Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අකුරු කියවීමට සුබ මුහුර්තියක්

2 weeks ago 7 Min read
Subha.lk

ප්‍රඥාවට මෙන්ම බුද්ධියට කාරක ග්‍රහයකු ලෙසින්හැඳින්වෙන බුධ ග්‍රහයා සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 10 තෙක් උච්චව ගමන් කරන හෙයින් අකුරු කියවීමට සහ සියලුම ශාස්ත්‍රීය කටයුතු වලට යෝග්‍ය වේ.

 

අකුරුකියවීමට සහ පොත් පත්ලිපිලේඛන කටයුතු වලට මෙදින යෝග්‍ය වේ.

 

එදිනපවතින යෝග අතර බුධ ආධිත්‍ය යෝගය, චාමරයෝගය, විදුරවි යෝගය, ගජකේශරී යෝගය, ජය යෝගය, පාශයෝගය, අනපා යෝගය, යස යෝගය, සංඛයෝගය, හර්ෂා යෝගය, ශ්‍රී කාන්තායෝගය යන යෝග ගණනාවක්එදින පවතින හෙයින් සියලු කටයුතු සාර්ථක වන දිනයක් දවේ.

 

විශේෂයෙන්අකුරු කියවීමේදී මෙම චාරිත්‍රය වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ හැරුණු කොට ප්‍රඥාවන්තයින්ගෙන් මුල් තැනලැබී ඇත්තේ සැරියුත් මහරහතන් වහන්සේටයි. සැරියුත් මහරහතන් වහන්සේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාඅතරේ ප්‍රඥාවන්තයින් අතරඅග්‍රශ්‍රාවක තනතුර දැරූහ.

 

එමනිසා දරුවන්ට අත්පොත් තබන අවස්ථාවේදී මෙතෙක් කලක් ගතානුගතික කර ගෙන ආසරස්වතී හා ගණදෙවි පූජාවන්පසෙක තබා අකුරු කියවන නැකත යෙදී ඇති දවසේ පෙර දිනයේ ළඟම ඇති විහාරස්ථානයට ගොස් බුදුන් වැඳ බුද්ධ පූජා, සංඝ පූජා, බෝධි පූජා පැවැත්විය යුතුය. අකුරු කියවීමට පෙර දරුවාට සැරියුත් මහරහතන් වහන්සේට මෙන් ප්‍රඥාව ලැබේවායියැයි අධිෂ්ඨාන කොට අත්පොත් තබන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk