සෞන්දර්යවාදී උත්‍රසල නැකැත් හිමියෝ

බහුචිත්‍රො මහාකායො ධාර්මිකොවිනයි සුඛී
උත්තරාෂ්ඨසම්භූතඞ ශූරශ්ව විජයි රණෝ
උත්‍රසල නැකතින් උපත ලද්දේ නම් මහා පිරිපුන් අඟපසඟින්ද යහපත් සිහි කල්පනාවෙන් ද ස්ථානෝචිත ප්‍රඥාවෙන් ද සිත් බැඳගන්නාසුලු දේහයකින් ද යුක්ත වන්නේය. සමාජයේ මහා ප්‍රභූවරයකු මෙන්හැසිරේ. තවද නෑයින් මිත්‍රයින්ගෙන් අඩුවක් ද නැත්තේය.
ධාර්මිකවද ජීවත් වෙයි. අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍රවන අතර සමාජයේ කැපී පෙනේ. උත්සාහය නිසා ජය ගනී. දැඩිආත්ම ශක්තියත් නොපසුබට උත්සාහයත්, ධෛර්යත් නොඅඩුව පිරී තිබේ. විශාල වැඩ කොටසක් නිම කරයි. ආගිය තැන ප්‍රධානත්වය දරයි. ශූර කථිකත්වයක්ද ඇත්තේය. ජය ලැබෙන තෙක්මඉදිරියට යයි. ජීවිතය හරිහැටි තේරුම් ගත් අයෙකි. නොවැරදීම සත්‍යගරුක වේ. අහංකාරකමක් ද නැත. වැරැදිකරනු අඩුය. මනා සිහිකල්පනාවෙන් වැඩ කරයි. මිත්‍ර ඇසුර පවත්වයි. තමාට නොගැළපෙන අය සෙමින් ඉවත්කරයි. කාන්තාවක් නම් හැඩරුව ඇත්තීය. අන්‍යයන් වශීකරන සුලු දේහයක් පිහිටයි. දෙඇස් නීල නුවන් සේය. තොල් නාදලු සේය. ග්‍රීවය සංඛයක්වන අතර උරහිස් පළල්ය.
රණහංසපියයුරුය. දෙපා, දෙ අත් ගිජිදකුගේසොඬවැලක් සේය. නිසි කාන්තා රූ සිරියෙන් යුක්තවේ. හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරයි. යන්ත්‍ර මන්ත්‍රයාග හෝම ශාන්ති කර්මයන්ට දක්ෂ වේ. චිත්‍ර හා නාට්‍යකරණයටත් බෙලිසුල් වීණා වාදනයටත් දක්ෂ වේ. සෞන්දර්යවාදියෙකි. කෙලින්ම තම සතුරාට පහරනොදෙයි. ඔහුව තමා අවනත කර ගැනීමට වාග්ප්‍රහාරයක් කරනු ඇත. රාජ්‍ය සේවයේ ඉහළතැනට පත්වේ. මහජන සේවයටත් දේශපාලනමය කටයුතුවලට අති දක්ෂයි. අභිමානයෙන් යුක්තයි. උත්තුංගදේහධාරියෙක් නිසා උඩරට ඇදුම ඇන්දවිටත් නිලමේ ඇඳුමටත් කැපී පෙනේ.
උත්‍රසල නැකත් හිමියාගේ චරිතය අන් අයට වඩා බොහෝ වෙනස්ය. උඩින් පල්ලෙන් නොසිතන කෙනෙකි. මහත් වූ අභිමානයෙන් දයුක්ත වේ. උත්‍රසල නැකතින් මල්වර වූ දැරිය ඉතාමවාසනාවන්තයි. කුල ගෞරවය රකී. හොඳම චරිතයකි. අනුන්ට පිහිට වේ. නීති ගරුකයි. උසස් අය සමඟ නිතිඇසුරට වැටේ. ධනය සම්පත් ගලා එයි. විවාහය අතිසාර්ථක වේ. විවාහයේදී උත්‍රසල නැකැතට ගැළපෙන්නේ මෙවැනි නැකත් හිමි අයයි.
උත්‍රසලට රෙහෙණ, හත, සුවණ, අද , සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල බෙරණ, පුවපල්, පුවසල නැකැත් හිමියන් මනාව ගැළපේ.
මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, දෙට, රේවතී යන නැකැත් අසුබයි. උත්‍රසල නැකැතේ 1 පාදයේ නම් සුබයි. විවාහයට යහපත් වේ. 2 වැනි පාදයේ නම් සම්පත් ලැබේ. සුබයි. 3 වැනි පාදය තුළ නම් තරමක ප්‍රශ්නකරී වේ. නමුත් ආගම දහමට ළැදියි. 4 වැන්නේ නම් සෞන්දර්යවාදියෙක් වේ. චිත්‍ර, නාට්‍ය, සංගීත රූපලාවණ්‍ය වැනි අංශවලටළැදියි.
නැකැත්සංහිතාවේ දැක්වෙන අයුරින් උත්‍රසල නැකත් හිමියන් මනා භාග්‍යවතුන් බව සඳහන්ව තිබේ. පෙම් සබඳතාවලදී තම පෙම්වතාට හෝපෙම්වතියට බලකිරීම් නොමැත. සරල පේ‍්‍රමයකි.
ඕනෑවටවඩා දුරදිග යන තැනට වැඩසිදු නොකර ගනී. උත්‍රසල නැකැත් හිමි කාන්තාව තම කුල ගෞරවයමනාව රැක ගනී. අයුතු ප්‍රයෝජන ගැනීමටතම් පෙම්වතාට ඉඩ නොදේ. තහංචිදමන්නේ ද නැත. හැසිරීමමනෝ විද්‍යාත්මකව පවත්වාගෙන යයි. උත්‍රසල පෙම්වතියන් තම ආත්ම ගෞරවයරැකගැනීම යත්න දරන්නීය. කුමන අයුරකින් වත් එය නොබිඳ ගනී.
සමහරනැකැත් හිමියන් තදබලම ආත්මාර්ථකාමීන් වුවද උත්‍රසල හිමියා එසේ නොවනු ඇත. ඉගෙනීම එයින් ප්‍රයෝජන ගැනීමපේ‍්‍රමය පෙම්කිරීමහා යුගදිවිය ගැන තමා අන්‍යයන්ට හොඳ තෝතැන්නක් වපසරියක් වේ.
තවදවාස්තු විද්‍යාවේ දැක්වෙන පරිදි උත්‍රසල නැකතින් නිවෙසක් ඉදිකළ විට ඉතාම සුබ වේ. වස්තුව ලැබේ. සම්පත් කාරකයි. පංච මහා සම්පත් නියම අයත් වේ.
උත්‍රසල නැකතින් කළු පැහැති ගවයෙකු (වෘෂභ) බ්‍රහස්පතින්දා දිනයකසවස ගොම්මන් වෙලේ අත්තිවාරම දැමු ගෙපොළේ ගාල්කර දින තුනක් රාත්‍රියට ලැගීමට සැලැස්වීමෙන් ගෙට සෞභාග්‍යය ලැබේ. යැයිවාස්තුවිද්‍යාවේ දක්නට ඇත.
ගවයාගේගොම ඇතිරූ බිමක නිදා ගැනීමට හැකිවේ. උගේ ගොම ඖෂධීය ගුණයෙන් යුක්තයි.
මේඅනුව බලන විට උත්‍රසල නැකත අන්‍ය නැකත් හරහාකැපී පෙනේ. ශ්‍රේෂ්ඨතම නැකතක්ද බැව් පැැහැදිලිය.
තවදඋත්‍රසල නැකතින් උපන් බොහෝ දෙනෙක් සෞන්දර්යයවාදීන්ය. ලෝ පතළ අයදමේ අතර සිටී. උත්‍රසල නැකැත හිමි පුුරුෂයෙකු හෝ ස්ත්‍රියකයුගදිවියට පත්වීමෙන් සැප සම්පත් හිමි භාග්‍යවන්තයෙක් මෙන්ම භාග්‍යවන්තියක්ද වේ. එයට පාදකවන්නේ රෙහෙණ හා සුවන යනනැකත් තුනය. එය විශේෂ බැව්පර්යේෂණ හරහා ඔප්පු වී ඇත්තේය. උත්‍රසල නැකැත අහස් සිතියමේ වර්ණාලෝකය හරහා රෝස පැහැයෙන් යුක්ත වේ. ලග්නයටත් වඩා නැකැත් මුළු ජීවිතය පුරා මනස විනිවිදව ක්‍රියාත්මක වනඑක්තරා ශක්ති කදම්භයක් ලෙස ඉපැරැණි ඍෂිවරුන් සොයාගෙන ඇත්තේය.
Advertisements


