සමස්ත වාස්තු දෝෂයන්ට හේතුවන පංච මහා දෝෂයන්ගේ හැසිරීම් හා අනියම් දෝෂයන්
සමහර නිවෙස්වල සියදිවි නසාගැනීම්, මේ අතර නිවසතුළම ගෙල වැලලා ගැනීම, වස විෂ පානය, නිවස තුළත් නිවසේ භූමිය තුළත් සිදුකර ගැනීම නිසා එම නිවසේ අභිවෘද්ධිය ඇනහිටිනු ඇත. නිවසක් තුළ මරණයක් හදිසියේ සිදුවීම එම නිවැසියන්ට මහත්කම්පනයක් සේම තවදුරටත් එම නිවසේ ජීවත්වීම එපා කරවයි. ඉන්පසු මෙම හදිසි අනතුරක් හෝ සියදිවි හානිකර ගැනීමක් නිසා මියගිය බොහෝ පුද්ගලයන්ගේ භූත ආත්මවල බැල්ම හෙළීම, ගුප්ත ශබ්ද, දුගද හැමීම්, නොයෙක් අද්භූත ක්‍රියාකාරකම් පවතිනු ඇත.
වාස්තු විද්‍යාවේ එන පංච මහා දෝෂයන්ගෙන් එන ආරම්භක දෝෂ නිර්මාණ දෝෂ, පරිසර දෝෂ සම්බන්ධයෙන් පසුගිය සති 03ක සිට ඔබ අවබෝධයක් ලබාගන්නට ඇත. පංච මහා දෝෂයන්ගෙන් පැමිණෙන 04 වන හා 05 වන දෝෂ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ. එසේ නම් පංච මහා දෝෂවල 04 වන දෝෂය වන හැසිරීමේ දෝෂ ගැන බලමු. මෙයට ප්‍රථමව ප්‍රධාන දෝෂයන් යෙදෙන අවස්ථාවන් තුනක් සම්බන්ධයෙන් ඔබ හොඳ අවබෝධයක්ල බාගෙන ඇත. ඒවා සියල්ලම දෝෂ බවට පත් වුණේ නිවසක් ඉදිකිරීමට යෑමේදීය. නමුත් 04 වන දෝෂය වනහැසිරීමේ දෝෂය සම්බන්ධයෙන් පැවසීමට හැක්කේ නිවස සාදා පදිංචිවීමෙන් පසුය. එනම් කලින් පෙන්වා දුන් ආකාරයට ආරම්භ දෝෂ නොමැතිව, නිර්මාණ දෝෂ නොමැතිව, පරිසර දෝෂ නොමැතිව ඉදිකරන ලද ගෘහය තුළපදිංචිවීමෙන් පසුව දැන් මේ නිවසේ කිසිමදෝෂයක් නෑ. අපිට ඕනේ විදියට වසන්න පුළුවන් යන මතයේ සිටකටයුතු කිරීමට යෑමේදී නොසැලකිලිමත් කම තුළින් ඇතිකරගන්නා දෝෂයන් වන්නේ හැසිරීම් දෝෂයි.
පුද්ගලයකුගේ විනය තම ජීවිතය පුරාම හික්මීමකින් මනා ශික්ෂණයකින් යුක්තව පැවතිය යුතුයි. මනුෂ්‍ය ආත්මයක් ලද සැණින්ම සෑම අයකුම මනුෂ්‍යයන් වන්නේ නැත. අද සමාජයේ වැඩිපුරම ඉන්නේ මනුෂ්‍යයන් වශයෙන් පෙනී සිටියද අමනුෂ්‍යයන්ගේ ගති ලක්ෂණ ඇති අයයි. තමුන්ගේ ගෙදර වුවද ජීවත්වීමේදී තමන්ගේ හැසිරීම, කරන කියන දේ මානුෂික හා සංවර විය යුතුයි. මේ විශ්වයට හිමිකම්කියන තමන්ගේම යැයි සිතා සිටින නිවස මොනම ආකාරයකින්වත් තමන්ගේ නොවේ. ආධ්‍යාත්මිකව නිවස හා බැඳුන ද එය විශ්වයේ කොටසකි. විශ්වයේ ජීවියකු වශයෙන් වාස්තු විද්‍යාවේ හඳුන්වයි. එලෙස විශ්වයට හිමිකම පවතින තම නිවස තුළහැසිරීම, කතාකරන වචන, කරන වැඩ කටයුතු සෑම විටම සංවර විය යුතුයි. එසේ නොවීම තමන් ජීවත් වන ගෘහයේ දෝෂාරෝපණයට හා ශාපයට ලක්වීමක් බඳුයි. උදේ සිට රාත්‍රි වන තුරා රාත්‍රියේ සිට උදය වන තුරා තමන්ජීවත් වන නිවස තුළ පරුෂ වචන කීමෙන් අම්මා අප්පා මතක්කර බැණීමෙන් නිවැසියන් සමග බැණ වැදගනිමින්, රණ්ඩුවෙමින්, කෑගසමින් නිවසේ දොරවල් බිත්තිවලට පහර දෙමින් අශෝභන ආකාරයට හැසිරීමේ ක්‍රියාදාමයන්ට නීතියේදඬුවම් නොලැබුණ ද විශ්වයේ දඬුවම්වලින්මිදීයා නොහැක. නිවස හඬා වැටෙනු ඇත. හඬා වැටෙනවා අපිට නො ඇසේ. නමුත්එවැනි නිවාසවල පාළු මළ ස්වභාවය ගෙවල්මිදුල් අපිරිසිදුව මලානිකව පැවතීම කිසිම ක්‍රියාකාරී බවක්නොපෙනීම එම නිවස හඬා වැටීමකි. එවැනි නිවාසවල කිසිදු දියුණුවක්, සතුටක්, නිරෝගීකමක් නොමැත. සතුට නිරෝගිකම නැති තැන වාස්තු දෝෂ බලවත් වේ. සමහර නිවාසවල ගෙදර ඇති කරන කුකුළා දොර ළඟට ගෙන ගොස් කුකුළාගේ බෙල්ල උළුවස්ස දොර අතර රඳවා දොර වසා දමන්නේ කුකුළාගේ බෙල්ල කඩා යන ආකාරයටය. මේ ආකාරයේ ප්‍රාණ ඝාතයන්තම නිවසේ සිදුකරයි නම් එවැනි පාපකර්ම ශාපයක් ලෙස තම ජීවිත කාලයටම අත්විදීමට සිදුවේ. කකුළුවා දිය හැළිය රත්වන තුරා සතුටින් සිටින්නාසේ තමන්ගේ උපන් කුසල් ශක්තීන් අවසන් වන අවස්ථාවල මේවායේ ප්රතිලාභ තමන් වෙත පැමිණේ.
නිවාසවල හැසිරීම දෝෂවන කරුණු අතර නිදාගන්නා ඇඳන් ලී බාල්ක යටතබා ගැනීම, අල්මාරි සේප්පුවල වැරදි ආකාරයට දොරවල් විවෘත කිරීම, නිවසේ ගෘහ භාණ්ඩ වැරදි ආකාරයට තැබීම, එල්ලන පිංතූර ප්‍රතිමා වැරදි ආකාරයට වැරදි දිශාවල තැබීම, වැරදි වර්ණ රටාවන් භාවිතා කිරීම, සපත්තු, කුඩ, නිවාස තුළ භාවිතය, රෙදි වැල්, කුණු කසළ වැරදි ආකාරයට පැවතීම, නිවාසවල සුරාපැන්, මත් ද්රව්යආදිය අලෙවි කිරීම, බෙදාහැරීම, ගණිකා සේවනය, මස් මාංශ වෙළෙඳසල් නිවසේ පවත්වාගෙන යෑම, සූදු කෙලීම, අවි ආයුධ, අසාධාරණ වෙළෙඳ කටයුතු නිවසේ සිදුකිරීම, නිවස තුළ කෙළ ගැසීම, සොටු සීරීම, බුලත්විට කෑම නිවස අවට බුලත් කෙළ ගැසීම, ප්‍රධාන ද්වාරයයට සිට දත් මැදීම කෙළ ගැසීම, කොණ්ඩ පීරීම යන වැරදි හැසිරීම්තම නිවස තුළ සිදුකිරීම, කිලිටි රෙදි පුටු මත තැබීම, නිවසේමකුළු දැල්, බිත්තිවල පුස් ආදිය පවිත්‍ර නොකිරීම හාඋදය කාලයේවත් නිවසේ දොර ජනෙල් විවෘතව නොතැබීම යන වැරදි හැසිරීම්රටාවන්, අපිළිවෙළ නිසා එම නිවසේ හැසිරීම්දෝෂ ඇතිවීම සිදුවේ. මෙම හැසිරීම් දෝෂ ඇතිවීම තුළින් ඕනෑම නිවසක අසමගිය, පවුල් ආරවුල්, ලෙඩ රෝග බහුලවීම, අමනුෂ්‍ය දෝෂයන් ඇතිවීම, කරන කියන කටයුතු සඵල නොවීම, රැකියා අහිමිවීම, කරන රැකීරක්ෂාවල දියුණුවක් උසස්වීමක් නොලැබීම ආදී විශාල ප්රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවේ. මෙයින් මිදීමේ හොඳම මාර්ගය වන්නේ නිවස තුළ මනා ශික්ෂාවෙන් කතාවෙන් හා ක්‍රියාකාරකම්වලින් ස්වයං ශික්ෂණයක් විනයක් ඇතිව ජීවත්වීමයි.
5 අනියම්දෝෂ
වාස්තු විද්‍යාවේ සඳහන් කරන පංච මහා බල දෝෂයන් අතරින් 5 වන හා අවසාන දෝෂයවන්නේ අනියම් දෝෂයන්ය. මෙම අනියම් දෝෂ ඇතිවීමට බාහිර පිටස්තර අයගේ බලපෑම් බලපානු ඇත. පිටස්තර සතුරන් හා මිතුරන් ලෙසින්අප සමග ගැවසෙන ඥාතීන් හෝ පාප මිත්‍රයන් විසින් නිවසක වෙසෙන අයගේ දියුණුව, කීර්තිනාමය, උසස් තැනකට පත්වීම හේතුකොට ගෙන ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නිසාසතුටින් ජීවත් වන නිවැසියන් භේදබින්න කොට අසමගිය ඇතිකිරීමටත්, දියුණුව නවතාලීමටත් අරමුණු කොට කරනු ලබන නොයෙක් කොඩිවින, හදි හූනියම්, ඉරි පැන්නීම්, වැල්පැන්නීම්, මිණී අළු ජීවන්කර ඉසීම, කරුනු කොට ගෙන එම නිවසේ කුසල්ශක්තීන් අඩු අයට නොයෙක් ආකාරයේ තාඩන පීඩන මානසික පීඩා ඇතිකිරීමට වැඩි වශයෙන් හෝ සාමාන්‍යවශයෙන් ඇතිවෙන බලපෑම් නිසා එම නිවසේ නිතරනිතර අසමගිය, ලෙඩ රෝග බහුලවීම වගේම හදිසි අනතුරුතත්වයන්ද ඇතිවීමට ඉඩ තිබේ. හූනියම්බන්ධන තුළින් යක්ෂ, ප්‍රේත, පිසාචයන්ගේ ඇල්ම බැල්ම එම නිවසට ඇතුළුවේ. ඉතා හොඳ සමගියෙන් සිටි පවුල් විනාශයට පත්වේ. පිටස්තරයන් විසින් මෙසේ කරනු ලබන විනාශකාරී දේවල් වාස්තු විද්‍යාවට අදාළ නොවුණත් යම් නිවසක වාස්තු දෝෂ පැවතීම තුළින් බාහිර පුද්ගලයන් විසින් කරනු ලබන හදි හූනියම් බන්ධන ඉක්මනින් බලාත්මක වේ. ඒවායේ අශුභ ශක්තීන්ගේ වර්ධනය නිවසේ අශුභ ශක්තීන් සමග එකතුවී ක්‍රියාකිරීමෙන් නිවැසියන්ටමේවායේ අශුභ ඵල විපාක දෙගුණවී ක්‍රියාත්මක වේ.
සමහරනිවෙස්වල සියදිවි නසාගැනීම්, මේ අතර නිවසතුළම ගෙල වැලලා ගැනීම, වස විෂ පානය, නිවස තුළත් නිවසේ භූමිය තුළත් සිදුකර ගැනීම නිසා එම නිවසේ අභිවෘද්ධියඇනහිටිනු ඇත. නිවසක් තුළ මරණයක් හදිසියේ සිදුවීම එම නිවැසියන්ට මහත්කම්පනයක් සේම තවදුරටත් එම නිවසේ ජීවත්වීමඑපා කරවයි. ඉන්පසු මෙම හදිසි අනතුරක් හෝ සියදිවි හානිකරගැනීමක් නිසා මියගිය බොහෝ පුද්ගලයන්ගේ භූත ආත්මවල බැල්ම හෙළීම, ගුප්ත ශබ්ද, දුගද හැමීම්, නොයෙක් අද්භූත ක්‍රියාකාරකම් පවතිනුඇත. එසේ වන්නේ රෝගී වී වයසට ගොස්මරණයට පත්වූ අයට වඩා අල්ප ආයුෂවල දිවිනසාගත් හා දිවි නැසූඅය ජීවත් වූ නිවාසවලයි. ඒවගේම සමහර නිවෙස් තුළට හිවලුන්. කබරගොයන්ද ඇතුල්වීම, නිවසේ මුහුණත වැදී බස්සන්, වව්ලන්, පොල්කිච්චන් ආදී පක්ෂීන් නිවසේ දොරකඩ මැරී වැටීම, බළලුන් දොර ඉදිරිපිට මැරී සිටීම, සමහර සතුන් බෙල්ල කඩා ලේ පෙරී නිවසේදොරකඩ මැරී පැවතීමද එම නිවසට අශුභඇතිකරයි. නිවැසියන්ට නොයෙක් අනතුරු, මාරක පීඩා, හදිසි රෝග ඇතිකරයි. ඒ වගේම සමහරනිවාස කාලයක් පදිංචිව සිට වසාදමා මාස ගණනකින්, අවුරුදු ගණනකින් පසුව යළි පදිංචිවීමද දෝෂයකි. නොයෙක් භූත දෝෂ, හදිසි රෝග පීඩා, ධන හානි ගෙනදේ. ජොතිෂයේ පෙන්වාදෙන ආකාරයට නිවාස තුළ කූඩුකර ඇතිකරන ගිරව්, මයිනන්, සැළලිහිණියන් ආදී නොයෙක් පක්ෂීන් සිරකර තබා ගැනීම ද නිවසකට බලවත්බාහිර දෝෂයකි. කොතරම් ආහාර දමා ආදරය කළද එම පක්ෂීන්නිවැසියන්ට ශාප කරනු ඇත. තවත් සමහර නිවෙස්වලට නිවසේ මුදුන් බිත්තියට වහලයේ යටලීවලට අකුණු වැදීම නිසා බිත්තිය පුපුරා යෑමද එම නිවසට ඇතිවෙනබලවත් බාහිර දෝෂයකි. ඒ වගේම බොහෝනිවෙස්වල තම ආගමික ශාස්තෘන්උදෙසා, දෙවිවරුන් උදෙසා වැරදි ආකාරයට පහන් තැබීම, නිවසින් පිටත මිදුලේ පහන් කණු තබා පහන් තැබීම හිතුමතයට වැරදි ආකාරයයෙන් කිරීම තුළින් ඒවායෙන් හොඳ ප්‍රතිඵලවලට වඩාඇතිවෙන්නේ නරක ප්‍රතිඵලයන්ය. බොහෝවිට මිදුලේ තබන පහන් ආලෝකය පහන් පැළ භූමියේ සැරිසරන භූත ආත්මයන්ට නිවසට පැමිණීමට කරන මඟපෙන්වීමක් විය හැක. කුඩා දරුවන්ගේ ඇඳුම් පැලඳුම් රාත්‍රී වනතුරා එළියේවැල් මත තැබීමද කිරිසුවඳට ඇල්ම හෙළන ප්‍රේත ආත්මවලටකරන ආරාධනාවකි. මේ ආකාරයට සතිකීපයක් මා ඔබට විස්තරකළේ සමස්ත වාස්තු විද්‍යාවේ දෝෂ ඇති කරන පංච මහා දෝෂ සම්බන්ධවයි. එම නිසා නිවසක්ඉදිකිරීමට සැලසුම් කරන ස්ථානයේ සිට එම නිවසේ පදිංචිවීමත්පදිංචිවීමෙන් කලක් ගතවූ පසු ඇතිවෙන වාස්තු විද්‍යාත්මක දෝෂවල සංෂිප්තයන් පිළිබඳවයි. මේවා ගැන අවබෝධයෙන් කටයුතු කිරීමෙන් වාස්තු දෝෂ වලින් තොරව සතුට, නිරෝගිකම රැකෙන ශ්‍රී සෞභාග්‍ය ගෘහයක හිමිකරුවකුවීමට හැකිවනු ඇත.