වැටුණු ව්‍යාපාරය ගොඩගන්න ගුප්ත විද්‍යාවෙන් පිහිටක්
අද රටේ පිරිසක් අසන ප්‍රශ්නයක් තමයි මන්ත්රවල බලයක් තිබෙනවාද නැත්ද යන ප්රශ්නය. ඔය ප්රශ්නය ඇහෙන්නේ වසර පනහකට මෙහායින් ඊට එහා ජීවත්වුණ අයට බොහෝ විට පිහිට තිබුණේ ගමේ පාරම්පරික වෙද මහත්තයාගේ පිහිට විතරමයි. පාරම්පරික වෙද මහත්මයා ඖෂධ වෙදකම කළා වාගේම මන්ත්‍රවලින් බොහෝ දේ කළා. අදත්අපේ ගම්වල සර්ප දෂ්ටයකදී වෙදමහත්වරු භාවිතා කරනවා. මන්ත්‍ර විෂ බැස්සවීම සඳහා බෙහෙත පමණක් මුල්කර ගන්නේ නැහැ. මේ දෙපැත්තම භාවිතා කරලා තමයි විෂ බස්සවලා ලෙඩාව ගොඩ ගන්නේ. අදත් ඒ වෙදකම එහෙමයි සිදුවෙන්නේ.
මන්තර ශබ්ද නගා කියවන අවස්ථා තිබෙනවා. එවිට ලෙඩාගේ කනට හොඳින් මන්ත්‍ර ඇසෙනවා. අක්ෂර මත පදනම් වූ භාෂා හරභයක මන්ත්‍රවලින් එයට අදාළ දේ සිද්ධි වෙනවා. මන්ත්‍රය හරි නම්ශබ්දය ඇසුනත් නෑසුනත් අවශ්‍ය දේ හරියනවා. ප්රශ්නය තිබෙන්නේ ඇදුරාට එම මන්ත්‍රයේ සිද්ධිය හරියට තිබිය යුතුයි. හැමෝටම හැම මන්ත්‍රයක්ම පලදෙන්නේ නැහැ. මන්ත්‍ර තෝරා ගන්නාවිට තිබෙනවා සිද්ධි චක්‍රය එය පොතක්වශයෙන් තිබෙනවා. ඇදුරා තමන්ට සිහෙන මන්ත්‍ර තෝරා ගන්නේසිද්ධි චක්‍රය අනුවයි. එසේවූ විට ඕනෑම රෝග අවස්ථාවකදී මන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. එක එක පරම්පරාවල්වල දහස් ගණන් මන්ත්‍ර තිබෙනවා. දහසකුත්රෝග සඳහා මෙම මන්ත්‍ර පරම්පරාවල් අනුව භාවිතා කර සහනය ලබාදීමට ඇදුරා සමත් වෙනවා.
මෙම මන්ත්‍ර විද්‍යාවේ බොහෝ දේ තිබෙනවා. කෙනෙක්සුවපත් කරන්නටත් කෙනෙක් නසන්නටත් පුළුවන්කම තිබෙන නිසා මෙම ශාස්ත්‍රය ඉතාම භයානකයි. ඒකයි තිබෙන ප්රශ්නය. මනුෂ්‍යයාගේ පිහිටට සුවයට භාවිතා කළ මන්ත්රමනුෂ්යයාගේ විනාශයටත් භාවිතා කිරීම ගැන අප ඉතා කනගාටුවෙමු. අද ලංකාවේ මනුෂ්‍යයාගේ යහපත වනසා දමා තිබෙනවා කොඩිවින ඉනා වස විෂවලින් පිරීගොස්තිබෙනවා. අද සමාජය තුළ ක්‍රෝධය වෛරය ද්වේශය වැඩියි. අනිත් අතින් මුදල් ජීවත්වන්න තිබෙන ලොකුම බලවේගය වෙලා විවෘත ආර්ථිකයක් සමග පැමිණි මේ තත්ත්වයට හැමෝටම මුදල් යහමින් අවශ්‍යයි. වෙදදුරාත් ඇදුරාත් මුදල් පසුපසම යනවා. රටත් ඉතා වේගයෙන්විනාශයට යමින් තිබෙනවා. ධර්මය ඈත් වෙමින් යමින් තිබෙනවා. විසිහතර පැයම මාධ්‍ය ඔස්සේ බණ කියන රටක් නමුත් බොහෝ අයට මේ බණ හරියට ඇහෙන්නේ නැහැ. බාහිර සැපම සොයා යෑම නිසා තමාගේ ගමනද අවහිර වෙයි. අසල්වැසියා ඥාතියා වුණත් පේන්නේ නැහැ. සිනා සිසී ඔහුගේ බෙල්ල කපන ක්‍රමයක් තමයි අද තිබෙන්නේ. කතා කර කර ඉන්න ගමන් කොඩිවිනයක් කරලා දානවා. ඒ මිනිහා විනාශවෙන දිහා සිනාසිසී බලා සිටිනවා. මේ තත්ත්වයට හරියන ඇදුරොත් හැදිලා සිටිනවා. එලොවක් මෙලොවක් දන්නේ නැතිව මුදලට කොඩිවින කරනවා. වැල් පැන්නුම් ඉරි පැන්නුම් අනවශ්‍ය වශීකම් කරනවා. මේ තත්ත්වය තමයි අද රටේ තිබෙන්නේ. දියුණු වෙන මනුෂ්‍යයකු නම් ප්‍රවේශමෙන් වියයුතුයි. වෙනත් කාලවලට වැඩිය මේ කාලය හරිම භයානකයි.
මෙම ව්‍යාපාරයක් හෝ දියුණු වෙනයමක් කරනවා නම් ඔබට දැඩි ආරක්ෂාවක් කර තබා ගන්න. ඔබේ ක්ෂේත්රයේ සිටින කිසිම කෙනෙකු විශ්වාස කරන්න එපා. හොඳට කල්පනාවෙන් සිටින්න. ව්‍යාපාරයේ මුදල්ලාච්චුවට දමන්න. එම මාරු කාසිවලට සූනියම් කරලා එවලා ව්‍යාපාරය නැතිකරලා දාල තිබුණ තැන් අපට හසුවුණා. බඩු රාක්කයේ බඩු මත හෝ අස්සක පුංචි යන්ත්‍රයක් රෝල් කරලා දාල තිබෙනවා සොයන්න බැහැ හරිම අමාරුයි.
ඒවගේම කෑමට නොයෙකුත් නරක මන්ත්‍රවලින් මතුරලා එවනවා. එම ආහාරය ගත්තදා ඉඳලා ආමාශයේ වෙනසක් ඇති වුණොත් කල්පනාවෙන් සිටින්න. ඉඳලා හිටලා ඔබට ව්‍යාපාරයට දෙහි ටිකක් කපා ගන්න. හොඳ වරමක් තිබෙන තැනකින් ශාස්ත්‍රයක් අහන්න. ඔබට ව්‍යාපාරයට ආරක්ෂාවක්දමන්න. මාතාංගේස්වරී වැනි ධනකාරක වශී කාරක යන්ත්‍රයක් පලඳින්න. කේන්ද්‍රය මාස 06 කට වරක්වත් පරික්ෂා කරගන්න. එවිට ඔබට යමක් කරන්න කාටවත් හැකියාවක් නැහැ. ඔබ ඔබේ ජිවිතය ගැන දැඩි අවධානයකින් සිටින්න. මේ තත්ත්වය මෙසේ ලියන්නට අදහස් කළේ දැනට අපට ලැබෙමින් පවතින ප්‍රශ්න සහ අප එයට මුහුණ දීමට කටයුතු කරන්න යෑම නිසා එම අත්දැකීම් අපට ලැබී තිබෙනවා. මේ ලෝකේ මනුෂ්‍ය වෙසින් සිටින අමනුෂ්‍යයන්ගෙන් වඩාත්ම ප්‍රවේසම් වන්න.