Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අකීකරු දරුවන් කීකරු කරන්න පිළියම් නැද්ද?

4 months ago 7 Min read
Subha.lk

දරුවන්ගේ දඟ වැඩවලට මවපියන් විවිධාකාරයෙන් මවුපියන් මැසිවිලි නඟන ආකාරය අපි අසා ඇත්තෙමු. ඇතැම්විට මවුපියන්ට පාලනය කරගන්නට බැරි තරමේ  මුරණ්ඩු දරුවන්ද අපි  දැක තිබේ. එසේම පාසලේදී ගුරුවරයාට හෝ විදුහල්පතිවරයාට ‘හිසරදයක්’ වන දරුවන්ද අපමණය. “නඩුවක් නැති දවසක්” ඇත්තේම නැත. මෙය ලංකාව පුරා සමස්ත පාසල් පද්ධතියේම  දැකිය හැකි දෙයකි. පුවත්පත් හෝ රූපවාහිනි මඟින් හෝ අන්තර්ජාලය මඟින්ද දරුවන්ගේ මේ හිතුවක්කාර හා මුරණ්ඩු චරිත නිතර දෙවේලේ අසන්නට දකින්නට ලැබේ. මෙයට හේතුව  කුමක්ද?

වරද කොතැනද? සුළු පිරිසක් මෙලෙස දරුවන් මුරණ්ඩු වීම හෝ වරදට පෙලඹෙමින් අකීකරු වන්නේ  ඇයි? මේ පිළිබඳව විමසා බැලීම කාලීන වැදගත්කමක් ඇති ගැටලුවක්. අතීතයේ මුරණ්ඩු  අකීකරු දරුවන්  සිටියේම  නැද්ද? මෙයට සරල අඩුපාඩු පිළිතුරු සොයා දරුවන්ට චෝදනා එල්ල කිරීම වැරැදිය. පාසල් යෑමට අකැමැති හෝ පාසල් ගොස් පාසලේදී මෙන්ම මඟතොටේදී   දඩබ්බරකම් කරන දරුවන් ගැන අධ්‍යයනය  කිරීමේදී ඊට හේතු සාධක කිහිපයක් සොයාගෙන තිබේ.  ඒවා කෙටියෙන් විමසා ජේ‍යාතිෂමය අංශයෙන් මෙසේ වීමට හේතුව සාකච්ඡා කරමු.

1. ළමයා ජීවත්වන පරිසරය (සමාජ)

2. නිවෙසේ මවුපියන්ගේ වැරදි

3. පාසලේදී සිදුවන වැරදි

4. සම වයසේ කල්ලිවල වැරදි

5. සහජ පුරුදු

6. අනවශ්‍ය ආදරය හෝ අනවශ්‍ය පීඩනය

7. ජේ‍යාතිෂමය හේතු

8. ආර්ථික දුෂ්කරතා

මේ පිළිබඳව පොතක් ලියන්නට කරුණු ඇතත් අපගේ මූලික උත්සාහය වන්නේ ජේ‍යාතිෂ අංශයෙන් පිළියම් සෙවීමයි.

දරුවන්ගේ මුරණ්ඩුකම හෝ අකීකරු බව ඇති වීමට ජේ‍යාතිෂ විද්‍යාවට අනුව කරුණු කිහිපයක් බලපායි. ඉන් එකක් නම් දරුවන්ට ‘රුචක යෝගය’ පිහිටීමය. රුචක යෝගය ඇතිවන්නේ “කුජ” ග්‍රහයාගෙනි. හඳහනේ  කුජගේ පිහිටීම අනුව මේ යෝගය ඇතිවේ. එවැනි දරුවන් මුරණ්ඩුය. උදේ‍යාගිමත්ය. තමාට අවශ්‍ය අරමුණට කෙසේ හෝ ළඟා වීමට උත්සාහ ගනී. (රුචක යෝගය විවාහයට බලපාන දෝෂයක් ද වේ) කුජ යනු ශක්තිය සහ බලයයි. කුජ ධෛර්ය ඇති කරන ග්‍රහයෙකි.  රතු ග්‍රහයා ලෙසින් හඳුන්වන්නේ ඔහුයි. ලේවලට හා රාගයට අධිපති ඔහුය. ඔහු බලවත් වූ විට ශක්තිය, ධෛර්ය වැඩි වන අතර එනිසා ඔවුන් මෙල්ල කිරීම අපහසුය. ඔබේ දරුවා කුඩා වුවත් ඔහු යමක් ලබා ගැනීමට හඬා ‍ෙදාඩා, දඟකර  උත්සාහය ජය ගනී. එසේම යොවුන් වියේදී  දරුවන් තම ශක්තිය වෙන වෙන ක්‍රමවලින් පිට කරමින් මවුපියන්ට, වැඩිහිටියන්ට හා ගුරුවරුන්ට ‘වදයක් වන්නේ’ මේ කුජ දෝෂ හෙවත් රුචක යෝගය ඇති නිසයි.

එසේම අධ්‍යාපනය ලබන දරුවන් ඒ කාලයේදී ‘කුජ මහ දසාව’ හෝ ‘රාහු මහ දසාව’ ලැබුවහොත් එය ද අධ්‍යාපනයට බාධාවකි. ජේ‍යාතිෂයට අනුව ඉගෙන ගන්නා  කාලයේදී  ලබන්නට නුසුදුසුම දසාවකි. රාහුගේ මහ දසාවේදී අධ්‍යාපනයට බාධා ගෙන දෙයි. මතකය අඩු වීම එක ඉරියව්වකින් සිටීමට නොහැකිවීම, ඇවිදිල්ල වැඩිවීම සිදුවේ. එනිසාම කුජ සහ රාහු මහ දසාවලදී අධ්‍යාපනයට බාධා ඇතිවේ. නමුත් ඒවාට පිළියම්ද ඇත.

මෙයට අමතරව ඇතැම් අවස්ථාවල තමාගේ  ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීමද ඉහත කී කරුණුවලට යටත් වේ. ලග්නාධිපති අසුබ ග්‍රහයකු වේ නම් ලග්නස්ථානයේ හැසිරීම අසුබය. ඒ අවස්ථාවේ  වරදට පෙලඹීමට ඉඩ ඇත. එසේම ලග්නාධිපති කලත්‍රස්ථානයේ  ගෝචර වීම නිසා යමකුට දියුණුවේ උපරිමයට යෑම හෝ පිරිහීමේ අන්තයටම යෑමට අවස්ථා දෙන යෝගයකි. මාතෘස්ථානයේ කුජ සිටී නම් මව සමඟ නිතර ගැටුම් ඇති  කරගනියි.  පීතෘ ස්ථානයේ කුජ හෝ රාහු සිටී නම් පියා සමඟ බැඳීම් අඩුය. ඇතැම් විට පියා අකාලයේ  මිය යා හැකිය. එසේම අටවන රාශියේ ගුරු සිටී නම් එයට  පියා වන්දි ගෙවීමත් සිදුවේ.

එසේම ‍ෙදාළොස් වන රාශියේ කුජ – ශනි රාහු  වැනි ග්‍රහයන් සිටී නම් නීති ප්‍රශ්න ඇති කරවයි. ඒ නිසා  නිතර ගැටුම්වලට  ලක්වන චරිතයකි. චන්ද්‍ර – කුජ- සිකුරු ග්‍රහයන් තිදෙනා එකම රාශියක සිටී නම් අධි කාමභෝගී චරිතයකි.

සිකුරු ග්‍රහයා සුබ ග්‍රහයකු වුවත් ඉගෙනුම  ලබන වයසේදී ‘සිකුරු මහ දසාව‘ උදා වුවහොත් බොහෝ විට දරුවා අධ්‍යාපනයට වඩා විනෝදයට බර වීමට අවස්ථාව වැඩිය.

එසේම දරුවන්ට ‘අකුරු කියැවීමේදී’ දරුවාට අසුබපල ගෙනදීමට ඉඩ ඇත. ‘පොදු නැකැත්’ අප විසින් පුවත්පත්වලට යොමු කළ ද (සරස්වතී යෝගය වැනි) ඒවා ක්‍රියාත්මක කිරීමේදී සැලකිලිමත් විය යුතුය. ඒ නැකැත දරුවාගේ ජන්ම නැකැතට ගැළපේද? නැද්ද? යන්න සොයා බලා ගැළපේ නම් අකුරු කියවීම සිදු කරන්න.  ජන්ම නැකැතට නොගැළපේ නම් අකුරු කියවීම නුසුදුසු වනවා.

අප ලියූ ලිපියෙන් ඔබට ඔබේ දරුවාගේ ඉගෙනීමට බාධා සිදුවන ආකාරය ගැන යම් වැටහීමක් ලැබෙන්නට ඇතැයි සිතමි. එසේ නම් ඒ ගැටලු විස¼දා ගැනීමට අවශ්‍ය පිළියම් ද දැනගත යුතුය.  ඒවා අතර පළමුවැන්න මවුපියන් වෙනස්වීම අවශ්‍යය. දරුවා සමඟ සුහදව සිටීම අවශ්‍යයි. ගෙදරදී ආදරය, කරුණාව මෙන්ම සුහදතාව ද වැදගත්ය. එසේම දරුවාට ඉගෙනීමට සුදුසු පරිසරය නිවෙස තුළ ඇති කිරීම වැදගත්ය.

කුජ දෝෂ ඇතිනම් ඒ සඳහා කතරගම දෙවියන්ගෙන් ආශීර්වාදය ලබාගන්න. එසේම අභිසම්භිධාන යන්ත්‍රය පැලඳීමට හැකි නම් සුබයි. රාහුගේ අපල අඩු කරගන්නට ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමත් නාගාර්ජුන යන්ත්‍ර පැලඳීමත් වැදගත්ය.

පොදුවේ අධ්‍යාපනය ලබන දරුවන්ට මතක ශක්තිය වැඩිදියුණු කරගැනීම ‘සරස්වතී දැහැනෙන්’ ජීවම් කරනු ලැබූ සුදු සඳුන් තෙල් සුරයක දමා ගෙල පලඳන්න. එසේම දිනපතා ගණ දෙවියන්ට සහ සරස්වතී මෑණියන්ට පුද පූජා පවත්වා (මල්, තෙල්, සුවඳ) ආශීර්වාදය කරන්න. පාඩම් කිරීමට සුදුසු වේලාව උදේ කාලයයි. රාත්‍රියේ කලින් නිදාගෙන උදේ පාන්දර අවදි වී පාඩම් කරන්නට දරුවන් යොමු කරන්න. දරුවා සමඟ මවුපියන්ද නිවෙසේ මල් පහන් පූජා කරන්න.

 

උපුටාගැනීම - මව්බිම

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk