Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහය ප්‍රමාද යුවතියට පින් පළදෙන මන්ත්‍රයක්

1 day ago 7 Min read
Subha.lk

පළමුව පිරිසිදු වී බුදුන් වහන්සේට තෙල්, මල්, පහන් පූජා කොට සුළු වෙලාවක් මෛත්‍රී භාවනාව කරන්න. ඉන්පසු පහන් තිර පහක් දැල්විය හැකි පහනකට ගිතෙල් ද මුසුකොට පිරිසිදුව සිඳගත් තැඹිලි තෙල් යොදා පහන් තිර පහ දල්වන්න. පසුව පහනට වැඳ ගෙන විජය යෝග යෙදෙන වෙලාවේ මේ මන්ත්‍රය කීම ආරම්භ කරන්න.

 

ලෞකික ජීවිතය වාසනාවන්ත කර ගැනීමට නම් විවාහ ජීවිතයක අවශ්‍යතාවය ගැන අමුතුවෙන් කිවයුතු නැත. ජ්‍යොතිෂ දෝතින්වි මසුමට එන කේන්දරවලින් 75%කටවඩා විවාහය ප්‍රමාදයට පිළියම්විමසයි. විවාහය ප්‍රමාද වීදුක් සුසුම් හෙළමින් පැදුරට වයස්ගත වන තත්ත්වයක් ද සමහරුන්ට කටේ කිරී සුවඳ යන්ටත් කලින් විවාහය වන අය දමෙම සමාජයේ ඇත. විවාහය සිදුවන්නේ සංසාර පව්, පින් අනුවය. තවද අපල ඇත්නම් විවාහය ප්‍රමාදව සිදුවෙයි. එහෙත් අපල උපද්‍රව දුරුකර ගැනීමසඳහා බාර වීම්, පුද පූජා, යන්ත්‍ර මන්ත්‍ර වලින්පිහිට පැතීම සිදුවේ. ඒ එක්තරා විශ්වාසයක්වේ. එවැනි විශ්වාසයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි මේ වෑයම. ඉපැරණි පොත පතෙහි විවාහය ප්‍රමාද වන යුවතියන්හට ප්‍රයෝජනවත් මන්ත්‍රයක් මෙම ලිපියෙන් ඔබට ගෙන එන්නට බලාපොරොත්තු වෙමු. මේ ඉතා විශ්වාසයෙන්අනුගමනය කිරීමෙන් සිත් තැවුලෙන් පසු වන විවාහය ප්‍රමාද යුවතියන්ට ඔවුන්ගේ දෙමාපියන්ට යම් සහනයක් ලැබිය හැක.

 

අනිවාර්යයෙන්ම පහත අනුගමනය කළයුතු පිළිවෙත් සිදුකොට මෙහි සඳහන් කරන මන්ත්‍රය කියවීම යහපත්වනු ඇත. අනුගමනය කළයුතු පිළිවෙළ මෙසේ විදහා දක්වමි.

 

පළමුව පිරිසිදු වී බුදුන් වහන්සේට තෙල්, මල්, පහන් පූජා කොට සුළු වෙලාවක් මෛත්‍රී භාවනාව කරන්න. ඉන්පසු පහන් තිර පහක් දැල්විය හැකි පහනකට ගිතෙල් ද මුසුකොට පිරිසිදුව සිඳගත් තැඹිලි තෙල් යොදා පහන් තිර පහ දල්වන්න. සැලකිය යුතුයි මෙය කළ යුත්තේ සෑම අඟහරුවාදා දිනකම විජය යෝගයෙනි. ඉර බැස විනාඩි 24ක් ගිය පසු උදාවන විනාඩි 24 විජය යෝගයයි. පහන්තිර පහ දල්වා එමපහනට වැඳ ගෙන විජය යෝග යෙදෙන වෙලාවේ මේ මන්ත්‍රය කීම ආරම්භ කරන්න. තමන්ගේ බලාපොරොත්තු මුදුන්පත්වේවා යන පරම චේතනාවෙන්ඉතාම භක්තියෙන් මේ මන්ත්‍රය 7 වරක් කියන්න. අපිරිසිදු දිනවල කියවීම සුදුසු නැත. විවාහය වඩාත් ප්‍රමාද වීඇති බව ඔබට සිතෙන්නේනම්සෑම අඟහරුවාදා මෙන්ම සෑම සිකුරාදා ම 7 වරක් විජය යෝගයෙන් මේ මන්ත්‍රය කියන්න. ඉතාම භක්තියෙන් මෙය කළහොත් ඒකාන්තයෙන්ම මාස තුනක් වන්නට පෙර වාසනාවන්ත විවාහයක් සිදුවේ. ප්‍රමාද වුවහොත්මාස හය ගෙවෙන්නට පෙර විවාහය සිදුවේ. එසේනම් පහත මන්ත්‍රය ඉහත වත්පිළිවෙත්අනුගමනය කොට කියවීමෙන් ඔබටත් සාර්ථක විවාහ දිවියක් හිමිවීමට පුළුවන.

 

ඉහත මන්ත්‍රය ඉතා විශ්වාසවන්තව සිත ඒකාකාරීව තබා කීමෙන් මෙහි ප්‍රතිඵලයක් ලැබෙනු නියතය.

 

සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා!

 

රක්ෂජගන් මාතා දේවි රක්ෂ මංගල චණ්ඩිකේ

හරිකේවිපදාං රාසෝ හරිස්‍ය මංගල කාරිකේ

හර්ෂමංගල දක්ෂේච හර්ෂ මංගල දායිකේ

ශුභේමංගල දක්ෂේච ශුභේ මංගල චණ්ඩිකේ

මංගලේමාංගලාර්සේව සර්ව මංගල මංගලේ

සදාමංගල දේ දේවී සර්වේසාං මංගලාලයේ

පූජ්‍ය මංගල කාරේචමංගලා හීෂෘ දේවකේ

පූජ්‍ය මංගල භූපාසයමනුවංසසය සංතතං

මංගලාධීරෂාන්ති දේවී මංගලා නාංච මංගලේ

සංසාරමංගලාධාරේ මෝක්ෂ මංගල දායිනි

සාරේචමංගලාධාරේ පාරේච සර්ව කර්මනං

ප්‍රතිමංගල වාරේච පූජ්‍යයේ මංගල සුඛං ප්‍රදේ

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk