වාස්තු දෝෂ වළක්වන දොර ජනේල රෙදි
නිවෙසක ඇති වන වාස්තු දෝෂ බලවත් ද සුළු ද යන්න නිශ්චිතව කිව නොහැකිව පසුවන සේවාලාභීන් බොහෝ දෙනකු අපි දැක ඇත්තෙමු. අප විසින් ඇහැලියගොඩ වියලගොඩ ප්‍රදේශයේ වාර ගණනාවක් තිස්සේ කඩමින් බිඳිමින් යළි තනමින් වාස්තු නිවැරැදි කිරීමට වැර දැරූ සේවාලාභියකු හඳුනා ගැනීමට පසුදා අවස්ථාව උදා වූ බව අපට මෙහිදී සිහිපත් වේ. තම නිවෙස ආසන්නයේ ඇති ව්‍යාපාරයේත් නිවෙසට වඩා වාර ගණනාවක් බරපතළ ලෙස කැඩීම් බිඳීම් හා යළි ඉදිකිරීම් කළ බවද උක්ත සේවාලාභියා අපට පැවසීය.
මෙකී සේවාලාභියා හුදු ව්‍යාපාරිකයකු නොව උසස් අධ්‍යාපනය හදාළ විෂයයන් ගණනාවක පුළුල් දැනුමක් ඇති අයකු වීම අපටද මහත් ආස්වාදයක් විය. ඒ නිසා නිවෙසේ මුල් සැලැස්මත් විටින් විට අදියරෙන් අදියර ඉදි කිරීමේ වෙනස්කම් පැහැදිලිව නිදසුන් සහිතව ඉදිරිපත් කිරීමට තරම් පුළුල් සටහන් තබා ගැනීමක් දින සටහනක් සහිතව ඔහු සතුව තිබිණි. එය අපට කදිම අධ්‍යයනයකට නිදර්ශන සපයන සුවිශේෂ අවස්ථාවක් විය.
මුලින්ම සිදු කර ඇති බරපතළ සංශෝධනය වූයේ නිවෙසේ පවත්නා බොහෝ දොර උළුවහු ගලවා පිහිටීම වෙනස් කිරීමයි. මෙයට හේතුව ලෙස ප්‍රධාන වශයෙන් දක්වා ඇත්තේ උළුවස්ස පිහිටුවා ඇත්තේ අදාළ බිත්තියේ කෙළවරට බැවින් එහි ‘කණ’ නමින් හඳුන්වන කොටස් නිදහස්ව නොමැති බවයි. ඒ සඳහා සියලු කාමරවල පාහේ උළුවහු ගලවා අඩියක් පමණ මුල්ලෙන් ඈත් කොට යළි උළුවහු පිහිටුවා තිබිණි.
මෙයට වඩා තත්ත්වය සංකීර්ණ වූයේ නිවෙසේ පිටත බිත්තියේ දොර උළුවහු පිහිටුවා ඇති තැන් නිවැරැදි පාදයේ නොවන බැවින් ඒක නිවැරැදි පාදයේ පිහිටුවිය යුතු යැයි කියමින් සිදුකළ වෙනස්කම් කීපයයි. මෙහිදී සේවාලාභියා පවසා සිටියේ පිටත දොරවල් පිහිටුවීමේ දී වාස්තු ශිල්පියකු ලවා පාද සටහනක් සකස් කළ බවයි. එහිදී ශිල්පියා විසින් සිදුකර ඇත්තේ පිටත බිත්තිවල දිග 9කට බෙදා ඒ එක් එක් කොටස් සඳහා ඡ්‍යොතිෂයේ එන ග්‍රහයන් නම් යොදා ඒ අනුව කළ යුතු වෙනස්කිරීම් නිර්දේශ කිරීමයි.
මෙහිදී අප විසින් කිව යුතු වැදගත්ම කාරණාව වූයේ දොර උළුවහු තැබීමේ පාද සටහන් තුනක් ශිල්පීන් භාවිතා කරනු ලැබීමයි. බිත්තියක දිග 8කට, 9කට හා 15 කට යොදා සිදුකරන වියවුල් සහගත පාද සටහන් අප සියල්ලන්ම අපහසුවට පත් කරවන බව කිව යුතුයි. මෙහිදී මේ පාද සටහන් අතරෙන් 15වේ පාදය වඩාත් බටහිර විද්‍යානුකූල බවත් ශාස්ත්‍රීය බවත් පෙන්වාදිය හැකි බව මෙහිදී කිවයුතු වුවත්, මේ දෝෂය අපගේ අත්දැකීම් අනුව එතරම් අවධාරණය කළ යුතු නොවන සුළු වාස්තු දෝෂයකි. එසේ වූවත් මේ වාස්තු දෝෂය හටගන්නා ආකාරය අවශ්‍ය නම් ඉතා පැහැදිලිව බටහිර විද්‍යාත්මකව පැහැදිලි කර දිය හැකියි. එසේ වුවත් නිවෙස ඉදිකිරීමේ දී කයිරු බැම්ම (ර්‍ථතඪදබඩ එචතත) අවසන් කර ශීත වැටිය (ච්ර්‍ථඛ්) දැමීමේ දී කම්බි දමා කොන්ක්‍රීට් යොදා ඇත්තේ නම් ද්වාර පාද නොසලකා දොර උළුවහු තැබීමෙන් කිසිදු භූ විද්‍යාත්මක හෝ වාස්තු විද්‍යාත්මක දෝෂයක් පැන නොනඟී.
වාස්තු ශිල්පීන් විසින් නිරතුරු සලකා බලන දොරවල් ජනේල සංඛ්‍යාව පිළිබඳ කරුණද මෙවැනිම දෙයකි. සමහර පළාත්වල පරස්පර මත ඇතත් සාමාන්‍යයෙන් දොරවල් ගණන ඔත්තේ හා ජනේල ගණන ඉරට්ටේ විය යුතු බවයි පවත්නා නිර්දේශය වන්නේ. එහෙත් එයට වඩා වෙනස් ආකාරයකින් පිහිටු වූවද සැලකිය යුතු කිසිදු දුර්විපාකයක් අත් වූ නිවාස අප දැක නොමැති බවද අපගේ දශක කීපයක අත්දැකීමෙන් පැහැදිලි කර දිය හැකියි.
කෙසේ වුවත් දොර ජනේල යෙදීම පිළිබඳව පවත්නා ප්‍රායෝගිකව බලපාන වාස්තු සිද්ධාන්ත පිළිබඳවත් අප විසින් යම් සටහනක් තැබිය යුතු වේ. එය නම් නිවෙසට වැඩි වැඩියෙන් අන්තරීක්ෂ (ඛ්ධඵථඪජ) ශක්තිය ලැබෙන පරිදි හා නිවෙසේ එම ශක්තිය අඩුවෙන් ඉවත් වන පරිදි දොර ජනේල පිහිටුවීම කළ යුතු වේ.
මේ සඳහා කළ යුතු සරලම කටයුත්ත වන්නේ දොරවල්, ජනේල, වෙනත් කවුළු ආදී සියල්ල නිවසේ ඊශාන, උතුර, නැඟෙනහිර කොටස්වලට දමා පිහිටුවා ගැනීමයි. එසේම ඒවායේ යෙදෙන සියලු කවුළු හැකිතාක් විශාල ඒවා බවට පත් කිරීමයි. එවිට වැඩි වැඩියෙන් නිවෙස වෙත අන්තරීක්ෂ ශක්තිය ගලා එම සිදුවේ. මේ ශුභ ප්‍රතිඵලය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා එසේ ලැබෙන ශක්තිය නිවෙස පුරා ව්‍යාප්ත වන පරිදි සාලයක් වැනි විවෘත ගෘහ අංගයක් මේ දිශාවනට යෙදී තිබීම අතිශයින් වැදගත් වේ.
දොර ජනේල නිසා ඇතිවන බරපතළ වියවුල් ඊට යොදන තිර ආදිය භාවිතයෙන් වළක්වා ගැනීමද පහසු බව මෙහිදී අවධාරණය කළයුතු වේ. ඒ අනුව පෙර කී උතුර, නැඟෙනහිර, ඊශාන දිශාවනට අයත් කවුළුවලට ඉතා තුනී එහා මෙහා පෙනෙන (පාරදෘෂ්‍ය) ලේස් වැනි තිර රෙදි යෙදීමත්, නිරිත, දකුණ, බස්නාහිර දිශාවල කවුළු සඳහා ඝන තිර රෙදි යෙදීමත් සිදු කළ විට නොසිතූ විරූ යහපත් ප්‍රතිඵල පහසුවෙන් උදාකරගත හැකියි.