Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කන්‍යා ලග්න හිමියන්ට වඩාත් තීරණාත්මක වන කුජ මාරුව

1 year ago 7 Min read
Subha.lk

කුංජ ගහයා මෙම 2022 වසරෙහි ජුනි 27 වැනිදා රපෙව. 537ට රාශියට පිවිසෙන අතර 2022 වසරෙහි - අගෝස්තු 10 වැනිදා රාත්‍රි 9.10 වන තෙක්ම තම මේෂ රාශි චලිතය පවත්වා ගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව, කනත ලග්න හිමියන්ට මෙම ජුනි 27 වැනිදාත් අගෝස්තු 10 වැනිදාත් අතර කාල සීමාව තුළ වෙනසක් පෙන්නුම් කෙරේ. එම වෙනස රැකියාවේ රාජකාරි ලැයිස්තු වෙනස් වීමක් ලෙස හෝ රැකියාවේ ස්ථාන මාරු වීමක් ලෙස හෝ පදිංචි ස්ථානයේ වෙනසක් ලෙස හෝ පදිංචි ස්ථානයේ සාමාජිකයන් ගණනෙහි වෙනසක් ලෙස හෝ ක්‍රියාත්මක විය හැකිය. නොඑසේ නම් ඉහත කාල සීමාව තුළ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් ආරංචියක් ලැබීමක් හෝ අලුත් සිද්ධියක් සිදුවීමක් පෙන්නුම් කෙරේ. තවද ඉහත කාලසීමාව තුළ කන්‍යා ලග්න හිමියන්ගේ දැනට පවතින ආදායම් මාර්ගයන් නතර වීමටද ඒ වෙනුවට ආදායම් මාර්ගයක් නිර්මාණය වීමටද ඉඩකඩ පවතින බව පෙනේ. මෙම කාලසීමාව තුළ කිසියම් අලුත් කටයුත්තක් ආරම්භ කිරීමක් හෝ ඒ සඳහා දින නියම වීමක් හෝ ඉඟි ලැබීමක් පෙන්නුම් කෙරේ.

 

ඉහත පරිදි කුජ ග්‍රහයා තුළ මේෂ රාශිය තුළ චලිත වීම, කන්‍යා ලග්නය දරන ප්‍රසිද්ධ දේශපාලනඥයන්ටද තීරණාත්මක ලෙස බලපෑ හැකි බව පෙනේ. ඒ අනුව මීට කලින් රටේ ඉහළම තනතුරක් දැරූ අයකුට 2022 ජුනි 27 වැනිදාත්, 2022 වසරෙහි අගෝස්තු 10 වැනිදාත් අතර කාල සීමාව තුළ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් ආරංචියක් ලැබීමක් හෝ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් සිද්ධියක් සිදුවීමක් පෙන්නුම් කෙරේ.

 

 

කුජ ග්‍රහයා මේෂ රාශිය තුළ ඉතා ප්‍රබල ලෙස චලිත වීමට අනුව මේෂ, කන්‍යා, තුලා, මකර යන ලග්න හිමියන්ට ගෝචරයෙන් ‘රුචක' නම් වූ පංච මහා පුරුෂ යෝගය නිර්මණය වන බව පෙනේ.

ඒ අනුව එම ලග්න හිමියන්ට මෙම ජුනි 27 වැනිදාත් අගෝස්තු 10 වැනිදාත් අතර කාල සීමාව තුළ දැනට පවතින ගැටලුවලට යම්තාක් දුරකට හෝ විසඳුම් ලැබෙන බව පෙනේ. විශේෂයෙන් එකී කාල සීමාව තුළ මේෂ,

කටක, තුලා සහ මකර යන ලග්නවලින් ඉපදී ඇති දරුවන්ට උත්පත්තියෙන් ‘රුචක' නම් වු පංච මහා පුරුෂ යෝගය නිර්මාණය වීමට අනුව දීර්ඝායුෂ ලබන්නට සහ උත්පත්ති තත්ත්වයට වඩා ඉහළට යෑමට වාසනා ගුණය ලැබෙන බව පෙනේ. විශේෂයෙන් කුජ ග්‍රහයා ඉහත මේෂ රාශිය තුළ ඉතා ප්‍රබල චලිතයක් ආරම්භ කිරීමට අනුව භූමියෙන් ලබන ලැබීම්වලට සුබදායක තත්ත්වයක් ඇති අතර මහ පොළොවෙන් වටිනා රතු මැණික් මතු වීමට ඇති ඉඩකඩ එම කාල සීමාව තුළ ඉහළ යනු ඇත. එමෙන්ම කුජ ග්‍රහයා මෙසේ මේෂ රාශිය තුළ චලිත වීමට අනුව ඉහත කාලසීමාව තුළ පොළව පැළීම්වලට සහ නායයෑම්වලට ආදියටද ඉඩකඩ ඇත.

 

කුජ මේෂ රාශිය කරා ප්‍රවේශ වන මොහොත වන විට රාහු ග්‍රහයාද මේෂ රාශිය තුළ චලිත වෙයි. රුධිරය නියෝජනය කරන ග්‍රහයා වන කුජ මෙසේ රාහු සමඟ එක්වීමට අනුව 2022 වසරෙහි ජුනි 27 වැනිදාත් 2022 වසරෙහි අගෝස්තු 10 වැනිදාත් අතර කාල සීමාව තුළ රුධිරය සම්බන්ධ අසනීප වේගයෙන් පැතිර යන්නට ඉඩකඩ ඇති හෙයින් පරික්‍ෂාකාරී ලෙස කටයුතු කිරීම නුවණට හුරුය.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk