Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ග්‍රහ දෝෂ අමනුෂ්‍ය දෝෂ සහ වින දෝෂ පටලවාගන්න එපා

4 weeks ago 7 Min read
Subha.lk

එක්එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට කේන්ද්‍රයෙන් කේන්ද්‍රයට බලපාන සුබ අසුබ ඵල බෙදීම් දදෝෂ තත්ත්වයන්ද වෙන් වෙන් වේ. වර්තමාන සමාජයේ හතු පිපෙන්නා සේ පහළ වීඇති කූට පුද්ගලයන්ගේ නොමනා ක්‍රියා කලාපනිසා ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ හුදු මහත් සමාජය තුළම ඇති දෙගිඩියාව නිසා මේ දෝෂ වෙන්වෙන්ව දක්වන්නට සුදුසු යැයි සිතමි.

 

යම්පුද්ගලයන් හට ඇතිවිය හැකිදෝෂ

ග්‍රහ දෝෂ

විනදෝෂ

අමනුෂ්‍ය දෝෂ

කර්මදෝෂ ලෙස දැක්විය හැක. මේ ඉහත දැක්වූදෝෂයන් නිවැරදිව හඳුනා ගත නොහැකිව තමාගේවටිනා කාලය, ධනය, ගරුත්වය විනාශ කරගත් පුද්ගලයින් මුළු මහත් ජ්‍යොතිෂ විද්‍යාවත්, භූත විද්‍යාවත්, සෙත් ශාන්ති කර්ම දෙසත් අවිශ්වාසය සහ සැකය මූලිකපෙරදැරිව කටයුතු කරන බව පෙනේ. මේදෝෂයන් වෙන් වෙන් වශයෙන් මේවා ගැන හරි හැටි නොදත් කුසලතාවයක් නැති අයෙක්ට වටහා ගත නොහැකි වනුයේමේ සියලු දෝෂවල පෙන්වන්නේ එක සමාන ලක්ෂණනිසාවෙනි.

තමාහට සුව නොවන රෝගී තත්ත්වයක් ඇති වුවහොත්, ව්‍යාපාර කටයුතුබිඳවැටුණ හොත්, පවුල් ආරවුල් ඇති වුණහොත් මෙකී නොකී මේ ගැටලු සිදුවුණහොත් තමා විසින් මුලින්ම කළ යුතු වන්නේජ්‍යොතිෂ විද්‍යාවේදියකුගේ හෝ දේහ ලක්ෂණවිද්‍යාව ප්‍රගුණ කළඅයකුගේ සේවය පැතීමයි.

නොදැනුවත්කමනිසා අසරණ වී අගතියට පත්වීධනය විනාශ කරගත් පුද්ගලයින් සියලුම විද්‍යාවන් අවිද්‍යා ගණයට දමාසිතීමට තරම් මූථ වීමෙන් ඔවුන් තව තවත් අගාධයටවැටේ.

විදේශගතව සිටින පුද්ගලයින් සිතන්නට හුරුව ඇත්තේ තමා වෙනත් දේශයක (මුහුදෙන් එතෙරව) සිටින බැවින් තමාගේ කේන්ද්‍ර සටහනට අනුගතවඇති බලපෑම් බලනොපාන බවයි. නමුත් එම බලපෑම් වෙනස්වී හෝ අඩු වැඩිවශයෙන් තමා හට බලපෑම් සිදුකරන්නටපුළුවනි.

 

දෝෂසහ ඒවායේ ඵල

ග්‍රහ දෝශ – නවග්‍රහයින් ඇතුළුව රාහු අසුර දෝෂය මුල්ව සිදුවන දෝෂ ග්‍රහ දෝෂවේ

විනදෝෂ – අනවින, කොඩිවින, වැල්පැන්නුම්, ඉරිපැන්නුම්, ඉනා කැවීම්, අමනුෂ්‍ය බන්ධන

අමනුෂ්‍ය දෝෂ – මියගියඥාතීන්ගේ ඇල්ම බැල්ම, ප්‍රේත බැල්ම, කළු කුමාර දෝෂ, බහිරව දෝෂ, යක්ෂ දෝෂ, දෙවි දෝෂ වේ. කර්ම දෝෂ – තමා විසින් මේ භවයේ හෝපෙර සංසාර භවයන් තුළදී සිදු කරගත් අකුසල කර්ම පෙරදැරිව සසර පුරා සහ මේ ආත්මභවයේදීතමා හට අසනීප කරදරඇතිකරමින් තමා පසුපස එන කර්මයයි. ඉහතදැක්වූ කරුණු වලට වඩාත් තත්ත්වයෙන් භයානක සහ වෙනස් කිරීමටඅපහසු දෝෂය මෙය බව කිවයුතුයි. නියමආකාරයෙන් පුද පූජා තැබීම් සහ කුසල කර්මවල නිරත වීමෙන් එයද සමනය කරගත හැකියි.

 

සියලුදෙනාගේ සුබ සිද්ධිය උදෙසා දීර්ඝව සාකච්ඡා කළ යුතු කාරණාවක්සැකෙවින් හඳුන්වා දුන් නමුත් ඉදිරියේ වැදගත් ලිපි පෙළකින් එක් එක් දෝෂයන් සහ එම දෝෂයන්සමනයට තමා හටම සිදු කර ගත හැකිපිළිවෙත් සමූහයකින් හමුවන්නට බලාපොරොත්තු වන අතර නියමිතගුරු ඇසුරකින් මේවා සාක්ෂාත් කරගැනීමට උත්සුක වන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk