Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවසක් ඉදිකිරීමට ප්‍රථම ඉඩමේ පාදවල සුදුසු නුසුදුසු බව දැනගන්න

4 months ago 7 Min read
Subha.lk

භූමියක පාද බෙදීමක් යනුවෙන් අදහස් කරන්නේ ශුභ හා අශුභ ලෙස භූමියක කොටස් වෙන්කර ගැනීමයි. භූමියක පාද කොටස් 04ට බෙදා වෙන්කර ඇත. මෙය වාස්තු විද්‍යාවේ භූමියක් පරීක්‍ෂා කිරීමේදී කරන ප්‍රථම අංගය වේ. මෙය බෙදා වෙන් කරන්නේ නිවසක් ඉදිකිරීම සඳහාය. නිවසක් ඉදිකිරීමේදී  භූමිය මෙලෙස

  1. ප්‍රේත පාදය
  2. මනුෂ්‍ය පාදය
  3. දේව පාදය
  4. බ්‍රහ්ම පාදය යනුවෙන් වෙන් කරයි.

    1. ප්‍රේත පාදය

ප්‍රේත යනුවෙන් අදහස් කරන්නේ ඉවත් කළ යුතු නැති නම් ප්‍රයෝජනයට නොගත යුතු කොටස ලෙසයි. භූමියක මායිමට යාබදව ඉඩමේ ප්‍රමාණය අනුව බෙදා ප්‍රේත පාදයට වෙන් කරයි. පාද බෙදීමේදී 1 සිට 49 දක්වා සංඛ්‍යාවන්ට දිග 7 හා පළල කොටස් 7කට බෙදා එය 49 කොටස් කරගෙන ඉඩමේ මායිම වටා 1 සිට 24 දක්වා වටයට ගෙන එන කොටස් 24 ප්‍රේත පාදය සඳහා වෙන්කරනු ඇත. පර්චස් 40කට අඩු ඉඩම් මේ සඳහා භාවිතා කිරීමට වෙන් කිරීමට හැකියාව නොමැති වුවද උතුරු නැගෙනහිර දිශාවලත් අඩි 2 – 3ක් වත් අවමය වෙන් කිරීමට හැකි නම් ඉතා ශුභයි. මෙම ප්‍රේත කොටසට වෙන් කරන කොටස ලොකු භූමියක නම් තරමක් ඉඩකඩ ඉතුරුව පවතී. නමුත් මෙම ප්‍රේත හෙවත් ඉවත් කර දැමිය යුතු කොටස තුළ මොනම  ආකාරයකවත් ළිඳක් කැණීම, බුදු මැඳුරකට හෝ ආගමික ශාස්තෘවරයකු උදෙසා මල් පහන් පූජා තබන ස්ථානයක්, මුළුතැන් ගෙයක පෝරනයක් ඉදි නොකළ යුතුයි. එසේ නම් ඔබට ගැටලුවක් මතු වේවි මායිම් බිත්තියට ගෙන ඇති නිවෙස්වල මෙම ප්‍රේත පාදය තුළ ළිප පැවතීම, නිදන ඇඳ තැබීම, එහෙම නැති නම් බුදු පහන දැල්වීම  කරන්නේ කියා. මේ සඳහා එවැනි ප්‍රේත පාද සමග නිවාස ඉදිකරගෙන පදිංචි වී ඇති අය මායිම් බිත්තියේ  කෙළවර තබා ඇති තමන්ගේ නිදන ඇඳ බිත්තියෙන් අඩි 04ක් වත් ඇතුළට ගන්න. මෙම කොටසට හසුවන මුළුතැන්ගෙයි ළිප අඩි 4ක් වත් ඇතුළත තබන්න. එසේ නොකිරීමෙන් ඔබට, ඔබේ නිවසේ නිවැසියන්ට අමනුෂ්‍ය බලපෑම, අශුභ  ශක්තීන්ගේ බලපෑමට ලක්වීමට හැකිය.

මෙම ප්‍රේත පාද කොටසට, ලොකු භූමියක වෙන්කර ඇති කොටස තුළ දිශාවන්ට අනුකූලව වැසිකිළි වළවල්, කුණු වළවල්, අපද්‍රව්‍ය පිටකරන වළවල් තැබීමට හැකි අතර ඒවා නිවසේ මර්මස්ථානවලට පීඩා නොවනා ආකාරයට  නිවැරදි දිශාවන්ට ස්ථානගත කිරීම ශුභ වේ. පුරාණ වාස්තු විiා ග්‍රන්ථවල සඳහන් ආකාරයට භූමියේ අපිරිසිදුම කොටස වන මෙම ප්‍රේත පාද කොටස පෙන්වන්නේ භූමියේ මායිමට යාව ඇති අනාරක්‍ෂිත නුසුදුසු කොටස  වශයෙනි.

  1. මනුෂ්‍ය පාදය

ප්‍රේත පාදයට යාබද කොටස වන මනුෂ්‍ය පාදයට අයත්වන්නේ දෙවන තීරුවට අයත් අංක 25 සිට 40 දක්වා අයත් කොටසයි. නිවසක් තැනීමේදී මනුෂ්‍ය පාදය පිහිටි කොටස ශුභ වේ. මෙය මනුෂ්‍ය පාදයේ අවසන් කොටස දක්වාම වෙන්කර ගත හැකි අතර මනුෂ්‍ය පාදයේ කොටස මොනයම් ආකාරයටවත් ප්‍රේත පාදයට  සම්බන්ධ නොකිරීමට ඉඩ නොදිය යුතුයි. නමුත් වාස්තු විiාවේ පෙන්වා දෙන ආකාරයට මෙම මනුෂ්‍ය පාදයට  අයත් කොටස මීළඟට වෙන් කරන දේව පාදයට හසුවීම අශුභ නොවන බවත් එය ඉතා ශුභ බවත් පෙන්වා  දේ. නාගරිකව ඉදිකරන කුඩා භූමිවලට මෙම ක්‍රමයන් ප්‍රායෝගිකව කරන්නට පැවසීම හාස්‍යයක් වුවද පර්. 40කට වඩා වැඩි බිම් කොටස්වල නම් මෙම ආකාරයට පාද වෙන්කර නිවස සාදාගැනීමට හැකි නම් එය ඉතාම  ඵල සහිත සෞභාග්‍යමත් නිවසකට හේතු වේ.

  1. දේව පාදය

වාස්තු විද්‍යාවේ පූර්වාචාරීන් පෙන්වා දෙන ආකාරයට භූමියක නිවසක් ඉදිකිරීමට සුදුසුම කොටස එම භූමියේ දේව පාදය කොටස වන අතර එම කොටස මනුෂ්‍ය පාදයට යාබද කොටසේ 41 සිට 48 දක්වා පවතින තීරුවයි. මෙම දේව පාදයට අයත් කොටස තුළ නිවසක් ඉදිකිරීමෙන් එහි පදිංචි නිවැසියන් දිනෙන් දින දියුණුවට පත් වේ. කිසිම දවසක අමනුෂ්‍ය දෝෂ ඇතිවන්නේ නැත. නිතරම දේවාකර්ෂණය අත්වේ. මෙම භූමිවල නිවාස ඉදිකර පදිංචි වන්නෝ ඉතාම පිරිසිදුව නිවස හා අවට භූමිය පවත්වාගෙන යා යුතුයි. ඌරන්, කුකුළන්, එළුවන්, සුනඛයන් වැනි සතුන් ද සෑදීම අශුභ වේ.

  1. බ්‍රහ්ම පාදය

අංක 1 සිට වටයට හතරැස්ව කැරකී ප්‍රේත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදයට මැදිව ඉතිරි වූ 49 වැනි කොටස හෙවත් මධ්‍ය ලක්‍ෂය භූමියක බ්‍රහ්ම පාද කොටසට අයත් වේ. මෙම කොටස භූමියක අති  පාරිශුද්ධ කොටසයි. සාමාන්‍යයෙන් බ්‍රහ්ම පාදයට අයිති කොටස තුළ නිවස ඉදිකරන්නේ නැත. මෙය විශාල  ඉඩමක නම්ලොකු කොටසක් අයත් වන අතර පොඩි ඉඩමක නම් පොඩි ඉඩ ප්‍රමාණයක පවතී. කිසියම් භූමියක මෙම  කොටසට අයත් භූමි කොටසේ නිවසක් ඉදිකිරීම විනාශයට හේතුවක් වේ. භූමියේ කොන් හතරේ විකරණ රේඛා දෙපසට පැමිණ ඡේදනය වන කතිරය ගිනිකතිරය වශයෙන් හඳුන්වයි. කිසියම් භූමියක මෙම ස්ථානයේ වළක් කැපීම,  ළිඳක් කැපීම, කුණු වළක් තැනීම ගෘහ හිමියාගේ විනාශයට හේතු වේ.

ඉඩමක නිවසක් ඉදිකරන විටදී කුඩාම ඉඩමක වුවද උතුරට හෝ නැගෙනහිරට පොඩි ඉඩක් හෝ තනා නිවස  ඉඩමේ මායිම් 04ට බිත්ති නොගත යුතුයි. එසේ ගැනීමෙන් නිවසේ බ්‍රහ්ම පාද ලක්‍ෂය මෙන්ම භූමියේ ගිනිකතිරය ද එකිනෙක  මතට මේ ලක්‍ෂ්‍යයන් දෙකම පතිත වේ. එය ඉතාම අශුභදායකය. එය වාස්තු විiාවේ පෙන්වා දෙන්නේ මරු සුලමලෙසිනි. මෙම ලක්‍ෂයන් දෙක එක මත පවතිද්දී එයට හරි මැදට වෙන්න මුදුන් යටලීයෙහි පූට්ටුවක් පතිතවීම  එනම් මරු සුලම ලක්‍ෂ්‍යය මත මුදුන් යටලී මූට්ටුව පතිත වීම ගෘහ හිමියාගේ මරණය ඇතිවීමට පවා තුඩුදෙන  දෝෂයකි. ඒ වගේම මෙම මරු සුලම නිවසේ උළුවස්සක් මැදට වහලයේ යට ලීයක මූට්ටුවකට වැටීම ද අශුභ  ගෙනදෙන දෝෂ වේ.

ක්‍රමවත් ඉඩමක පාද බෙදීම භූමිය නිවස මරුසුලම
රූප සටහනේ 1 සිට 24 දක්වා ප්‍රේත පාදය
25 සිට 40 දක්වා මනුෂ්‍ය පාදය
41 සිට 48 දක්වා දේව පාදය
49 කොටස බ්‍රහ්ම පාදය වේ.

චතුරස්‍ර ඉඩමක ඉඩමේ හරි මැද මේ ආකාරයට බ්‍රහ්ම පාදය පවතින ආකාරයට අක්‍රමවත් ඉඩමක පාද වෙනස්  වන ආකාරයට පිහිටයි. නමුත් අක්‍රමවත් ඉඩමේද බ්‍රහ්ම පාදය මැද කොටස තුළම පිහිටනු ඇත.

ඉහත කරුණු සලකා බලන විටදී ඉඩමේ අති පූජනීය වූ බ්‍රහ්ම පාද ස්ථානය එම භූමියේ මාර්ගයක් කැපීමේදී ද  ඉඩමට කොටසක් එකතු කිරීම එසේ නැති නම් ඉඩමෙන් කොටසක් අලෙවි කිරීමෙන් බ්‍රහ්ම පාද පිහිටීම වෙනස් වන බව දැනගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk