Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

තමන් ජීවත්වන නිවස පදිංචියට සුදුසුද, නැද්ද කියාදෙන නිවාස වර්ගීකරණය

2 weeks ago 7 Min read
Subha.lk

නිවසක ගෘහ පිණ්ඩයහි අගය 8න් බෙදීමක් සිදුකරයි. එය සිදුවන්නේ නිවාස වර්ගයන් 8ක් පවතින නිසාය. මේ ආකාරයට 8න් බෙදාගත්විට ලැබෙනශේෂය මත නිවාස වර්ගීකරණය හෙවත් කුමන නිවස ඝනයකට අයත්වේ දැයි සොයාගත හැකි අතර ඒ තුළින් එමනිවසේ වර්ගය මනුෂ්‍ය වාසයට සුදුසුවේද, නොවේද යන්නත් එම නිවසින් ලැබෙන ශුභාශුභ මොනවාද යන්නත් අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත.

 

නිවසක වර්ගීකරණය යනුවෙන් අදහස එම නිවස කුමන වර්ෂයකට අයත්වන්නක් දැයි වාස්තු විද්‍යාත්මක පදනමකින් බැලීමයි. සෑම ජීවියකුම සෑම නිශ්චල, චංචල වස්තුවක්ම කුමන හෝ වර්ග කිරීමකට ලක්වේ. ජීවින් දෙස බලනවිට දී ද මනුෂ්‍යයන් ද ගැහැනු, පිරිමි වශයෙන් ද සත්ත්වයන් ද මේ ආකාරයටම වර්ග කිරීම් කරයි. ගම් වශයෙන් නගර වශයෙන් රටවල් වශයෙන් ජාතීන් වශයෙන් ආගම්, භාෂාව, වර්ණ භේදය අනුවද සෑම දෙයක්ම වර්ගීකරණයකට බෙදීමට ලක් කරයි. මනුෂ්‍ය ක්‍රියාකාරකම්ද හොඳ, නරක, ශුභ අශුභ වශයෙන් ද මනුෂ්‍යයන්හා මනුෂ්‍ය නොවන පියවි ඇසට නොපෙනෙන සත්ත්වයන් අමනුෂ්‍යය ලෙස වර්ගකරයි. එසේනම් අප වෙසෙන නිවසද මනුෂ්‍ය වාසයට සුදුසුනිවසක් වශයෙන් හා මනුෂ්‍ය වාසයට නුසුදුසු නිවසක් වශයෙන් වර්ගී කිරීමට ලක් කරයි. එය සිදුවන්නේ නිවසක පවතින ගෘහ පිණ්ඩය මගින් වන අතරම එම ගෘහ පිණ්ඩය ද ගණනය කරනු ලබන්නේ නිවසේ පවතින දිග×පළල ගණනය කිරීමෙනි.

 

ඒ අතරම එම වර්ගීකරණය අනුව සිදුකරන වැදගත්ම කරුණු අතර එම නිවස අයත්වර්ගය අනුව ප්‍රධාන දොර කුමන දිශාවට දැමිය යුතුද කුමන දිශාවකින් එම නිවසට ශුභ ශක්තීන් පැමිණේ ද නිවසේ මුහුණත පැවැතිය යුතු දිශාව කුමක්ද යන්න පෙන්වා දේ.

 

උදාහරණයක අනුව කිසියම් නිවසක ගෘහ පිණ්ඩය වඩුරියන් 196ක් යැයි සිතමු. (වඩුරියනට අඟල් 31කි)

 

එවිට 196/8 = 192 ඉතිරිය 4ක.ි

 

ඉතිරිය 4ක් වූවිට එය අයිතිවන්නේ ශ්වානහෙවත් කුක්කුර ආය වර්ගයටයි.

 

මේආකාරයට 8න් බෙදූවිට ලැබෙනශේෂයන් අනුව

 

1ක්ඉතුරු වූවිට – ධ්වජ ආය වර්ගයට

 

2ක්ඉතුරු වූවිට – ධූම ආය වර්ගයට

 

3ක්ඉතුරු වූවිට – සිංහ ආය වර්ගයට

 

4ක්ඉතුරු වූවිට – ශ්වාන ආය වර්ගයට

 

5ක්ඉතුරු වූවිට – වෘෂභ ආය වර්ගයට

 

6ක්ඉතුරු වූවිට – ඛර ආය වර්ගයට

 

7ක්ඉතුරු වූවිට – ගජ ආය වර්ගයට

 

“0” ක්ඉතුරු වූවිට – කාක ආය වර්ගයට අයත්වේ.

 

මෙහිදී මනුෂ්‍ය වාසයට ගැළපෙන ශුභඵල දෙන නිවාස 04ක් පවතී. ඒවානම්, ධ්වාජ ආය, සිංහාය, වෘෂභාය ගජාය යන වර්ග 04 වනඅතර වාසයට නොගැළපෙන අශුභඵල දෙන නිවාස වර්ග 04ක් ද පවතී. ඒවා නම්, ධූම ආය – ශ්වාන ආය – ඛර ආය සහකාක ආය වශයෙනි. එසේනම්මෙම ශේෂය මත වර්ග වූ නිවාස ආය වර්ගවල යහපත්හා අයහපත් ලක්ෂණ මොනවාද යන්න බලමු.

 

(1) ධ්වජආය වර්ගයේ නිවාස

 

නිවසේ ගෘහ පිණ්ඩය 8න් බෙදාගත්විට ලැබෙනශේෂය 01 ලෙස ඉතුරුව පැවැතීම ධ්වජ වර්ගයට අයත් වේ. පුරාණයේ රජ සිටුවරුන්ගේ මාලිගා ඉදිකරනු ලැබුවේ මෙම ආය ක්‍රමයටඅනුවයි. ධ්වජ ආය වර්ගයේ නිවාසවල ජය දිශාව වන්නේ නැඟෙනහිර දිශාවයි. නිවසේ මුහුණත නැඟෙනහිර දිශාවට ශුභ වන අතර ප්‍රධාන උළුවස්ස නැඟෙනහිර දිශාවට අමතරව අනෙක් දිශා 03ට ද තැබීම අශුභ නොවේ. ධ්වජ ආය නිවස ඇති නිවාස හිමියන්ට ඉතා ගෞරාවාන්විතව කීර්ති ප්‍රශංසා යසඉසුරු සම්පත් හිමිවන නිවසකි. බලාපොරොත්තු ඉටුවේ. වාසනාව හිමිවේ.

 

(2) ධූමඅගය වර්ගයේ නිවාස හෙවත් ධූම ආය ගෘහ පිණ්ඩය 8න් බෙදීමෙන් ඉතිරිවන අගය 2ක්නම් එය ධූම ගණයට අයත් නිවසකි.

 

මෙය මනුෂ්‍ය වාසය සඳහා සුදුසු නිවසක් නොවේ. මෙම නිවාසවල පදිංචි නිවැසියන්ට මානසික පීඩා, ශාරීරික හා මානසික දැවීම, වේදනා දෙන හේතුන් නිවසේ නිතරම අසමඟිකම රණ්ඩු සරුවල්වීම, ධනය නොරැඳීම සිදුවේ.

 

(3) සිංහආය වර්ගය

 

ගෘහපිණ්ඩය 8න් බෙදූ විටඉතිරිය 3ක් වන්නේනම් එමනිවස සිංහාය වර්යට අයත්වේ. ඉතාම හොඳ නිවසක් වේ. දකුණු දිශාවට ප්‍රධාන දොරදැමීම සඳහා සුදුසු වන අතර දකුණු දිශාවෙන් නිවසට වාසනාව ඇදී ඒ ධනය බලයකීර්තිය නොවඩුව හිමිවේ. බාහිර සමාජය සමග මනා සබඳතාවයක් හිමිවීම ඒ තුළින් සුවිශේෂ ජයග්‍රහණ හිමි වීමත්, නිවසේ දූ දරුවන්ගේ අභිවෘද්ධිය ජය හිමිවෙන බවත් වාස්තු විද්‍යාවේ පෙන්වා දේ.

 

(4) ශ්වනහෙවත් කුක්කුර ආය වර්ගයේ නිවාස

 

ගෘහ පිණ්ඩය ගණනය කිරීමෙන් ඉතිරි වන ශේෂය 4ක්බවට පත්වීමෙන් එම නිවාස වර්ගයශ්වන හෙවත් කුක්කුර ආය වර්ගයට අයත්වේ. මෙම නිවස මනුෂ්‍ය වාසයට සුදුසුනැත. නිතර ලෙඩ දුක් රෝග පීඩා සොර සතුරු බිය, දියුණුවක් නොමැතිකම දිනෙන් දිනට පරිහානියට පත්වීම. මෙම ශ්වන ආය වර්ගයට අයත්වන නිවාස සඳහා සුදුසු නොවුණ ද කුකුළු, ඌරුගොවිපල සඳහා යෝග්‍ය වේ.

 

(5) වෘෂභආය වර්ගයට අයත් නිවාස

 

ගෘහ පිණ්ඩය 8න් බෙදූවිට ඉතිරිවන අගය 5ක් නම් එය වෘෂභාය වර්ගයට අයත් වේ.

 

ශුභඵල ඇති අභිවෘද්ධිය ඇති කරන වාසනාවන්ත ගෘහයයි. ප්‍රධාන දොරටුව නැඟෙනහිර දිශාවට ඉතාම ශුභ වන අතර ජයග්‍රහණ අත්වන්නේ බටහිර දිශාවෙනි. එම නිසා බටහිරදිශාවට ද දොරක් දැමිය යුතුයි. දේශපාලනයේ යෙදී සිටින අයගේ ජයග්‍රහණයන් උදා කරයි. ව්‍යාපාරිකයන්ට ශුභයි. ධන සම්පත් වස්තු ලාභ දූ දරුවන්ගේ දියුණුවඇති කරයි.

 

(6) ඛරආය වර්ගයේ නිවාස

 

ගෘහ පිණ්ඩය 8න් බෙදීමෙන් ඉතිරිවන ශේෂය 6ක් නම් එයඛර ආය නිවසකි.

 

මනුෂ්‍ය වාසයට නුසුදුසු මෙම නිවස එදිනෙදා ජීවිතය යම්තමින් ගැටගසාගෙන ජීවත්වන්නට සිදුවේ. කොතරම් මහන්සියෙන් උත්සාහ කළ ද දියුණුවක්නොමැත. මෙවැනි නිවාස කෙටිකාලීන පදිංචියකට යෝග්‍ය වුවද දීර්ඝකාලීනව වාසය කිරීමට සුදුසු නොවේ. අවාසනාව, දුක, කරදර පීඩා බහුලවේ.

 

(7) ගජායහෙවත් හස්ති ආය

 

ගෘහ පිණ්ඩය 8න් බෙදීමෙන් ලැබෙන ඉතිරිය 7ක් නම් එමනිවස ගජ ආය නිවසකි.

 

ජය දිශාව උතුර වන අතර ප්‍රධාන දොර උතුරට පැවැතිය යුතුය.

 

නැඟෙනහිර – දකුණු දිශාව ද මෙයට අමතරව උළුවහු තැබීමෙන් මෙම නිවස ඉතා දියුණුවට පත්වේ. නිවැසියන්ට දීප්තිමත් හෙට දිනක් සියලු යස ඉසුරු සම්පත්හිමිවේ. දූ දරුවන්ගේ දියුණුව සමාජයේ කැපී පෙනීම, ජනප්‍රියතාවය අත් කර දේ. ඉතාමත්ම ශුභ ගෘහ වර්ගයකි.

 

(8) කාකආය වර්ගය

 

ගෘහ පිණ්ඩය 8න් බෙදූවිට ලැබෙන ශේෂය ඉතිරියක් නැතිනම් “0”නම් මෙම නිවාස වර්ගය කාක වර්ගයට අයිතිය. මනුෂ්‍ය වාසයට සුදුසු නොවන නිවසක් වන මෙම නිවස නිවැසියන්ට ශාරීරික මානසික පීඩා දෙන නිතර ව්‍යවසනයට ලක්කරන අවාසනාවන්ත නිවසකි. කිසිම දියුණුවක් නොලැබේ.

 

මෙම ආකාරයට ශුභ අශුභ වන ලෙසට නිවසේ ගෘහ පිණ්ඩය ගණනය කිරීමෙන් ලැබෙන ශේෂය මත නිවස වර්ගීකරණයට ලක්කරන අතර ඕනෑම අශුභ වර්ගීකරණයට අශුභ ආය වර්ගයට ඇති නිවසක් ශුභ ආය වර්ගයට අයත්නිවසක් බවට පත්කිරීමේ හැකියාව පළපුරුදු වාස්තු ශිල්පියකුට ඉතාම පහසුවෙන් කළ හැකිය. එමනිසා ඔබගේ නිවස අශුභ ආය වර්ගයට අයිති වුවද එය බියවීමට හේතුවක්නොවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk