Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හොඳට නරකට දෙකට රාහු කේතු

3 weeks ago 7 Min read
Subha.lk

ජ්‍යොතිෂය ශාස්ත්‍රයට අදාළ තාරකා ශාස්ත්‍රයේ රාහු – කේතු ගැන හැඳින්වීමක් නැති අතර රාහු කේතු ග්‍රහයන් නොවූවද ඡායා ග්‍රහයන් ලෙසහැඳින්වේ. මෙම ග්‍රහයන් නපුරුඅශුභ පලවිපාක දෙන ග්‍රහයන් ලෙසද ජ්‍යොතිෂ්‍යයේහැඳින්වේ.

 

චන්‍ද්‍රයා පෘථිවියවටා ගමන් කරන විට පෘථිවිය සූර්යා වටේ ගමන් කරන විට චන්‍ද්‍රයාගෙන් දික්තලනිරීක්‍ෂ රේඛාව සන්ධිස්ථානහැටියට සමහරු පිළිගනී. එමෙන්ම මෙම ග්‍රහයා ආපස්සටගමන් කරන ග්‍රහයකු වනඅතර රාහුගේ ගමන දවසට කාලය තුනකි. එය අවුරුද්දකට කලා 19 ක හෝ 20ක් වේ. ඒආකාරයට රාහු වට රවුමක් ගමන්කිරීම සඳහා අවුරුදු 18යි, මාස 7 යි දින 3ක්ගතවේ.

 

කේතුග්‍රහයා ද ඒ වගේමඡායා ග්‍රහයෙක් වනඅතර මෙම ග්‍රහයන් දෙදෙනාටසමහරු භීතියට පත්වේ. ඇත්තෙන්ම මේ ග්‍රහයන්දෙදෙනා හොඳට නරකට දෙකටම බලපායි. මෙම දෙදෙනාගේ ග්‍රහ පිහිටීම්අනුව ධන යෝග, රාජයෝගඇතිවේ. එවැනි යෝග එම ග්‍රහයන්ගේදශා, අතුරු දශා කාලවලත් කේන්ද්‍රයේ සුබ ස්ථානවල ගෝචරව හැසිරෙන විට සුබ ඵල ඉටුවන බවකේන්ද්‍රයේ පරීක්‍ෂා කිරීමෙන් මනාවදක්නට ලැබේ.

 

සුබග්‍රහයන්ගේ පිහිටීම අනුව සිදුවන සමහර යෝග ඵල කේන්ද්‍රහිමියාට නොලැබෙන අවස්ථා ඇතත් රාහු හා කේතුගේ පිහිටීමනිසා ඇතිවන යෝග ඵල ඍජුවම ඉටුවනබව සත්‍යයි.

 

සාමාන්‍ය පන්තියෙන් පැමිණිදේශපාලනයට යොමුවී මුදුන් මල්කඩ යට පිය නැඟූරාජ්‍ය ඇමැතිවරු, මැතිවරු, ප්‍රභූවරු ද සිටිති. රඹුක්කනසමාජ සේවා ඇමැති අශෝක කරුණාරත්න, සමුපකාර හා කුඩා කර්මාන්තඇමැති ආනන්ද සිරිසේන, මාවනැල්ලේ පී. ආර්. රත්නායක, චන්‍ද්‍රා රණතුංග, ගලගෙදර සංස්කෘතික ඇමැති ඇම්. ජී. ටී. බණ්ඩා වැනි දේශපාලකයන් රාහු හා කේතුගෙන් යෙදුණුරාජ යෝග තුළින් ඒ ඒ පදවිලැබුවෝ වෙති. එමෙන්ම රාහු – කේතු ඔවුන් ඉහළ නංවා පසුකලදී බිමටම දැමීමට සමත්ව ඇත.

 

රාහුහා කේතුගේ රාජ යෝග තුළින් බලයට පැමිණ හෝ ඔවුන්ගේ ධනයෝග තුළින් ධනවත් වූ පුද්ගලයෝ සුළුකලක් තුළදී පහතට වැටෙයි. එමෙන්ම රාහු හා කේතුගේ දශාතුළ උපරිම ඉහළ මට්ටමකට පැමිණි සමහරු ඔහුගේ දශාව තුළදීම විනාශයට පත්වන අතර අකල් හදිසි මරණවලට ගොදුරුවේ.

 

ජන්මියකුගේකේන්ද්‍රයක ස්ථාන 4ක්, ත්‍රිකෝණ ස්ථානදෙකක් රාහු හා කේතුට හොඳමස්ථානයි. එසේ ග්‍රහයෝ සිටිනවිට ඔහුට උපකාර ලැබේ.

 

ලග්නයටයෝගකාරක ග්‍රහයකු සමගමෙකී ස්ථානවල සිටින මෙම ග්‍රහයන්ගෙන් ජන්මියාටබලය, වස්තුව, සතුට ලැබේ.

 

රාහුහෝ කේතු යන ග්‍රහයන්ගෙන්එකෙක් නවයේ සිටින විට නවය හිමියා 10 සිටීම ද නැති නම් 9 හිමියා සමග සංයෝගව 9 හෝ 10 සිටීම ද ත්‍රිකෝණඅධිපති ග්‍රහයකු සමග 9 හෝ 10 යේ සංයෝග වීමෙන්ඔහුට රාජ යෝගයක් ලැබේ.

 

රාහුවෘෂභ රාශියට උච්ච වන අතර වෘශ්චිකරාශියට නීච වේ. කන්‍යා රාශියට ස්වක්ක්‍ෂේත්‍ර බලයෙන් යුක්තවනඅතර රාහු – රවි – කුජ හා ගුරු යනග්‍රහයන්ගේ ඵල ද කන්‍යා, මේෂ, වෘෂභ, කටක, මිථුන හා කුම්භ යනරාශිවලදී සුබඵල ලබාදෙයි. මේෂයේ සිට කන්‍යාව දක්වා රාහු බලවත් වේ. එවිට රාහු විසින් ජන්මියා ඇවිද්දවයි. එමෙන්ම ජන්මියාගේ මනස අවුල් ජාලාවක් කරන අතර එම කාලවලදී වාතසන්නි රෝගවලින් පෙළෙන අතර මනසට පීඩා ගෙනදී උමතුවට පත් කරයි. පිස්සකු මෙන් බුද්ධිය හීනවී ඇවිද්දවයි. තම අඹුවන් හාදූ දරුවන් අතහැර යයි. එසේ වුවද හදිසි ධන ලාභ ලබාදීමටසමත් වන අතර රැකියාදියුණුව, ප්‍රසිද්ධිය, කාමආශාව වර්ධනය වීම හා විවාහය ඉක්මන්කිරීමට හෝ ප්‍රමාදකිරීමට පුළුවන. එය වෙනත් ග්‍රහ හේතුන් පදනම්කරගෙන සිදුවන්නෙකි.

 

ජන්මියකුගේකේන්ද්‍රයක රාහු 7 වැන්නේ නම් එම පිහිටීම ශුභදායකනොවේ. රාහු විවාහ අවුල්කර කැඩීමට දක්‍ෂයෙකි. එවැනි ග්‍රහ පිහිටීම්ඇති අය විවාහ වීමෙන්පසු භේද කිරීම, වෙන් කිරීම, අනියම් සබඳතා ඇතිකිරීම, පරදාර සේවනය හෝ විවාහක දෙදෙනාගෙන්එක් අයකුට මරු වැලඳ

 

ගැනීමටසිදුවේ. එය වස විස, එල්ලිලා මරුමුවට පත්වීම ආදී බියකරු තත්ත්වයකට පත්කරයි.

 

රාහුබලවත්ව ලග්නයේ සිටියොත් ප්‍රසිද්ධිය ලැබේ. කඩිසරවේ. ඇවිදීමට කැමැතිවේ. විශේෂ දියුණුවක් ඇතිවේ. එමෙන්ම නපුරට හිටියොත් උපන් භූමිය, ගම, රට හැර යයි. දියුණුව අඩාල වී විටෙක ඉල්ලාකෑමට සිදුවේ. විවාහ කීපයක් කරගනී.

 

රාහුටයහපත උදාවන්නේ 11 වැන්නයි. ශුභ තැන සිටියොත් ලාභ, වස්තු ලැබේ. සියලු සැප සම්පත් උදාකරන අතර භූමි ලාභ, ධන ලාභ, වස්තුව, කීර්තිය, ප්‍රශංශාවන් ගෙනදේ. හතරවරිගෙටම නායකත්වය හිමිවන්නේය.

 

මෙවැනිග්‍රහයෝග අප රටේ නායකත්වයදැරූ බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන, සී. පී. ද සිල්වා යනඋත්තමයාණන්ලාගේ කේන්ද්‍රවල ද සටහන්ව තිබුණි. මේ කරුණු අනුව රාහුගෙන් කේතුගෙන් අවැඩක් සිදුවන්නේ යැයි නොසිතා ඔවුන්ගෙන් ඇතිවන රාජයෝග පිළිබඳව මෙන්ම ග්‍රහ අපලදුරුකර ගැනීමට මෙම ග්‍රහ ඥානයන්පුදා පූර්වාධි රවි මණ්ඩල යන්ත්‍රය පලඳින්න.

 

රාහුගේඅපලයට – සතියේ තමන් උපන් දවසේ රාත්‍රි කාලයේ නිරාහාරවපිරිසිදු කළු පැහැති වස්ත්‍රයකින් සැරසී සිද්ධස්ථානයක් කරා ගොස් කළු වර්ණ හුරු මල් වට්ටියක් හා ලාකඩ දුම්ද රාහු ග්‍රහයා වෙනුවෙන්පූජා කොට රාත්‍රි කාලයෙහි යමයාටපහනක් දල්වා පින් පැමිණවිය යුතුයි.

 

කේතුගේඅපලවලට – සතියේ තමන් උපන් දවසේ රාත්‍රියේ නිරාහාරව පිරිසිදු දුඹුරු පැහැය වස්ත්‍රයකින් සැරසී සිද්ධස්ථානයක් කරා ගොස් කළු පැහැයට හුරු මල් වට්ටියක් හා ලාකඩ දුම්ද (යමයාගේ පක්‍ෂයෙහි මවු) චිත්‍රගුප්තට පහනක් ද දල්වා පින්පැමිණිය විය යුතුයි. ග්‍රහ දෝෂදුරුවේ.

 

මෙමග්‍රහ පූජාවන් තබාරාහුට නාගර්ජුන යන්ත්‍රය ද කේතුටනාගමාලාව, ආඝෝරය හෝ සීලම්බර යන්ත්‍රය කරට හෝඉණට පලඳින්න. සෙත සැලසේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk