Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවස ඉදිකිරීමට ඉඩමක් මිලයට ගන්නා විට පරිසරය පිළිබඳව දැනුවත්වන්න

1 month ago 7 Min read
Subha.lk

පුරාණ වාස්තු ග්‍රන්ථවල ග්‍රන්ථාරූඪ කළ පඬිවරුන් විසින් වාස්තු විද්‍යාවේ පංච මහා දෝෂ යනුවෙන් දෝෂ05ක් පෙන්වා දී ඇති අතර එම පංච මහා දෝෂයන්ට අයත් වන දෝෂයකි, පරිසරික දෝෂ. පාරිසරික දෝෂවලදී පුරාතනයේ සිට භූමියක පවතින වෘක්ෂ හෙවත් පැරණි වෘක්ෂයන් කපා බිඳ හෙළීම නොකරන්න යැයි පවසා ඇත. ඒ වගේම නිවස ඉදිරිපිට පැවතිය යුතු වෘක්ෂයන් මොනවා ද යන්න පෙන්වා දී ඇත. එදා පැරන්නෝ ගෘහ කර්මාන්තය සඳහා ගසක් කපා ගත්තේ කලින්දා එම වෘක්ෂයට පූජා තබා එම වෘක්ෂයට අධිපතීන්ට, වෘක්ෂයට අරක්ගත් දෙවි දේවතාවුන්ට වෙනත් වෘක්ෂයකට යන්න යැයි ඉල්ලා සිටිමිනි. ගස කපන මොහොතේ කඳ වැටුණ දිශාව අනුව එය ශුභ ද අශුභ ද යන්න බලමිනි.

නුග ගසක් වැනි පැරණි සිංහල වෘක්ෂයකට අරක්ගත් අදෘශ්‍යමාන බලවේග විශාල පිරිසක් සිටී. මෙවැනි ස්ථානයක නිවසක් ඉදිකිරීමට යෑම ඔවුන් කෝපයට පත් කරවන්නකි. එහි ප්‍රතිඵලය  නිවසෙහි වැඩ අරඹා මාසයක්වත් යෑමට පෙර පෙන්වා දී ඇත. සමහර ඉඩම්වල බෝගස් ද පවතින අතර එය බස්නාහිර දිශාවට, එනම් නිවෙසේ බස්නාහිර දිශාවෙන් පැවතීම එතරම් අශුභ නොවුණ ද එය වෙනම සීමා කරගැනීමට හැකි නම් වඩාත් හොඳය. වැටකින්, බැම්මකින්.

පරිසරය ලස්සන ආකාරයට පැවතුණ ද එය වාස්තු විද්‍යාවට අනුව නොගැළපෙන්නේ නම් අශුභයි.

සමහර භූමිවල පොල්ගස් කැරකිලා උඩට යන විට හයේ9යේ ඉල්ලකම් ලෙස දඟර ගැසී පැවතීම, කොස් වැනි ශාකවල පුංචියට ගෙඩි කීපයක් පමණක් පැවතීම වැනි වෘක්ෂවල සාරවත් බව ගිලිහී ජානමය වෙනස්කම්වලට භාජනය වී විකෘති හැඩයන් ලෙස පවතී නම් එම භූමියෙහි පරිසරය නිවසක් ඉදිකිරීමට සුදුසු නොවේ. එම භූමියේ අභ්‍යන්තරයේ දිග අතට හරස් අතට විහිදී යන  ජල රේඛාවන් එකිනෙකට ඡේදනය වී කුරුස ආකාරයට නිර්මාණය වී පොළොව මතු පිටට විසිවෙන ආනති බලශක්තිය තුළින් නිකුත් කරන රසායනිකව භාජනය වී නිකුත් වන තරංගවල  විෂ හේතු කරගෙන ඒ අවට පවතින විශාල ශාකයන්ගේ ඵලදාව අහිමි වී විකෘතිතා ඇතිවේ. එවැනි භූමියක නිවසක් ඉදිකර පදිංචිවීමෙන් පොළොව අභ්‍යන්තරයේ ඇතිවන විෂ වායුමයතාවය  එම නිවස තුළට කාන්දු වී කල්ගත වීමත් සමගින් නිවැසියන්ට පිළිකා, දරුණු හිස ආශ්‍රිතව රෝග ඇතිවේ. මෙම කරුණු මා ප්‍රායෝගිකව අත්දැක ඇති අතර ඒවා විද්‍යාත්මකව ද තහවුරු වී ඇත. නිවස පිහිටා  ඇති භූමියේ පවතින විශාල කළුගල් නිසා එම කළුගල්වලින් නිවසට පැමිණෙන සෙවණැල්ල තුළින් නිවස හෝ නිවසේ කොටසක් අඳුරුවීම ද ප්‍රභල වාස්තු දෝෂයක් වේ.

පාරිසරික දෝෂයන්ට ලක්වූ භූමියක් අලෙවි කරගැනීම ද පහසු කාර්යයක් නොවේ. එම නිසා එවැනි භූමි බොහෝ අඩු මුදලට විකිණේ. අඩු මිලට ගෙන නිවාස ඉදිකරගෙන පදිංචි වී ඉතා කෙටි  කලකින් එම නිවස අක්‍රිය වී නිවැසියන්ට නොයෙක් ලෙඩ රෝග, දුක් පීඩාවලට මුහුණ දීමටත් ජීවිත පවා අහිමි කරගැනීමටත් සිදුවූ අවස්ථා බහුලය. අධිධාරිතාවයෙන් යුත් විශාල විදුලි රැහැන්  සමහර ඉඩම් මැදින්, ගෙවල් මැදින් ගමන් කර ඇති අතර එවැනි නිවාසවල පදිංචි බොහෝදෙනාට දරුපල පවා අහිමි වනු ඇත. අධිබල විදුලි රැහැන් මැදින් වැටී ඇති ඉඩමක අත්තිවාරම දමා අවු. 12කටත් වැඩිය එලෙසම පවතින අතර එයට යාබද භූමියේ ද නිවසක් සෑදීමට මා හට පරීක්ෂාවට පැමිණීමට ඇරයුම් කර තිබුණු අතර එම බිමේ බොහෝ වෙනස්කම් සිදුකර අත්තිවාරමක් දමා නිවසක් ඉදිකර ගැනීමට හැකි විණි. අල්ලපු ඉඩමේ අත්තිවාරම විදුලි රැහැන් මැද තවම එලෙසම වල් වැදී පවතී. කෙසේ වුවද මොන වෙනස්කම් සිදුකර මෙම භූමිවල නිවාස ඉදිකළ ද ඒවායේ  අශුභතාවයන් පවතී.

මෑතක සිට දුරකථන සමාගම් විසින් දුරකථන සංඥා කුලුනු බොහෝ භූමිවල ස්ථාපිත කරයි. මේවා ද ඒ අසල පවතින නිවාසවලට, ව්‍යාපාරික ස්ථානවලට සුබතාවයක් ඇතිනොකරයි. ව්‍යාපෘතික ස්ථානයක ගොඩනැඟිලි මත මෙවැනි දුරකථන කුලුනු සවි කිරීමෙන් එම ගොඩනැඟිල්ල අක්‍රිය තත්ත්වයට යම් කලකදී පත්වේ. ස්වාභාවික පරිසරයේ පවතින පොළොවෙහි නිම්න වසා දමා ගොඩකර අඩු මුදලට අලෙවි කර ඒවා මිලයට ගන්නා අය ඉදි කරන නිවාස ඉතා ඉක්මනින් අත්තිවාරම, නිවසේ බිම පුපුරා යයි. ඉරිතළයි. කොපමණ පොළොව මතුපිටින් ගොඩකළ ද පෘථිවියේ පවතින භෞතික විද්‍යාත්මක ලක්ෂණයන් නිසා නිම්නයකදී ගලා යන දිය පහරවල් නවතා දැමිය නොහැක. මෙවැනි භූමියක(ගොඩකර ඇති) නිවාසවල පදිංචි වීමෙන් රෝග පීඩා, ධන හානිය, පවුලේ අසමඟිය, දියුණුව මඳ බව ඇතිවේ. වසර ගණනාවක් පක්ෂීන්ගේ නවාතැන් බවට පත්වෙමින් පක්ෂීන් ලගින විශාල ගස් කපා දමා එම භූමි සංවර්ධනය කර ඉඩම් කොටස් ගෙවල් ඉදිකිරීමට අලෙවි කරයි. මෙහිදී එහි ලැගුම්ගත් පක්ෂීන් සිය දහස් ගණනක වාසස්ථාන අහිමි කිරීමෙන් එම සතුන් අසරණ වේ. ඔවුන්ගේ ශාප අත්වේ. එවැනි වෘක්ෂ කපා දමා ඇති භූමිවල ඉදි කළ  නිවාසවල නිවැසියන්ට කල්ගතවෙත්ම සතුට, සැනසුම අහිමි වේ. නිතරම ශෝකජනක දේ සිදුවේ. එසේ නම් නිවසක් ඉදි කිරීමට ප්‍රථම භූමියේ පාරිසරික තත්ත්වය පිළිබඳව එහි අතීතය පිළිබඳ අවබෝධයක් ලබාගෙන එම භූමිය මිලට ගත යුතුයි. ලාභය ගැන සිතා ඵලදායි නොවන පරිසරයට හිතකාමි නොවන ඉඩම් ලබාගෙන නිවාස ඉදිකරන්න ඉක්මන් වන්න එපා.

 

 

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති වාස්තු විද්‍යා විශාරද, ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,

  • ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්‍රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.


 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk