Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජුනි 12දා සිකුරු-යුරේනස් යුද වදියි රට නොසන්සුන් කරමින් ‘පුංචි යුද්ධ’ ඇතිවන හැඩ

1 year ago 7 Min read
Subha.lk

සිකුරු සහ යුරේනස් යන ග්‍රහයන්, සි 2022 වසරෙහි ජුනි 12 වැනිදා පෙව 4.28ට යුද වදියි. මෙම ග්‍රහ යුද්ධයෙන් පිපිරුම්කාරක ග්‍රහයකු වන යුරේනස් ජය ගනියි. මෙම ග්‍රහ යුද්ධය හේතුවෙන් පෙර සහ පසුව එළැඹෙන දින කිහිපය තුළ රිය අනතුරු, වෙනත් හදිසි අනතුරු, ලේ වැගිරීම්, ගිනි ගැනීම්, අත් වැරැදීම්වලින් සිදුවන පිපිරීම් ආදියෙහි වැඩි වීමක් පෙන්නුම් කෙරේ. තවද මෙම ග්‍රහ යුද්ධය සිදුවන දිනය ආශ්‍රිතව ජනතාව නොසන්සුන් වීම නිසා හෝ වෙනත් හේතුන් නිසා ඇති වන ගැටුම්කාරී තත්ත්වවලට නැතහොත් 'පුංචි යුද්ධ' වලට ඉඩකඩ ඇති අතර ලෝක මට්ටමෙන් සිදුවන පිපිරීම්වලටද ඉඩකඩ ඇත. එමෙන්ම ග්‍රහ යුද්ධයෙන් සිකුරු පරාජයට පත් වීමට අනුව 2022 වසරෙහි ජුනි 12 ආශ්‍රිත දින කිහිපය තුළ ප්‍රසිද්ධ කලාකරුවන්ට ඇතිවන අපලදායක තත්ත්ව පෙන්නුම් කෙරේ. තවද මෙම ග්‍රහ යුද්ධයට අනුව ජාතික තලයේ ජනතා නියෝජිතයන්ට ඇතිවන අපලදායක තත්ත්වයද පාර්ලිමේන්තුව තුළ ඇති වන මතගැටුම්ද පෙන්නුම් කරන අතර ජලයෙන් සිදුවන අනතුරුවල වැඩි වීමක්ද පෙන්නුම් කෙරේ. තවද අසනීප පිළිබඳව යම් යම් අසුබ ආරංචි ලැබෙන්නට ඉඩ ඇත.

 

 මීට කලින් ලිපිවලින්ද සඳහන් කළ පරිදි සිකුරු ග්‍රහයා 2022 වසරෙහි ජුනි 18 වැනිදා පෙ.ව. 8.17ට වෘෂභ රාශියට පිවිසෙන අතර 2022 වසරෙහි ජූලි 13 වැනිදා පෙ.ව. 10.50 වන තෙක්ම තම වෘෂභ රාශි චලිතය පවත්වාගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2022 වසරෙහි ජුනි 18 ආශ්‍රිතව පසුව එළැඹෙන දින කිහිපය තුළ වර්ෂාව සම්බන්ධව සුබදායක වෙනස්කම් පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත් මෙම සිකුරු මාරුවට පසුව එළැඹෙන දින 5 තුළ රටට අසුබ ආරංචියක් ලැබීමක් පෙන්නුම් කරන අතර එම කාල සීමාව තුළ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය සම්බන්ධව අසුබ ආරංචිද, ආගමික අංශ සම්බන්ධව අසුබ ආරංචිද පෙන්නුම් කෙරේ.

 

සිකුරු ග්‍රහයා වෘෂභ රාශිය තුළ චලිත වීමට අනුව වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන ලග්න හිමියන්ට 2022 වසරෙහි ජුනි 18 වැනිදාත් 2022 වසරෙහි ජූලි 13 වැනිදාත් අතර කාලසීමාව තුළ ගෝචරයෙන් ‘මාලවී ’ නම් වූ ‛පංච මහා පුරුෂ යෝග උදා වන බව පෙනේ. ඒ අනුව එම ලග්න හිමියන්ට එකී කාලසීමාව තුළ දැනට පවතින ගැටලුවලට යම්තාක් දුරකට හෝ විසඳුම් ලැබෙනු ඇත.

 

බුධ ග්‍රහයා, 2022 වසරෙහි ජූලි 2 වැනිදා පෙ.ව. 9.44ට මිථුන රාශිය තුළ ප්‍රබල චලිතයක් ආරම්භ කරන අතර 2022 වසරෙහි ජූලි 16 වැනිදා රාත්‍රි 12.10 වන තෙක්ම තම මිථුන රාශි චලිතය පවත්වා ගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව එකී කාලසීමාව තුළ ප්‍රසිද්ධ සාහිත්‍යධරයකු පිළිබඳව කතිකාවතක් ඇති වීමට ඉඩකඩ ඇත. තවද මෙම ග්‍රහ ගෝචරයට අනුව ඉහත කී කාලසීමාව තුළ අලුත් කෘතීන්, නව සඟරා, නව පුවත්පත් ආදිය ජනගත කිරීමට ඉඩකඩ ඇත. මීට අමතර ලෙස අපගේ අත්දැකීම්වලට අනුව බුධ ග්‍රහයා ප්‍රබල ලෙස චලිත වන කාලවකවානුවල සරසවි ගැටුම් සහ සරසවි උද්ඝෝෂණ උපරිම විය හැකි බව පෙනේ.

 

කෙසේ වෙතත් සිංහ ලග්න ජනරජ කේන්දරයේ ධනස්ථානය සහ අයස්ථානය අධිපති බුධ ග්‍රහයා මෙසේ ප්‍රබල චලිතයකට පිවිසීමට අනුව එම කාල සීමාව තුළ රටෙහි ආර්ථිකය සම්බන්ධව යම්තාක් දුරකට හෝ සුබදායක ආරංචි ලැබිය හැකි බව පෙනේ.

 

ප්‍රවීණ‍ ජ්‍යෙතීර්වේදී

පාරින්ද්‍ර සුගතදාස

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk