සකල කලාවට අධිපතිනී සරස්වතී දේවී

සරස්වතීදෙවඟන විශ්වය මවන ලද මහා බ්‍රහ්මයාගේ පාද පරිචාරිකාවයි. ඈ සකල ශාස්ත්‍රයටම අධිපතිනියද වේ. සරස්වතී දෙවඟන ගැන ඇගේ බලපරාක්‍රමය පිළිබඳව ඍග්වේදයේ මේ ආකාරයට සඳහන්වී තිබේ.
“රුද්‍ර, වෛශ්‍ය, ආදිත්‍ය, විශ්වදේව මේසෑම ගෝත්‍රිකයන් අතර ගැවසෙනවා. ඒ හැමටම මාසේවය කරනවා.
හිරුඅග්නි හා සමුද්‍රයන සෑම අංශයකටම වඩා උත්තරීතරයි. “හිරුසඳු තමයි මා උසුලාගෙන ඉන්නේ. නිසි ගරු සත්කාර කරන බුද්ධිමතුන්ට උපකාර කරනවා. මට ඕනෑ කෙනෙකුටබල ශක්තිය ප්‍රදානය කිරීමටහැකිය. මෙලොව පැවැත්මට සකල විධ ශක්තීන් ප්‍රදානය කරන්නේදමමයි. මම ඉපදුණේ මහාසමුද්‍රයේ මැදයි. එසේම දෙදෙව් ලොවටම ඉහළින් සිටිනවා. මනුෂ්‍යයන්ට උපකාර කරනවා.”
වීණාවක්සුරතින් දරන කාන්තාවක් වූ සරස්වතී දෙවඟනගේඋපත පිළිබඳ විවිධ කතා ඇත්තේය. ඇය මහබඹු විසින්මවා විවාහ කරගන්නා ලද බවද එක්තරාපුවතකි. දිනක් විෂ්ණු ශිව සහ බ්‍රහ්මයන තිදෙනාම ස්ත්‍රියක් මැවූ අතර ඇය සරසවිය වූවාය. පසුවත් තිදෙනාම තමන්ගේ පාද පරිචාරිකාව ලෙස ඇය පාවා ගැනීමටඋත්සාහ කරන විට එය වටහාගත් ඇයසරස්වතී, ලක්ෂ්මී, දුර්ගා යන කතුන් තිදෙනෙකුබවට පත් වූවා ය. දිනක් මහාබ්‍රහ්මයාට විවාහක දෙවියෙක් ලෙස පෙනී සිටීමට කළ යුතු මහාවේදයාගයක් තිබුණි. එහෙත් ඒ අවස්ථාවේ සරස්වතීදෙවඟන නොසිටි නිසා ඇය කැඳවාගෙන එනලෙස දිව්‍යමය නියෝගයක් පැනවීය.
මමසුවඳ විලවුන් ගල්වමින් රූපලාවණ්‍යයේ යෙදී සිටින බැව් කියන්න තරමක් ප්‍රමාද වේවියැයි පැවසුවාය. එම පණිවුඩයෙන් මහබඹුටහොඳටම කේන්ති ගියේය.
මමතව කොපමණ වේලා බලා සිටින්නද? මගේ අණට ඇය කැමති වුණේනෑ. ඇය උඩඟුයි වගේපේන්නෙ. ඔබ මොබ ඇවිදිමින්ප්‍රකාශ කළේ ය. මෙය තවත්කළ නොහැකිය. මගේ අවශ්‍යතාවට වහාම එන්න බැරි ඇයි. මගේ අණ නොතකන්ට මේවිශ්වයේ කිසිවෙකුට බෑ. මගේ යාගය වහාම කළ යුතුයි. වෙනත්කාන්තාවක් සොයාගෙන එන්න යැයි අණ කළේ ය.
දෙවිවරුමහා ඍෂිගේ දුවක් වූ ගයත්‍රිකැඳවාගෙන ආහ. ඇය සමඟ විවාහවී සිය මහා යාගයේ කටයුතු අරඹන ලදී. මේ මොහොත වනවිට සරස්වතිය සකලාභරණයෙන් සැරසී මංගල ඇඳුම් ඇඳ ආවාය. කවුදමේ ස්ත්‍රිය තදින්ම කෝපයට පත් වූ ඇය ඇසුවාය.
මහාබ්‍රහ්මයා සමඟ ගැටුම් ඇතිකර ගැනීමට කිසිවෙකුට අපහසුය. එහෙත් මේ කටයුත්තට එරෙහිවීමද කළ නොහැක්කෙකි. තරහපෙන්වා ඇය හඬමින් විලාපනඟමින් මහා බ්‍රහ්මයා ඉදිරියේහැසිරෙන්නට පටන් ගත්තීය. ආරවුල දුරදිග යන තැනට පත්විය. ගයත්‍රි නුවණැති කාන්තාවක්නිසා ආරවුල දුරදිග නොයන්නට වගබලා ගත්තීය. ඇයද ඉතාම රූමත්ය නමුත් ඒ අවස්ථාවේ දීඇගේ බාහිර කාන්තා පෙනුම අඩුකොට මහා බ්‍රහ්මයන්ට මෙසේපැවසුවා ය. මම ඔබේදෙවැනි බිසව පාද පරිචාරිකාව වෙන්නම්. සරස්වතිය ඔබේ පළමුවැනි බිරිය ලෙස පත්කර ගන්න. මා එයට කැමතියිඇය පැවසුවාය. සරස්වතී ඉකි බිදුම් මැද සතුටට පත්වූවා ය. ඔබ ගුණගරුකදෙව්දුවක් අපි දෙදෙනාම එක සමාන බිරින්දෑවරුන්ලෙස සිටිමු යැයි සරස්වතී පැවසුවා ය. දෙදෙනාම සෑහීමකටපත්විය. මහබඹුද සතුටට පත්විය. එතැන් පටන් සරස්වතී මුළු දෙව්ලොවටම ද සකල කලාවටදඅධිපතිනිය වූවා ය.
Advertisements


