Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවැරදි ලෙස පොල් ගැසීම

6 days ago 7 Min read
Subha.lk

පොල්ගෙඩිය තුනකට බිඳී ගියේ නම් කාරණාව සුබ වෙයි. නමුත් බොහෝදුරට ඔබ එකම තැනපල්වෙන චරිතයක්. කෙසේ හෝ අපල සඳහාහෝ සුබ කටයුත්තක් හෝ වේවා සුබවෙලාවකට කලාවකට සිද්ධ වන්නෙ නම් එහි ප්‍රතිඵල ඉක්මනින්මලැබේ. මෙය දැනගෙන කළහොත් බොහෝ ප්‍රතිඵල ලබාගතහැක.

 

ඔබගැසූ පොල් ගෙඩිය මේ ආකාරයෙන් බිඳීගියේ නම් ඔබ කුමන කරුණකටපොල් ගැසුවත් එයින් ඉස්මතු වී පෙනෙන්නෙ ඔබගැනයි. ඔබේ ශරීරයේ කුමන හෝ රෝගී තත්ත්වයක්සැඟවිලා ඇති බවත් එයින් ඔබ පීඩාවන බවත්ළඟදීම එහි ප්‍රතිඵල ලැබෙනබවත් කිව යුතුයි.

 

ඔබනරක දෙයක් වෙනුවෙන් පොල් ගැසුවේ නම් මෙයින් පැහැදිලි වන්නෙ ඔබ සම්පූර්ණම නිර්දෝෂිකෙනෙක් නොවේ. ඔබේ අතේද යම්කිසි වරදක් තියාගෙන ඔබ පොල් ගෙඩියනොබිඳිය යුතුය. ඇත්තෙන්ම පොල් ගැසීමේදී මොනම ආකාරයෙන්වත් අපේ අතේ වරද තබාගෙන අන් අයට පොල් ගසන්නට නොයන්න. සියලු දේ අපේ පැත්තටකැරකිලා එන්න ඒ හැටි වෙලාවක්ගත නොවේ.

 

මීටඅමතරව ගැහැනු බෑව පැත්ත කැබලි කීපයකට හෝ කුඩාවට කැඩීගියා නම් කුමන කාරණාවක් වුවත් එය ඔබටම වාසිගෙන දෙමින් ඔබේ පැත්තටම කැරකිලා එන බවයි.

 

ඒවගේම තමයි පිරිමි බෑව කැබලි කීපයකට කැඩී ගියේ නම් ශුභ කටයුත්තක් සිතාගෙන පොල් බින්දේ නම් එය ඉටු නොවේ. නමුත් එය අශුභ නරකකාරණාවකට පොල් ගැසුවේ නම් ඔබේ කටයුත්ත ඒ ආකාරයෙන්ම ඉෂ්ටවෙයි. සතුරන් මර්දනය වෙයි. හැබැයි මේ දේ කිවයුතුයි. ඔබට අපල සහගත බවක් පෙන්නුම් කරයි. විවාහ නොවූ කෙනෙක් නම් විවාහය ප්‍රමාද වෙයි. විවාහ වූ අයගේ විවාහජීවිතයේ යම් යම් ගැටලු සහගත බවක් ගෙන දෙයි. ජීවිතයේ බොහෝ දේ තෘප්තිමත් නොවේ. ඇත්තෙන්ම අපල සහගත කාලයක් ඔබ පසු කරමින්සිටින්නෙ. එබැවින් පුළුවන් තරම් ඔබේ ජීවිතයට සම්බන්ධ සියලුම කාරණා ඔබ විසින් හොඳින්සිතා බලා කළ යුතුවන බවයි. අපල, හදිසි අනතුරු, කරදරවලින්ද ප්‍රවේශම් වන්න.

 

ඔබබිඳින පොල් ගෙඩිය කෑලි කෑලිවලට කුඩු වී සුනුවිසනු වීගියේ නම් ඔබ නරකට ගැසුවේනම් ඇත්තෙන්ම ඔබේ කාරණය ඉටුවේ. ඕනෑම දඬුවමක් ලැබේ. ග්‍රහ අපලසඳහා නම් බොහෝදුරට ග්‍රහ අපලදුරුවෙයි.

 

ඔබේපොල් ගෙඩිය තුනකට බිඳී ගියේ නම් ඔබේ කාරණාව සුබ වෙයි. නමුත් බොහෝදුරට ඔබ එකම තැනපල්වෙන චරිතයක්. කෙසේ හෝ අපල සඳහාහෝ සුබ කටයුත්තක් හෝ වේවා සුබවෙලාවකට කලාවකට සිද්ධ වන්නෙ නම් එහි ප්‍රතිඵල ඉක්මනින්මලැබේ. මෙය දැනගෙන කළහොත් බොහෝ ප්‍රතිඵල ලබාගතහැක.

 

ඔබටපොල් ගැසීම පිළිබඳව යමක් දැනගැනීමට ඇත්නම් ඉටුමිණ නාඩි සිද්ධාන්තවලින් අසන්න. එයට පිළිතුරක් ලබාගත හැක.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk