කේන්දරයෙන් පෙන්වන විවාහ දෝෂ
විවාහයක්සඳහා කේන්දර සටහන් ගැළපීමේදී විසි පොරොන්දම්වලට අමතරව දෙදෙනාගේ කේන්ද්‍ර සටහන් දෙකෙහි ගැළපීම් ගැන ද බැලිය යුතුය.
බොහෝ කේන්ද්‍රවල විවිධ විවාහ දෝෂ පවතිනු ඇත. ඒ සැම විවාහ දෝෂයකටම දෝෂ භංගවන යෙදීම් ද වේ. විවාහ දෝෂ අතර විශේෂයෙන් පරික්ෂා කර බැලිය යුතු දෝෂ රාශියකි. ශනි මංගල දෝෂය, චන්ද්‍ර මංගල දෝෂය, විෂ කන්‍යා දෝෂය, කඩහන්දි දෝෂ, ස්ත්‍රී පුරුෂ මරයෝග, කේමදාම (කේමද්රම) වැනි දිළිඳු දෝෂ හත්වැන්න හා අටවැන්න පරිවර්තන දෝෂය, විවාහකාරක ග්‍රහයා හාහත අධිපති, අෂ්ටම රාශිගත වීමේ දෝෂය සිකුරු 7 වැන්නේ පාපකර්තරී වීමේ දෝෂය, වඳ දෝෂ, තුන්කුලුඳුල්දෝෂය, ශනි රාහු දෝෂය, බහුවිවාහ දෝෂය, අතිධාවන කාම යෝග, නාශාංශක දෝෂ, වෛධව්‍ය දෝෂය, 22 වැනිදෙර්කාණාධිපතිගෙන් යෙදෙන දෝෂ වැනි දෝෂ තත්ත්වයන් බොහොමයක් ගැන විවාහ පොරොන්දම් ගැළපීමේදී බැලිය යුතුය.
මේදෝෂ තත්ත්වයන් කේන්දරයේ යෙදූ පමණින්ම බියවිය යුතු නැති අතර අප මේ දෝෂහරිහැටි හඳුනාගෙන කේන්ද්‍ර සටහන් ගළපාවිවාහයට ඇතුළුවීමෙන් අනාගතයේදී විය හැකි කරදර බාධා අවම කරගත හැකියි.
කුජදෝෂය
භෞමදෝෂය, යනුවෙන්ද මෙය හඳුන්වනු ලබයි. විවාහයට පත් වන යුවළක් විශේෂයෙන්බැලිය යුතු දෝෂයකි. කේන්ද්‍රයක 01,02,04,07,08,12 යන ස්ථානයක කුජග්රහයා සිටීමෙන් මේ දෝෂය යෙදේ. සඳුගෙන් 01,02, 04,07, 08, 12 යන ස්ථානයක හෝ සිකුරුගෙන් 01, 02, 04, 07, 08, 12 යන ස්ථානයක කුජග්රහයා තැන්පත් වීමෙන්ද මේ දෝෂය යෙදෙනුඇත. කේන්ද්‍ර දෙකේම මේදෝෂ ඇත්නම් කුජ දෝෂය බිඳෙනු ඇත. නැතිනම් කුජ ග්‍රහයාට ගුරුගේදෘෂ්ටියට ලක්වීමෙන්ද ගුරු සමඟ කුජ ග්‍රහයා සංයෝගවීමෙන්ද දෝෂ භංගවනු ඇත.
එසේමඑක් කේන්ද්‍රයක කුජ සිටින රාශියේ අනෙක් කේන්ද්‍රයේ රාහු ග්‍රහයා ඇත්නම්කුජ දෝෂය භංගවනු ඇත. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේමඑකම රාශියක කුජ සිටීමෙන්ද මේ දෝෂය භංගවේ.
තවදකුජ ග්‍රහයා 1,2,4,7,8,12 වී සිංහ, මේෂ, වෘශ්චික, මකර, කුම්භ, කටක යන රාශියක ඇත්නම්කුජ දෝෂය භංග වනු ඇත.
ශනිමංගල දෝෂය
කුජහා ශනි යන ග්රහයන්දෙදෙනා එකම රාශියක සිටීම හෝ දෘෂ්ටියට ලක්වීමෙන් ශනි මංගල යෝගය යෙදෙනු ඇත.
කේන්ද්‍ර දෙකෙහිම කොතැනකහෝ මේ යෝගය යෙදුණහොත්එම දෝෂය බිඳේ. නැතිනම් කුජ ග්‍රහයාට 04 - 07 - 08 වැන්නේත් සෙනසුරු (ශනි) ග්‍රහයාගේ දෘෂ්ටියටලක්වීමෙන් දෝෂය භංග වේ. සෙනසුරු ග්‍රහයාට 03,07,10 වැන්නෙන්කුජ ග්‍රහයා පෙනීමනිසාද දෝෂය භංග වනු ඇත.
චන්ද්‍ර මංගල දෝෂය
සඳුකුජ දෙදෙනාගේ යෝගවීම චන්ද්‍ර මංගල දෝෂයලෙස හඳුන්වයි. මෙයද විවාහයට අශුභවන අතර විකෘති කාම ආශා ඇතිකර වීමට පුළුවන. මෙහි දෝෂය බිඳීමට නම් එම දෝෂය ඇතිකේන්ද්රයක්ම සොයාගත යුතුයි.
හතඅධිපති හා අට අධිපතිපරිවර්තන දෝෂය
මෙයයෙදෙන අවස්ථාවන් කීපයක්ම ඇති අතර කේන්ද්‍රස්ථානයක්, කේන්ද්‍රස්ථානයක් අතරත් කේන්ද්‍රස්ථානයක්, ත්රිකෝනස්ථානයක් අතරත්ග්රහයන් රාශි පරිවර්තනය කරගෙන සිටීම හෝ පරිවර්තන යෝගවලටවැටෙනු ඇත. දුෂ්ට රාශි දෙකක් අතර ඇති පරිවර්තනය බල රහිත වේ.
සත්වැන්නවිවාහස්ථානය බැවින් විවාහ වැඩි කිරීමටත් අටවැන්න රෝග වීමටත් හේතු වේ. ඒ දෙකම යහපත්පිහිටීමක් නොවේ. එහෙත් 7, 8 පරිවර්තනය වීම නිසා යුග දිවියට අශුභ බලපෑමක් ඇති කරයි. එබඳු පරිවර්තන යෝගයක් වෙතොත් එබඳුම ග්‍රහ පිහිටීම්ඇති කේන්ද්‍ර හිමියකු සමඟවිවාහ විය යුතුය.
අටඅධිපති 7 වැන්නේ සිටීමද මෙවැන් පිහිටීමක් නිසා බොහෝවිට විවාහයට පෙර ලිංගික අත්දැකීම් ලැබූ ද අයෙකු වනුඇත. එය අකමැත්තෙන් බලහත්කාරකමකින්හෝ වෙනයම් බලපෑමක් හේතු කර ගෙන සිදුවීමටඉඩ ඇත. නැතිනම් සමීප ඇසුරක් නිසා විය හැකිය.
හතඅධිපති අටේ සිටීම
හත්වැන්නවිවාහස්ථානය වන අතර අටවැන්නයමෙක් නැති කරන දුර්වල කරන ස්ථානයයි. මෙම දෝෂය අටවැන්නට වැටී ඇතොත් අතර මගදී විවාහය අවුල්කර ගනියි.
කේමදාම (කේමද්රම) යෝගය
යම්කේන්ද්රයක සඳු දෙපස ග්‍රහයන් නොමැතිනම්එය දිළිඳු බව ඇතිවීමට බලපානුලබයි. සඳුට ගුරුගේ දෘෂ්ටියක් වැටුණ හොත් එම දෝෂය භංගවනු ඇත.
ස්ත්‍රී මර යෝග
පුරුෂකේන්ද්රයේ ලග්නයෙන් දෙවැන්නේ සඳුගෙන් 7 වැන්න හෝ 08 වැන්නෙහි රාහු ශනි, කුජ හෝ රවි සිටීම, හත්වැන්නේ ඇති කුජට සෙනසුරුගේ දෘෂ්ටිය වැටීම, පුරුෂ කේන්ද්‍රයේ 6,8,1 හෝ ලග්නාධිපති දුර්වලවසිටීම, පුරුෂ කේන්ද්‍රයේ 6,7,8 රාහු, කුජ හා ශනි යෝගවීම, පුරුෂ කේන්ද්‍රයේ 7 වැන්නේ සඳු ශනි යෝගවීම හා හත්වැන්නේ සිටිනශනිට ලග්නයේ සිටින රවිගේ දෘෂ්ටිය ලැබීම ස්ත්‍රි මර යෝගවනු ඇත.
පුරුෂමර යෝග
ස්ත්‍රි කේන්ද්රයේලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 7 - 8 යන රාශි දෙකෙහි රවි – රාහු, කුජ යන ග්රහයකුවෙතොත් පුරුෂ මර යෝගය යෙදේ. ස්ථාන දෙකේම යෙදීමත් එසේම වේ. ලග්නය හා හත යනස්ථාන දෙකේ ස්ත්‍රි කේන්ද්රයේපාපයන් සිටීමද එසේම වේ. ස්ත්‍රි කේන්ද්‍රයේ 6, 8, 12 යන රාශියක සඳු සිටීමත් සඳු හා යෝගව ලග්නකේන්ද්රයේ අටවැන්නේ සිටීමත් පුරුෂ මරයෝග වනු ඇත. විවාහයට බලපාන මෙවැනි යෝග තවත් රාශියක් ඇත.