Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලංකා කේන්ද්‍රයට අනුව ජනතාව පීඩාවට පත්වීම තවදුරටත්

3 months ago 7 Min read
Subha.lk

ඕනෑම සුභ කටයුත්තක් කිරීමේදී එම අවස්ථාවේ විශ්වය තුළ පවතින ග්‍රහ සටහන තත්කාල සටහන ලෙසින් සැළකේ. එයින් එකී කාර්යයෙහි ඉදිරියට පවතින තත්ත්වයන් සුභාසුබ ලෙසින් බලාගත හැකිවනු ඇත. මේ අනුව ලංකා කේන්ද්‍රය ගැන විමසීමේදී නිදහස ලැබූ 1948 පෙබරවාරි 4 වන දින ආරම්භක අවස්ථාවේදී කුම්භ ලග්නය උදා වී තිබුණි. තත්කාල කුම්භ ලග්නය ද වෘශ්චික නවාංශකය ද පැවතුන එදින බදාදා දිනයක් විය.

ලග්න අධිපති වන සෙනසුරු ලග්නයෙන් හය වැන්නේ ද, හය වැන්නට අධිපති සඳු නීච වෙමින් දහ වැන්නේ ගුරු සමග ද, දහ වැන්නට අධිපති කුජ හත් වැන්නේ ද, හත්වැන්න අධිපති රවි දොළොස් වැන්නේ ද, අට වැන්න අධිපති බුධ සහ බාධක සිකුරු ලග්නගතව ද රාහු වික්‍රම ස්ථානයේ ද කේතු පුණ්‍ය ස්ථානයේ ද විය. මෙදින අනුර නැකතේ සිවිවැනි පාදයෙහි සඳු ගමන් කිරීම නිසා සෙනසුරු දසාව වසර දෙකයි මාස හයක් ඉදිරියට තිබුණි. මෙදින සුභ දවසක් නොවේ. අට වැන්න අධිපති ග්‍රහයාගේ දිනයකි. අට වැන්න අධිපති දෙර්කාණාධිපති ලෙසින් ද, සිකුරු බාධක ග්‍රහයා ලෙසින් ද, ගමන් කරමින් ලග්නය පීඩාවට පත් කර තිබුණි. රාජ්‍ය කාරක රවි දොළොස් වැන්නේ යමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දස වැන්න අධිපති කුජ හත් වැන්නට යමින් තිබුණි. සාමාන්‍ය කෙනකුගේ නම් කුජ හත් වැන්නට හොඳ නැත. කඩාකප්පල්කාරී ග්‍රහයෙකි. හත් වැන්න කලත්‍ර ස්ථානය සහ සමගිය දනවන ස්ථානය ද වෙයි. කුජ හත් වැන්නේ අසමගිය ඇති කරයි. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ ද 1948 පෙබරවාරි 4 වැනි දිනෙන් පසුව ශනි, බුධ, කේතු, සිකුරු, රවි, සඳු, කුජ යන මහ දසා ක්‍රමයෙන් ගෙවා 2017 අගෝස්තු 4 දිනෙන් පසු රාහු මහ දසාව ලබා තිබුණි. එම දසාව 2035 වන තුරු පවතී.

 

 

 

 

රාහු දසාව අපල කාලයකි. දැන් රාහුගේ ගුරු අතුරු දසාවයි.2022 සැප්තැම්බර්10න් පසුව රාහුගේ ශනි අතුරු දසාව ලබා තිබුණි. මෙම දසාවල් දෙකම ලංකා කේන්ද්‍රයට සුභ නොවන බව පෙනේ. මේ වන විට කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයට ජන්ම ඒරාෂ්ඨක, තුනක් ද අෂ්ඨම ඒරාෂ්ඨක, තුනක් ද ගෙවා තිබුණි. ලග්න ඒරාෂ්ඨක දෙකක් ගෙවා ඇත. තෙවැනි ලග්න ඒරාෂ්ඨකය2020 ජනවාරි23 සිට2027 ජුනි02 දක්වා පවතිනු ඇත. ඒරාෂ්ඨක අපලයක් පවතින විට එය පුද්ගලයාට මෙන්ම රටට ද හානි දායකය එයින් විපත්, කරදර, බාධක රාජ්‍ය තන්ත්‍රයට ද ඇතිවේ.

රාහු විෂ ග්‍රහයෙකි. එම නිසා බෝවන රෝග, කොරෝනා රෝග ඇති විය.

රාහු අවිද්‍යාවට බය නිසා මිනිස් සිත්සතන් තුළ කෝපය, වෛරය දනවයි. රාජ්‍ය නායකත්වයට ද එසේමය. අදෘශ්‍යමාන බලවේග තුළින් මිනිස් සිත කෝප වී එකිනෙකා ඇන කොටා ගනී. මෙය මෘග සඥ්ඥා පහළ වන කාලයකි. දැනට සෙනසුරු බලවත්ව සිටිය ද මහජනතාවට මහත් පීඩා ගෙන දෙන බව පෙනේ. මෙය ආර්ථිකයට  බලපෑම් ගෙන දෙයි. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ විවිධ අපල සහිත දසාවන් පසු කර තිබුණි. ඒ ඒ කාලවලදී රටට බාධක, කරදර පැමිණියත් රාහු දසාව තුළ තරම්  නරක නොවීය.

2022 සැප් 10 පසුව තවත් නරක අතට පත්විය හැකි බව මෙම දසාවන් ඔස්සේ සිතිය හැකිය. ඒ නිසා පවතින රජයට දැනට ඇති ප්‍රශ්නවලට විසඳුම් නොමැති වීමෙන්  විදෙස් රටවලින් එන බලපෑම් නිසා නොයෙක් ලෙසින් කරදර පැමිණීමට ඇති බව පෙනේ. 2035 වන තුරුම මහජනතාවට විවිධ අයුරින් පීඩා විඳීමට ඇති බව පෙනේ. ඉන්පසු ලබන බ්‍රහස්පති මහ දසාව තුළ රටට දැහැමි රාජ්‍යයක් උදාවිය හැකි බව පෙනේ.

එම නිසා දැනට පවතින මෙම අපල කාලය තුළ රජය සහ මහජනතාව ඉවසීමෙන් යුතුව පංචශීල ප්‍රතිපදා රකිමින් ආගමික නායකයන්ගේ ආශිර්වාද මධ්‍යයේ මෙම  පුණ්‍ය භූමිය, රත්න දීප ආරක්ෂා කර ගනිමින් බුදුන් වහන්සේ දේශනා කරන ලද දුක්ඛ නිරෝධ මාර්ගය ගැන සිතා කටයුතු කිරීම මැනවි.

 

ජ්‍යොතිර්වේදී, ආචාර්ය. පී.කේ.තරංග කුමාර

 

  • ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්‍රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.
    Link : https://subha.lk/astrologers
     

     

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk