Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නැකතක් සුබ වන්නේ විශ්ව සත්‍යතාවලට සමගාමී වීමෙනි

4 months ago 7 Min read
Subha.lk

ජන්මියා  උපන් නැකත අනුව එම දිනයක උදා වී ඇති නැකත සම්පත් – ක්‍ෂෙම – සාධක මෛත්‍රී – පරම මෛත්‍රී කියන ගුණයකට හසු වී තිබිය යුතුය. එසේ නැකතක් ශුද්ධ කරගන්නේ ඔහු කරන්න බලාපොරොත්තු වන කටයුත්තට බාධා  ඇති වීම් හෙවත් තමන්ගේ පාප පීඩා දුරු කර ගැනීමටය.

වර්ෂ 1637 ලියන ලද “මේ කුඑ පටලය” නම් කවි පොතක මිනිසාගේ ගොවිතැන සම්බන්ධ වැසි තත්ත්ව, නියං තත්ත්වයක් ගැනත් කෘමි උවදුරු නැති වන්නටත්, භෝග සම්පත් වැඩිකර ගන්නටත් සම්පත් වන සත්ත්ව උවදුරු නැති  වන පරිදි වැටවල් බඳිින්නටත් ඉස්සර මිනිස්සු උපයෝගී කර ගත්තේ ජ්‍යොතිෂයයි.

1637 වසරේ යම් කෙනකු විසින් ලියන ලද “මේ කුඑ පටලය” නම් කවි පොතක් පිළිබඳව ජ්‍යොතිෂයමය සාර  සංග්‍රහයක් ලංකා ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර තිබේ. කාලය වෙනස් වෙන්න වෙන්න ජ්‍යොතිෂය පිළිබඳ අවිඥ්ඥානික මිනිස්සු ඒ දේවල් සැලකුවේ හන මිටි අදහස් ලෙසය. නූතනයේ කෘෂි පර්යේෂණ බිහිවීමත්  පොළොව නිස්සාර නිසාත් අද එවැනි ප්‍රතිඵල ගොවිතැන් නොලැබෙන වාද විය හැක.

මේ ලිපියෙන් අපි කතා කරන්නේ ගොවිතැන සම්බන්ධ ජ්‍යොතිෂයමය කරුණු ගැන නොව ගෙයක් දොරක් තනාගැනීම ව්‍යාපාරයක් ඇරඹීම වැනි නූතන ලෝකයට අවශ්‍ය නැකත් ශාස්ත්‍රය ගැන වැදගත් කරුණු රැසකි. නැකත් යනු විශ්වයේ සංයුතීන් හා  ග්‍රහයින්ගේ පරමාණුක ශක්තීන් එක් වීමෙන් සෑදෙන ක්‍රියාකාරී සුබ ශක්ති අපේ අවශ්‍ය වැඩයට පාදක කර ගන්නා  අන්දම විස්තරයකි. නැකත් යනු අපි අරමුණු කරන කටයුත්තෙන් අපට නිසි ඵල ලැබීම සඳහා  වර්ෂය – මාසය – දිනය – එදින පවතින නැකත යෝගය – කාරණය – තිථිය – ආයනය – කාල හෝරාව – එම කාල හෝරාවේ ශූක්‍ෂම කාල හෝරාව උදා වූ ලග්න රාශිය ආදී දේවල් අපේ අරමුණට සාපේක්ෂව ශුද්ධ කර ගැනීමයි.

දැන් අපට රෝගයක් සුව කර ගැනීමට වෛද්‍යවරයා  බෙහෙත් දෙයි. බෙහෙත් වර්ග 4ක් දී ඇත් නම් මේ පෙති එක බැගින් උදේට ගන්න කියා මාත්‍රවක් දෙයි. මේ පෙති මේ ප්‍රමාණයෙන් සවස තුනට  ගන්න කියා දෙයි. මේ පෙති දෙක රාත්‍රී නින්දට පෙර ගන්න කියා දෙයි. එසේ කළ පසු රෝගය සුව අතට හැරේ. මෙසේ වෛද්‍යවරයා  දෙන මාත්‍රාව එම ඖෂධවල ඇති රසායනික සංයුතීන් සමග පෑහී යාමෙන් රෝගය සුවවේ. අපි නිවසක් තැනීමට – ව්‍යාපාරයක් ඇරඹීමට හෝ  වෙනත් දෙයකට තැනක් ශුද්ධ කිරීමේදීත් විශ්ව සත්‍යතාවන් වූ නැකත – දිනය – තිථිය – යෝගය – කරණය යන කරුණු පහ කෙරෙහි විශේෂ සැලකිල්ල යොමු කළ යුතුය. එකී කරුණු පහ “පංචාංග ශුද්ධිය” ලෙස හැඳින්වේ. එය ඒ කරුණු පහ සමග එකිනෙක සුබ විය යුතුය. වෛද්‍යවරයා  දෙන බෙහෙත්වල රසායන සංයුතිය අදාළ ලෙඩේට ගැලපීම තිබිය යුතුවාක් මෙනි. ගැලපී නැති නම් ලෙඩේ සුව නොවී වෙනත් ලෙඩක් ඇතිවීම සිදු විය හැක. ඒ නිසා  මෙම කරුණු පහට එනම් පංචාංග ශුද්ධිය ජ්‍යොතිෂ්‍යයේ නම් කරන්නේ මිනිස් ජීවිතයකට ඥාණ – ධර්ම – අර්ථ – කාම – මෝක්‍ෂ යන කරුණු පහ හැටියටය. එය සමාප්තිය නම් වේ.

මේ කරුණු පහ පංච සමාප්තිය ලෙස අර්ථ ගැන්වේ. නිවසක් තනන්න ගන්නා නැකතක් යම් ව්‍යාපාරයක් යම්  පංච සමාප්තිය මනාව තිබිය යුතුය. නැති නම් බෙහෙත් අදාළ ලෙඩේට නොගැලපී වෙනත් ලෙඩක් ඉස්මතු වූවා  සේ අසුබ මතු විය හැක. ගෙට මුල් ගල තිබ්බාට පසුව ගේ ඉතිරි වැඩ දවසින් දවස පස්සට යෑම හෝ  පවුලේ කෙනෙක ලෙඩ වී කරදර සිදුවීම හෝ  පවුලේ සමගිය විනාශ වී වැඩ කටයුතු ඇනහිටීම ආදී අසුබතා වර්ධනය විය හැක. ආර්ථික තත්ත්වය බිඳ වැටී  දුප්පත් වීම හෝ හදිසි අනතුරු ඇති වී අකර්මණ්‍ය වීම ආදී දේවල් මෙන්ම මිනිසුන් විසින් ඉරිසියාව නිසා කරන දේවල් වලින් ඇනහිටීම් ඇති විය හැක.

මේ සියලු දේවල් වලින් මිදීමට මෙම පංචාංග ශුද්ධිය බෙහෙවින් උපකාර වේ. එනම් දිනය – නැකත – තිථිය – යෝගය – කරණය යන පංචාංග ශුද්ධියයි. පංච සමාප්තිය යනු එයයි. මෙය ජ්‍යෝතිෂයේ අර්ථ ගැන්වෙන්නේ මෙසේය.  සතියට දින හතකි. නැකතට මේ දින වලින් සුබ දිනය තෝරාගත යුතුය. මෙසේ සුබ දිනය තෝරන්නේ තම කේන්ද්‍රයේ සුබම ග්‍රහයාගේ දිනය හෝ  පොදු වශයෙන් බ්‍රහස්පතින්දා – සිකුරාදා – බදාදා  යන දිනයන් සුබ නැකතක් සඳහා  යොදා ගත හැක.

එම ජන්මියා  උපන් නැකත අනුව එම දිනයක උදා වී ඇති නැකත සම්පත් – ක්‍ෂෙම – සාධක මෛත්‍රී – පරම මෛත්‍රී කියන ගුණයකට හසු වී තිබිය යුතුය. එසේ නැකතක් ශුද්ධ කරගන්නේ ඔහු කරන්න බලාපොරොත්තු වන කටයුත්තට බාධා  ඇති වීම් හෙවත් තමන්ගේ පාප පීඩා දුරු කර ගැනීමටය.

එසේ ඉහත කීපරිදි සුබ දිනය තේරීමෙන් සිදු කරන්නේ එම කරන්න යන වැඩයට ආයුෂය යහපත ්කර ගැනීමටය. නැකතෙන් තමන්ට බාධා ඇති කරන පෙර පව් දුරු වේ.

ඊළඟට තිථිය බැලීමය. ඒ සඳුගේ ගමනට උදා වෙන දිනයන්ය. මේ ආකාර තිථි 15ක් පවතින අතර පුර පක්ෂයේ සුබ තිථි වලින් පටන් ගන්නා වැඩ වල ශ්‍රියාව – සෞභාග්‍ය – අලංකාරය ඇති වන බව පැවසේ. එසේම පංචාංගයට අයත් ඊළඟ කරුණ යෝගයයි. මෙම යෝග ගණනින් 27කි.

අති ගණ්ඩ – ශුල – ගණ්ඩ – ව්‍යාඝාත – වජ්‍ර – ව්‍යාතිපාත – පරිඝ – වෛධෘත යන යෝග ඉතාම අශුභය. සෙසු යෝග ශුභ වේ. යෝගය අසුබ නම් එම වැඩ කිරීමේදී තමාගේ  නීරෝගී බව දුරු වී ලෙඩ නිසා එම වැඩය අතරමග කඩාකප්පල් වී යයි. ඊළඟ පංචාංගයේ දක්වන්නේ කරණය  ගැනයි. කරණ 11ක් ජ්‍යෝතිෂ්‍යයේ පවතී. අසුබ කරණයක් වුවහොත් ් එම කරන වැඩ කඩා කප්පල්වීම සිදු වේ.

මේ අනුව ජ්‍යෝතිෂයේ පංචාංග ශුද්ධිය ලෙස සලකන්නේ මේ පංචාංගයයි. විශේෂයෙන් දිනය – නැකත – තිථිය – යෝගය – කරණය යන කරුණු තුළ ශුද්ධිය එලෙස ඇති කරන්නේ තම පව් බලය එම කරන්න යන වැඩයට මුල් නොවීමටය දුරු කර ගැනීමටය. පුර පක්ෂයට අයත් සඳුදා දින 11 සිට 12 අතර සිකුරුට අයත් කාලයයි. එදින සූර්ය උදාවට ගලපා ගත හැක. මේ සිකුරු හෝරාවේ 11.50ට සුබ පංචම කාල හෝරාවක් තුළ නැකත සාදා ගත යුතුය. අඟහරුවාදා සුබ නැකත් නොසාදන නමුත්  උදේ 06 සිට 07 දක්වා කාලය තුළ 6 සිට විනාඩි 12 ක් හැර ඊළඟ බුධ හෝරාවෙන් 2 ක් ගෙන 5.14 ට සාමාන්‍ය නැකත් ගත හැක. එය කුජ හෝරාවේ බුද පංචම හෝරාවයි.

නිවෙස් තැනීමේදී ලණු ඇදීම කාණු කැපීම් වලට සුබ වේ. බදාදා දින උදේ 6 සිට 7 දක්වා සඳුට අයත් කාලය තුළ විනාඩි 24කට පසු යෙදෙන සඳුගේ බුධ පංචම කාල හෝරාවෙන් විනාඩි දෙකක් ඒ විනාඩි 24 ට එකතු කර දරුවාට අකුරු කියවීමට – අධ්‍යාපන කටයුතු ඇරඹීමට පොත් පත් ලිවීම ආරාම්භ කිරීමටත් නැකත් සාදාගත හැක.

බ්‍රහස්පතින්දා දින උදේ 6 සිට 7 දක්වා වූ ගුරුට අයත් කාල හෝරාව තුළ සූර්ය උදාවට අනුව ඊට දෙකක් එකතු කර වෙලාව තනා සාමාන්‍ය සුබ වැඩටත් සාමාන්‍ය සුබ වැඩටත් උදේ 9 සිට 10 දක්වා පවතින සිකුරු පංචම හෝරාවෙන් (සූර්ය උදාව සමග) විනාඩි 36 ක් ගෙවුන විට සඳුගේ පංචම හෝරාව කාල හෝරාවට අයත් විනාඩි 12 න් දෙකක් එයට එකතු කර ඉතා අත්‍යවශ්‍ය වැදගත් කටයුතු සඳහා නැකත් සාදාගත හැක. සිකුරාදා දිනවල  උදේ ් 6 සිට 7 දක්වා සිකුරුගේම කාල හෝරාවයි. එයින් උදේ 6 ට විනාඩි 2ක් (සූර්ය උදාව අනුව) එකතු කර එම හෝරාවේ පංචම හෝරා කාලය ගමන් බිමන් ආදී සුබ වැඩටත් උදේ 6 සිට විනාඩි 36ක් ගිය විට උදාවන සඳුගේ පංචම කාලයෙන් විනාඩි 2ක් එයට එකතු කර සාමාන්‍ය වැඩකටයුතු – ගමන් බිමන් ඇරඹීම සුබ වේ. වාහන සම්බන්ධ කටයුතු වලටද සුබය.

එසේම සිකුරාදා උදේ 10 – 11 දක්වා ගුරුගේ පංචම කාල හෝරාවේදී සූර්ය උදාව අනුව 10 ට දෙකක් එකතු කර ගුරු පංචම හෝරාව තුළ ව්‍යාපාර ඇරඹීම – වාහන සම්බන්ධ කටයුතු ආදී වැදගත් දේවල් ඇරඹිය හැක. සෙනසුරාදා දිනවල ලෞකික දියුණුවට නැකත් ගත නොහැක. නමුත් උදේ 7 සිට 8 දක්වා කාලයේ සූර්ය උදාව අනුව 7 ට දෙකක් එකතු කර මහණ කිරීමේ දාන මානාදී ආගමික කටයුතු වලට සුබය. ඉරිදා 6 සිට සූර්ය උදාව සමග 7 දක්වා රවි හෝරාව වන අතර උදේ 7 සිට 8 දක්වා සිකුරුගේ පංචම කාල හෝරාව තුළ විනාඩි 38 ක් (සූර්ය උදාව සමග) උදේ 7 සිට එකතු කර වැදගත් සාමාන්‍ය කටයුතු ඇරඹිය හැකිය. ඉරිදා උදේ 8 ට විනාඩි දෙකක් සූර්ය උදාව සමග එකතු කර සාමාන්‍ය කටයුතු වලට සුබය.

මෙම නැකත් ගන්නා විට දවල් 12 න් පසු නැකත් වල බලය නැත. හේතුව සූර්යා අවරට යන බැවිනි. නැකතකට විශේෂයෙන් සූර්යා බලවත් විය යුතුය. ඒ නිසා විශේෂයෙන් උදේ 9 සිට 10 අතර කාලය තුළ සුබ හෝරාවන් තුළ නැකත් ගන්නා විට සියලු දොස් දුරු වී යන ලෙස සුර්යයාගේ බලය වැඩි වේ.

බ්‍රහස්පතින්දා දිනක ගෙට සුබ නැකතක් උදේ 9.38 ට කියා හිතමු. එවිට ඒ 9.38ට අපි කේන්ද්‍රයක් සෑදිය යුතුය. එවැනි අවස්ථාවල සූර්යයා එම කේන්ද්‍රයේ 11 වැන්නේ සිටී. එවිට එම 9.38 ට ආ නැකතේ කෝටියක් දෝෂ දුරු වී යයි. එසේ සෑදුන එම කේන්ද්‍රය නැකත හිමිකරුගේ 6 වන 8 වන 12 වන කොටුවකට සමාන නොවිය යුතුය. එම නැකත් කේන්ද්‍රයේ ධන යෝග – අධ්‍යාපන යෝග ඇත්නම් වාසනාවන්තය. මේ ආකාරයකට නැකතක මාසය – දිනය – නැකත – යෝගය -කරණය යන පංචාංගය සුබ වීමෙන් එම පටන් ගන්නා වැඩය ඉතාමත් විශිෂ්ට පල ලබාදෙන පරිදි විශ්ව සංයුතීන් සමග සමගාමීව පවතී.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk