ජීවිතයේ ප්‍රශ්නවලට විසඳුම් දෙන තත්කාල නිමිත්ත

තත්කාලය 4 කොටස
තත්කාලය යම් අවස්ථාවකදී විශ්වය සමග ගැටෙන අවස්ථා අප්‍රමාණයි. මන්ද යත් සෑම ජීවිතයක් සමබරව ගෙන යෑමට විශ්වය බලපානු ඇත.
ජීවවිග්‍රහය
තත්කාල නිමිති ශාස්ත්‍රයේ සේවාලාභීන් රැගෙන එන ප්‍රශ්න අතර බොහොමයක් පවතින්නේ ජීව ප්‍රශ්න වේ. එනම් අපා, දෙපා සිවුපා හෙවත් ප්‍රාණීන් පිළිබඳව තත්කාලයෙන් කරුණු කියවිය යුතුය.
■ සතා සිවුපාවුන් අහිමි වීම. (ගවයා, බල්ලා)
■ යොවුන් ප්‍රේමය උතුරාගිය අවස්ථාවේදී ඇති වන ගැටලු ජීව ප්‍රශ්නයකී.
■ අඹු සැමියන් අතර මතභේද
■ යම් යම් අසාධ්‍ය රෝගී තත්ත්වයන්නොමේරු ළඳරුවන් කහ පැහැවූ ළඳරුවන්පිළිබඳව ගැටලු තත්කාලයෙන් විසඳිය හැකිය.
■ යම් යම් නීතිමය තීන්දුව අපරාධකරුවන් පිළිබඳ තොරතුරු මේ යටතට වර්ග වේ.
■ ශෛල්‍යකර්ම පිළිබඳබ නිවේදනය.
■ දරුවා විභාගයෙන් සමත් වේද,
■ අදාළ කාන්තාව විදේශගත වේද,
■ මෙම භාණ්ඩය සොරා ගත්තේ කවුද,
■ මෙම හූනියම,
■ වශිය සිදු කර ඇත්තේ කවුද, යනාදි ප්‍රශ්න දමේ යටතට අයත් වේ.
උදාලග්නයට අනුව ධාතු මූල ජීව තත්ත්වයන් යෙදෙන ආකාරය පැහැදිලි කරමු.
ධාතුප්‍රශ්න
මේෂ
මේෂය චර රාශීයකී. එලෙසම තේජෝ රාශීයකී. කිසියම් තත්කාල පරීක්ෂණයකදී උදා වූ රාශීය මේෂ රාශිය වූ පමණින් එය ධාතු ප්‍රශ්නයක් යැයි විග්‍රහ කිරීම දෝෂ සහිතයි. ඒ සඳහා උදාවූ නවාංශකය ද පරීක්ෂා කළයුතුය. එබැවින් මේෂ, තුලා, කටක යන නවාංශකයන් උදාවී ඇත්නම් එය නියත වශයෙන්ම ධාතු ප්‍රශ්නයකී.
කටක
කටකය ද චර රාශීයකී. එලෙසම ආපෝ රාශීයකී. එනම් තත්කාල රාශීය ලෙස කටකය උදා වූ පමණින් එය ධාතු ප්‍රශ්නයක් වන්නේ නැත. ඒ සඳහා කන්‍යා, ධනු, මීන යන නවාංශකයක් උදාවන්නේ නම් එය ධාතු ප්‍රශ්නයකී.
තුලා
තුලා චර රාශීයකී. ඒ අනුව ධාතු ප්‍රශ්නයක් වන්නේ නැත. වායෝ රාශීයක් වන තුලාවේ නවාංශකය ලෙස තුලා, මකර, මේෂ උදා වී ඇත්නම් එය ධාතු ප්‍රශ්නයකී
මකර
මකරය චර රාශීයකී. එලෙසම පඨවි රාශීයකී. උදා වූ ලග්නය මකරවීමෙන් ධාතු ප්‍රශ්නයක් වන්නේ ද නැත. ඒ සඳහා මීන, මිථුන, කන්‍යා යන නවාංශකයන්උදා වී ඇත්නම් එයධාතු ප්‍රශ්නයකී.
තත්කාලය යනු අපට සිතිය නොහැකි විශාල විෂය පථයකී. හරියාකාරව තමාගේ ග්‍රහණයට මෙම විෂයය හසු කර ගත්තා නම්ජ්‍යොතිෂ විද්‍යාවත් සමගාමීව තමාට ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ම හිත සුව සිණිස සාධාරණ අවංක සේවයක් ලබා දීමට හැකි වනු ඇත. අද ලිපියෙහි පළවනු මෙම දැනුම හොඳින් උකහා ගන්න.
ජ්‍යොතිෂවේදියෙක්, තත්කාල නිමිති ශාස්ත්‍රඥයකු ගෙන් වැනි කෙනකු ගෙන් වචනයක් හරි කතා කිරීමෙන් ඔබගේ ජීවිතය ජය ගැනීමට හොඳ අස්වැසිල්ලක් වේවි.
තෙරුවන්සරණයි.
Advertisements


