Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ආයතනවලට සහ සේවකයන්ට බලපාන ඒරාෂ්ටක

1 day ago 7 Min read
Subha.lk

අදදිනයේදී ඒරාෂ්ටක සම්බන්ධව වෙනත් ප්‍රවේශයක් ලබාගන්නට බලාපොරොත්තු වෙමි. එනම් ඒරාෂ්ටක කාල වකවානු ඇසුරින් අනාවැකි පළ කළ හැක්කේපුද්ගලයන් සම්බන්ධව පමණක් නොවේ. කිසියම් ආයතනයක් සම්බන්ධව හෝ කිසියම් පුද්ගලසමූහයක් පිළිබඳව නිශ්චිත අනාවැකියක් පළකිරීමේදී ද ඒරාෂ්ටක කාලවකවානුභාවිත කළ හැකිය.

 

අපගේඅත්දැකීම් හැටියට යම් පුද්ගලයකුගේ උත්පත්ති කේන්දර සටහන අනුව ඔහුට ප්‍රබල ජන්මඒරාෂ්ටකයක් ගත වන විටඑම පුද්ගලයාගේ ජීවිතයෙහි ප්‍රබල වෙනස්කම්ඇති වන්නා සේම යම් ආයතනයක් ආරම්භ කළ මොහොතට අදාළකේන්දර සටහන තුළ හෝ එම ආයතනයටබැදුණු පුද්ගල කණ්ඩායමක් තම රාජකාරි ආරම්භකළ මොහොතකට අදාළ කේන්දර සටහන මත තදබල ඒරාෂ්ටකකාලයක් ගත වන විටඑම ආයතනයෙහි හෝ එම පුද්ගලකණ්ඩායමේ තදබල වෙනස්කම් ඇති වන බව අපටදැක ගත හැකිය.

 

මෙහිදීඅප වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ අදාළ ආයතනය ආරම්භ කළ මොහොතට අදාළවහෝ අදාළ පුද්ගල කණ්ඩායම රාජකාරි ආරම්භ කළ මොහොතට අදාළවපිළියෙළ කළ කේන්දර සටහන්තුළ ජන්ම ඒරාෂ්ටකයක් ගත වන්නේ කුමනකාලසීමාවක ද යන්නය. මෙහිදීඅනෙකුත් ඒරාෂ්ටකවලට වඩා ජන්ම ඒරාෂ්ටකයට මූලිකත්වයක් ලැබේ. එයට හේතුව කිසියම් ආයතනයක් ආරම්භ කරන සිදුවීම හෝ කිසියම් පුද්ගලකණ්ඩායමක් රාජකාරි බාර ගන්නා සිදුවීම නිශ්චිත ලෙස දැක්විය නොහැකි සාපේක්ෂ සිදුවීම් වීමය. උදාහරණයක් ලෙස, කිසියම් ආයතනයක් විවෘත කරන වේලාව, එම ආයතනය පටන්ගත් වේලාව ලෙස කෙනෙකුට අර්ථ දැක්විය හැකි වන අතර එමආයතනයෙහි ප්‍රථම ගණුදෙනුවසිදු වූ වේලාව එමආයතනය ආරම්භ කළ මොහොත ලෙසතවත් කෙනෙකුට අර්ථ දැක්විය හැකිය.

 

පුද්ගලකණ්ඩායමක් රාජකාරි බාර ගන්නා වේලාව සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. එහෙත් යම් ආයතනයක් ආරම්භ කරන දිනයෙහි හෝ යම් පුද්ගලකණ්ඩායමක් තම රාජකාරි මුල්වරටආරම්භ කරන දිනයෙහි චන්ද්‍රයා තැන්පත්ව ඇත්ත් කුමන රාශියේද යන්න ඉතා පහසුවෙන් සහ ඉතා නිරවුල්ලෙස සොයාගත හැකිය. ඒ අනුව අදාළආයතනය ආරම්භ කළ දිනයට අදාළහෝ අදාළ පුද්ගල කණ්ඩායම තම රාජකාරි ආරම්භකළ දිනයට අදාළ කේනදර සටහන්වල ජන්ම ඒරාෂ්ටක එළැඹෙන කාල වකවානු අපට ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. ඒ අනුව අදාළආයතනයෙහි හෝ අදාළ පුද්ගලකණ්ඩායම් ප්‍රබලම වෙනස්කම්ඇති වන කාලසීමා අපටඉතා පහසුවෙන් තීරණය කළ හැකි වනුඇත.

 

2007 වසරේදීසේවයට බැදුණ එක්තරා ආයතනයක සේවය කරන උපාධිධාරින් පිරිසක් හට ආයතනයට බැඳීවසර 2ක් 3ක් ගත වද්දීඉදිරි වසර කිහිපය තුළ තම තනතුරුවල සුබවාදීවෙනසක් ඇති වන බවට ඉඟිපහළ වී තිබුණි. එහෙත්අදාළ ආයතනයේ අතීත ක්‍රියාකාරකම්වලට අනුවඑය කිසිසේත් විශ්වාස නොකළ හැක්කක් වී ඇත. එයටෙඒතුව එම ආයතනයට මීටකලින් බඳවාගත් උපාධිධාරි කණ්ඩායම් කිහිපයකට ද රැකියාවේ උසස්වීම්පිළිබඳව මෙවැනි ඉඟි කිහිප වතාවක් ලැබී තිබුණත් අවසානයේ ඒවා සිහින පමණක් වීමය. ඒ අනුව 2010 වසරේදීඑම කණ්ඩායමේ කිහිප දෙනෙක් ඔවුන්ට සැබවින්ම උසස්වීම් ලැබේදැයි මගෙන් විමසූහ. ඒ අනුව මමඔවුන් එම ආයතනයට බැඳුණදිනය විමසුවෙමි. එම දිනයෙහි උදෑසනපැය කිහිපය තුළ චන්ද්‍රයා කන්‍යා රාශිය තුළතැන්පත්ව ඇති බව මා හටපෙණුනි. ඒ අනුව ඉහතකී කණ්ඩායම ආයතනයට බැඳුණ දිනයට අදාළ කේන්ද්‍ර සටහනට 2007 වසරෙහිජූලි 17 වැනිදාත් 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් අතර කාලය තුළ ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියරද 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළ සහ 2012 වසරෙහි මැයි 13 වැනිදාත් 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත් අතර කාලය තුළ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව නොහොත් මධ්‍ය අවස්ථාවද 2011 වසරෙහිනොවැම්බර් 18 වැනිදාත් 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත් 2014 වසරෙහි නොවැම්බර් 3 වැනිදාත් අතර කාලය තුළ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වන බවමා හට දැක ගතහැකි විය. එම නිසා ඉහතකී උපාධිධාරි කණ්ඩායමට තම රැකියාව තුළවිශාලම වෙනස සිදුවන කාලය සැබවින්ම උදා වී ඇති බවමට වැටහුණි. ඔවුන් සේවයට බැදුණු 2007 වසරෙහි සිට 2010 වසරෙහි ඔවුන් මගෙන් අදාළ ප්‍රශ්නය විමසීමදක්වා වූ වසර කිහිපයතුළ ඔවුන්ට ආරංචි වූ ආකාරයටම ප්‍රධාන ලෙසම ඔවුන්ගේ උසස්වීම් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීඇති බව මා හටතීරණය කළ හැකි විය. එයට හේතුව, එම කාලසිමාව තුළජන්ම ඒරාෂ්ටක කාලයක් ආරම්භ වී ක්‍රමයෙන්ක්‍රියාත්මක වීමය. එහෙයින් ඔවුන්ට ස්ථිර ලෙසම අදාළ උසස්වීම ලැබෙන බවද, 2009 වසෙරහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළද 2012 වසරෙහි මැයි 13 වැනිදාත් 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත් අතර කාලය තුළද එම උසස්වීම ලැබීමවෙනුවෙන් සිදුකරන ප්‍රධානම කටයුත්තඉටුවන බවටද මම ඔවුන්ට අනාවැකිපළ කෙරුවෙමි.

 

මාහට පැවසූ ආකාරයටම 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළද 2012 වසරෙහි මැයි 13 වැනිදාත් 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත් අතර කාලය තුළද එම කණ්ඩායම කිසිසේත්නොසිතු ලෙස එම කණ්ඩායමට උසස්වීම්ලබා දීමට අදාළ තීරණාත්මකම කටයුතුවලින් සියයට අසූවක් පමණම සිදුවී ඇත. එය එම කණ්ඩායමේබොහෝ දෙනෙකු වැඩිපුර විශ්වාස නොකළ සිදුවීමක් වි ඇති අතරඑම කණ්ඩායමේ සමහරෙකු සිහිනෙන්වත් විශ්වාස නොකළ සිදුවීමක් වී ඇත.

 

එමෙන්මඑම උපාධිධාරීන් කණ්ඩායම සේවයට බැදුණ දිනයට අදාළ කේන්දර සටහනට ජන්ම ඒරාෂ්ටකයේ 3 වැනි අදියර ගත වන්නේ 2011 වසරෙහිනොවැම්බර් 18 වැනිදාත්, 2012 වසරෙහි මැයි 13 වැනිදාත් අතර කාලය තුළ සහ 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත්, 2014 වසරෙහි නොවැම්බර් 3 වැනිදාත් අතර කාලය තුළ බව මම මීටකලින්ද පැවසුවෙමි. ඒ අනුව අපසඳහන් කළ අනාවැකිය සත්‍ය බවට පත්කරමින් 2014 වසරේදී ඉහත කී උපාධිධාරි කණ්ඩායමටවිධායක මට්ටම දක්වා උසස්වීම් ලැබී ඇති අතර එය සිදුවී ඇත්තේජන්ම ඒරාෂ්ටකයේ 3 වැනි අදියර තුළය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk