Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පාඩම් කරන මේසය තැබිය යුතු හොඳම දිශාව කුමක්ද?

2 months ago 7 Min read
Subha.lk

දරුවන් සඳහා නිසි උසස් අධ්‍යාපනයක් ලබාදීම මවුපියන් වන අපගේ එකායන බලාපොරොත්තුවයි. ඒ සඳහා අප සියලු කැපකිරීම් සිදු කරන අතර උපයන ආදායමෙන් වැඩි මුදලක් වියදම් කරන්නේද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාය. නමුත් සියලු දරුවන් එක සේ විභාග ජයග්‍රහණයන් ලබාගන්නේද නැත. මේ සඳහා නොයකුත් හේතු සාධකයන්  බලපාන නමුත් ඕනෑම පුද්ගලයකු ක්‍රියාත්මක වන පරිසර තත්ත්වයන් ඔහු හෝ ඇයගේ

ධනාත්මක භාවය සඳහා බලපාන බවද මෙහිදී අමතක කළ නොහැකිය. කරුණු එසේ වුවත් දරුවන් ලෝකයේ ඉදිරි අනාගතය බැවින් මවුපියන් ලෙස අපගේ යුතුකම ඉටුකළ යුතු බවද අප සිහිපත් කළ යුතුවේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන් නිරතුරුවම නඟන මැසිවිල්ලක් වන්නේ පාඩම් කිරීමේදී ඔවුන්ට නිදිමත දැනෙන බව  සහ පාඩම් මතකයෙහි නොරැඳෙන බවයි. මෙය  ඉතා බරපතළ ලෙස අධ්‍යාපන ගැටලු ඇති කරන බව අප කාටත් පැහැදිලිය. මෙයට අන්‍ය හේතු තිබිය හැකි නමුත් ශක්ති ක්ෂේත්‍රයන්ගේ ස්වභාවය අනුව පැවැසීමේදී කිවයුත්තේ අපගේ  ශරීරයට අයත් ප්‍රභා මණ්ඩලයේ  ප්‍රමාණය හා ශක්ති ධාරිතාව නින්ද කෙරෙහි බලපාන බවයි. අපගේ ශරීරය වටා අපගේ ශරීරයේම හැඩය ගන්නා පියවි ඇසට නොපෙනෙන ශක්ති ක්ෂේත්‍රයක් පවතින බවද එය ප්‍රභා මණ්ඩලය ලෙස හඳුන්වන බවද ප්‍රභා මණ්ඩලයේ ප්‍රමාණය සහ බලවත් භාවය මත අපගේ

සියලු කටයුතුවල සාර්ථක අසාර්ථකභාවය රඳාපවතින බවද අප පෙර ලිපිවලින්ද පැහැදිලි කර තිබේ. ඒ අනුව අධ්‍යාපන ක්‍රියාවලියට ශරීරයේ ඉහළ චක්‍ර හෙවත් අන්තරීක්ෂ ශක්තිය උරාගන්නා ශක්ති ක්ෂේත්‍ර පිළිබඳ මනා සැලකිල්ලක් මෙහිදී ගත යුතු වන්නේය. ඒ අනුව අපට සහස්‍ර චක්‍රය (crown chakra), අජ්න චක්‍රය (ajna chakra), විශුද්ධි චක්‍රය (throat chakra) ප්‍රධාන වශයෙන් බලවත් කර ගැනීම අපගේ අධ්‍යාපන කාර්යයන් සඳහා මහත් රුකුලක් සපයන බව පළමුව වටහා ගත යුතුය. යම් අයකුගේ ප්‍රභා මණ්ඩලය දුර්වල නම් නිරතුරුව නින්ද පැමිණෙන අතර  ප්‍රභා මණ්ඩලයේ ප්‍රමාණය අඩු වී ශක්ති ධාරිතාව අඩු වූ විට එය නැවත සකස් කර ගැනීම සඳහා නින්ද ඉල්ලා සිටීම මෙයට හේතු වනු ඇත.

ප්‍රභා මණ්ඩලය කවර ආකාරයෙන් හෝ පරීක්ෂා කළ විට අපට මේ තත්ත්වය පැහැදිලිව දැකගත හැකිය. එසේ නම් අප විසින් අපගේ ප්‍රභා මණ්ඩලය බලවත්ව පවත්වා ගන්නේ නම් අනවශ්‍ය ලෙස නින්ද යෑමෙන් බේරී අපගේ අධ්‍යාපන කටයුතු සාර්ථක අයුරින් ඉටුකර ගත හැකි වේ. අධ්‍යාපන කටයුතුවල නිරත දරුවන් තම ප්‍රභා මණ්ඩලය යහපත්ව පවත්වාගෙන යෑම සඳහා විවිධ ක්‍රම භාවිත කළ හැකියි. මෙයින් පහසුම ක්‍රමය වන්නේ ඉතා ගැඹුරු, නින්දක් ලබා ගැනීමය. ඒ සඳහා යෝග අභ්‍යාස ආදිය පවා පිහිට කරගත හැකියි. එයට අමතරව දකුණු දිශාවට හිස දමා නිදා ගැනීමද අතිශය ප්‍රතිඵලදායක බව කිව යුතුය. නින්දට පෙර කෙටි සරල භාවනාවක යෙදීමද නින්ද ගැඹුරු සැහැල්ලු එකක් කර ගැනීමට මහත් සේ ඉවහල් වේ. එසේ ගැඹුරු නින්දකට හුරුවීම අධ්‍යාපනයට පමණක් නොව ජීවිතයේ බොහෝ කටයුතුවලදී ඉතාමත් ප්‍රයෝජනවත් වන බවද අවධාරණය කළ යුතුවේ.

බෝධි වෘක්ෂයක් යට එයට ආසන්නයේ සිට කරනු ලබන වන්දනාමාන  කටයුතුවලින් අපගේ ශරීරයේ අයන සාන්ද්‍රණය යහපත්  ලෙස වෙනස් වනු ඇත. වන්දනාමාන කටයුතුවලදී ඊශාන දිශාවට මුහුණලා එය සිදුකිරීමද යහපත් වේ. අපේ ශරීරයේ අන්තරීක්ෂ ශක්තිය උරාගන්නා ස්ථාන හෙවත් චක්‍ර පිහිටා ඇත්තේ ප්‍රධාන වශයෙන් ශරීරයේ ඉදිරියට වන්නටය. එබැවින් ශක්තිය ගලා  එන දිශාවට ශරීරයේ මුහුණත හරවා තැබීමෙන් එකී ශක්තිය අපගේ ශරීරයට බලවත් ලෙස ඇතුළු වන බව වටහා ගැනීම අපහසු නොවේ. එම නිසා පාඩම් කිරීමේදී උතුරු, ඊශාන හා නැඟෙනහිර දිශාවට හැරී අධ්‍යපන කටයුතු කළ හැකි සේ මේසය පිහිටුවා ගැනීම මහත් ප්‍රතිඵලදායක වේ. අපගේ ශක්ති ශරීරය බලවත් බව අඩු වන සෑම අවස්ථාවකදීම

අන්තරීක්ෂ ශක්තියෙන් පුරවා ගැනීමේ යම් හැකියාවක් එයින් අපට ලැබෙනු ඇත. මෙහිදී පාඩම් මේසය ඉදිරියෙන් හිස් අවකාශයක් තබා ගැනීමද වැදගත් වේ. එසේම  වාඩි වෙලා ඉන්නා තැන පිටුපසින් ශක්තිය ඉවතට යන ආකාරයේ ජනේල ආදිය නොපිහිටිය යුතු වේ. එසේ පිහිටා ඇත්නම් ගන තිරයකින් එය ආවරණය කිරීමට වගබලා ගත යුතුවේ. තවද මෙහිදී පාඩම් මේසය ස්වර්ණමය අනුපාතයට සකස් කරදීමද අධ්‍යාපන කාමරය ළා වර්ණයකින් වර්ණ ගැන්වීම, පාඩම් මේසය ඉදිරියේ ධනාත්මක හැඟීම් උද්දීපනය වන ආකාරයේ පින්තූරයක් සැලසුම් කිරීමද වැදගත්  බව කිව යුතුය.

තවද නිවෙසේ ඊශාන දිශාව ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. නිවෙසේ ඊශාන දිශාවේ අධ්‍යාපන කාමර සකස් කර දීමත් එම දිශාවේ වාස්තු ‍ෙදා්ෂ ඇත්නම් ‍ෙදා්ෂ නිවාරණයට කටයුතු කළ යුතුය. නිවෙසේ ඊශාන දිශාව සාපේක්ෂව අන්තරීක්ෂ ශක්තිය වැඩි වශයෙන් නිවෙසට ගලා එන දිශාව වේ. එම දිශාවේ වැසිකිළි, වැසිකිළි වළ මුළුතැන්ගෙය, ගරාජය, කුණු වළවල් ඉහළ  වතුර ටැංකි ආදිය සක්‍රිය වාස්තු ‍ෙදා්ෂයන් වන අතර දරුවන්ගේ මතක ශක්තිය අඩු වීම කෙරෙහි මෙම ‍ෙදා්ෂයන් සෘජුවම දායක වේ. එම නිසා මේ තත්ත්වයන් ඔබේ නිවෙසේ ඇත්නම් වැසිකිළි, වැසිකිළි වළ ආදිය වයඹ, බස්නාහිර දිශාවටත් මුළුතැන්ගෙය, ගරාජය ගිනිකොන හෝ වයඹ දිශාවටත් සැලසුම් කර ගැනීම සහ ඊශාන දිශාව පිරිසුදුව තබා ගැනීම යහපත් වේ.

තවද අධ්‍යාපන කටයුතු තවදුරටත් සාර්ථක කර ගැනීමට ලොව පුරා භාවිත වන පිරමීඩ ආශ්‍රිත මෙවලම් විවිධ ස්වරූපයෙන් යොදාගත හැකියි. තමන් පාඩම් කරන මේසයේ පසෙකින් පිහිටුවන එක මත එක පිරමීඩ තුනකින් සමන්විත මෙවලම (EDUCATION PYRAMID) ඉතා බලවත් ප්‍රතිඵලදායක මෙවලමකි. එසේම පාඩම් පොත පිහිටු වීමට යොදා ඇති පිරමීඩ පුවරුවද (STUDY PAD) භාවිතයද ඉතා පහසු මෙවලමකි. එයට අමතරව සාක්කුවේ පැලඳිය හැකි මෙවලමක් (PYRA CARD)ද පාඩම් කටයුතු ආරම්භ කිරීමට පෙර හිසෙහි පලඳින මෙවලමද (PYRA STUDY HEAD BELT) අධ්‍යයනයන්ගේ යෙදෙන වැඩිහිටි වෘත්තිකයන්ටත් වුවද පලදායක වන බවද කිව යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk