ජීවිතය අවලස්සන කරන සුන්දර ග්‍රහයා – සෙනසුරු

සෙනසුරුයනු සූර්යයාගේ සිට ඇති හයවන ග්‍රහලොව වනඅතර සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පතිට පසුව එන දෙවන විශාලතමග්‍රහලෝකයයි. මෙය බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් සමග වායු යෝධයත් ලෙස නම් කර ඇත. මෙයනම් කරන ලද්දේ රෝමානු දෙවියකු වූ සැටර්නස්ගේ නමිනි. ඔහුව ග්‍රීක ක්‍රොනෝස්ට සමාන කරන ලද අතර බැබිලෝනියානුනිනුර්ටාට ද සමානවේ. සැටර්න්ගේ ලකුණ දෙවියන්ගේ දෑකැත්ත ප්‍රදර්ශනය කරයි. මෙයට උප ග්‍රහයන් 62ක් සිටිති.
සෞරග්‍රහ මණ්ඩලයේ සුන්දරම ග්‍රහලොව සෙනසුරුය. එයට හේතුව සෙනසුරු වටා පිහිටා ඇති දර්ශනීය වළලු පද්ධතියයි. සෙනසුරු යෝධ වායු ග්‍රහලෝකයකි.
ජ්‍යොතිර් විද්‍යාවේදී නැති නම් කේන්දර බැලීමේදී සෙනසුරුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒවා සෙනසුරු ඒරාෂ්ටක නමින් හැඳින්වේ. ඒරාෂ්ටක අපල වර්ග 4කි.
ලග්නඒරාෂ්ටකය
අෂ්ටමඒරාෂ්ටකය
ජන්මඒරාෂ්ටකය – (චන්ද්‍ර ඒරාෂ්ටකය)
චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටකය
සෙනසුරු ජම්ම කේන්ද්‍රයේ රාශි 12 පසු කිරීමට වසර 30ක කාලයක් ගනී. සෙනසුරු වසර දෙකහමාරක් එක් රාශියක ගත කරනු ලබයි.
ලග්නයෙන් 12 වැන්නේ, ලග්නයේ හා
ලග්නයෙන්දෙවැන්නේ සෙනසුරා ගෝචරවීම ලග්න ඒරාෂ්ටකයි.
සෙනසුරුලග්නයෙන් 8 වැන්නට පැමිණීම සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයි.
චන්ද්‍රයාගෙන් 12 වැන්නට, චන්ද්‍රයා සිටින රාශියට හා චන්ද්‍රයාගෙන්දෙවැන්නට ශනි ගෝචර වීම ජන්ම ඒරාෂ්ටකයි.
උත්පත්තිසඳු කෙරෙන් 8 වැන්නේ ශනි ගෝචර වීම චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටකයි.
ජම්මකේන්ද්‍රවල මෙම ඒරාෂ්ටක තනිව හෝ යුගල වශයෙන්ද යෙදී අපල විපත් ගෙන දෙන බැව් පොත් පත්හී සඳහන් වේ.
සෙනසුරුඅපල යනු බහුල වශයෙන් බොහෝ දෙනකුට බලපැවැත්වෙන ප්‍රබල අපලදෝෂ තත්ත්වයකි. සෙනසුරු අපල ඒරාෂ්ටක දෝෂ ඇතිවීම හේතුවෙන් මනුෂ්‍යයාට ජීවිතයේ බොහෝ මානසික පීඩාවන්, අසහනයන්, කරදර බාධක තත්ත්වයන්, අසාර්ථකත්වයන් ඇති කරයි. ශනි දෝෂ හෙවත් සෙනසුරු දෝෂ හේතුවෙන් මානසික පීඩාවන් මෙන්ම කායික දුර්වලතාව, අලස බව, නිධන්ගත රෝග මෙන්ම හදිසි අනතුරුවලට ද මුහුණපෑමට සිදුවේ.
දුකටඅධිපති ග්‍රහයා ශනිහෙවත් සෙනසුරුය. සෙනසුරු දෝෂ නිසා බහුලව සිදුවන හානියක් ලෙස නිතර නිතර නොයෙක් පුද්ගලයන් මුළාවීම්වලට ලක්වීමත්, හිසේ වේදනාවත් අරමුණක් නොමැතිව ජීවත් වන්නන්වාලේ ජීවත් වීමටත්, කිසිදු දියුණුවක් ඇති නොවීමත්, රැකියාවන් නොලැබීම් හෝ තිබෙනා රැකියාවක්සැනසිල්ලේ කර ගැනීමට නොහැකිවීයෑම වැනි බොහෝ අනිටු ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවේ. හින්දු පූජා ක්‍රමයන්ට අනුවශනි (සෙනසුරු) අපල ඇති කාලවලදී සෙනසුරු දෙවියන්ට පූජාවන් පවත්වා දෝෂ තත්ත්වයන්ගෙන් මිදිය හැකි බව පිළිගැනේ.
සෙනසුරුඒරාෂ්ටක අපල ඇතිවූවිට මහා මෘර්තුංජය, නවග්‍රහ මෘර්තුංජය යන්ත්‍ර පැලඳීම යෝග්‍ය වේ. නුගවෘක්ෂයකට ආවතේව වතාවත් කිරීම ද යහපත් වේ. තවද දුගී මගී යාචකාදීන්ට දන් දීම, මහා සංඝරත්නයට දන් දීම, බලු කපුටු දාන දීම, ගිතෙල් පහන් දල්වා බෝධි පූජා සිදුකිරීම යනාදිය ද ඉතාම යහපත්වේ. විෂ්ණු දෙවියන් උදෙසා වැටකේ මල් පූජා කිරීම ද සෙනසුරු අපලදුරුවීමට හේතුවකි. සෙනසුරු නිසා විෂ්ණු දෙවියන් ද බටකොළ කෑකතා පුවත ප්‍රචලිතය. නිල්පැහැති මල්, මාලා පූජා කරන්න. නිල් මැණික් පලඳින්න. බැවිල, වී පොරි, අංජනකැට, කළුතල, ලොන්සුළු, සතකුප්ප, සුදුහඳුන්, වෙනිවැල් තැම්බූ වතුරින් කෙම්මුර දින 7ක් ස්නානය කිරීමද සෙනසුරු අපල දුරුවීමට ප්‍රතිකර්මයකි.
Advertisements


