Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සාමාන්‍ය පෙළ විභාගයට ඉහළින් සමත්වීමට ප්‍රබල සෙත්කවි පෙළක්

3 months ago 7 Min read
Subha.lk

මස්, මාළු කිළි කුණුවලින් ඉවත් ව පුර පක්ෂයේ දින හතක් හත් වාරය බැගින් කියවා පිළිවෙත්හි සිට විශ්වාසය මත කටයුතු කිරීමෙන් අභිමතාර්ථය ඉටුකර ගත හැකිවේ. උදේ හෝ හවස 6.00 – 8.24 අතර කාලය සුදුසු වේ.

මෙම විභාගයට පෙනී සිටින සියලු දූවා දරුවන් වෙනුවෙන් ඉතාමත් නිවැරදිව ගණ පිහිටුවා බල සම්පන්න ව හා සරලව විෂ්ණු, කතරගම හා ගණ දෙවියන් යන දෙවියන් වහන්සේලා උදෙසා රචනා කර ඇති මෙම විශේෂ සෙත්කවිය විභාගයට පෙර දින 07 පහත සඳහන් ආකාරයට ගායනා කිරීම තුළින් ඉතාමත් ම යහපත් සුබ ප්‍රතිඵල උදාකර ගත හැකිය.

පළමුව බුදුන්ට මල් පහන් සුවඳ දුම් පුදා පන්සිල් සමාදන්ව (සාමාන්‍ය පන්සිල් ගැනීමක අවසානයේ මෙන් දෙවියන්ට පින් නොදෙන්න) මෙම රත්නත්‍ර නමස්කාරයෙන් දේව පූජාව ආරම්භ කරන්න.

සග්ගේ කාමේච රූපෙ ගිරි සිඛර තඨෙ
 චාන්තලික්ඛෙ විමානෙ
 දීපෙ රට්ඨෙච ගාමෙ තරුවන ගහණෙ
 ගෙහ වත්ථුමහි කෙත්හෙ
 භුම්මා චායත්තු දේවා ජලතල විසමෙ
 යක්ඛ ගන්ධ බහ නාගා
 තිට්ඨංතං සන්ති ඛෙදං මුණිවර වචනං
 සාධවො මෙ සුනන්තු

අප තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට ද
 ශ්‍රී නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයට ද
 අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නයට ද
 ශීර්ෂ ප්‍රණාමය කරමි.
 සර්ව සෞභාග්‍යය සැලසේවා !

පළමු දිනයේ පමණක් පිරිසිදු පලතුරු 5ක්, ස්වභාවික මල්, මල් මාලය (අදාළ පාටවලින්) පහන් කපුරු හඳුන්කූරු සහිත පූජා වට්ටියක් බැගින් ඒ ඒ දෙවියන්ට තැබිය යුතුවේ. ඉන්පසු එම දෙවියන් ඉදිරියේ දේව කන්නලව්ව ද සෙත් කවිය ද ගායනා කරන්න. ඉන්පසු පින්දීම කරන්න.

1) ශ්‍රී විෂ්ණු දෙවියන් වෙතට

 වාසු දේව පරං බ්‍රහ්මඃ
 තෘණ මූර්තිඃ පුරුෂඃ පරඃ
 ස්ව්‍යකෂස්ත්‍ර ගුණේ ශාන්තඃ
 ශ්‍රී විෂ්ණු නමෝ වරම්

සෙත් කවිය විෂ්ණු දෙවිඳුන්ට

ලමින දිවනෙත සසුන සුරකින පතන බුදුබව ලොවෙහි ගරුවන
 බැතින පුදදෙන දෙවිඳ සිරිපති සසර පිනමත දහම වඩවන
 කිරණ ග්‍රහදොස සියලු අණවින දරුව හැර ඉවතටම යවමින
 ලියන විභහගෙ සතිර ජය දුන මැනවි ඉහළම ලකුණු සමගින

ශ්‍රී විෂ්ණු දෙවිදුන්ට පින්දීම

සම්බුද්ධ ශාසන වරං යති පුඞගවඤා්ච
 සම්පාලනාය පටිලද්ධ වරො මහිද්ධි
 පුඤ්ඤානි මානි අනුමෝදිය වාසු දේවො
 පාලෙතුමං සතත සාත හිතා වහන්තු.

2) කතරගම දෙවියන් වෙතට

විමල නිජ පදාබ්දං වෙද වේදාන්ත වෛද්‍යං
 මම කුල ගුරු දෙහං වාද්‍ය ගාන ප්‍රමොහම්
 රමණ සුගුණ ජාං රංග රට්භාගි නෙයා
 කමල ජනිත පාදං කාර්තිකේයං භජාමි
 සෙත් කවිය කතරගම දෙවිඳුන්ට

ලැබුණ දිවසැප ලබන බැතිපුද කතරගම මහ දෙවොලෙ වැජඹෙන
 රකින සදහම දිවැස හෙලමින කදිර සුරිඳුනි බලය පතුරන
 තිබෙන දරුවගෙ නිති අපලදොස දුරිත කරමින, සැපත දෙනු මැන
 ලියන විභහගෙ සතිර ජය දුන මැනවි ඉහළම ලකුණු සමගින

කතරගම දෙවිඳුන්ට පින්දීම

සම්බුද්ධ ශාසන වරං ඉධරොහණස්මිං
 සම්හලනාය ජින දත්ත වරො මහිද්ධි
 පුඤ්ඤානු මොදිය සලානන දෙව රාජා
 පාලේතුමං සත්ත සාත හිතා වහන්තු

ගණ දෙවියන් වෙතට

ගණපති පරිවාරුම් – චාරුකෙයුර හාරම්
 ගිරිධර වරසාරම් – යොගිනී චක්‍රවාරම්
 භව භය පරිහාරම් – දුක්ඛ දාරිද්‍ර ධූරම්
 ගණපති මභිවන්දෙ – චක්‍ර තුණ්ඩාව තාරම්

සෙත් කවිය ගණ දෙවිඳුන්ට

ලමින දිවනෙත දසත කිතුගොස විකුම පතුරණ නුවණ ලැබදෙන
 හරින වසදොස සතර අධිපති සෙත සඳන ගණදෙවි ඉසුරු දෙන
 තිබෙන අණවින සියලු ග්‍රහගති දරුව හැර ඉවතටම යවමින
 සරණ දිරිබල නුවණ දෙනුමැන විභහගයෙ ජය සතිර කරමින

ගණ දෙවිඳුන්ට හා සියලු දෙවියන්ට පින් දීම

අස්මිං විහාර ඝර පබ්බත රුක්ඛගාමෙ
 සබ්බේසුදීප නගරෙසු පිචක්ක වාලෙ
 නාගාසුරා ගරුඬ රක්ඛස නාක්ඛා
 රක්ඛන්තු මං සකනුභාව බලෙන නිත්‍යං

දෙවියන්ට මල්, පහන්, පලතුරු ආදිය මල් පූජාවේදී සුවඳ හමන මල්ම විය යුතුය. තෙල් වර්ග ද විවිධ වේ.

විෂ්ණු දෙවියන්ට – නිල් නිලුපුල් පැහැයෙන් මල්, ගිතෙල්, තැඹිලි තෙල්
 කතරගම දෙවියන්ට – රතු කහ පැහැයෙන් මල්, තලතෙල්, අබ තෙල්
 ගණ දෙවියන්ට – කහ පැහැයෙන් මල්, තලතෙල්, සඳුන් තෙල්

පලතුරු පූජාවලට :-

දෙවියන් සඳහා ඉදී සුවඳ හමන පිරිසිදු පලතුරු විය යුතුය. කෙසෙල්, වෙරළු, උගුරැස්ස, අඹ, බෙලි, ජම්බු, පේර, දොඩම්, මිදි, ඇපල්, පෙයාර්ස්, පළු, මොර, කජු, වීර, දෙලුම්, නෙල්ලි, සැපතිල්ල, කිරල, දූරියන් වැනි පලතුරු. එසේම දෙවිඳුන් වෙත පූජා තබනවිට ආසනය මත දෙවියන් ප්‍රිය කරන ශාක පත්‍ර අතුරා ලද පස්මල් ඉස සකස් කළ යුතුවේ. (ලද පස්මල් නම් විළඳ, සුණු සහල්, එල අබ, ඊතන, සමන් කැකුළු)

ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට – මඳුරු තලා පත්‍ර
 කතරගම දෙවිඳුන්ට – අඹ පත්‍ර
 ගණ දෙවිඳුන්ට – කෙසෙල් පත්‍ර

සියලු කටයුතු අවසානයේ මෙසේ ආසිරි පතන්න.

සිද්ධ කිහිරැළි සමන් බොක්සැල්
 විභීෂණ සිව්වරම් රජ නිති
 සිද්ධ මහ බඹු ශක්‍ර ඉසිවර
 කතරගම දෙවියනුත් තෙද ඇති
 සිද්ධ පත්තිනි දොළහ දෙවියෝ
 භද්‍රකාලී දේවි ගණපති
 සිද්ධ සිරිලක මෙහැම දෙවියෝ
 මෙමට ආසිරි දිගා දෙන් නිති.

ඔබට යහපතක්ම වේවා !

 

බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ 

 

  • ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්‍රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk