Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දරු ඵල පමා කෙරෙන අයට අත්දුටු ශාන්තියක්

1 week ago 7 Min read
Subha.lk

දරුඵලපමාවීමට හෝ නොලැබීමට හේතුකරුණු රාශියක් බලපාන බව මුලින්ම කිවයුතුය.

ශාරීරිකදෝෂ

වෙනත්දෝෂ

ස. ශාරීරික දෝෂ යනු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටමබලපාන ශාරීරික දෝෂ, දුර්වලතා, බෙලහීනතා, ගර්භාෂය ආශ්‍රිත ගැටලු, ශාරීරික උෂ්ණත්වය වැඩිකම, මදසරු භාවය වැනි වෛද්‍ය විද්‍යාවටඅනුව ඇති ගැටලු වේ.

 

සස. වෙනත් දෝෂ යනු ග්‍රහ දෝෂ, අනවින කොඩිවින දෝෂ, අමනුෂ්‍ය බලපෑම් (කළුකුමාරදෝෂ), සංසාරගත අකුසල කර්ම වැනි දේ මේ ගණයටඅයිති වේ. ඉහත දැක්වූ සියලුම දෝෂ සඳහා පිළියම් සිදු කළ ද, වෛද්‍ය විද්‍යාවටඅනුව සියලුම ප්‍රතිකර්ම සිදුකළ ද දරුඵල නොමැතිඅය ද අප සමාජයේබහුලව සිටී. එවන් අය සඳහා බොහෝප්‍රතිපල දායක වූ මෙම පූජාකර්මය කිසිදු මුෂ්ටියකින් තොරව ඔබ වෙත ලබාදෙමි.

 

මුලින්මසුදුසු වෛද්‍ය ප්‍රතිකාරසඳහා යොමුවී සෙත් ශාන්තිකර්මවල නිරත වී ඵල නොලැබුණුඅය මේ ක්‍රමයඅත්හදා බලන මෙන් දන්වා සිටිමි. තම ශරීරවල දෝෂයන්හෝ වෙනත් දෝෂයන් සඳහා සිදුකරන දෝෂ ඉවත් කිරීමක් නොවන බවත් සසර කළ අකුසල කර්මයටපත් වී දරුඵල වෙනුවෙන්දෙවි දේවතාවුන් සඳහා භාරහාර සිදු කිරීමක් බව සිහිතබා ගන්න.

 

පළමුව, මෙම කාරණාව සඳහා අඹුසැමි යුවළම සම්බන්ධ වන්නේ නම් ඉතා සුදුසුයි. බදාදා දිනක හෝ සෙනසුරාදා දිනකඋදය කාලයේ, නා පිරිසිදුව නැගෙනහිරදිශාවට මුහුණලා සිට මෙම කටයුත්තට මුලින්ම සම්බන්ධ වන්න. දින හතක් එකදිගට මෙම පූජාව සිදු කරන්න.

 

පූජාද්‍රව්‍ය:

■ බෙහෙත් ඖෂධ 32ක්

■ විලඳ මීපැණි

■ කිරිබත් කැට 7ක්

■ බුලත් කොළ 14ක්

■ තැඹිලි ගෙඩියක්

■ ගිතෙල් පහන් 7ක්

■ සුදු නෙළුම් මල්

■ කහ මල් මාලයක්

■ නිල් මල් මාලයක්

පිනිදියර කුප්පි 1ක්

කහසහ නිල් පැහැති රෙදි (පඬුරු ගැට ගැසීම සඳහා)

සුවඳහඳුන්කූරු

 

පළමුවමේ සඳහා තෝරාගත යුත්තේ සතර වරම් දේවාලයක හෝ නිස්කලංක පුදබිමක්වේ. ප්‍රථමයෙන් බෝධියඅවට සුද්ද පවිත්‍ර කර තිසරණයසහිත පංච ශීලය නමැද බෝධිය අවට පහන් දල්වා බුලත් කොළ මත පූජා ද්‍රව්‍ය තබා පිනිදියරඉස, බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධරත්නයටම තමා කරගත් කුසලකර්ම අනුමෝදන් කරන්න. ඉන්පසු අංග සම්පූර්ණ බෝධි පූජාව තබා මෛත්‍රී සිතින් කරණීයමෙත්තසූත්‍රය හත්වරක් සජ්ඣායනාකරන්න. ඉන්පසු හැකි තරම් වේලාවක් මෛත්‍රී භාවනාවෙහි නිරතවන්න. පසුව මෙසේ සිතන්න. “අනන්ත වූ සසර පටන්මේ මොහොත දක්වා ඉපදෙමින් මැරෙමින් ගත කළ ආත්මභවයන්හීදී මා විසින් දැනුවත්වහෝ නොදැනුවත්ව සිත කය වචනය යනතුන් දොරින් යම්කිසි වරදක්, පාපයක් සිදුවීම නිසා යම්කිසි සත්ත්වයෙක් මා දෙස වෛරයෙන්පසුවන්නේද, පළිගැනීමෙන් පසුවන්නේද ඒ සියලු වෛරයන්මේ මොහොතේ නැසේවා! ඒ සියලු දෙනාටමා කරන මේ කුසල කර්මඅනුමෝදම් වෙත්වා! යම්කිසි අකුසලකර්මයක් නිසා අපහට දරුඵල ප්‍රමාද වීද, ඒ අකුසලකර්මද මේ කුසලකර්ම නිසායටපත් වේවා!” යනුවෙන් ප්‍රාර්ථනා කරන්න. ඉන්පසුව සියලුම දෙවියන්ට පින්දෙන්න. සියලු අමනුෂ්‍යයන්ටද පින් දෙන්න. විශේෂයෙන් පත්තිනි මෑණියන්ට සහ විභීෂණ දෙවියන්ටපින් අනුමෝදන් කරන්න. කහ මල් මාලයපත්තිනි මෑණියන් සිහිකර බෝධියට පළන්ඳන්න. නිල් මල් මාලය විභීෂණ දෙවියන් සිහිකර බෝධියට පළන්ඳන්න. අනතුරුව ඒ දේවතාවුන් උදෙසාපඬුරු ගැටගසන්න. අපහට කයින් මනසින් නිරෝගීමත් පින්වත් දරුවෙක් ලබාදුන් පසුව ඔප්පු කරන බව පවසා තමාටහැකි අයුරින් පූජා වට්ටි පූජා කරන බව බාරවන්න.

 

මෙමකටයුතු සිදුකරන කාලය ඇතුළත වීදි සතුන්ට හැකි අයුරින් කෑමබීම ලබාදෙන්න. ගර්භනී සහ ළදරු මව්වරුන්සඳහා තමාට හැකි අයුරින් උපස්ථාන කරන්න. අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගකරන්න. මරණයට කැපවූ හෝ සිරවූ සතුන්තමාට හැකිවූ පමණින් නිදහස් කරන්න. අනතුරුව දිව්‍ය සමූහයාට සහතමාගේ අකුසල් දුරුවීම සඳහා ඒ කුසලකර්ම අනුමෝදන්කරන්න.

 

සැමසුවපත් වේවා!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk