රවි-ශනි සප්තම වෙද්දී ව්‍යවස්ථා සංශෝධන සහ ඇමැති මාරු කරළියට
ෙමම සතිය තුළ ප්‍රධාන ග්‍රහ මාරු 3ක් පවතින බව පෙනේ ඉන් තීරණාත්මකම ග්‍රහ මාරුව වන්නේ මීට කලින් ලිපියකින්ද පෙන්වා දුන් පරිදි ශනි ග්‍රහයා 2022 වසරෙහි ජූලි 12 වැනිදා පව. 2.50ට තම වක්‍ර චලිතය තුළම මකර රාශිය කරා ප්‍රවේශ වීමය. තවත් ග්‍රහ මාරුවක් වන්නේ 2022 වසරෙහි ජූලි 13 වැනිදා පෙ.ව. 10.50ට සිකුරු ග්‍රහයා මිථුන රාශියට පිවිසීමය. මෙම සතිය තුළ සිදුවන අනෙක් ග්‍රහ මාරුව වන්නේ රවි ග්‍රහයා 2022 වසරෙහි ජූලි 16 වැනිදා රාත්‍රි 10.57ට කටක රාශිය කරා ප්‍රවේශ වීමය.
ශනි මාරුවට අනුව මීට කලින් ලිපියෙන්ද සඳහන් කළ පරිදිම 2022 වසරෙහි ජූලි 12 ආශ්‍රිතව සහ 2022 වසරෙහි ජුලි 12 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ අද්භූත හෝ ආන්දෝලනාත්මක සිදුවීමකට ඉඩකඩ පවතියි. තවද මීට කලින්ද සඳහන් කළ පරිදිම මෙම ග්‍රහ ගෝචරයට අනුව 2022 වසරෙහි ජූලි 12 ආශ්‍රිතව මහ සයුර තුළ ප්‍රබල භූ කම්පන ඇති වීමට සහ වෙනත් බලාපොරොත්තු රහිත කාලගුණික විපර්යාසවලට ඉඩකඩ පවතින බව පෙනේ.
2022 වසරෙහි ජූලි 13 වැනිදා පෙ.ව. 10.50ට මිථුන රාශිය කරා පිවිසෙන සිකුරු ග්‍රහයා 2022 වසරෙහි අගෝස්තු 7 වැනිදා පෙ.ව. 5.20 වන තෙක්ම තම මිථුන රාශි චලිතය පවත්වාගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව ජූලි 13 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ හදිසි අනතුරු ඉහළ යෑමක් සහ රටට අසුබ ආරංචියක් ලැබීමක් පෙන්නුම් කරන අතර අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධව සෙමින් සහ ස්ථාවරව ඇති වන අපලදායක තත්ත්වයද පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත් මෙම ග්‍රහ ගෝචරයට අනුව ජූලි 13 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ රටෙහි දැනට පවතින දැවෙන ගැටලුවකට විසඳුම් ලැබීමක් පිළිබඳව ඉඟි ලැබීමක්ද පෙන්නුම් කෙරේ.
රවි ග්‍රහයා 2022 වසරෙහි ජූලි 16 වැනිදා රාත්‍රි 10.57ට කටක රාශිය කරා ප්‍රවේශ වන අතර අගෝස්තු 17 වැනිදා පෙ.ව. 7.23 වන තෙක්ම තම කටක රාශි චලිතය පවත්වාගෙන යයි. මෙසේ කටක රාශියට පිවිසීමත් සමඟ දැනට පවතින කෝණ මාස දෝෂය ඉවත් වන අතර ඒ අනුව නිවාස නැකැත් පිළියෙල කිරීමට තිබූ බාධාද ඉවත්ව යයි. තවද මේ ආකාරයට රවි ග්‍රහයා කටක රාශියට ප්‍රවේශ වීමට අනුව 2022 වසරෙහි ජූලි 16 වැනිදා ආශ්‍රිතව පැහැදිලි කළ නොහැකි ගුප්ත හෝ අවිනිශ්චිත සිදුවීමකට ඉඩකඩ ඇති අතර රටෙහි ආර්ථිකය පිළිබඳව අසුබ ආරංචි ලැබෙන්නටද, ජාතික මට්ටමේ ජනතා නියෝජිතයන්ට ඇතිවන අපලවලටද සුළු වශයෙන් හෝ ජල විපත්වලටද ඉඩකඩ ඇත. කෙසේ වෙතත් මෙම ග්‍රහ ගෝචරයට අනුවද ජූලි 16 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ රටෙහි දැනට පවතින දැවෙන ගැටලුවකට විසඳුම් ලැබීමක් පිළිබඳ ඉඟි ලැබීමක්ද පෙන්නුම් කෙරේ. මේ ආකාරයට 2022 වසරෙහි ජූලි 16 වැනිදා රවි ග්‍රහයා කටක රාශිය කරා පිවිසීමත් සමඟ රවි සහ ශනි යන ග්‍රහයන් එකිනෙකාට සප්තමව දකින බව පෙනේ. එනම් ජූලි 16 වැනිදා සිට 2022 වසරෙහි අගෝස්තු 17 වැනිදා දක්වා කාල සීමාව තුළ රවි සහ ශනි සප්තමව චලිතවලදී අගෝස්තු 14 වැනිදා රාත්‍රි 10.12ට රවි සහ ශනි නියම ලෙසම සප්තම වන බව පෙනේ. මෙම ග්‍රහ ගෝචරයට අනුව මෙම 16 වැනිදාත් අගෝස්තු 17 වැනිදාත් අතර කාලසීමාව තුළ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ කටයුතු ශීඝ්‍ර ලෙස සිදු වීමට ඉඩකඩ ඇති අතර අගෝස්තු 14 ආශ්‍රිතව ඒ සම්බන්ධව තීරණාත්මක සිදුවීම්වලට ඉඩකඩ ඇත. තවද මෙම ග්‍රහ ගෝචරයට අනුව 2022 වසරෙහි ජූලි 16 වැනිදාත්, 2022 වසරෙහි අගෝස්තු 17 වැනිදාත් අතර කාලසීමාව තුළ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනයටද විදෙස් රටවල් සමඟ තීරණාත්මක ගිවිසුම් අස්සන් කිරීමටද කැබිනට් මණ්ඩල සංශෝධන ආදියටද ඉතා ඉහළ ඉඩක් පවතින බව පෙනේ.