විවාහයට, ප්‍රේම සබඳතාවලට අනංගයාගේ හීසැරය වදින නොවදින ග්‍රහ පිහිටීම්

විවාහපොරොන්දම් පරීක්‍ෂාවෙන්, ප්‍රේම සබඳතාවෙන්හෝ කායික වින්දනීය කම්සැප විඳීමට රහසින් බාල, මහලු යැයි වයස් නොබලා ස්ත්‍රී, පුරුෂෂයන් අනංගයා මෙන් ලොල්වන බව ආදීන කාලයේරජවරුන් හා දෙවිවරුන් අතරපැවැති චාරිත්‍රයකි. එය වර්තමානයේද සිදුවීමපුදුමයක් නොවේ. එහෙත් කුමන ක්‍රමයකින් වුවදඔවුනගේ ආදරය යහපත් වීමට හෝ අයහපත් වීමටපුළුවන. විවාහ දිවිය ද දෙදරා යෑමටහැකිවන අතර රහස් ප්‍රේම සබඳතාවිරසකවීමෙන් සියදිවි හානියෙන් මරණයට පත්වීමට ද සිදුවේ.
එවැනිඉරණම් අත්වන්නේ ස්ත්‍රී පුරුෂයන් උපතේදීලබා ඇති එක් එක් ග්‍රහ පිහිටීම්අනුව බව දැනගන්න. ඒනිසා විවාහයට ආදරයට රහස් පෙම් සබඳතාවලට බලපාන යහපත් ශුභ ඵල උදා කරනග්‍රහ පිහිටීම් ඔබේකේන්ද්‍රයේ මේ ආකාරයට ඇත්දැයිදැනගන්න.
මේෂ, සිංහ, ධනු යන තේජෝ රාශිවලින්උපන් අයට මිථුන, තුලා, කුම්භ යන වායෝ රාශිවලඋපන් අය හොඳින් ගැළපේ.
මේෂ, කටක, තුලා, මකර යන චර රාශිවලඋපන් අයට වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන තිර රාශිවලඋපන් අය මනාව ගැළපේ.
වෘෂභ, කන්‍යා, මකර යන පඨවි රාශිවලඋපන් අයට කටක, වෘශ්චික, මීන යන ආපෝ රාශිවලඋපන් අය හොඳින් ගැළපේ.
දෙදෙනාගේලග්න දෙක එකිනෙකට සහ නවයට හෝතුන, එකොළහට සිටියොත් දෙදෙනාගේ එක්වීම වාසනාවන්තයි. විවාහ ජීවිතය යහපත් වේ.
එකකේන්ද්‍රයක රවි අනික් කේන්ද්‍රයේ චන්ද්‍රයා සිටි රාශියේම සිටියේ නම් දෙදෙනා එක්වීම වාසනාවන්ත විවාහ ජීවිතයක ශුභ ඵල ඉටුවේ.
එකකේන්ද්‍රයක රවි අනිත් කේන්ද්‍රයේ චන්ද්‍රයා 5, 9, 3, 11 යන ස්ථානයක සිටීනම් හෝ දෙදෙනා ඔවුන්සිටි රාශි මාරු කරගෙන සිටීනම් වෙනස් නොවන අනංගයා මෙන් කායික සබඳතාවය ඇති කරගෙන විවාහ දිවිය රන් රසසේ පවත්වාගෙන යයි.
එකකේන්ද්‍රයක කුජ සිටින රාශිය අනික් කේන්ද්‍රයේ සිකුරු සිටියේ නම් දෙදෙනා අතර අනංගයාගේ ඊසැරය වැදුණා වගේ රති කේන්ද්‍රයේදී ස්ථිර ආදරය, ආලයෙන් වෙළී බැඳී සිටී. කුජගේ රාශියේ සිකුරුත් සිකුරුගේ රාශියේ කුජත් සිටීම එවැනිම පිහිටීමකි. නවාංශකයේදී ද මෙසේ වීමකිරි පැණිමෙන් රන් රස සේ එක්වේ. එවැනි පිහිටීම් ඇති අය දුටුහැටියේ අනංගයාගේඊ පාර වැදුණාක් මෙන් පෙමින් බැඳී දිවි ඇති තෙක් මහලු වියට පත්වුවද පෙමින් වෙළී කම්සැපයට ප්‍රියවේ.
චන්ද්‍රයා හෝ රවි සිකුරුටහෝ ගුරුට ළංවූ පමණට හෝ ත්‍රිකෝණවසිටීම ද යහපත් වේ.
යම්ජන්මියකුගේ කේන්ද්‍රයේ රවි අනෙක් අයගේ කේන්ද්‍රයේ කුජ සිටින රාශියේ නම් යහපත් වේ. එවැනි පිහිටීම් ඇති ස්ත්‍රී පුරුෂයන්ගේ විවාහයරහස් පෙම් බැඳුම් වාසනාවන්ත වන අතර දෙදෙනාමඅනංගයා මෙන් හා කාම ධේනුවක්මෙන් කදට කද ලෙස රතිසුවයෙන් තෘප්තිමත් වේ.
එකකේන්ද්‍රයක රවි, සඳු හෝ ශුභ ග්‍රහයන් අනිත් කේන්ද්‍රයේ ලග්නයේ හෝ හත් වැන්නේනම් ඉතා වාසනාවන්තයි. දෙදෙනා දෙදෙනාට රිසිසේ කාමුක තෘප්තියෙන් ඇලී ගැලී වෙළී කායිකව කම් සුවය ලබයි.
විවාහජීවිතය පෙම් සබඳතා රහසේ කම් සැප විඳීමට බාධාවන් කරන අශුභ ග්‍රහ පිහිටීම්මෙසේය.
චන්ද්‍රයා හෝ රවි හෝදෙදෙනාම හෝ පාප ග්‍රහයන්ගෙන් හෝ කුජගෙන් පීඩාවිඳිනු ලබන්නේ නම් එම කේන්ද්‍රදෙකේම එසේ නම් ඔවුන්ගේ විවාහ දිවිය වාසනාවන්ත නොවනවා පමණක් නොව සඳු පීඩා විඳපු ලබන්නා තද බල ලෙසදුකට පත් වේ. මහ මඟට දබසී.
එක්කේන්ද්‍රයක සඳු, රවි, දෙදෙනා හෝ ශුභ ග්‍රහයන් අනිත් කේන්ද්‍රයේ රවි, සඳු දෙදෙනාට හෝ ශුභ ග්‍රහයන්ට චතුරස්‍රව හෝ සප්තමටසිටියොත් ඒ දෙදෙනාගේ විවාහයඅවාසනාවන්ත වේ. නොගැළපෙන අතර විනාශකාරී තත්ත්වයක් ඇතිවේ. තනි තනිව නිදා ගනී. දරු ඵල නැත.
එකකේන්ද්‍රයක චන්ද්‍රයා කුජගෙන් නරක ස්ථානයක සිට ශනිගේ දෘෂ්ටි ලබයි නම් එම විවාහය කම්සැපය නීරස වේ. අවුල් වියවුල් දුක් සහිත එකකි.
එකකේන්ද්‍රයක රවි, ශනිගෙන් නරක ස්ථානයක සිට දෘෂ්ටි ලබයි නම් විවාහ දිවිය අවුල් වී කැඩෙයි.
එක්අයකුගේ කේන්ද්‍රයක ශුක්‍ර හෝ හත්වැන්නේ සිටින ග්‍රහයන් පාපග්‍රහයන්ගෙන් පීඩා වන්නේ නම් එම විවාහය යහපත්නොවන අතර ආරවුල් ඇතිවී වෙන් වේ.
පාපග්‍රහයන් පස් වැන්නේ සිටීමෙන් අපිරිසිදු ආලයෙන් බැඳී දූෂිත ගුණයෙන් යුක්ත අය වේ. ස්ත්‍රියගේ පස් වැන්නේ පාපයන් සිටියොත් දරු ඵල නැතිවීම හාමියයෑමට හේතුවේ.
එක්අයකුගේ කේන්ද්‍රයේ දසාව පාපයකුගේ වීම දසාකාරයා අනිත් අයගේ කේන්ද්‍රයේ හැසිරෙන කාලවලදී විවාහ වීම අශුභ වේ. ශුභ ග්‍රහයකු තැන්පත්වන කාලයක නම් වාසනාවන්තයි.
මේඅනුව විවාහවීමේදී, පෙම් කිරීමේදී, රහස් ස්ත්‍රී පුරුෂ සබඳතාඇති කර ගැනීමේදී තමජන්ම කේන්ද්‍රය ද පරීක්‍ෂා කර බැලීමවැදගත් වන අතර කායිකලිංගික ඇසුරට ඉතා වැදගත් වන අතර දිවිඇති තෙක් රන් රස සේ අනඟරහස පහස ලබා ගත හැකි බවදැන ගත්වා.
Advertisements


