Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සිතුම් පැතුම් සපලවේද? කලින් බලාගත හැකි දේව ශාස්ත්‍ර නිමිත්ත

1 month ago 7 Min read
Subha.lk

අතීතයේ භාරත දේශයේ විසූ ඍෂිවරුන් විසින් මිනිසාගේ යහපත උදෙසා යන්ත්‍ර හා මන්ත්‍ර නිබන්ධනය කෙරෙනලද්දේය. ඒ අතර නිමිතිශාස්ත්‍ර පිළිබඳව දඔවුහු සඳහන් කළෝය. නක්ෂත්‍රය හා නිමිතිශාස්ත්‍ර එක දම්වැලකපුරුක් දෙකක් මෙනි. නිමිති ශාස්ත්‍රයෙන් දැනගත හැකි කරුණු බොහෝය. භාරත ඍෂිවරු නිබන්ධනය කළ නිමිති අතරනවග්‍රහ නිමිත්ත අෂ්ඨලෝකධර්ම නිමිත්ත ශ්‍රී රාමනිමිත්ත ගර්‍ග¡ නිමිත්ත හාදේව ශාස්ත්‍ර නිමිත්ත ප්‍රධාන වේ.

අදත්සමහරුන් කිසියම් දෙයක් නැති වූ විට හෝවෙනත් සුබාසුබ දෙයක් කලින් දැන ගැනීමට යන්නේ නිමිතිකරුවන් සොයාගෙනය. අපි කැට නිමිත්තක් අල්ලන්න යනවා යයි පවසන්නේ එවැනි අවස්ථාවලදී ය. ඉදිරියේ දීසිදුවන්නට යන දෙය කල්තියාදැනගැනීමට එදා ඍෂිවරුන් විසින් නිර්මාණය කරන ලද දේව නිමිතිශාස්ත්‍රය ඉදිරිපත් කරමි.

මෙහික්‍රමය - ඉෂ්ට දේවතාවුන් සිහිකොට ගෙන මලක් කඩාගෙන එමඟින් කුඩා ළමයෙකු ලවා තුන්වරක් කොටුවලට අත තබා එයඅනුපිළිවෙළින් ලකුණු කර ගන්න.

එසේනැත්නම් දිග හා පළල එකගණනට සිටිනා සේ සුදු හඳුන්කැබැල්ලක් හරි හතරැස් කොට (දාදු කැටය සේ) එහි සතර පැත්තේ ඉහත සඳහන් චක්‍රය ලියා (1 - 2 - 10 - 100 ) තුන් වරක් උඩ දමා උඩටසිටින ඉලක්කම අනුපිළිවෙළින් ලියාගෙන පහත සඳහන් පලාපල ඒ ඒ අංකවලටඅයත් කොටස්වලින් බලා දැනගත යුතුයි.

ප්‍රතිඵල

1 - 1 - 1 දෙවියන්ගේආධාරයෙන් ඔබ සිතුදෙය සපලවේ. නැති වූ සිව්පාවෙක් හෝවෙන යම් දෙයක් වේ නම් එයවහා ලැබේ. ගමනක් ගොස් සිටි කෙනෙක් ගැන නම් ඔහුද ඉතා ඉක්මනින් පැමිණේ. ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කටයුතු සපලවේ.

1 - 2 - 2 සිතුඅදහස අනුව වැඩ කළොත් බොහෝ අලාභ හානි හා විපත් ඇතිවියහැකිය. විරුද්ධකාරයන් ඇතිවේ. ඔබ ගමන යාමටසිතා ගත්තේ නම් එය අත්හරින්න.

100 - 100 - 100 අදහසඉටුවේ. ගොවිතැන් කටයුතු සඵල වන අතර මිතුරෙකුගේඋදව්වෙන් සතුරන්ගෙන් ජය ලැබේ.

100 - 100 - 1 ඔබටඉතා අසුබයි. සිතු අදහස සිතින් බැහැර කර ගන්න කවුරුන්හෝ ඔබට මේ ගැන පැවසුවේනම් එය විශ්වාස නොකරන්න.

10 - 2 - 2 ඔබටදේව කෝපයක් ඇති වී තිබෙන බැවින්කරනා කියනා දෙය ඉටු නොවේ. කෙනෙකුට යටත් නොවනා බැවින් කරදර ඇතිවේ. දෙවියන්ට පූජා පවත්වා පින් පෙත් දෙන්න. 2 - 2- 10 ජීවිතයට හානියක් නොවේ. රෝගයක් නම් එය සුවවේ. සතුරන්මිතුරු සැප සම්පත් ගෙන දේ.

10 - 1 - 10 - සිතූඅදහස සඵල නොවේ. පුණ්‍ය ස්ථානවලට පැමිණේනම් එම අදහස ඉටුවේ. සුබඵල ලැබේ. ස්ත්‍රියක සමඟ විරුද්ධයක් නම් ඇය යළි මිතුරුවේ.

100 - 2 - 2 සිතුවිල්ලඅසාර්ථකයි. ඉටු නොවේ. මධ්‍යම ප්‍රමාණයේසුබාසුබ ඇතිවිය හැකිය.

1 - 100 - 100 සිතාසිටින අදහසින් හානි පැමිණිය හැකිය. කරන්නට යන රැකියාවෙන් ප්‍රයෝජනයක් නැත. රෝග පීඩා ඇතිවේ. විවාහය ප්‍රමාද වේ. පුණ්‍ය ක්‍රියාවන්හියෙදීමට සිතට ගන්න.

10 - 10 - 1 ඔබඉවසිලිවන්තව කටයුතු කළේ නම් වස්තුව ලැබේ. විවාහය සිදුවේ. පිය පාර්ශ්වයෙන් භූමි ලාභ ඇතිවේ.

2 - 1- 10 සිතූඅදහස ඉටු නොවේ. එය සිතින් ඉවත්කර ගන්න. විරුද්ධකාරයින්ගෙන් අපල උපද්‍රව ඇතිවිය හැකිබැවින් සිහිනුවණින් යුතුව කටයුතු කරන්න.

10 - 10 - 2 අදහසනිෂ්ඵලයි පරිස්සම් වන්න.

1 - 10 - 1 ඔබගේපවුලේ තත්ත්වය ඉතා කෙටි කලකදී වාසනාවන්ත වේ. සිතූ පැතූ සියලු සම්පත් ලැබේ.

1 - 10 - 2 ඔබේපළමු සතුරා මිතුරු වේ. උසස් අයගෙන් උපකාර ලැබේ. නෑදෑයන් සතු ධනය හිමිවේ. ප්‍රශංසා ලැබේ.

100 - 100 - 10 සතුරන්මිතුරන් වේ. ඥාතීන්ගෙන් සහ සොරුන්ගෙන් ලාභලැබේ. ආභරණවලට හිමිකරුවකු වේ.

2 - 10 - 2 ගනුදෙනුනොලැබී යයි. අදහස හරි නොයයි. වෙළෙඳාමෙන් පාඩු ලැබේ. සිවුපාවුන්ට හානි පැමිණේ. රෝගාබාධ ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

10 - 1 - 1 අයහපත්අතහැර යහපත් කටයුතු කිරීමෙන් අදහස සඵල වේ. නඩුහබවලින් ජය ලැබේ. උතුමන්ගෙන්කීර්ති ප්‍රශංසා හිමිවේ.

10 - 100 - 1 - ලෝකඩආදිය වෙළෙඳාමෙන් ප්‍රයෝජනයක් නොලැබේ. ස්ත්‍රියක නිසා ඉඩකඩම් ලාභ ඇති කරයි.

100 - 2 - 10 සෑමකටයුත්තකින්ම ජය ලබයි. තමාසිතූ දෙය කෙනෙකු නිසා මෙතෙක් ප්‍රමාද වුවත්එය ඉක්මනින් ඉටු වෙයි. රෝගයක් නම් ඉක්මනින් සුවය ලැබේ.

1 - 100 - 10 - අදහසසාර්ථකයි. ආධාර ලැබේ.

1 - 2 - 10 ගොවිතැන්කටයුතු ගැනනම් එය සාර්ථකයි. වෙළෙඳාමක්ගැන නම් ඉන් ප්‍රයෝජන ඇතිවේ. ස්ත්‍රීන් හා දරුවන් ලැබේ.

100 -2 - 100 ඔබටසතුරෙක් සිටී. ඔහු සමඟ දබරයට යාමෙන් වළකින්න. කරන කියන කටයුතු අසාර්ථක වේ. දෙවියන්ට පින් පෙත් දෙන්න.

10 - 100 -10 ඔබසිතු දෙය සපල වේ. සිතු අය සමඟ කතාකළොත් නොවරදවාම එම කටයුත්ත ඉටුකරගත හැකිය. ස්ත්‍රී සැප රන්රුවන් හා ගව සම්පත්ලැබේ.

10 - 2 - 1 - උතුමන්මිතුරු වේ. ඖෂධවලින් ගුණ ලැබේ. රෝග පීඩා සුවවේ. විරුද්ධවාදීන් ගැන සිතා ගමන අතපසු නොකරන්න. සියල්ලෙන්ම ජය ලැබේ.

2 - 100 - 2 මෙතෙක්සිතා සිටි කරුණු යහපත් නොවේ. හවුලේ වෙළෙඳාම් නොකරනු. ධන හානි හාශාරීරික පීඩා ඇතිවේ. සිවුපා පුත්‍ර මිත්‍රආදීන්ගෙන් විපත් ඇති කරවයි. කුල දෙවියන් පිදීමෙන් මඳක් ගුණ ලැබිය හැකිය.

10 - 100 -100 - දෙවියන්ගේආධාරයෙන් කුසල් කිරීමට සිත යොදන්න. උතුමන්ගේ ආශ්‍රයෙන් විරුද්ධවාදීකම් දුරු වේ. යක්ෂ ගෙවල ප්‍රේත සූනියන්දෝෂ දුරු වේ. සිතූ පැතූ සම්පත් ලැබේ.

1 - 2 - 1 උසස්අය මිත්‍රවීම ඉඩකඩම් ලැබීම මෙහෙකරු සිවුපාවුන් වැඩිවීම සිදුවෙයි. සිතූ දෙය ඉටුවේ.

2 - 1 - 2 රැකියාවනැතිවේ. ස්ත්‍රීන් නිසා නින්දා අපහාස ලැබේ. රෝග දුක් හා පීඩා විපත්පැමිණේ. පුත්‍ර හානි සිදුවේ.

1 - 100 - 1 සතුරන්ගෙන්ජය ලැබේ. ග්‍රහ අපලදුරුවේ. රෝගය සුවවේ. අධික ධන ලාභ ලැබේ.

100 - 10 - 100 -උතුමන්ආශ්‍රයෙන් රාජ්‍ය ගෞරවය ලැබේ. නැවත විවාහය සිදුවේ. පුත්‍රලාභ අදහස් සපල වේ. වස්තු ලාභ නීරෝගි බව හා සතුටඇති කරයි.

100 - 10 - 1 - ඉහතදැක් වූ පලයමයි.

2 - 10 - 100 දැනටඔබ පදිංචි වී සිටින ස්ථානයහොඳ නැත. අදහස් නිෂ්ඵල වේ. සොර සතුරු බිය ඇතිවේ.

100 - 1 - 1 සහ 2 - 100 - 10 - කුල දෙවියන්ගේ ආධාරයෙන් සිතූ අදහස සපල වේ. නා නා මාර්ගවලින්සැප ලැබේ. මුහුදින් එතෙර දේපළවල හිමිකම් ලැබේ.

1 - 1 - 10 - ග්‍රහ අපල කරණකොටගෙනවිපත් ඇතිවිය හැකිය. ස්ත්‍රී සමාගමයෙන් කරදරඇතිවේ. පුත්‍රයන් වෙන් වෙයි. සොර සතුරන්ගෙන් හානි පැමිණේ.

10 - 10 - 100 - ශෝකයදුරුවෙයි. වෙන් වූ අය නැවතපැමිණේ. සොරුන් ගෙන ගිය දෑ නැවත ලැබෙයි. අදහස් සාර්ථක වේ.

2- 2- 1 සිතූදෙය ඉක්මනින් ඉටුවේ. පාට ද්‍රව්‍යයන්ගෙන්ලාභ ගුරු උපදේශ ලැබේ. විවාහය ඉටුවේ.

10 -100 - 2 - ඔබඉදිරියට පැමිණෙන සතුරාට බිය නොවන්න. ගොවිතැන් වෙළෙඳාම් කටයුතු සාර්ථක වේ.

100 - 10 - 2 - මවුපක්ෂයෙන් ලාභ ලැබේ. උතුමන්ගෙන් වෙන්වීමට සිදුවේ. පහත් අය සමඟ මිත්‍රවීම නිසා අදහස ප්‍රමාද වෙයි. තරමක් ප්‍රයෝජනයි.

100 - 100 - 2 සිතූසියල්ල ලැබේ. සතුරන් තුන් දෙනෙකි. එහෙත් භය නොවෙනු. සිතූදෙයින් ජය හා සතුට හිමිවේ.

1 - 10 - 100 දුරසිටි කෙනෙක් පැමිණේ. සිතු දෙය යහපත් වේ. ඔහුගෙන් ඔබට බොහෝ පල ප්‍රයෝජනලැබේ.

100 - 1 - 100 ස්ත්‍රීන් වෙන්වීම උණ රෝග භූමිහානි හා කල කෝලාහලඇතිවිය හැකිය. කටයුතු අතපසු වේ. උතුමන්ගෙන් සුළු ප්‍රයෝජන ලැබේ.

1 - 10 - 10 - සිතුදෙය ඉටුවේ. සිරෙන් නිදහස් වේ.

2 - 1 - 10 අදහසසඵල වේ. ස්ත්‍රී සැප වස්ත්‍රාභරණ භූමි ලාභ හා වෙළෙහෙළඳාමෙන් ලාබලැබේ.

2 - 2 - 2 වස්ත්‍රාභරණයන්ට හා රැකියාවට හානිපැමිණේ. දරුවන්ගෙන් කරදරද රෝග පීඩා ද වෙළෙඳාමෙන් ස්වල්පලාභද ඇති කරයි.

10 - 10 - 10 ඔබේසියලු විපත් දුරු වී බන්ධු මිත්‍රාදීන්ගෙන් ආධාර උපකාර ලැබේ. සිතේ ධෛර්යයද වෙන් වූ අයෙකුගේ ආධාරදධාන්‍ය ලාභ දඇතිවේ.

1 - 100 - 2 දෙවියන්ගේආධාරයෙන් සැමගෙන් උදව් ලැබේ. සිද්ධස්ථානවලට යාමෙන් ලාභ ප්‍රයෝජන අත්වේ.

10 - 1 - 10 පුත්‍රයන් ලැබීම, විවාහ පිළිබඳ සතුට අදහස ඉටුවීම, සිතේ චංචල ගතිය මඟහැරී යාම විරුද්ධකාරයින් මිතුරුවීමද වේ.

2 - 10 - 1 ඔබේඅදහස ප්‍රයෝජන සහිතයි. පුත්‍රයින් ලැබේ. වස්තු හා වස්ත්‍රාභරණලාභ ඇති කරයි.

1 - 1 - 10 සහ 10 - 2 - 1 සඳහා ප්‍රතිඵල රතුමිනිසුන්ගෙන් අදහස ඉටුවේ. කළු අය කරණකොට ගෙනවිරුද්ධවාදීකම් ඇතිවේ. පිට පළාත්වලින් ධාන්‍යාධාර ලැබේ.

සිතසන්සුන් කරගෙන නිමිත්ත අල්ලන්න. සාර්ථක ප්‍රතිඵල ලැබේ. දේව ශාස්ත්‍ර නිමිත්ත කෙසේදැයි ඔබත් අත්හදා බලන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk