Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මාරක විපත්වලට බලපාන නිවසේ වාස්තු දෝෂ

2 hours ago 7 Min read
Subha.lk

නිවසකප්‍රධාන දොරටුව හෙවත් මංගල ද්වාරය තැබීමේ දී එය කොටස් 09කට බෙදා තබයි. ඒවා නම් ශිඛි පාදය, පර්ජන්ය පාදය, ජයන්ත පාදය, මහේන්ද්‍ර පාදය, සූර්යපාදය, සත්‍ය පාදය, භෘෂපාදය, අන්තරික්‍ෂ පාදය හාඅනල පාදය වශයෙන් කොටස් නවයක් වේ. මෙම කොටස් අතුරෙන් ශිඛි පාදය, භෘෂ පාදය, අන්තරික්‍ෂ පාදය යනපාදවලට හසුවන ලෙසින් ප්‍රධාන උළුවස්සතැබීම මාරක විපත්වලට හේතුවක් වන්නේය.

උපන්නොත්යම් අයකු මෙලොවේ මරණයක් කොටා ඇත නළලේ යන්නකියනවා සේම මේ ලෝකේ මරණයකියන පොදු ධර්මතාවයෙන් බේරීයා හැකි ජීවියෙකු නොමැත. මරණය කර්මයම පමණක්ම නොව කර්මය පදනම්ව කර්මානුරූපව දායක වීමක් බව අප තථාගතයාණන්දේශනා කරලා තියෙනවා. ඒ නිසා මරණයසිදුවීම පිළිබඳව නියම අර්ථකථනය කිරීම ඉතා ගැඹුරු කරුණක්. එම නිසා ජන්මකේන්ද්‍රයෙන් හෝ නිවසක ප්‍රබල වාස්තු දෝෂයක් නිසාම යම් ජන්මියකු මරණයට පත් වෙනවා යැයි කීම 100% ක්ම නිවැරදිව කිව නොහැක. නමුත් නිවසක් ගෙන බැලීමෙන් ඒවා පරීක්‍ෂා කිරීමෙන් ලත්අත්දැකීම් භාවිතා කිරීමෙන් ප්‍රභලව පවතිනවාස්තු දෝෂ හමුවේ ප්‍රකාශ කළහැකිදේ නම් නිවසේ ගෘහ හිමියාගේ, ගෘහ බිරිඳගේ හදිසි වියෝවක්, හදිසි අනතුරක්, මාරකයකට හසුවීමක්, නිවසේ පවතින යම් දෝෂයක් තුළින්ද කේන්ද්‍රයේ පැවති බලවත් අශුභ ඵලදෙන ලග්න, ජන්ම, ඒරාෂ්ටකයන්වල හේතුවක් ද සංයෝග වීමතුළින් දෝෂ තත්ත්වයන් දෙගුණ වී අකුසල් බලවත්වීමෙන්සිදුවිය හැක. මේ ලිපිය කියවාපසුව මට කෝල් කරන්නඑපා, අපේ ගෙදරත් මෙහෙම තිබුණා. එහා ගෙදරත් මෙහෙම තියෙනවා කිසිම හෙණයක් නෑනේ කියලා. මොකද ශුද්ධ වූ බයිබලයේත් තියෙනවාතමන් කරපු පාපය, ශාපය පරම්පරා 04කට පළදෙන බව. ඒවා නම් තමන්ගේ දෙමාපියන් බේරී, තමුනුත් බේරී, තමන්ගේ දරුවනුත් බේරී, තමන්ගේ මුනුබුරු, මිනිබිරියන්ට හෝ පාපයට වන්දිගෙවීමට සිදුවන බවයි. නමුත් වසර 100ක ආයුෂ ගණනයකර ඉදිකරන නිවසේ ජීව ගුණය වසර 35ක් වන අතරයම් කිසි පවතින වාස්තු දෝෂයක් මත තමන්ට පීඩාවක්නොවුවද එය දරුවන්ට විශේෂයෙන්මපවුලේ පිරිමි දරුවාට විපාක දීමේ ඉඩකඩ පවතී.

 

නමුත්නිවසේ පවතින ප්‍රභල වාස්තුදෝෂයක් නිසා වන ප්‍රතිවිපාකතමන්ට එකවරම නොදැනුනද තමන් හා නිවැසියන්ගේ ඕරාවහෙවත් ශක්ති ශරීරය නිවසේ ගත කරන සෑමතත්ත්පරයකදීම ඍණ ශක්තීන් ආරෝපණයවීම තුළින් දුර්වලතාවයට පත් කරනු ඇත. ඒ තුළින් ඔබටහිමි වෙන්න තිබුණ ධනවාසී, ලැබෙන්න තිබුණ වාසනාවන්ත හිමිකම් ඔබට නොලැබෙනු ඇත. වාස්තු දෝෂය නිසා ලැබෙන පීඩාවන්, මානසික පීඩා, සතුට හා නිරෝගිකම පහවයනු ඇත. කෙසේ වුවත් මම දැන් කියන්නම්ගෘහ හිමියා, ගෘහ බිරිඳ මරණයට පවා පත් කරන විශේෂයෙන්ම මේ කාලය තුළමා අත්විඳි ප්‍රායෝගික වාස්තුපරීක්‍ෂාවල ලත් අද්දැකීම් කීපයක් පමණක්.

 

1 මරුසුලම

 

යම්කිසි භූමියක පිහිටි නිවසකට එම භූමියේ ගිනිකතිරය ද නිවසේ බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය දනිවසේ මුදුන් යට ලීයේ මූට්ටුවදමේ ත්‍රිත්තවයම එකමතපතිත වේ නම් එමනිවසේ ගෘහ මූලිකයාට මාරක විපත් ඇතිවේ. මෙයට වසරකට පමණ පෙර කුරුණෑගල ප්‍රදේශයෙත්, මෙයටමාස කීපයකට පෙර හංවැල්ල ප්‍රදේශයේත් මෙවැනිමනිවාස දෙකක් මා පරීක්‍ෂාකළ අතර එම නිවාස දෙකේමගෘහ මූලිකයන් දෙදෙනාම හදිසි අනතුරුවලට ලක්වීමෙන් එක් අයකුගේ හිස අනතුරට පත්වීමෙන් හා අනෙක් පුද්ගලයාහදිසි හෘදයාබාධයකින් මරණයට පත්වී තිබුණි.

 

නිරිතදිසාවේ පිහිටි ළිඳ

වාස්තුවිiාවේ සඳහන් පරිදි නිරිත දිශාවේ ළිඳ පැවතීම ගෘහ හිමියාගේ මරණය ලෙස පෙන්වා දී ඇත. මෙයදසනාථ කරමින් නිවාස පරීක්‍ෂාවේදී එලෙස පැවැති ස්ථානවල නිරිත දිශාවේ පැවැති ළිඳ නිසා හදිසියේ මියගිය ගෘහ හිමියන්ගේ නිවාස පරීක්‍ෂා කර ඇතිඅතර කීපයක්ම නිවාසවල එලෙස නිරිත දිශාවේ ළිඳ පැවැති අතර සමහර ස්ථානවල ගෘහ හිමියා හදිසි අනතුරකින් ඔත්පල වී පැවතීමත්, නිවාසකීපයක ගෘහ හිමියා මානසික රෝගීන් වී සිටිනු හමුවඇත. ඔවුන් ගෙවන ජීවිතයට වඩා මරණය හොඳ බව ඔවුන් දැකීමේදීසිත් දේ. ඒ වගේම ගිනිකොනපිහිටි ළිඳ නිසා නිවසේ පිරිමි දරුවාට මරණය සිදුවූ තැන්ද, දකුණු දිශාවේ ළිඳ පැවැතීමෙන් ගෘහ හිමි බිරිඳ අනතුරට ලක්ව ඔත්පලව සිටින ස්ථානද හමුවී ඇත. මේවා වල නිවසේ බිත්තිකොන මුදුන් යටලීය ළිඳ මතට ඍජුව වැටීම ද පැවතුණා.

 

නිවසේබ්‍රහ්ම පාද ලක්‍ෂය පීඩා වීම

බ්‍රහ්ම පාදය මුදුන් බිත්තියට වැටී ඇති නිවසක් හා බ්‍රහ්මපාද ලක්‍ෂය පඩිපෙළට හසුවූනිවසක් වාස්තු පරීක්‍ෂණවලදී හමුවී ඇති අතර තවත් නිවසක බ්‍රහ්මපාද ලක්‍ෂයය කොන්ක්‍රීට් කණුවට යටවී පැවතුණි. කොළඹ ප්‍රදේශයේ එක්තරානිවසක බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය එමනිවසේ පොකුණක් තුළට පතිතව අපිරිසිදුව පැවතුණි. මෙම සියලුම නිවාසවල සමහර අය හෘදයාබාධවලින් මියගොස් ඇති අතර සමහර අය එක්තැන්ව ගිලන්වී සිටියා. ධනය අතින්ද අන්තයට පිරිහීමක් පැවතුණා.

 

සොහොන්පරාලය

නිවසකවහලයේ මුදුන් යටලීය කෙළවර ඇණයක් ගසා පහතට පරාලයක්, මුදුන් යටලීයට සම්බන්ධ කර පලයක් ලෙසින්පවතී නම් විශේෂයෙන්ම 03 පල හා 04 පලනිවාසවල වහලය ඉදිකිරීමේදී මෙය සිදුකරන අවස්ථාවන් නැතිව නොවේ. එසේ මුදුන් යටලීයට සම්බන්ධ කර ඇණ ගසනපරාලයට සොහොන් පරාලය යැයි ව්‍යවහාර කෙරේ. එසේ සිදුවීම ගෘහ හිමියා මරණයට පත්වීමකි. මේ බැව් වාස්තුවිiා ග්‍රන්ථවල (පුරාණ) සඳහන්ව පවතී. මෙසේ පැවතීම මරණය සිදු නොවුණද හිස හා සම්බන්ධ මාරකරෝගයකින් පෙළීමට ප්‍රධානම හේතුවක්වන්නේය.

 

නිවසකප්‍රධාන දොරටුව හෙවත් මංගල ද්වාරය තැබීමේ දී එය කොටස් 09කට බෙදා තබයි. ඒවා නම් ශිඛි පාදය, පර්ජන්ය පාදය, ජයන්ත පාදය, මහේන්ද්‍ර පාදය, සූර්යපාදය, සත්‍ය පාදය, භෘෂපාදය, අන්තරික්‍ෂ පාදය හාඅනල පාදය වශයෙන් කොටස් නවයක් වේ. මෙම කොටස් අතුරෙන් ශිඛි පාදය, භෘෂ පාදය, අන්තරික්‍ෂ පාදය යනපාදවලට හසුවන ලෙසින් ප්‍රධාන උළුවස්සතැබීම මාරක විපත්වලට හේතුවක් වන්නේය. ඒ වගේම ප්‍රධාන උළුවස්සට හරි මැදින්ම නිවසේ මුදුන් යටලීය පැවැතීමද ගෘහ හිමියාට මරු කැඳවීමක් බඳුය. ඒ සමගින් නිවසේමංගල ද්වාරය හෙවත් ප්‍රධාන උළුවස්සෙහිදොර එළියට විවෘත වීමද මාරක ඇති කරන වාස්තු දෝෂයක් වන්නේය. සමහර නිවාසවල වහලයේ පල දෙකක් එකටඑකතු කර සම්බන්ධ වනස්ථානයේ පීල්ලක් දමා වැසි ජලය බස්වනු ලබයි. මෙම පීල්ල නිවසේ බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය මතඍජුව වැටෙන අයුරින් පැවැතීමද මාරක දෝෂයක් වන්නේය. ඉහත ආකාරයේ ප්‍රධාන දෝෂයන්ටඅමතරව තව බොහෝ දෝෂපවතී. මෙයට අමතරව නිවසේ මංගල ද්වාරය හෙවත් ප්‍රධාන දොරවේධ දෝෂයන්ට ලක්වීමත් ඒ දෝෂ අතරතිරශ්චින වේද දෝෂය හෙවත් නිවස ඉදිරිපිට ප්‍රධාන දොරටදර්ශනය වන ලෙස ගවඝාතකාගාර, සතුන් මරණ ස්ථාන, මස් වෙළෙඳ සල් පැවතීමද කෝණවේද දෝෂ හෙවත් පාළු භූමියක කෝණ, නිවසක කෝණ ප්‍රධාන දොරඅභීමුඛව පැවතීම, මාර්ග වේධ දෝෂය හෙවත් ප්‍රධාන දොරටකෙළින් මාර්ගයක් පැමිණ වංගු ස්වරූපයෙන් පිහිටීම හා ප්‍රධානදොරට කෙළින් සොහොන් කොත්, සුසාන භූමි, ආදාහනාගාර පැවැතීම නිසා සුසාන වේධ දෝෂය ඇතිවීම නිසා නිවැසියන්ට, ගෘහ හිමියාට අකල් මරණවලට ගොදුරුවීමේ අවධානම පවතී.

 

ඒවගේම නිවසේ ගෘහ පිණ්ඩය නිවැරදිව ගණනය නොවීම නිසා අශුභාකාරයෙන් පැවැතීම තුළින් නිවසේ ගෘහ පොරොන්දමක් වන නැකැත් පොරොන්දම, වධ, විපත්, ජන්ම ආදී නැකැත්වලට සීහුම් වීමත්, පසුගිය සතියේ ලිපියක් මගින් මා පෙන්වාදෙන ලදනිවසේ දිග, පළල සමානවීමද ගෘහ හිමියාට මාරක ගෙන දෙනු ඇත. බොහෝ දෝෂයන්ට හේතු දෙන්නේත් මෙවැනි මාරක දෝෂ ඇති වෙන්නේත් එම නිවසේ වහලයමගින් හා ප්‍රධානදොර වගේම බ්‍රහ්ම පාදලක්‍ෂ්‍යය පීඩාවීමමතයි. මක් නිසාද නිවසේ මෙම ප්‍රධාන අංගයන්නිවසේ ගෘහ හිමියාව ඍජු ලෙස නියෝජනය වන බැවිනි. ගෘහහිමියාගේ ආර්ථිකය, සෞඛ්‍යය, විවාහය වගේම ඔහුගේ ශීර්ෂයද ඉහත අංගයන් හා සම්බන්ධව නිවේදනයකරන බැවිනි.

 

අපටඅපගේ පියවි ඇසට පෙනෙන දේට වඩා බොහෝ දේ අපගේ පියවිඇසට නොපෙනේ. පෙනන දෙයක් වශයෙන් නිවසේ බිත්තියක් පුපුරා වැටීමට ආසන්න නම් එයින් ඉවත්ව එය පිළිසකර කිරීමේහැකියාව පවතී. නමුත් නොපෙනෙන ලෝකයේ සිදුවීම් සිදුවී එහි විපාකය අවසන් වූ පසුවයි අපටඅපගේ නෙත්වලට දර්ශනය වන්නේ. එනම් නොපෙනෙන ලෝකයේ බලපෑම් අතිමහත්ය ප්‍රභලය. ඒවාක්‍රියාත්මක වන්නේ නිවාසවල පවතින මාරක වාස්තු දෝෂ සමගිනි. ඒවායේ ක්‍රියාකාරීත්වය තුළින්අපගේ ඕරාවට ඇති කරන ඍණ සංඛ්‍යාතතුළින් ඇති කරන පලුදු වීම් හා ජන්ම අපලදමේ සමග එකතු වීමෙන් අකුසල් ශක්තීන් 200% ක් වර්ධනය වේ. ඒවායේ බලපෑම බොහෝ විට මරණයෙන් පවා අවසන් වන්නේය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk