Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සෙනසුරු බලවත්වන ඒරාෂ්ටක කාල

1 month ago 7 Min read
Subha.lk

සෙනසුරුයෙදීම හෝ ඒරාෂ්ටක කාලයන්සියලු දෙනාට බරපතළ හානි සිදු කරන බව ඔබ සැමදන්නවා. එහිදී සෙනසුරුගේ හොඳ පැතිකඩක් ඇති බව මෙයින් තහවුරුකිරීමට දරන වෑයමයි මේ. සාමාන්‍යයෙන් සෙනසුරු ඒරාෂ්ටකය ඇති කාලවලදී අතපය කැඩීම, ව්‍යාපාර බංකොලොත්වීම, පවුල් ආරවුල් ඇතිවීම, අධ්‍යාපනය කඩාකප්පල් වීම, රෝගයන්ට ගොදුරු වීම, හිතට සහනයක් ගෙන නොදීම ඇතිවෙනවත් සමඟම තවත් අයෙකුට සෙනසුරු ඒරාෂ්ටකයත් තිබෙන කල්හි බලය වැඩිවීම, ව්‍යාපාරයෙන් දියුණුවීම, පොහොසත් වී සමාජයේ ඉහළටමගෙන යන අයද ඇතිබව පැහැදිලිවම ප්‍රකාශ කළයුතුවේ.

උදාහරණලෙස ශ්‍රී ලංකාවේඅතීතයේ ප්‍රබල නායකනායිකාවන් සෙනසුරු ඒරාෂ්ටකයවලදී බලයට පත්වූ බව ඔබ දන්නවද? ගරු එස්. ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක මහතා අගමැතිව සිටින කාලයේ මෙරට සියලු බලය පැතිර වූයේ ශනි ඒරාෂ්ටකේ තිබුණු කාලය තුළදී. 1899 ජනවාරි 3 වැනිදා කුම්භ ලග්නයෙන් උපත ලද බණ්ඩාරනායක මහතා 1956 දී අප්‍රේල් මස මැතිවරණයේ මහජනමතය අනුව අගමැති පදවිය ලැබූහ. ජන්ම කේන්ද්‍රයේ සඳු සිටි වෘශ්චික රාශියක් වූ 10 වෙනි භාවය තුළ සෙනසුරු සිටීම ජන්ම ඒරාෂ්ටකය උපතින්ම ලැබී තිබුණි.

සෙනසුරුබලවත්වන ඒරාෂ්ටක කාල

එහෙත්එතුමා හට එය බලවත්වුණ අතර, සෙනසුරු ඒරාෂ්ටකය බලවත්වූ රාජ්‍ය නායක, නායිකාවන්ලෙස ඩඩ්ලි සේනානායක මහතා, ලොව ප්‍රථම අගමැතිනියසිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා වැනි බලයට පත්වූ ප්‍රභූවරුන් හට එම රාජ්‍ය බලය ඇතිවූයේ සෙනසුරු එරාෂ්ටක පැවති කාලයේදී ය.

නමුත්සියලු අවස්ථාවන්හිදී ඒරාෂ්ටක පවා දරුණු නොවී යහපතක්ම උදා කරන අතර තම පෙර කරන කුසල් අකුසල් වලින් ප්‍රතිඵල වෙනස්වීමට පුළුවන. තම පෙර කරනකුසල නිසා යහපතක් සලසා දෙන අතර, තම පෙර කරඅකුසල් නිසා සුළු බාධක ඇති කරනු ලබයි. සෙනසුරු ග්‍රහයා විසින්මඇති කර නැති කරදැමීම සිදුවන්නේත් පෙර බව කර්ම ශක්තියබව මෙයින් පැහැදිලි වේ.

එබැවින්සෙනසුරු ඒරාෂ්ටකය තිබූ පමණින්ම බිය නොවන්න, තමා පෙර කරපු කුසල් අකුසල්. හේතුවෙන් සෙනසුරු ඒරාෂ්ටකයේ ප්‍රතිඵල ලැබෙනුඇත. නොපමාව කුසල් රැස්කර ගැනීමේ කිසිදු අපලයකට තමාව බිඳවැටීමට නොහැකි බව මෙයින් තහවුරුවනු ඇත.

මෙමකාලවලදී ව්‍යාපාරය දියුණුව, ප්‍රසිද්ධිය, සිතූ පැතූ ආකාරයේ සියලු දේ ලැබෙනවානම්, කිසිදු ආකාරයෙන් අකුසල් නොකරන්න. හැකි සෑම අයුරින්ම අන් අයට උදව් කිරීමට පුරුදු වන්න, එවිට සෙනසුරු ඒරාෂ්ටකය කාලයේදී පවා සෙනසුරු ග්‍රහයාගෙන් ඔබටඋදව් ලැබෙනු ඇත. හිත හොඳ මිනිසුන්ට සෙනසුරු ග්‍රහයා ඉතාබලවත් වේ. දියුණුව ගෙන දේ අන් අයකෙරෙහි ඊර්ෂ්‍යාව ක්‍රෝධය ඇතිමිනිසුන්ට සෙනසුරු ඒරාෂ්ටකයක් බව මෙයින් දන්වාසිටිමි. අපි සෑම අයුරින්ම අන් අයට කරදරයක් නොවන සේ ධාර්මිකව ජීවත්වීමට හුරුපුරුදු වීමෙන් ඒරාෂ්ටික සියල්ල ජය ගැනීමට හැකිවනුඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk