දරුපලවලට ඒරාෂ්ටකය බලපාන අයුරු

ලෝකපූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටි සනත් ජයසූරිය මහතාට ඒරාෂ්ටක කාලවකවානු තුළදි ලැබුණු සුබ ප්‍රතිඵල කිහිපයක්පිළිබඳව මීට පෙර ලිපියකින් සාකච්ඡා කරන ලදී. එදින සඳහන් කළ පරිදිම ඔහුගේප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව, ලග්නය කුම්භ වේ.
ඒඅනුව ඒ මහතාට 2023 වසරෙහිජනවාරි පමණ සිට ආරම්භ වූ ලග්න ඒරාෂ්ටකයේඋච්චතම අවස්ථාව දැනටද පවතින අතර එය 2025 වසරෙහි මාර්තු 29 වැනිදා දක්වාම තවදුරටත් පවතියි. පසුගිය දිනවල ශ්‍රී ලංකාක්‍රිකට් කණ්ඩායම විසින් ප්‍රබල ඉන්දියානුක්‍රිකට් කණ්ඩායම් පරදවා, වසර 27 කට පසු අපරාජිතඑක්දින තරගාවලි ජයක් ලැබූ අතර සමාජ මාධ්‍ය මඟින් ලැබෙනතොරතුරුවලින් මෙන්ම බොහෝ අය කතා බහකරන තොරතුරුවලින්ද පෙනී ගියේ, එම ජයග්‍රහණයටඅදාළ ගෞරවයෙන් වැඩි කොටසක් සනත් ජයසූරිය මහතාට හිමි විය යුතු බවය. ඉන්දියාව සමඟ ලැබූ ජයග්‍රහණය කිසිසේත් සුළු පටු නොවන්නේ, එය කිසිදු පුද්ගලයකුකිසිසේත් බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් වීම නිසා සහ ශ්‍රීලංකාව, ඉන්දියාව සමඟ පැවති අවසන් එක් දින තරග කිහිපයේදීම අන්ත පරාජයක් ලබා තිබීම නිසාය. ඒ අනුව සනත්ජයසූරිය මහතාගේ කීර්තිය ඉහළට ගිය, මේ අනපේක්ෂිත සිදුවීමසිදු වන්නේද ඒ මහතා අතිප්‍රබල ඒරාෂ්ටකයක් ගත කරද්දී බවපෙනේ.
මීළඟටබලාපොරොත්තු වන්නේ, ඒරාෂ්ටක කාලසීමාවලදී පෞද්ගලික වශයෙන් මා දන්නා තවත්පුද්ගලයන් කිහිප දෙනෙකුට ලැබුන අනපේක්ෂිත අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නටය. මා දන්නා සිංහලග්නය හිමි යුවළකට ඔවුන් කෙතරම් බලාපොරොත්තු සහගත වුවත් කුමක් හෝ හේතුවක් නිසාදරු පල ලාභ නොලැබුණි. 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදාත් 2006 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලසීමාව තුළද 2007 වසරෙහි ජූලි 17වැනිදාත් 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් අතර කාලය තුළද ඔවුන් දෙපළම ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත විය. තවදඊට වසර දෙකහමාරකට පමණ පෙර සිටම ඔවුන් දෙදෙනාට ලග්න ඒරාෂ්ටකයේ ප්‍රථම අදියරආරම්භ වී තිබුණි. ඒඅනුව, ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ආරම්භ වන්නට ආසන්න වෙද්දී ඔවුහු කුඩා දරුවකු දරුකමට හදාවඩා ගැනීමට ලබා ගත්හ. ඒ දෙපළට දරුපල නොලැබුණද ප්‍රබල ඒරාෂ්ටකකාලසීමාවක් තුළ, ජීවිතයේ ප්‍රථම වරටදරු සුරතල් බැලීමට හැකි විය.
තවදමා දන්නා ධනු ලග්නය හිමි දෙපළකටද දරු පල බලාපොරොත්තුවෙන් සිටියද කුමක්හෝ හේතුවක් නිසා දරු පල ලාභ නොලැබුණි. ඔවුන් දෙපළ 2004 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2005 වසරෙහි ජනවාරි 6 වැනිදාත් අතර කාලය තුළද, 2005 වසරෙහි මැයි 29 වැනිදාත් 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදාත් අතර කාලය තුළද 2006 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත්, 2007 වසරෙහි ජූලි 17 වැනිදාත් අතර කාලය තුළද අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කර තිබුණේහරියටම එම කාලසීමාව තුළඔවුන් දෙපළද කුඩා දරුවකු දරුකමට හදා වඩා ගන්නා ලදී. එනම් ඔවුන් දෙපළටද දරු පල නොලැබුණද තදබලමඒරාෂ්ටක කාලසීමාවක් තුළ දරු සුරතල් බැලීමට හැකි විය.
මීළඟටදරු පල ලාභ පිළිබඳවඅහම්බෙන් ලැබුණ ආරංචි කිහිපයකට අදාළ ග්‍රහ සටහන්විස්තර පිළිබඳව කතාබහ කරමු. මා දන්නා මීනලග්නය හිමි තැනැත්තියකට 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත්, 2012 වසරෙහි මැයි 13 වැනිදාත් අතර කාලය තුළද 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත්, 2014 වසරෙහි නොවැම්බර් 3 වැනිදාත් අතර කාලය තුළද අෂ්ටම ඒරාෂ්ටකයක් පැවතුණි. එම කාල සීමාවතුළ ඇයට දරුවෙකු ලැබී ඇත. තවද මා දන්නා තවත්මීන ලග්නය හිමි තැනැත්තියකට ද ඉහත කීකාලසීමාව තුළම ප්‍රබල අෂ්ටමඒරාෂ්ටකයක් ගත වෙමින් තිබුණි. මේ අෂ්ටම ඒරාෂ්ටක කාලසීමාව තුළ ඇයට අහඹු ලෙස විවාහයක් සිදුවී ඇති අතර දරුවකු පිළිසිඳ ගෙන ඇත. එහෙත් අවසානයේදී අදාළ දරු උපත මළ දරු උපතක්වී ඇත.
මාදන්නා කුම්භ ලග්නය දරන තැනැත්තියකගේ 7 වැනි භාවයෙහි චන්ද්‍රයා තැන්පත්ව ඇත. ඒ අනුව ඇයට 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළද, 2012 වසරෙහි මැයි 13 වැනිදාත්, 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත් අතර කාලය තුළද අෂ්ටම ඒරෂ්ටකය සහ ජන්ම ඒරාෂ්ටකයේඅවසාන අදියර යන ඒරාෂ්ටක දෙකමගත වී ඇත. එමකාල සීමාව තුළ ඇයට දරු උපතක් සිදු විය. මෙහි විශේෂත්වය වන්නේ ඇයට මේ දරු උපතසිදු වී ඇත්තේ ඇයගේප්‍රථම දරු උපත සිදු වී වසර 10කටපමණ පසුව වීමය. ඒරාෂ්ටක කාලවකවානු, දරු උපත් කෙරෙහි කෙතරම් තදබල බලපෑමක් ඇති කරනවාද යන්න පිළිබඳව මේ උදාහරණයෙන් දමොනවට පැහැදිලි වෙයි. මිට පෙර ලිපියකදී ද මෙවැනිම උදාහරණයක්දක්වා ඇත.
මීටවසර ගණනාවකට පෙර, මා ඉතාම හොඳින්දන්නා තැනැත්තියක් තම ජන්ම පත්‍රය මා වෙතයොමු කළාය. ඇය මා වෙතජන්ම පත්‍රය යොමු කළේ 2006 වසරෙහි නොවැම්බර් මාසයෙහි මුල් සතියේදි වන අතර ඇයගේකේන්ද්‍ර සටහනේ චන්ද්‍ර ග්‍රහයාසිංහ රාශිය තුළ ඇති නිසා 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදා සිට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ආරම්භ වන බව මමදුටුවෙමි. ඒ අනුව යම්දෙයකට පමණ පසු පවුලේ අවධානය යොමු වන ආකාරයේ සිදුවීමක්සිදු වන බවට මමඇයට අනාවැකි පළ කෙරුවෙමි. ඇයසිනාසුණා මිස ඒ පිළිබඳව තවදුරටත්සිතන්නට නැත. ක්‍රමයෙන් සති 2ක් ගත විය. 2006 වසරෙහිනොවැම්බර් මාසයෙහි ඇය කාර්යාලයට පැමිණියේනැත. ඇය නිවසින්ද අතුරුදන්වසිටි නිසා ඇයගේ මවුපියන් පොලිසියටද පැමිණිලි කරමින් සතියක් මුළුල්ලේ ඇයව සොයා ඇත. 2006 වසරෙහි නොවැම්බර් මාසය තුළ ඇයගේ ජීවිතයෙහි සිදු වූ පෙරළිකාර සිදුවීමකුමක්ද යන්න පිළිබඳවද තදබල ඒරාෂ්ටක කාලවකවානු ගත වද්දී තවත්කිහිප දෙනෙකු මුහුණ දුන් අපූරු අත්දැකීම් පිළිබඳවද සාකච්ඡා කිරීමට මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙමි.
Advertisements


