Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අපි නොදකින වශී

3 weeks ago 7 Min read
Subha.lk

ගුරුකමක්නියම විධියට කරන කොට ඒකේ ලකුණු වැටෙන්නට ඕනෑ. ගුරුකමක ලකුණු වැටුණට පස්සෙ තමයි ජප මන්ත්‍රයමතුරන්නේ. කුමන හේතුවකටවත් ආරක්ෂක මන්ත්‍ර පාවිච්චි කළොත්ගුරුකම අහක යනවා…

විශේෂයෙන්ආසියාතික රටවල් වන නේපාලය, ඉන්දියව, ලංකාව තුළ ගුප්ත ශාස්ත්‍රය අනිකුත් රටවලට වඩා ශීඝ්‍ර ලෙස පැතිරුණා, විතරක් නොව, ප්‍රායෝගික වශයෙන්ද ක්‍රියාත්මක වුණා. ඒක නිසාම ගුප්ත ශාස්ත්‍රය ඉතා පැරණි ශාස්ත්‍රවලින් එකක් වුණා අපට. ඒ වගේම ජ්‍යොතිෂය ඊටම නොදෙවෙනි ලෙස සහයෝගය දැක්වුවා. කලක් ගතවන විට ජ්‍යොතිෂයට ගුප්ත ශාස්ත්‍රයත්, ගුප්ත ශාස්ත්‍රයට ජ්‍යොතිෂයන් නොමැතිව ක්‍රියාත්මකවන්ට බැරිතරමට සමීප වුණා. අදත් ගුප්ත ශාස්ත්‍රය ප්‍රායෝගිකව කිරීමේදී ජ්‍යොතිෂයෙන් කිනම්හෝ කොටසක පහස ලබනවා. උදාහරණ වශයෙන් කිසියම් යහපත් ගුරුකමක් කරන කොට එය ආරම්භ කරන්නේ පුර තිථිය ලැබූ නියමිත නැකත ඇති වේලාවකයි. පුර තිථිය හා…. නැකැත් ගුණ අවබෝධය ලබන්නේ ජ්‍යොතිෂය තුළින්සැකෙවින් කිව්වොත් ගුප්ත ශාස්ත්‍රය ප්‍රායෝගිකව කරන්න ජ්‍යොතිෂය නැතුව බැහැ.

 

මේ විශ්වයේ ගොඩක් දේවල් සත්‍යයයි. බොරුව කියල දෙයක් නැති තරම්. කුමන හෝ කාරණයක් උදෙසා සත්‍ය දේ අසත්‍ය ලෙසින් කරනකොට හෝ පවසනකොට බොරුව උපදිනවා. විශේෂයෙන් බොරුව කරන්නේ කුමන හෝ අයුතු යමක්ලබාගැනීමේ අභිලාෂය නිසාමයි. බොරුව සදාකාලික නොවන්නේ ද එනිසාමයි. නමුත්නියම දේ සත්‍යදේ සදාකාලිකයි.

 

වශීගුරුකම් වර්තමාන ලෝකයේ තිබෙනවාද? වර්තමානයේ පවතින ඕනෑම දෙයක් අතීතයේ තිබූ දෙයක් වන්නටම ඕනෑ. සමහර විට එය මතුකරගත්දෙයක් වන්නටත් බැරි නැහැ.

 

වශීගුරුකම් ගැන කතා කරනකොට හෙණරාජ තෛලය, කොටිතෙල් සුර පලඳනාව, මුවඅං වෂීය, කාම වෂීය ඉදිරියෙන්ම සාකච්ඡා වෙනවා. මාතාංගේශ්වරී යන්ත්‍රය, මේ ඝනයට වැටුණත්එය බලගතු වෂී යන්ත්‍රයක්. අනිත් ඒවා වගේ නොවන, කිසියම් තඹ තහඩුවක යමක්නිර්මාණය කර යම්කිසි මන්ත්‍රයකින් මතුරා ශරීර ස්පර්ශය සඳහා තිබෙන එකක්. ඒ යන්ත්‍රය මතුරන්නේ මාතාංගේශ්වරී ජප මන්ත්‍රයෙන්. ඒකයි විශේෂය.

 

හෙණරාජ තෛලය කියල කිව්වට මතුරන්නේ ප්‍රධාන වශයෙන්නියම කොටිතෙල් මිශ්‍රිත රසදිය. තව පොඩි පොඩි අනුපාන නැතිව නොවේ. ඒවා පුස්කොළ පොතේ සඳහන් වෙනවා. වර්තමානයේ නියම කොටිතෙල් ලබාගන්න බැරි වුණාම එක එක කලවම්තෙල් මතුරනවා. අනික ඒක මතුරන මන්ත්‍ර ලියා ඇතිපුස්කොළ පොත් දැන් හොයාගන්න අමාරුයි. හොයාගත්තත් කරන්න දන්නෙ නැහැ. මේ දෙවර්ගයම සම්පූර්ණ වුණානම් නියම ආකාරයට කරගත්ත නම් ප්‍රතිඵල ස්ථීරබව පාරම්පරික ගුප්තවේදියෙක් ලෙස මම සහතික වෙනවා.

 

ගොඩක්මිනිසුන් බොරුකරන නිසා අනිත් අයට මේ ගුප්ත ශාස්ත්‍රයත් එපා වෙනවා. එතකොට නිවැරදිව කරන කෙනාටත් එපා වෙලා එයාගේ නමත් පලුදුවනවා. හරියට කිව්වොත් හෙණරාජය ලංකාවේ මම දන්න තැනක නැහැ.

 

රසදිය හා කොටිතෙල් එකිනෙකට වෙනස්. රත් කරපු හැටියෙ මිස ළං කරපු හැටියේලිස්සා යනවා. ඒක උරේ හෝ කලව පළලා දමාගෙන හිටියම වෙඩි විතරක් නොවේ, විදුලි කෙටීම් වත් ශරීරයට වදින්නෙ නැතුව ලිස්සා දමනවා. විශේෂයෙන් තද ගතිය ලුහුටාදමනවා. හැකි නම් කරල බලන්න. හැබැයි එකක් මතක තබා ගන්න. ඒක වටිනවා. වැරදුනොත්පරිහරණය කරන කෙනාගේ ශරීර සෞඛ්‍යයට තදින් බලපානවා. මොකද මේක ක්‍රියාකරන්නේ ශරීරයේ රුධිරය සමග නිසා. මේ ගුරුකමට ප්‍රේත, භූත සම්බන්ධයක් නැහැ. ඖෂධ හා මන්ත්‍රබලය විතරයි.

 

වෂී ගුරුකම්වලට අවශ්‍ය වන්නේ මහමාතාංගේශ්වරිය, කාමධේනු වෂීය වගේ ඉතා යහපත් මන්තර. දැනට ලංකාවේ ඉන්දියාවේ පවතින්නේ මුවඅං වෂීය. මේක ඉතා ප්‍රභල වෂීයක්. ඉතාම කෙටියෙන් කිව්වොත් වැඩිවිය පැමිනුණ මුව දෙනකගේ හිස පලාගෙන එන පළමු අංකැබැල්ලක් පිරිසිදු රන්තැඹිලි තෙලින් ගලගා පුර තිථිය ඇති පුෂ නැකතින් මතුරා රත්රන් හෝ රත්රන් ආලේපිත සියුම් සුරයක බහා ඉනේ හො ගෙලේ පලඳාගන්න ඕනෑ. මේක ඉතාම බලගතු ජයග්‍රහණ වෂීයක්. පැලැඳ සිටින කාලයේදී වල්ඌරු මස්, අඟුලු කරවල කෑවොත් එදාම වේලාවේදී සුරයද පුපුරනවා. මේක අද්දුටු නියම ජයග්‍රාහික වෂීයක්. පලඳින්න බැරිනම් පලඳින්න එපා. මේ වගේ වෂීගුරුකම් කරන්න අවශ්‍ය බඩු හොයාගන්න ඕනෑ. ඔක්කොම නැති වුණත් ගොඩක් බෙහෙතේ ද්‍රව්‍යකොළඹින් ගන්නත් පුළුවන්. විශේෂ දෙයක් තමයි මේ ගුරුකම් කරනකොට මතුරන කෙනාත් ප්‍රවේශම් වන්නටඕනෑ, කිලිකුණුවලින්. යන්ත්‍රය පැලැන්දුවාට පස්සේ පලඳපු පුද්ගලයා ඊටත් වඩා ප්‍රවේශම් වන්නටඕනෑ. මේ වගේ ගුරුකම්වලදී කිලිකුණු සමාවල් නැහැ. මේ මුවඅං සුරවෂීය ස්ත්‍රී,පුරුෂ වෂීවලටවඩා ආකර්ශන ජයග්‍රහණවලට ආවේණිකයි. මේ බඩු ලංකාවටගෙන්වන අය නැතුව නොවේ. නේපාලයෙන් ගෙන්වන ලද මුවඅං නිවැරදියි. වෂීය හරියි. නමුත් මේ ගුරුකම් ඒඅය කරන්නෙ නැහැ. එහෙත් ගෙන්වන කොටිතෙල් නම් නියම නැහැ. මිශ්‍රිතයි.

 

අපි වෂී යන්ත්‍ර ගුණ කතාකරන කොට මතක් වන ගුරුකම් තමයිමලයාලි ගුරුකම්. ඒ කිව්වේ රොඩි ගුරුකම්. ඒවා දැහැන් ගුරුකම්. ඒ ගුරුකම් ජයග්‍රහණවලට හරි නැහැ. නමුත් ඒ අය කරනව මුදල් ගන්න. මහන්සියට වියදමට මුදල් ගත්තට කාරි නැහැ. නමුත් මුදලටම ගුරුකම් නොකරන එක තමයි හොඳ.

 

නිවැරදිව ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමේදී එය අවසන් පියවරට ගියාම ජ්‍යොතිෂය වගේ කිසියම් සහතික පොරොන්දුවකට තම පාරම්පරික ගුරුවරයා සමග එළැඹෙනවා. එනම් ගුප්ත වැඩ නිකරුණේ කෙනෙක්ගේ මරණයට සම්බන්ධව නොකරන ලෙසට. ජ්‍යොතිෂයේදී නම්චූලු නක්ෂත්‍රය අවසානයේදී කෙනෙක්මියයන දවස උගැන්නුවාට ඒක කිසිවකුටවත් නොපවසනලෙසට බව මේ ශාස්ත්‍රවල දැක්වෙනවා. මේ පොරොන්දු සමගයි කෙනෙක් ඉදිරියට යන්ට ඕනේ.

 

මේ ශාස්ත්‍ර මේ විධියට බලපෙන්නුවාට ක්‍රමයෙන් නැතිවී යන එකට නම්දුක තමයි. ඒත් ඒක නවත්වාගන්ට බැරිතරමට පිරිහීගෙන යනවා. ඒ එක එක අඩුපාඩුකම් පහසුකම් නැති නිසා. බොරුවක් නැතුව නොවේ. මේ ගුරුකම් අමාරුවෙන්හරි කරගෙන යන අයත් නැතුවමනොවේ.

 

අද බොහෝ ගුප්ත ශාස්ත්‍රය කරන අය බලාගෙන ඉන්නේ දෙවියන්ගෙන් හෝ ඒ වගේ බලවේගයන්ගෙන් වැඩ කරවා ගන්න. ශාස්ත්‍රයෙන් වැඩගන්න අයගේ උත්සාහය අඩුයි. තව දෙයක් තමයි කළුවරේ තනිවම මතුරන්න තිබෙන බය. මේ වගේ අයමට නම් බොහෝවිට හමුවෙනවා. ඉගෙන ගන්න කාලෙදී මේ බය නැතිකර නොගත්තාම ගුරුකම් කරන කාලයට මේ විධියේ පාඩුසිදුවනවා.

 

විශේෂයෙන්ගුරුකමක් නියම විධියට කරන කොට ඒකේ ලකුණු වැටෙන්නට ඕනෑ. ගුරුකමක ලකුණු වැටුණට පස්සෙ තමයි ජප මන්ත්‍රයමතුරන්නේ. කුමන හේතුවකටවත් ආරක්ෂක මන්ත්‍ර පාවිච්චි කළොත්ගු රුකම අහක යනවා විතරක් නොවේ වියිදමත් මහන්සියත් වතුරේ.

 

අද රටේ ගුරුකම් කරනවා තමයි ඕන තරම්. කෝ ඉතින් හරියන්නෙ නැහැනේ. ඒක හරි. නොගිය බව වත් සමහරු දන්නෙ නැහැ. ගුරුකම තමුන්ට හරිගියාට වැඩක් නැහැ. ඉල්ලුම් කළ කෙනාට හරියන්ට ඕනෑ. පුංචි රුකුලක් දෙන්නම්කෝ. වෂී ගුරුකමක් කරලා හරිද කියල බලන්න ඕනෑ නම් පසුවදා අලුයම කතා නොකර එය කයිල දැල්ලකට අල්ලන්න. ගුරුකම හරි නම් ඒ දැල්ල ඔබ වෙතට නැමෙනවා. එහෙම නොවුණා නම් නැවත තව මතුරන්න. සාමාන්‍යයෙන් වාර 1800ක් ඇති. තටුවට දමන කැවිලි, පලතුරු ටික ටික අඩුපාඩු වුණාට එච්චර ගණන් ගන්න එපා. මන්ත්‍රය නිවැරදි නම්කළා හරි නම් ගුරුකමක් වරදින්නෙ නැහැ. නැවත නොකිව්වට අවසානයට පෙර මන්ත්‍ර වෂිය, ආකර්ශනය, ස්පුඨ වගේ දේ කරන්ට අමතක කරන්න හොඳ නැහැ.

 

කොණ්ඩදෙණියේහාමුදුරුවෝ ගුරුකම් කළේ තද භූතයෙක් බැඳගෙනබව අමතක කරන්ට එපා. මේ ලියන ලද ගුරුකම් නොවේ. ඒ එක්තරා භූතබන්ධනයකින් තමයි කළේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk