී අවසන් වනු ඇත. එය විශාල ගැටුම්කාරීතත්ත්වයක් ඇති කරනු ලබයි.

 

තේජෝකලාපයට අයත් ගිනිකොන දිශාව ද සමහර අඹුසැමියන්ප්‍රධාන නිදන කාමරය ලෙස පාවිච්චියට ගනු ලබයි. කාලයක් මෙලෙස නිදන කාමරය ලෙස තෝරාගෙන එහි වාසය කිරීමෙන් දෙදෙනා අතර හේතුවක් ඇතිවත්, හේතුවක් නැතිවත් ගැටුම්, රණ්ඩුසරුවල් ඇති කරයි. ඒ වගේම ගිනිකොනදිශාව හෙවත් නිවසක අග්නි කෝණය අවහිර වීම, ශුන්‍ය වීම, දික්වීම, කෙටිවීම යන කරුණු දඅඹුසැමියන් අතර භේද ඇතිවීමට හේතු වේ.

 

නිවසකප්‍රධාන ද්වාරය නිවසින් එළියට ඇලවීම, ප්‍රධාන දොරදිරායෑම වගේම ද්වාර සටහන උතුරු දිශාවට, දකුණු දිශාවට පමණක් පැවතීම හෙවත් රිපුද වර්ගයට අයත් වීම එම නිවසේ අඹුසැමිආරවුල්, විවාහ ගැටලු ඇතිවීම කෙරෙහි සතුට සමගිය විනාශ වන හේතූන්ය. මේආකාරයට නිවසක උළුවහු නැඟෙනහිරට හා දකුණට පිහිටුවීමෙන්හෙවත් නන්ද වර්ගයට අයත් වීමෙන් එම නිවසේ කාන්තාවහෙවත් බිරිඳ තම සැමියා නොසලකාහැරීමක් ඇති විය හැක. එහි ප්‍රතිඵල වන්නේදෙදෙනා අතර දරුණු ගැටුම්, රණ්ඩුසරුවල් ඇතිවීමයි. නිවාස ඉදිකර තිබෙන භූමියේ හැඩය මත නොයෙක් වාස්තුදෝෂ ඇතිවන බව මෙයට ප්‍රථමව ද ලිපි මගින්මා දැනුවත් කර තිබේ. ඒවගේම නිවස පිහිටි භූමියේ හැඩය දෙපසට නෙරා යන ආකාරයට උඩුකොටස් දෙක දෙපැත්තට වඩා පහළ කොටස් දෙක දෙපැත්තට අඩුව පිහිටීම වාස්තු විද්‍යාවේ හඳුන්වන්නේ බෘහත් භූමියක් ලෙසිනි.

 

මෙවැනිභූමියක පිහිටි නිවසක ජීවත්වන අඹුසැමියන් අතර නිතර අඹුසැමි ආරවුල් පැවතීමේ හැකියාව වැඩිය. නිරිත දිශාව දික්ව පිහිටි භූමිවල මෙන්ම වයඹ දිශාව දික්ව පිහිටි භූමිවල පිහිටි නිවාසවල පදිංචි බොහෝ අඹුසැමියන් අතර භේද බින්න වීම ගැටුම් ඇති වීමද දක්නට ලැබේ.

 

ප්‍රධාන ද්වාරය හෙවත් නිවසක මංගල උලුවස්ස තබන පාද ක්‍රම කීපයක්පවතී. නිවසේ දිග මෙන් 8ක් හා දිගමෙන් 9ක් බෙදා පාදවෙන් කර ගනී. මෙහිදීප්‍රධාන උලුවස්ස 6 වෙනි පාදයට එන සත්‍යපාදය හා 7 වෙනි පාදයට එන භාෂා පාදයටපැමිණීම ද එම නිවසේඅඹු සැමියන් අතර මතභේද, රණ්ඩුසරුවල් නිතරම පැමිණීමට හැකිය. නිවසක ප්‍රධාන දොරටබාධා වන හෙවත් වේධවීම් වාස්තු විද්‍යාවේ 18ක් සම්බන්ධයෙන් පෙන්වාදී තිබේ. ඒ අතරින් බ්‍රහ්මවේද දෝෂය හෙවත් නිවසේ බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය ප්‍රධාන දොරට ඍජුව දර්ශනය වන ආකාරයට පැවැතීමහා නිවසේ ප්‍රධාන දොරටකෙළින්ම අසල්වැසි නිවසේ ප්‍රධාන දොරවැටී තිබීම නිසා එම නිවසේ අඹුසැමි ආරවුල් ඇතිවීම කෙරෙහි හේතු දේ. ඒ

 

වගේමවේධ දෝෂයන් අතර කූපවේධ දෝෂය හෙවත් ප්‍රධාන උලුවස්සකෙළින්ම, ළිඳ පිහිටීමත්, කර්දර්ම වේධ දෝෂය හෙවත් ප්‍රධාන දොරටඅභිමුඛව පාළු පතලක්, මඩගොහොරුවක්, පල් වතුර රැඳුන වළක් පිහිටීම නිසා ද, නිවස ඉදිරිපිටප්‍රධාන දොරට අභිමුඛව ගණිකා නිවාසයක් පැවැතීම තුළින් ගණිකා වේධ දෝෂය හට ගැනීම දනිවස ඉදිරිපිට වැසිකිළි කැසිකිළි වළක් පිහිටීම හෙවත් වර්චස් වේධ දෝෂය ද යන දෝෂයන්පැවැතීම ද නිවසක අඹුසැමි ආරවුල් ඇතිවීම කෙරෙහි බලපානු ලැබේ.

 

සමහරනිවෙස්වල වහලයේ පවතින දෝෂයන් ප්‍රධාන වශයෙන්මුදුන් යටලීය දෝෂයට ලක්වීම වැනි නොයෙක් ආකාරයේ නිවසක පවතින දෝෂයන් හෙවත් වාස්තු විද්‍යාත්මක දොෂයන් තුළින් හා එම ජන්මීන්ගේජන්ම පත්‍රවල පවතින අපලකාරී තත්ත්වයන් ද එකතුව නිවසකපවුල පවුල් සංස්ථාව තුළ නොයෙක් ආකාරයේ මත ගැටුම්, වාදවිවාද, දරුණු රණ්ඩුසරුවල් ඇති වීම තුළින් පවුල් අවුල් වීමටත් රණ්ඩු දුර දිග ගොස් විපත්වලට ගොදුරු වී ජීවිතවලින් දවන්දි ගෙවීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය විය හැක.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk